Watch Trailer

Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles | ඔට්ටුවක් නිසා දුරදිග ගිය අවුලක් [සිංහල උපසිරැසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

වෙන්කට්ට පොඩි කාලේදී එයාගේ අම්මයි තාත්තයි නැති වෙනවා. පස්සේ එයාව හදා වඩා ගන්නේ භාරණි කියලා මනුස්සයෙක්. මේ මනුස්සයාටත් පුතෙක් ඉන්නවා රාජු කියලා. ඉතින් ඒ දෙන්නම තරුණ කාලෙට ආවට පස්සේ දෙන්නම හයිද්‍රාබාද් වලට එන්නේ තමන්ගේ තිබ්බ හීන වලට යන්න. වෙන්කට් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. රාජු සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක්. හැබැයි වැඩේ කියන්නේ මේ දෙන්නට තමන්ගේ හීන වලට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ සල්ලි නැති නිසා. වෙන්කට් කොච්චර දක්ෂ වුනත් ඉන්දියන් ටීම් එකට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. රාජුට ඉංග්‍රීසි දැනුමක් නැති හින්දා එයා සුප්‍රසිද්ධ හෝටලයක වේටර් රස්සාව කරන්නේ. ඔහොම කාලයක් යනකොට භාරණිට අසනීපයක් හැදෙනවා. එයාව සුව කරන්න ලක්ෂ 20ක් ඕනේ කියලා දොස්තර මහතා වෙන්කට්ට කියනවා.වෙන්කට් ක්‍රිකට් තරගවලට ඔට්ටු අල්ලන කෙනෙක්. එයා ඒවායින් දිනනවා. හැමවෙලේම එයා දිනන හින්දා ලොකුවට ඔට්ටු දාන තැනකට ගිහිල්ලා ඔට්ටුවක් දන්නේ රු ලක්ෂ 4කුත් ණයට අරගෙනම. ඔන්න ඔතන ඉදන් තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ…

වෙන්කට්ගේ ඔට්ටුවට මොකක්ද වුණේ?
පළාතේ ඉන්න නගරාධිපතිගේ ප්‍රශ්නෙට ඇයි අයියයි මල්ලියි පැටලුනේ?
ඒ අස්සේ යන ජාවාරම මොකක්ද?

ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්න වෙනවා.

ඔන්න ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්න වෙනවා. තවන් තෙලිගු චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි මං ආවේ. ලොකුවට වැඩ තියෙන අස්සේ වුනත් කලින් කරපු සෙට් එකක් දෙන්න හිතුනු හින්දමයි මේකත් අරගෙන එන්න හිතුනේ. මේකත් සුපිරි වුනේ නැතත් ආදරය, සෙනෙහස, ඇක්ෂන් එකතු කරපු හොදම ගනයේ ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ කියලා බැලුවම ඔයාටම තේරෙයි..

එහෙනම් යමුකෝ විස්තරේට.

කාර්තිකේයා ගුම්මකොන්ඩා, රාහුල් හරිදාස්, අයිශ්වර්යා මෙනන්, රවී ශංකර් රංගනයෙන් දායක වෙච්ච මේ ෆිල්ම් එකේ නම Bhaje Vaayu Vegam. 2024 මැයි 31 වෙනිදා තිරගත කරපු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ප්‍රශාන්ත් රෙඩ්ඩ්ගෙන්. සංගීත අධ්‍යක්ෂණය කරන්නේ Radhan(Songs) හා Kapil Kumar(BGM) ගෙන්. නිෂ්පාදනය UV Concepts ආයතනයෙන්. මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action/Thriler ගණයට.

මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 6/10ක් ලබාදීලා තියෙනවා..

මේකේ ඔරිජිනල් පිටපත් නිකුත් වෙන්නේ ඒ අවුරුද්දෙම ජුනි 28 වෙනිදා අපි කවුරුත් දන්න Netflix වලින්.

පුළුවන් නම් කමෙන්ටුවක් දාගෙනම යන්න. මොකද ඔයාලගේ කමෙන්ටුව අපිට කරන දිරිගැන්වීමකට හා සමානයි. මොකද මං දන්නා සමහර උපසිරැසිකරුවන් දැන් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ නැත්තේ ඔයාලගේ දිරිගැන්වීම නැති හින්දම. මට වුනත් කමෙන්ට් නැතිනම් කරන්න හිතෙන්නේ නෑ. ඒ හින්දා කමෙන්ටුවක් දාගෙනම යන්ඩ ඈ.

එහෙනම් තව සබකින් ආයේ හමුවෙමු. සුබ දවසක්!

Rank: Silver
Ratings
Reviews
0
Subtitles
13
Downloads
25.9K
Readers' rating
No reviews yet

Aspiring Full Stack Developer |Youtuber | Subtitle Contributer in Baiscope Sinhalen

Write a review of ඕෂද එරංග (Era Boy) →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

5 downloadsDownload Subtitles49 KBBhaje Vaayu Vegam (2024)HQ HDRIP

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.