Watch Trailer

Amazon (1999) E06 Sinhala Subtitles | ලෝකයේ අවසන් කෙළවර [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

පෙර කොටසින්...

කොටස පටන් ගන්නෙම වරම් ලැබූවන් යුද්ධයකට ලෑස්ති වෙන ගමන්. අපේ මේ ගුවන් අනතුරින් බේරුණු පිටස්තරයින්ටත් ආයුධ බෙදලා දෙනකොට, මෙයාලට තේරෙනවා මුන්ට නම් තනිකරම පිස්සු කියලා. වරම් ලැබූවන්ගේ එක් කාන්තාවක් අපේ කට්ටියටම බැන වදිනවා, ඔහෙලා නිසයි මේ වගේ යුද්ධයක් අපිට උදා වුණේ කියලා. මේ අස්සේ ජිමී ඇතුළු පිරිස උත්සාහ කරන්නේ අල්ලපු නගරයක්, ගමක් එහෙමත් නැත්නම් ටෙලිෆෝන් එකක් හොයාගන්න. හැබැයි මෙයාලා වැටිලා ඉන්නේ 'ජෝන්ස්ටවුන්' වගේ අමුතුම ආගමික කල්ලියක් අස්සටයි.

1 (5)


ෆැල්කනර් ජෝන් කියන දඩයක්කාරයා පූජකවරුන්ට කියනවා, තමන් මේ පිටස්තරයින්ව හොයාගත්තේ අහසින් රිදී පැහැති මකරෙක් මහ සද්දෙකින් බිමට වැටුණු වෙලාවේ කියලා (ගුවන් අනතුර ගැනයි ඒ කියන්නේ) ඒ දැවෙන ගිනිදැල් මැද්දෙන් කිසිම තුවාලයක් නැතුව ළමයෙක් ආවා කියලත්, ඒ ළමයා දෙවියන්ගේ දේවවැකිකරු (prophet) කියලත් මිනිහා තදින්ම විශ්වාස කරනවා.

2 (5)


මේ ගෝත්‍රයේ අය ඉස්සර වනචාරීන් (අනිත් ගෝත්‍රය) එක්ක තරමක සාමයෙන් හිටියේ. හැබැයි මේ ළමයාගේ සිද්ධියත් එක්ක ඒ සාමය සම්පූර්ණයෙන්ම කැඩිලා යනවා. පූජකවරුන් කියන විදිහට, මේ පිටස්තරයින් වගුරවපු ලේ නිසා වනචාරීන්ගේ කෝපය ඇවිස්සිලා. ප්‍රධානියෙක් වෙන බේලම්, වනචාරීන්ගේ ගම්මුලාදෑනියා (කොරා කැල්) හමුවෙලා සාමයට කතා කරනවා. එතනදි ගම්මුලාදෑනියා කියනවා මෙයාලා අපේ ගම්මානයට ගහලා තරුණ රණකාමීන් තුන් දෙනෙක්ව මරලා දැම්මා කියලා. ඒකට වන්දියක් විදිහට "ඇහැට ඇහැක්, දතට දතක්" න්‍යායෙන් මේ යක්ෂයන්ගෙන් (පිටස්තරයින්ගෙන්) තුන් දෙනෙක්ව බිලි දෙන්න කියලා මිනිහා ඉල්ලනවා. බේලම් ඒකට එතනදීම එකඟ වෙනවා.

3 (6)


මේ බිලිදෙන කණ්ඩායමට "ඔහේ, මම... දොස්තර කෙනඩි" විදිහට පිරිමි අය විතරක්ම තෝරගත්ත එක ගැන ජිමී ප්‍රශ්න කරනවා. ඒක වර්ගවාදී විදිහටයි මිනිහට පේන්නේ. පූජක මණ්ඩලය ඇතුළෙත් ලොකු වාදයක් යනවා මේ ළමයා සහ ආරක්ෂකයින් දෙවියන්ගෙන් ආපු අයද, එහෙම නැත්නම් වැරදි කරපු අයද කියලා. මේ අස්සේ ඇන්ඩෘ කියනවා තමන්ට කොහොමත් ලියුකේමියාව තියෙන නිසා එයා මැරිලා යනවා කියලා. කට්ටිය පැනලා යමු කියලා කතා වුණත්, අවසානයේ ප්‍රධාන පූජකවරයා තීරණය කරනවා හෙට පාන්දරින්ම මෙයාලව අරගෙන යන්න. ඒත් දොස්තර මහත්තයා "මම එන්නේ නෑ" කියලා තරයේම විරුද්ධ වෙන තැනින් තමයි මේ කොටස අවසන් වෙන්නේ.

4 (5)

Rank: Platinum
Ratings
Reviews
0

Subtitles by

UD Shehan

Platinum

View profile
Subtitles
234
Downloads
454.7K
Readers' rating
No reviews yet

Quality and clarity are what matter most in my translations. I work hard to bring you a seamless and enjoyable viewing experience. Drop a comment if you like my work!

Write a review of UD Shehan →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.