Watch Trailer

Classroom of the Elite [S03 : E09 & E10] Sinhala Subtitles | තවත් විශේෂ පරික්ෂණයක්… [සිංහල උපසිරසි]

Classroom of the Elite Season 03 Sinhala Subtitles තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. එකිනෙකාගෙ පුද්ගලික අරමුණු එක්ක විසඳන්නෙ කොහොමද කියල…

 

Classroom of the Elite Season 03 Sinhala Subtitles

 

තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. එකිනෙකාගෙ පුද්ගලික අරමුණු එක්ක විසඳන්නෙ කොහොමද කියල හිතාගන්න බැරි විදිහෙ ප්‍රහේලිකා, පරික්ෂණ වටේ කැරකෙන විදිහෙ කතාවක් මේක. ඒ කතාවේ Season 03 හි 09 සහ 10 කොටස් වල සිංහල උපසිරැසි එක්කයි මේ එකතු වෙන්නෙ.

සමහරු තමන්ගෙ පන්තියෙන් කිසිම කෙනෙක්ට නෙරපෙන්න වෙන්නෙ නැති වෙන්න සැලසුම් සකස් කරනවා. තවත් සමහරු මෙන්න මෙයාවයි නෙරපන්න ඕනියි කියලත් සැලසුම් සකස් කරනවා. ඉතින් දැන් පළමු වසරේ හැම පන්තියකින්ම එක්කෙනා බැගින් නෙරපීමේ පන්ති ඡන්දය ඇරඹෙන්න ආසන්නයි. අන්න එතකොටයි C පන්තියේ හොරිකිතා නෙරපෙන්න ඕනි කවුද කියන එකට තර්කයක් ගේන්නෙ.

හොරිකිතාගේ තර්කයට අනුව C පන්තියෙන් නෙරපෙන්න ඕනි යමඋචි තමයි කියන කාරණාව අන්තිමේදි ඇත්තක් වුනා. A පන්තියේ සියලුම ඍණාත්මක ඡන්ද C පන්තියේ යමඋචිට ලැබෙද්දි සියලුම ධනාත්මක ඡන්ද අයනොකෝජිට ලැබිල තිබුනේ හැමෝම පුදුම කරමිනුයි. ඒ වගේම අනිවාරෙන්ම නෙරපෙනවා කියල හැමෝම හිතපු D පන්තියේ රියුඑන් පවා නෙරපීමෙන් බේරිලා තිබුනා. අන්තිමේදි B පන්තියෙන් ඇරෙන්න අනිත් පන්ති තුනෙන්ම එක්කෙනා බැගින් නෙරපෙනවා.

හැම දෙයක්ම වුනේ කවුරුවත් නොහිතපු විදිහටයි. හැමදෙයක්ම වෙලා තියෙන්නෙ එක්කෙනෙක්ගේ අරමුණකට විතරයි. හැබැයි පන්ති අතර තරඟය තාමත් එහෙමමයි. පන්ති නායකයන් අතරෙ සීතල යුද්ධෙ තාමත් එහෙමමයි. ඒ අතරෙ තමයි වසර අවසාන විශේෂ පරික්ෂණය නිවේදනය කරන්නෙ. මොකක්ද ඒ පරික්ෂණය? බලන්න එහෙනම් මේ කොටස් දෙකෙන් මොකද වෙන්නෙ කියලා.

මේ කතා මාලාවට උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e (2024) (Season 3) [1080p] (Classroom of the Elite III) (Batch) කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට ගැලපෙන විදිහටයි. උපසිරැසි එක්ක කතාව අනිවාරෙන්ම ජපන් බසින් නරඹන්න අමතක කරන්න එපා. අන්තිමට ඉතින් උපසිරැසිය බාගෙන යන ගමන් comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. මීළඟට අපි Season 3 හි අවසාන කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Classroom of the Elite Season 03 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

282 downloadsDownload Classroom-of-the-Elite-S03-E09-E10-Sinhala-Subtitles.zip29 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1All BT1Next BT1

 

Subtitles

282 downloadsDownload Subtitles29 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.