Watch Trailer

Cobra Kai (2018-) [S04 : E02] Sinhala Subtitles | සමඟියෙන් වැඩ කරමු [සිංහල උපසිරසි]

2022 අවුරුද්ද උණු උණුවේ පටන් ගද්දිම මේ වසරේ මම කරන පළවෙනි උපසිරැසිය විදිහට ඔන්න අලුත්ම කෝබ්‍රා කායි සීසන් එකේ හතරවෙනි එපිය අරගෙන ගනවා. Cobra Kai කියන්නේ මගේ ආසම සීරීස් තුන අතර තියෙන කතා මාලාවක්. ඉතිං අශාන් අයියා මේ සීසන් එකට කට්ටිය හොයද්දී මමත් එක පයින්ම කැමැති වුණා. ඒ විදිහට හතර වෙනි සීසන් එකේ දෙව…

2022 අවුරුද්ද උණු උණුවේ පටන් ගද්දිම මේ වසරේ මම කරන පළවෙනි උපසිරැසිය විදිහට ඔන්න අලුත්ම කෝබ්‍රා කායි සීසන් එකේ හතරවෙනි එපිය අරගෙන ගනවා. Cobra Kai කියන්නේ මගේ ආසම සීරීස් තුන අතර තියෙන කතා මාලාවක්. ඉතිං අශාන් අයියා මේ සීසන් එකට කට්ටිය හොයද්දී මමත් එක පයින්ම කැමැති වුණා. ඒ විදිහට හතර වෙනි සීසන් එකේ දෙවෙනි සහ තුන්වෙනි කොටස් අරන් එන්නෙ මම.

කලින් කොටසෙන් චාමර අයියා සීරීස් එකේ මතකාවර්ජනයක් අරගෙන ආවනේ. ඉතිං මම කලින් කොටස ගැන විතරක් ටිකක් මතක් කරන්නම්.

මේ වෙද්දී ජොනී ක්‍රීස්ගේ අභියෝගයට මුහුණ දෙන්න ඕන නිසාම ජොනී සහ ඩැනියෙල් දෙන්නා මියාගි ඩෝ එකයි ඊගල් ෆැන්ග් එකයි එකට එකතු කරලා පුහුණු කරන්න උත්සහ කරනවා. කලින්ට වඩා මේ දෙන්නා අතර මිත්‍රත්වයක් ඇති වෙල තිබුණත් තාමත් මේ දෙන්නා අතර පොඩි පොඩි නොරිස්සුන්කම් තියෙනවා. මේකට හේතුව තමා ජොනීගේ ක්‍රම පහර දීම (offense) සහ ඩැනීගේ කරාටේ ක්‍රමයන් පහරින් ආරක්ෂාවීම (defense) වෙනුවෙන් නිර්මාණය කරල තිබීම.

කොහොම හරි පළවෙනි කොටස අන්තිමේ දෙන්නා ළමයින්ගෙ උවමනාව නිසාම වෙනස්කම් අමතක කරලා එකට වැඩ කරන්න තීරණය කරනවා. මේ වෙනුවෙන් ලොකුම හේතුව වෙන්නේ ඊලායි aka. හෝක්.

මේ අතර ටෙරී සිල්වර් හමුවෙන්නෙ ක්‍රීස් යනවා. ටෙරී කියන්නේ The Karate Kid III එකේදි ඩැනියෙල්ට ලොකු අහිතකර බලපෑමක් කරපු කෙනෙක්. කොටින්ම කියනව නම් ක්‍රීස්ටත් වඩා අන්ත නරක චරිතයක් තමා මේ ටෙරී. මේ වෙද්දී ටෙරීව ආයෙත් කෝබ්‍රා කායි වෙතට එකතු කරගන්න ක්‍රීස් උත්සහ කරනවා.

ටෙරීට පස්සේ ක්‍රීස් ගාව තියෙන හොඳම ඉත්තා තමා රොබී. මොකද රොබී ඩැනියෙල්ගෙනුත් ඉඟෙනගෙන තියෙන නිසා මියාගි ඩෝවල රහස් හැම එකක්ම වගෙ දන්නවා. බලමු පොර මේවා කොහොම යොදාගනීද කියලා.

එහෙනම් තුන්වෙනි කොටසින් හමුවෙමු…

ලැබුවා වූ 2022 නව වසර ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා…! ❤️


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,644 downloadsDownload Cobra-Kai-S04-E02.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

10,644 downloadsDownload Subtitles23 KB

17 comments

  1. නිර්මාල් විමුක්ති

    සබ් එකට ස්තූතියි සහෝ...

  2. Bhashitha

    thanx saho

    1. Anonymous

      Thanks bn,ela

  3. Anuja Lakshitha

    thanks kolllo sub ekata

  4. INDUSARA

    Ado thanks ban man kemathima tv sirous eka heta episode 3 oneee adarei

  5. Anonymous

    Thnx for the sub.... Stay close mini series ekatath sub ek one

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. Anonymous

    3 weni ep ekath ikmanata denna ko

  8. Gayya

    Supiri machan

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. Chanuka

    Supirim supiri ikmnta anit episode wlt sub dendooooo...thanks brother .

  11. thilina

    thq oiii

  12. ravidu ishan

    සබ්එකට Tnx Mchn,, දිගටම කරගෙන යමු.. ✌️✌️
    ජය!!

  13. Anonymous

    සබ් එකට ස්තුතියි...දිගටම කරගෙන යමු

  14. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  15. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.