Watch Trailer

Death Note AKA Desu nôto [S01 : E13 & E14] Sinhala Subtitles | මීසා! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ! ඔන්න මම ඩෙත් නෝට් එකෙ හත්වෙනි කොටසත් අරන් බයිස්කෝප් අඩවියට ගොඩවැදුන. ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ 10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, Drama, Fantasy…

කොහොමද යාලුවනේ! ඔන්න මම ඩෙත් නෝට් එකෙ හත්වෙනි කොටසත් අරන් බයිස්කෝප් අඩවියට ගොඩවැදුන. ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ  Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ  10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, Drama, Fantasy, Thriller, Mystery, Crime ගණයන්ට අයිති වෙනවා ඒ වගේම මේ  Tv series එකේ නිෂ්පාදනය  කරලා තියෙන්නේ Masao Maruyama කියන නිෂ්පාදකවරයා,  අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tetsurou Araki කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මම කලින් කතාව ගැන මතක් කරලා ඉන්නම්.යගමි ලයිට් කියන්නේ උසස් පාසල් ශිෂ්‍යයෙක් එයාට දවසක් මරණයේ දේවියගේ ඩෙත් නෝට් එක හම්බ වෙනවා.ලයිට් ඒ පොතේ බලය ගැන දැනගත්තම ඒ පොතට කරන්න පුළුවන් දේවල් හොයා ගන්නවා.ඒ පොතේ නම ලියන ඕනම කෙනෙක් මැරෙනවා.ලයිට් මේ ලෝකේ යහපත් තැනක් කරන්න හිතාගෙන හිරේ ඉන්න අපරාධකාරයන්ව මරනවා .එකෙන් ඒ මරණ කෙනාට කීරා කියලා නම පටබන්දෙනවා.එත් මරනවා කියන්නේත්  මිනී මැරුමක් නේ .මේ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වනවා මේ පරීක්ෂණ කරන්නේ L කියන කෙනා.මිනිස්සු මේ අපරාදකාරයන්ව මරණ කෙනාට කියන්නේ කීරා කියලා .L,ප්‍රසිද්දියේම කීරාට අභියෝග කරනවා තමන්ව මරන්න කියලා එත් ඒක කරන්න ලයිට් ට බැරි වෙනවා මොකද Lගේ ඇත්ත නම දන්නේ නැති නිසා.එත් කීරා දිගටම අපරාදකාරයෝන්ව මරනවා. ඔන්න ඔහොමයි මෙච්චර දුර කතාව. කලින් එපසොඩ් එකේදී ලයිට් L ගේ විමර්ශනේට එකතුඋනා නේ ඒ වගේම අපි දැක්ක දෙවැනි කීරා කව්ද කියලත් දෙවැනි කීරා මිසා කියලා කෙල්ලෙක් නේ එයා කීරාව හම්බවෙන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ. එයා අර tv චැනල් එක මාර්ගෙන් කීරාට පණිවිඩ යවනවා .එත් මේ පණිවිඩ ලැබෙන්නේ කීරාට විතරක් නෙවෙයි නේ.L ලයිට් දෙන්නා දෙවැනි කිරාටත් පණිවිඩ යවනවා කියලා ඔයාල කලින් එපසොඩ් එක බැලුවනම් දැනගන්න ඇති.කොහොම හරි දෙවැනි කීරා කීරාට එයාව හම්බවෙන්න ආරාධනා කරනවා, එතනට ලයිටුයි මට්සුයි යනවා ගිහින් දෙවැනි කීරාව එයාලට හම්බවෙන්නේ කොහොමද කියලා මේ එපසොඩ් දෙක බලල දැනගන්න වෙනවා. එයාව දෙවැනි කීරාට හම්බ උනාට පස්සේ මොකක් වෙයිද දෙවැනි කීරා මොකද්ද හිතන් ඉන්නේ L ට මොකද්ද ලයිට් දෙවැනි කීරා ලවා කරන්න හදන්නේ? කියලා දැනගන්නත් එක්ක මේක බලන එක ඔයාලටම බාරයි.යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. එහෙනම් අදට මං ගියා ආයෙත් ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

8,133 downloadsDownload Death-Note-E13-E14.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

8,133 downloadsDownload Subtitles30 KB

11 comments

  1. Dasun

    උබ නම් බන්.. හැමදාම දෙනවනේ.. පට්ට පට පට.. එක දිගට බලද්දී තමයි ගැම්ම. කතාව නම් සුපිරියක්

  2. Ishan Madusha

    ස්තූතියි සහෝ

  3. Chamarapraveen

    එල bro.. එලටම sub එක දෙනවා.. නියම anime එක.. thank you

  4. Chanu mikhail

    thank u...
    jaya....!!!

  5. Dasun Madawa Ranasinghe

    thanks bro

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. podda

    niyamai mcn

  8. Orion

    ❤️❤️❤️❤️

  9. Sasanka sathyajith

    Thanks for the sub

  10. Pavith Wijesooriya

    මේ එපි දෙකේ සබ්වලටත් ගොඩක් ස්තූතියි අයියේ...

  11. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.