Watch Trailer

Good American Family [S01 : E01] Sinhala Subtitles | දරුකමට සාදා ගැනීමට ගන්නා ආබාධිත විකෘති දැරිය [සිංහල උපසිරසි] (18+)

Good American Family Sinhala Subtitles ආයුබෝවන්, මේ සැරේ මම ඔයාලට අරන් ආවේ මේ වසරේ 2025 මාර්තු 19 ඉඳලා Hulu එකෙන් නිකුත් කරන් ගිය නතාලියා ග්‍රේස් කියන දරුවගේ සත්‍ය කතාව මත පදනම් වුණු ඇමරිකානු කෙටි රූපවාහිනී නාට්‍ය මාලාවක්. මේක කොටස් 8කින් සමන්විතයි. “ග්‍රේස් ඇනටොමි” නාට්‍යයෙන් ප්‍රසිද්ධ එලන් පොම්පි…

Good American Family Sinhala Subtitles

ආයුබෝවන්, මේ සැරේ මම ඔයාලට අරන් ආවේ මේ වසරේ 2025 මාර්තු 19 ඉඳලා Hulu එකෙන් නිකුත් කරන් ගිය නතාලියා ග්‍රේස් කියන දරුවගේ සත්‍ය කතාව මත පදනම් වුණු ඇමරිකානු කෙටි රූපවාහිනී නාට්‍ය මාලාවක්. මේක කොටස් 8කින් සමන්විතයි. “ග්‍රේස් ඇනටොමි” නාට්‍යයෙන් ප්‍රසිද්ධ එලන් පොම්පියෝ තමයි ක්‍රිස්ටින් බානෙට්ගේ චරිතය රඟපාන්නේ. නතාලියා විදියට ඉමොජන් ෆේත් රීඩ් රඟපානවා.

ක්‍රිස්ටීන් බානෙට්, ඔටිසම් මන්ද මානසික තත්ත්වයන් ඇති ආබාදිත දරුවන්ව සුවපත් කර සමාජයට සාමාන්‍ය අයෙකු ලෙස මුදාහැරීමට හැකියාවක් තිබෙන කාන්තාවක්. මෙයා මේක කරගෙන යන්නේ ගෙදර. මෙයාට ඉන්නවා ඔටිසම් තියන දරුකමට හදාගන්න ගත්තු පිරිමි ළමයි දෙන්නෙක්. දවසක් මෙයයි මෙයාගේ මහත්තයයි තීරණය කරනවා මිටිකුරු බවක් සහිත නතාලියා ග්‍රේස් කියලා පුංචි ගැහැණු දරුවෙක්ව හදාගන්න. මොකද ක්‍රිස්ටීන්ගේ සැමියා මයිකල්ට තදින්ම උවමනා වුණා චූටී දුවෙකුව තමන්ගේ පවුලට. කාලයක් යනවත් එක්කම මෙයාලට තේරුම් යන්න ගන්නවා මේ ඉන්නේ පොඩි ළමයෙක් වගේ බොරුවට රඟපාන ලොකු වැඩිහිටි කෙනෙක් කියලා. ඒ විතරක් නෙවෙයි මේ කෙල්ල තමන්ගේ පවුලට අනතුරක් කියලත් ක්‍රිස්ටීන් වියරු වැටිලා හිතනවා.

මේක නම් සාමාන්‍ය කතාවක් නෙවෙයි. මේකේ කෝණ කිහිපයකින්ම කතාව පෙන්නනවා. මේ පවුලේ තිබ්බ ප්‍රශ්න, එයාලගේ හිතේ තිබ්බ බය, මේ ගැන නීතිමය පැත්තෙන් බලද්දි තිබ්බ අවුල් – මේවා ඔක්කොම මේකේ තියනවා. මිනිස්සු මේ ගැන හිතන විදිහයි, ඇමරිකාවේ අධිකරණ පද්ධතිය මේක දකින විදිහයි දෙකම මේකෙන් පෙන්නනවා. කොහොම වුණත් ඇත්ත මොකද්ද කියලා හිතන්න බැරි තරම් මේක පුදුම කතාවක්.
එහෙනම් මේ අමුතුම කතාව බලන්න පටන් ගන්න කියලා ඔයාලට ආරාධනා කරමින් මම සමුගන්නවා.

දෙවෙනි කොටසින් හමුවෙමු!!
Good American Family කතා මාලාව හා නතාලියා ග්‍රේස්ගේ
සත්‍ය කතාවේ සිදුවීම් සියල්ල දැන් අපි බලමු.

මේ පුංචී කෙල්ලට විශේෂ වර්ගයක මිටිකුරු බවක් තිබුණා. 2012 දී මෙයාව හදා වඩා ගත්ත දෙමාපියන් කිව්වා නතාලියා ඇත්තටම වැඩිහිටි කෙනෙක් කියලා. ඒ විතරක් නෙවෙයි නීතිමය වශයෙනුත් කෙල්ලගේ වයස වෙනස් කරගත්තා. අප්‍රේල් 30 වෙනිදා අවසන් වූ මේ නාට්‍යයෙන් පෙන්නන්නේ කොහොමද නතාලියාගේ වයස සහ අනන්‍යතාවය ගැන සැක ඇති වුණේ කියන එක.

ක්‍රිස්ටින් තමයි 2010 දී අවුරුදු හතේ නතාලියාව හදා ගත්තේ. ඒ කාලේ ක්‍රිස්ටින් ගොඩක් ජනප්‍රිය වෙලා හිටියේ එයාගේ පුතා ජේකබ් නිසා. ජේකබ්ට ඔටිසම් තත්ත්වය තිබුණත් භෞතික විද්‍යාවට හරිම දක්ෂයි. විශේෂඥයන් හිතුවේ කොල්ලට ඉගෙන ගන්න බෑ කියලා, ඒත් ඉස්කෝලේ වැඩ මෙයා ඉතාම හොඳින් කළා. නාට්‍යයේ පෙන්නන විදිහට ක්‍රිස්ටින් නතාලියාව (ඉමොජන් ෆේත් රීඩ් රඟපානවා) දකින්නේ තවත් එක ව්‍යාපෘතියක් විදිහට. මයිකල්ට (මාක් ඩුප්ලාස් රඟපානවා) නම් දුවෙක් ලැබෙන එක ගැන හරිම සතුටින් හිටියේ.

2012 දී – ඇත්ත ජීවිතේදිත්, නාට්‍යයෙත් – බානෙට් පවුලේ අය නතාලියාගේ වයස අවුරුදු 8 ඉඳන් 22 දක්වා වෙනස් කරලා එයාව තනියම ජීවත් වෙන්න ෆ්ලැට් එකකට දැම්මා. ක්‍රිස්ටින් සහ මයිකල් බානෙට් දෙන්නටම යැපෙන්නෙක්ව නොසලකා හැරීම ගැන චෝදනා එල්ල වුණා. මයිකල්ව නිදහස් කළා, ක්‍රිස්ටින්ට තිබ්බ චෝදනා ඉල්ලා අස්කර ගත්තා. ඇත්ත නතාලියා ග්‍රේස් සහ මයිකල් බානෙට් දෙන්නටම තමන්ගේ පැත්තෙන් කතාව කියන්න අවස්ථාව ලැබුණා “The Curious Case of Natalia Grace” කියන වාර්තා නාට්‍ය මාලාවේ තුන්වන කොටසින්.

ඒක ජනවාරි මාසේ විකාශය වුණා. නතාලියා 2025 ජනවාරි 13 පීපල් සඟරාවේ මුල් පිටුවටත් පත් වුණා.
දැන් අපි බලමු “Good American Family” නාට්‍යයේ වැදගත්ම සිදුවීම් කිහිපයක් සහ ඒවා නතාලියායි බානෙට් පවුලයි
කලින් දීපු සම්මුඛ සාකච්ඡා වලදී කියපු දේවල් එක්ක කොහොමද ගැළපෙන්නේ කියලා.

බානෙට්ගේ ගෙදර නතාලියාට වුණේ මොකද්ද ?

“The Curious Case of Natalia Grace” පළවෙනි සීසන් එකේදී මයිකල් බානෙට් කියනවා ඇයි නතාලියාව හදා ගන්න හිතුවේ කියලා:

“අපිට උදව් කරන්න ඕන වුණා කවදාවත් ආදරයක් නොලැබුණ කෙනෙක්ට.”

හැබැයි නතාලියත් බානෙට් පවුලත් දෙගොල්ලම එකිනෙකාට චෝදනා කරගත්තා හිංසා කළා කියලා. බානෙට්ලා කියනවා නතාලියා තමන්ව බය කළා කියලා. නතාලියා කියන්නේ නිතරම වේදනාවෙන් හා මානසික තුවාල වලින් පෙළෙන කෙනෙක් විදිහට තමන්ට ඉවසීමෙන් සැලකුවේ නෑ කියලා.

මුලින්ම නම් හැමදේම හොඳට ගියා. ඩිස්නිලන්තේ ගිහින් විනෝද වුණා. හැබැයි නතාලියා අලුත් ගෙදරට ගිය ගමන්ම දෙමව්පියන්ට සැක හිතෙන්න පටන් ගත්තා. මුල් කොටස් වලදී මයිකල් කියනවා ක්‍රිස්ටින් නතාලියාව මුලින්ම නාවන්න ගත්තම පුදුම වුණා කියලා, මොකද නතාලියාට පූර්ණ වශයෙන් රෝම වර්ධනය වෙලා තිබුණු නිසා. මෙයා කියනවා නතාලියා පිළිගත්තා ඔසප් වෙනවා කියලා, ලේ තැවරුණු යට ඇඳුම් හංගලා තිබ්බා කියලා. මාස හයක් විතර යද්දි නතාලියා අවුරුදු හයේ සහෝදරයා ඊතන්ට මුත්‍රා කරන්න හැදුවා කියලත්, කාර් එකේදි මලපහ කරලා ඒක පොඩි එකාට ගන්න සැලැස්සුවා කියලත්, කාර් එක යද්දි දොර ඇරලා දාන්න හැදුවා කියලත් එයා කියනවා.

බානෙට්ලා කියනවා නතාලියා සහෝදරයන්ගේ සෙල්ලම් බඩු පාරට විසි කළා කියලා, නිදාගෙන ඉන්න වෙලාවට මරණවා කියලා තර්ජනය කළා කියලා. වාර්තා වැඩසටහනේදී ජේකබ් බානෙට් කියනවා නතාලියා පිහි හංගලා තිබ්බා කියලා. මයිකල් කියනවා නතාලියා පිහියක් අරගෙන එයාගේ ඇඳ ගාව හිටියා කියලා. නතාලියා මේක ගැන මයිකල්ව ප්‍රශ්න කරනවා: “මට ඇඟිලි නවන්නවත් බෑ, පිහියක් අල්ලන්නේ කොහොමද?” කෙල්ල කියනවා බානෙට්ලා මේ කතාව හැදුවේ 2009 හොල්මන් චිත්‍රපටයක් බලාගෙන කියලා. පීපල් සඟරාවට අනුව, බානෙට්ලා එක්ක ඉන්න කාලේ තමන්ට බෙල්ට් එකෙන් ගැහුවා, ගම්මිරිස් ස්ප්‍රේ කළා කියලත් කෙල්ල චෝදනා කරනවා.
“Good American Family” නාට්‍යයට මේ සිද්ධි ඔක්කොම ඇතුළත් කරලා තියෙනවා. එක දරුණු සිද්ධියක් තමයි ක්‍රිස්ටින් නතාලියාට කුස්සිය පිරිසිදු කරන්න කියලා, පස්සේ කෝපි කෝප්පයේ පිරිසිදු කරන දියර තිබුණු එක. නතාලියාට චෝදනා කළා ක්‍රිස්ටින්ට වස දෙන්න හැදුවා කියලා. නතාලියා කියන්නේ එයාගේ උස මදි නිසා කුස්සිය හරියට පිරිසිදු කරන්න අමාරු වුණා කියලා.

වාර්තා නාට්‍ය මාලාවේ නතාලියා කියනවා ඇත්තටම ක්‍රිස්ටින් බානෙට් තමයි මේ වස දෙන්න හදපු සිද්ධිය හැදුවේ කියලා. මේ පවුලේ වැඩිමල් පුතා වෙන ජේකබ් බානෙට් කියන විදිහට මේක නිසා තිබ්බ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳුනා. “මට කාත් එක්කවත් බීම එකක් බොන්න බෑ, මොකද නතාලියා ඇවිල්ලා අපිට වස කවයි කියන බය හිතේ තියෙන නිසා.” (ක්‍රිස්ටින් බානෙට් වාර්තා නාට්‍ය මාලාවට සහභාගි වුණේ නෑ, ඒ අයගේ ඉල්ලීම්වලටත් ප්‍රතිචාර දැක්වුවේ නෑ).

නතාලියා ග්‍රේස්ගේ වයස වෙනස් කළේ ඇයි?

අදටත් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි බානෙට්ලා නතාලියාගේ වයස වෙනස් කළේ ඇයි කියන එක.

2010 දී හදා ගන්න කොට නතාලියාට අවුරුදු හතක් විතර. හැබැයි එයාට රෝම වර්ධනය වෙලා තිබුණු නිසයි, වැඩිහිටි දත් තිබුණු නිසයි මේ අය හිතන්න පටන් ගත්තා කෙල්ල වැඩිහිටි කෙනෙක් කියලා. “Good American Family”නාට්‍යයේ පෙන්නන විදිහට ක්‍රිස්ටින් රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවක් කරන වෙලාවේ ගෙදර බිම ලේ වැටුණු ටැම්පෝන් එකක් දැකලා නතාලියා වැඩිහිටි කෙනෙක් කියලා ඔප්පු කරන්න සිතක් පහළ කරගන්නවා. දොස්තරලා හම්බ වෙලා නතාලියා අවුරුදු 22ක වැඩිහිටි කෙනෙක් කියලා ඔප්පු කරගන්නවා. ඊට පස්සේ කෙල්ලට ෆ්ලැට් එකක් අරන් දීලා තනියම ජීවත් වෙන්න කියනවා.

මයිකල් කියන විදිහට පොලිස් පරීක්ෂකවරයෙක් නතාලියාගේ උප්පැන්න සහතිකය බොරු එකක් කියලා හිතපු නිසා 2012 දී ඉන්දියානා උසාවියක් ඇත්තටම නතාලියාගේ උපන් අවුරුද්ද 2003 ඉඳන් 1989 දක්වා වෙනස් කළා. නාට්‍යයේ වගේම ඇත්තටත් නතාලියාට තනියම ෆ්ලැට් එකක ජීවත් වෙන්න සිද්ධ වුණා. වාර්තා නාට්‍ය මාලාවෙදි නතාලියා කියනවා ෆ්ලැට් එකේ මොනවත් එයාට ගැළපෙන විදිහට හදලා තිබුණේ නැහැ කියලා. ලිප, රාක්ක, තැපැල් පෙට්ටිය – මේවට අත ගහන්න බැරි තරම් උසයි. උදව්වට කතා කරන්න දුරකථනයකුත් තිබුණේ නැහැ.
සින්තියා මාන්ස් කියන අසල්වැසි කාන්තාවක් නතාලියාව රැක බලා ගන්න පටන් ගත්තා. එයාගේ සැමියා ඇන්ට්වොන් ක්‍රිස්තියානි පූජකවරයෙක්. ළමයි 10ක් හිටපු ඒ ගෙදර නතාලියාවත් තියා ගත්තා. 2023 දී ඒ අය නතාලියාව නීත්‍යානුකූලව හදා ගත්තා. ජාන පරීක්ෂණයකින් නතාලියාගේ වයස අවුරුදු 22ක් විතර කියලා තහවුරු වුණාට පස්සේ එයාගේ උපන් දිනය ආයෙත් 2003ට වෙනස් කළා කියලා වාර්තා වැඩසටහනේ පෙන්නුවා.

Good American Family කතාව ඉවර වෙන හැටි

මේකේ වාර්තා නාට්‍ය මාලාවේ දෙවන සීසන් එක අවසන් වෙන්නේ නතාලියා තමන්ගේ හදාගත්ත තාත්තා මයිකල් බානෙට් එක්ක මුහුණට මුහුණ කතා කරන සීන් එකෙන්. “මට කෙළින් නොබියව ඉන්න බැරි උන එක ගැන සදහටම පසුතැවෙනවා” කියලා මයිකල් නතාලියාට කියනවා. නතාලියත් මිනිහට සමාව දුන්නා, මොකද මිනිහා සමාව ඉල්ලපු නිසා.

Good American Family කතා මාලාව අවසන් වෙන්නේ නතාලියායි මයිකලුයි අතර තනි තනියෙන් වෙච්ච මේ සාකච්ඡාවෙන්. වැඩසටහනේදී, මයිකල්ව නිදහස් කරපු ගමන්ම නතාලියා මිනිහගේ ගෙදරට ගිහින් අහනවා ඇයි එයාට උදව් කරන්න මුකුත් නොකළේ කියලා. “මම පොඩි ළමයෙක්නේ,” නතාලියා කියනවා. “ඔයා මගේ තාත්තා වෙන්න තිබුණා නේ.” මයිකල් කියනවා “මට ඒකට ශක්තිය තිබුණේ නෑ” කියලා.
ඊට පස්සේ ක්‍රිස්ටින් සහ මෙයාලගේ පුතා ජේකබ් ගෙදරට එනවා. මයිකල්ට මේක පුදුමයක් වෙනවා මොකද එයාලා දැන් දික්කසාද වෙලානේ. ඇත්තටම, මෙයාලා 2014 දී වෙන්වුණා. වාර්තා නාට්‍ය මාලාවේ ක්‍රිස්ටින් කියනවා තමන් ඉන්න දිහා ගෑස් කාන්දුවක් තියෙනවා කියලා මයිකල්ගෙන් අහනවා තමන්ටයි ජේකබ්ටයි එයා එක්ක ඉන්න පුළුවන්ද කියලා. මයිකල් කියනවා ජේකබ්ට නම් ඉන්න පුළුවන්, හැබැයි ක්‍රිස්ටින්ට බෑ කියලා – මේකෙන් නතාලියාට පැහැදිලි වෙනවා මිනිහා නතාලියාගේ පැත්තෙන් ඉන්නවා කියලා. ජේකබ් (ඒරන් පොටර්) නතාලියා දිහා බලලා සමාව ඉල්ලනවා එයා වෙනුවෙන් මුකුත් නොකළාට. නතාලියා කියනවා “කමක් නෑ, මොකද ඔයත් එතකොට පොඩි ළමයෙක් විතරයිනේ” කියලා.

වාර්තා නාට්‍ය මාලාව අවසන් වෙන්නේ, මයිකල්ව නිදහස් කළාට පස්සේ, නතාලියා තමන්ගේ අලුත් හදාගත්ත පවුලේ සහෝදර සහෝදරියන් එක්ක ඉන්න දර්ශනයකින්. එයාලා සමාජ මාධ්‍යවල මිනිස්සු නතාලියා ගැන ලියපු හොඳ ප්‍රතිචාර එකින් එක කියවනවා. මේකෙන් පේන්නේ බානෙට්ලා නීතිමය වශයෙන් ජයග්‍රහණය කළත්, ජනතා අදහස් අනුව නතාලියා තමයි ජයග්‍රාහිකාව කියන එක.


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

511 downloadsDownload Good-American-Family-S01E01-baiscopelk-sinhala-subtitle.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Good American Family Sinhala Subtitles

All BT1

Subtitles by

UD Shehan

Subtitles

511 downloadsDownload Subtitles36 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි ශෙහාන් සහෝ අලුත්ම සීරිස්එහෙකට සබ් දුන්නට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.