Kaiju No. 8 [S01 : E12] Sinhala Subtitles ඔන්න එහෙනම් පසුගිය 2024 වසරේ වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ එකක් වුනු සහ මේ 2025 වසරෙදිත් වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කිහිපය අතරින් එකක් වුනු Kaiju No.8 හි මීළඟ අදියර හෙවත් Season 2 ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නෙ. ජූලි 19 වෙනිදා විකාශය වීම ඇරඹුනු මේ Kaiju N…

Kaiju No. 8 Sinhala Subtitles
ඔන්න එහෙනම් පසුගිය 2024 වසරේ වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ එකක් වුනු සහ මේ 2025 වසරෙදිත් වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කිහිපය අතරින් එකක් වුනු Kaiju No.8 හි මීළඟ අදියර හෙවත් Season 2 ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නෙ. ජූලි 19 වෙනිදා විකාශය වීම ඇරඹුනු මේ Kaiju No.8 Season 2 හිත් ඇනිමේෂන් නිෂ්පාදන කටයුතු Season 1 හි වගේම සුපුරුදු විදිහට Production IG ස්ටූඩියෝව විසින් කරනවා. Action, Fantasy, Sci Fi යන Genre වලට සහ Adult Cast, military, Urban Fantasy යන Themes වලට අයත් වෙන මේ Kaiju No.8 හි Season 2 සඳහා මුළු කොටස් 11 ක් ඇතුළත් වෙන බව සඳහන් කරල තියෙනවා. ඒ වගේම Kaiju No.8 manga එකෙහි 39 වන Chapter එකේ සිට කතාව Season 2 වෙත ඇතුළත් වෙන බව සඳහන්. මෙවර Opening Theme එක විදිහට “You Can’t Run From Yourself” ගීතය Aurora විසිනුත්, අපිට Season 1 හි Ending Theme එක අරන් ආපු OneRepublic කණ්ඩායමම මේ Season 2 Ending Theme එක විදිහට “Beautiful Colors” ගීතය අරන් එනවා. ඉතින් මෙවරවත් ගිය වතාවෙම වගේ අලුත් රසවින්දනයක් Music තුළින් ලබා ගන්න පුලුවන් වේවි.

Season 2 වලට ආරම්භයක් ගන්න කලින් Season 1 හි සිදුවීම ගැන බොහොම කෙටියෙන් කියල ඉන්නම්. මිනිසුන් සහ කයිජු නමින් හැඳින්වෙන සත්වයන් එකිනෙකා ගැටෙන ලෝකයක, “කෆ්කා හිබිනෝ” කියන්නෙ මේ කයිජුවරුන්ගෙන් ලෝකය බේරගන්න සටන් කරන කයිජු විරෝධී ආරක්ෂක හමුදාවට බැඳෙන එක එකම අරමුණ කරගත්තු එකම හීනෙ කරගත්තු කෙනෙක්. හිතපු නැති විදිහට මෙයාගෙ ඇඟට පුංචි කයිජු කෙනෙක් ඇතුල් වීම නිසා මෙයා කයිජු කෙනෙක් බවට පත් වෙනවා. ඒ බවත් හැමෝගෙන්ම හංගගෙන සෑහෙන්න ලොකු මහන්සියක් වෙලා, කොටින්ම කයිජු හැකියාවන් පාවිච්චි නොකරම මෙයාට මේ හමුදාවට බැඳෙන්නත් පුලුවන් වෙනවා. ටිකෙන් ටික සමහර දේවල් නිසා මෙයාගෙ කයිජු රහස මෙයාගෙ සඟයො කිහිප දෙනෙක් දැනගත්තත් එයාලා ඒක රහසක් විදිහට තියාගත්තා වගේම කෆ්කාත් තමන්ගෙ කයිජු හැකියාවන් පාවිච්චි කරල සතුරු කයිජුලා විනාශ කරල තමන්ගේ රට වෙනුවෙන් වැඩ කළා. මේ නොදන්නා දෙමුහුන් කයිජුව කයිජු අංක 8 විදිහට හැඳින්නුවා.
ඒත් මඟ හරින්නම බැරි සිද්ධියක් නිසා තමන්ගෙ කයිජු ස්වරූපය එළියට ගත්තු නිසා මෙයා කවුද කියල හැමෝටම හෙළි වෙනවා. කෆ්කා හිබිනෝ කියන්නෙ කයිජු කෙනෙක් කියල තුන්වෙනි හමුදාංශයේ හැමෝම දැනගත්තට පස්සෙ, කෆ්කා ඇත්තටම මනුස්සයෙක්ද කයිජු කෙනෙක්ද කියල දැනගන්න හමුදාවේ අධ්‍යක්ෂක ජෙනරාල් කෆ්කාත් එක්ක සටන් කරනවා. ඒ සටනෙදි කෆ්කාගේ මිනිස් පාලනය කෆ්කාට නැති වෙලා සම්පූර්ණයෙන්ම කයිජු කෙනෙක් බවට කෆ්කා පත් උනත්, කෆ්කාගේ නොපසුබට අනාගත ඉලක්කය නිසා ආයෙත් කයිජු ස්වරූපයෙන් කෆ්කා මිනිස් ස්වරූපයට හැරෙනවා. හමුදාවේ ඉහළ නිළධාරීන්ගේ තීරණයන්ට එදිරිව තුන්වෙනි හමුදාංශයේ කැප්ටන් සහ සෙසු සොල්දාදුවන්ගේ අදහස් හමුවේ කෆ්කා හිබිනෝට ජීවත් වෙන්න අවස්ථාව හිමි වෙනවා. මේක තමන් කවුද කියල ඔප්පු කරන්න ලැබෙන අවස්තාවක් බවත් ඒකෙ බලාපොරොත්තු කඩ නොකරන්න වගබලා ගතයුතු බවටත් අවවාද කරල කෆ්කා කයිජු අංක 8 ලෙසින්ම නම් කරල තියන්න හමුදාවේ අධ්‍යක්ෂක ජෙනරාල් කටයුතු කරනවා.
ඉතින් හැමෝගෙම බලාපොරොත්තු වුනු කෆ්කා හිබිනෝගේ නැවත පැමිණීමත් ඒ විදිහට සිද්ධ උනා. ඒ අනුව තුන්වෙනි හමුදාංශයට වගේම මිනිසුන් වෙනුවෙන් සටන් කරන කයිජු කෙනෙක් දැන් ඉන්නවා. ඒ දේවල් ඒ විදිහට වෙද්දි Kaiju No.8 Season 1 අවසාන වුනේ කතාවේ මැදදී කෆ්කාගේ අතින් පැනල ගිය දෙමුහුම් කයිජු, එහෙම නැත්නම් Kaiju No.9 තවත් තැනක ඉඳන් සැලසුමක් ක්‍රියාත්මක කරන විදිහ හෙළි කරමිනුයි.
කෆ්කා හිබිනෝගේ ජීවිතය බේරුනත් තාමත් එයාට සම්පූර්ණයෙන්ම නිදහස ලැබිලා නෑ. ඒ වෙනුවට එයාව වෙනම තැනකට මාරු කරනවා. එතනදි එයාට හම්බවෙන්නෙ එයා මෙතෙක් දැකල නැති ශක්තිමත්ම සෙබලුන්ව. ඉතින් ඒත් එක්කම කෆ්කාට ලැබෙන්නෙ ලොකු අභියෝගයක්. ඒ අභියෝගය මොකක්ද? කෆ්කාට ලැබුනු මාරුවීම මොකක්ද, ඒ කොහේටද? කෆ්කාට සහ අපි දන්න තුන්වෙනි හමුදාංශයට වෙන්නෙ මොකක්ද? අපි ඒ ගැන දැනගමු මේ Season 2 හි පළමු කොටසින්.
එහෙනම් නරඹන්න පටන් ගන්න මේ කයිජුවරුන්ට එරෙහිව තවත් කයිජුවරයෙක් මිනිසුන් හා එක්ව ගැටෙන කතාව. සුපුරුදු විදිහටම මේ කතා සමය ක්‍රියාදාමයන් පිරුනු එකක් වේවි. මනුෂ්‍යත්වයේ නොකී තැන් ඉස්මතු කරන කතාවක් වේවි. Seaon 1 වගේම රූප රටා වලටම අනූන නාද රටා සමඟින් මේ කතාව ඔබට උපරිම විනෝදාස්වාදයක් ලබා දෙන්නක් වේවි. Season 1 හි උපසිරැසි ඔයාලට අරන් ආවේ Baiscope වෙබ් අඩවියේම ඇඩ්මින් කෙනෙක් වෙන අපේ හිතවත් සනුප රන්මෙත් විසිනුයි. ඉතින් එයාට මේ වතාවෙ මේ වෙනුවෙන් කාල වේලාවක් නැති බවක් කියපු නිසා මේක මම කරන්න හිතුවා. අනික මේක Kaiju No.8 එක නිසා මඟ අරින්නත් බෑ. එහෙමයි කියල සතිපතා මට වේගයෙන් ඉක්මනින් උපසිරැසි ගේන්න බැරි වේවි. සමහරවිට විට මගේ මේ රටාව Season 1 වල උපසිරැසි රටාවට වඩා ටිකක් වෙනස් වේවි. හැබැයි කතාවට කිසිම හානියක් නොකර උපරිම රසාස්වාදය අරන් එන්න මං වග බලා ගන්නම්. එහෙනම් හමුවෙමු ඉදිරි කොටස් තුළින්.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : Kaiju Weapon
Released Date : 2025.07.19
IMDB Rating : 7.8
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,022 downloadsDownload Kaiju-No-8-S02E01.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
4 comments
Senuth
mavi
Aurora <33
Anonymous
2 Episode ekath onee ❤
priyantha
thanks
Advertisement
![Kaiju No. 8 [S02 : E01] Sinhala Subtitles | අලුත් සේනාවක්, අලුත් අභියෝගයක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/04/Kaiju-No.-8-Out.jpg)



much much thanks brother!!!!!!!!!!!!!!!!!