සුබ දවසක් මිත්‍රවරුනි, අද අපි ගෙනාවා Monster: The Ed Gein Story දෙවැනි කතාංගය. එඩ් ගීන්ගේ මවගේ අභාවයෙන් පසුව හුදෙකලා වන එඩ් කරන වැඩ ගැන ගිය කොටසින් අපි බැලුවා. අද අපි බලමු ඔහුගේ කතාව එතැන් සිට ඉදිරියට… අද පළ වන කතාංගය ගැන: දෙවැනි කොටස – “Sick as Your Secrets” අධ්‍යක්ෂක – Max Winkler තිරරචනය – Ian B…

සුබ දවසක් මිත්‍රවරුනි, අද අපි ගෙනාවා Monster: The Ed Gein Story දෙවැනි කතාංගය. එඩ් ගීන්ගේ මවගේ අභාවයෙන් පසුව හුදෙකලා වන එඩ් කරන වැඩ ගැන ගිය කොටසින් අපි බැලුවා. අද අපි බලමු ඔහුගේ කතාව එතැන් සිට ඉදිරියට…
අද පළ වන කතාංගය ගැන:
- දෙවැනි කොටස – “Sick as Your Secrets”
- අධ්‍යක්ෂක – Max Winkler
- තිරරචනය – Ian Brennan
- මුල්වරට විකාශය කෙරුණු දිනය – 2025 ඔක්තෝබර් 03
- IMDb Ratings – 7.1/10
අද කොටසේ කතාව වෙත යොමු වෙමු. කූපර් කෝක් නම් කාන්තාව විසින් මරා දැමුණු මිනිසුන්ගේ ශරීර කොටස් වලින් කළ නිර්මාණ ගැන දැනගන්නා එඩ් තමන්ද එවැන්නක් කළ යුතු යැයි සිතා ගන්නවා. ඇඩලයින් සමඟ රෝලර් ස්කේටින් කිරීමෙන් පසුව එඩ් ඇයව සිය නිවෙසට කැඳවා ගෙන යනවා. ඒ ඔහුගේ ‘අම්මා‘ට ඇයව හඳුන්වා දෙන්න. පොඩ්ඩක් ඉන්න. එඩීගේ අම්මා කළින් කොටසේදී මැරුණා නේද? එතකොට කවුද මේ අම්මා? නිවෙසට යාමෙන් පසුව ඇඩලයින් කෝප වී නිවෙස හැර යන්නේ ඇයි? මව සමඟ කෝපයෙන් නිවෙස හැරගොස් තුවක්කුවක් සමඟ තැබෑරුමට යන එඩ් ගීන් තුරුව හමුවන්නේ කාවද?
1959දී සිනමා අධ්‍යක්ෂක ඇල්ෆ්‍රඩ් හිච්කොක්, ඔහුගේ බිරිඳ අල්මා රීවිල් සහ Psycho කෘතියේ රචක රොබර්ට් බ්ලොක් සමඟ ආහාර ගන්නා අතරතුර එඩ් ගීන් ගැන සංවාද කරනවා. ඇල්ෆ්‍රඩ් කියන්නේ එඩ්ට ස්කිට්සොෆ්රේනියා හෙවත් භින්නෝන්මාදය තිබුණු බවයි. එඩ් ගීන්ගේ චරිතය ඇසුරින් නිර්මාණය කළ රොබට් බ්ලොක්ගේ Psycho කෘතිය සිනමාවට නැඟීමට ඇල්ෆ්‍රඩ් දරණ ප්‍රයත්නයට ඔහුගේ බිරිඳ සහමුලින්ම විරුද්ධ වන්නේ, එම කෘතිය මිනිසුන් රස වින්දද එවැනි සිනමා පටයක් නැරඹීමට කිසිවෙක් කැමති නොවනු ඇති බව කියමින්. හිච්කොක්ගේ වෑයම සාර්ථක වෙයිද? එයට ප්‍රේක්ෂක ප්‍රතිචාරය කුමක් වනු ඇතිද? අද කොටසින් බලමු මේ දේවල්.

වමේ සිට දකුණට; ටොම් හොලන්ඩර් ඇල්ෆ්‍රඩ් හිච්කොක් ලෙසින්, ඇල්ෆ්‍රඩ්ගේ බිරිඳ අල්මා රීවීල් ලෙසින් රඟන ඔලිවියා විලියම්ස්, ඇල්ෆ්‍රඩ් හිච්කෝක්ගේ Psycho (1960) සිනමාපටයේ පෝස්ටරයක්, ඇන්තනී පර්කින්ස් Psycho හි නෝමන් බේට්ස් ලෙසින්.
කම්පන සහගත දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය අතිශයින්ම වැඩිහිටියන්ට සුදුසු නිර්මාණයක්.
අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.
853 downloadsDownload Monster-The-Ed-Gein-Story-S03E02-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
2 comments
shehan
Buddhika laKMal
ස්තූතියි ප්‍රබුද්ධ සහෝ සබ් එකට
Advertisement




බොහෝම ස්තුතියි.. !