ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම ආයෙත් උපසිරසි නිර්මාණයක් අරන් බයිස්කෝප් වෙබ්අඩවිය පැත්තේ ආවා. මේ පාර මම ගෙනාවේ ටිකක් fantasy පැත්තට බර ඇනිමේ එකක් ඇත්තම කියනවා නම් මේ ඇනිමේ එක මගේ කැමතිම ඇනිමේ වලින් එකක්. මේකේ සම්පුර්ණ නම කියනවා නම් Re:ZERO -Starting Life in Another World. නවොදිනි තිළිණි අක්ක තමයි මේක කරන…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම ආයෙත් උපසිරසි නිර්මාණයක් අරන් බයිස්කෝප් වෙබ්අඩවිය පැත්තේ ආවා.
මේ පාර මම ගෙනාවේ ටිකක් fantasy පැත්තට බර ඇනිමේ එකක් ඇත්තම කියනවා නම් මේ ඇනිමේ එක මගේ කැමතිම ඇනිමේ වලින් එකක්. මේකේ සම්පුර්ණ නම කියනවා නම් Re:ZERO -Starting Life in Another World. නවොදිනි තිළිණි අක්ක තමයි මේක කරන්න කියල අදහස දුන්නේ ඒකට ස්තුතිවන්ත වෙන ගමන් මේකේ විස්තර ටිකක් බලමු.
මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් වැඩි ඇනිමේ තමයි හදන්නේ. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ගොඩක් ලස්සන ඇනිමේ අධ්‍යක්ෂණය කරපු Watanabe Masaharu කියන අධ්‍යක්ෂකතුමා විසින්. අන්තිමට මේකේ Genre එක ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ Drama,Dark Fantasy, Psychological, Thriller කියන Genres වලට. ඒ වගේම මේක MyAnimelist දර්ශකයේ 8.3 ද, IMDb දර්ශකයේ 8/10 වගේ අගයක් ලබාගන්න සමත් වෙනවා.
ඊළඟට තියෙන්නේ කතාව ගැන කියන්න. මේ කතාවේ කතා නායකයා වෙන්නේ ආතල් එකේ ගේම් ගගහ හිටපු කොල්ලෙක් එයාගේ නම කියනවා නම් නට්සුකි සුබරු, ඒ වගේම මේ කතාවේ කතා නායිකාවකුත් ඉන්නවා මං ඉස්සරහ එපසොඩ් වලදී එයාව හඳුන්නල දෙන්නම්. කොහොම හරි එක දවසක් සුබරු මුළු දවසෙම යාලුවෙක් ගේ ගෙදර ගේම් ගගහ ඉඳල හවස ගෙදරට යන ගමන් කඩේකට යනවා. එයා කඩෙන් එලියට ඇවිල්ල බලනකොට එක පාරටම අමුතු දෙයක් වෙනවා එයා ඇහිපිය ගහල ආයෙත් ඇස් අරිනකොට එයා ඉන්නේ එයා ගේ පළාතේ නෙවෙයි.(පළාතේ තියා ලෝකෙවත් නෙවෙයි.) ඒක එයා ඒ වෙලාවේම තේරුම් ගන්නවා මම වෙනත් ලෝකෙකට ඇවිල්ල එහෙම නැත්නම් Isekai* (isekai කියන්නේ මකරු, මැජික් වගේ අපි මේ ලෝකේ නැහැ කියල කියන දේවල් තියන සමාන්තර ලෝකයක් වගේ එකකට) ලෝකෙකට ඇවිල්ල කියල. එහෙට ආවහම එයාට එක එක සිද්දි ටිකක් වෙනවා ඒත් වැදගත්ම දේ තමයි එයාට ලස්සන අර්ධ එල්ෆ් අර්ධ මන්ෂ්‍ය කෙල්ලෙක් හම්බවෙනවා එයා නැති වෙච්ච පදක්කමක් හොයන ගමන් ඉන්නේ. ඉතින් ඒ ලස්සන කෙල්ලෙක් නේ කොහොම උනත් ඉතින් සුබරු එයාට උදව් කරනවා ඒ පදක්කම හොයාගන්න කොහොම හරි එයාල සාක්ෂි දිගේ ගිහින් පදක්කම හොයාගන්නවා ඒත් ඒ දෙන්නටම මැරෙන්න වෙනවා. ඇහ්… මැරුණම කතාව ඉවරද? අපෝ නැහැ! සුබරු ආයෙත් ඇස් ඇරියම ආයෙත් මෙන්න එයා පටන්ගත්ත තැන… මොකද්ද මේ වෙන්නේ පදක්කම හොයාගන්න පුළුවන් වෙයිද එතකොට කොහොමද සුබරු මැරෙන්නේ මේ ඔක්කොටම උත්තර බලලම හොයාගන්න.
එහෙනම් අදට එච්චරයි ආයෙත් ඊළඟ එපි දෙකේන් හම්බවෙමු එතකන් ජය වේවා හැමෝටම.

Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
3,340 downloadsDownload Re-Zero-S1-2016-Baiscopelk.com_.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවීෂ කල්‍යාණ
Subtitles
17 comments
sachintha
Navodani Thilini Sasanika
උපසිරසියට ගොඩක් ස්තූතියි මල්ලි, සුළු පිරිසක් වෙනුවෙන් කරපු ලොකු කැපවීමක්.
Ishan Madusha
නියමයි.බොහොමත්ම ස්තූතියි දෙන්නටම.ජය වේවා!
Chanu Mikhail
බොහොම ස්තූතියි මේ කරන සේවයට..!!!
Kalana iduwara(SL KINGSTON)
ස්තූතියි SUB එකට,ඔයාලා මේ කරන්නේ අමිල මෙහෙවරක්,මාත් TV SERIES,FILM එහෙම බලන්න පටන් ගත්තේ ඔයාලා නිසා,BISCOPEටීම් එකේ හැමෝටම ජයවේවා!අය්යේ දිගටම SUB කරන්න.ඔයාට සුභ අනාගතයක්!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
tharindujp
Arigathou
Anonymous
Sub Ekata Tnx Bro..
Anonymous
sub ekata thank. sword art online ekatath sub denna puluwan nam.
Chanindu Methshan
Thanks for the sub ❤️
Viraj Tharuka
niyamai bro..digatma anime walata sub denna..!!!
hirushike
mata meka download kara ganna site ekak hoya ganna ba.
plz help meeeedilshan wicramasingha
seson 2katath sub dennakooooo
Anonymous
SEASON 02 එකටත් දෙන්න
Tharindu Dilshan
sub ekata thanx .....issarahathath anime walata sub oonaaaaaa
Pavith Wijesooriya
මේක නම් නියම ඇනිමේ එකක් කවීෂ අයියේ, ස්තූතියි මේ එපිසෝඩ් එකේ සබ් එකට.
Advertisement
![Re: Zero (2016) AKA Re: Zero kara hajimeru isekai seikatsu EP01 (2018) Sinhala Subtitles | වෙනත් ලොවක බින්දුවේ සිට [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/re-zer-s1-1.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි