Watch Trailer

Ruler: Master of the Mask (2017) [EP 25:26] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

වෙනදා වගේම පසු ගිය කොටස මතක් කරගෙනම කතාව පටන් ගමු. ඔයාලට මතක ඇතිනේ. රැජිණිය ව්‍යාජ රජු නැත්නම් ලී සුන් සමඟ ගණුදෙනුවක් සිදු කරනවා. ඒ තමයි ඔහුගේ විවාහය. රැජිණිය දැනගන්නවා රජු ගා යුන්ට කැමති බව. ඒ නිසා ඇය ඔහුට ගා යුන් ලබා දීමට පොරොන්දු වී ඔහු තමාගේ පාර්ශවයට එක් කරගැනීමටයි උත්සාහ කරන්නේ. ඒ නිසා රැජිණි…

 

වෙනදා වගේම පසු ගිය කොටස මතක් කරගෙනම කතාව පටන් ගමු. ඔයාලට මතක ඇතිනේ. රැජිණිය ව්‍යාජ රජු නැත්නම් ලී සුන් සමඟ ගණුදෙනුවක් සිදු කරනවා. ඒ තමයි ඔහුගේ විවාහය. රැජිණිය දැනගන්නවා රජු ගා යුන්ට කැමති බව. ඒ නිසා ඇය ඔහුට ගා යුන් ලබා දීමට පොරොන්දු වී ඔහු තමාගේ පාර්ශවයට එක් කරගැනීමටයි උත්සාහ කරන්නේ. ඒ නිසා රැජිණියගේ ප්‍රධානත්වයෙන් මාළිගාවේ නව රැජිණක් තේරීමේ තරගයක් සංවිධානය වෙනවා. ඇය සිතන්නේ එමඟින් ඇයට ප්යෝන්සෝ කල්ලිය පාලනය කළ හැකි බවයි.  නමුත් මේ පිළිබඳව ප්යෝන්සෝ කල්ලියත් කිසිවක් නොකරමින් සිටින්නේ නැහැ. ඔවුන්ගේ කණ්ඩායමේ සිටින රාජ්‍ය ඇමති වරුන්ගේ රූමත් දියණිවරුන් දෙපළක් ඔවුන් මේ තරගය සඳහා සහභාගී කරවනවා . කෙසේ හෝ දක්ෂ මෙන්ම රූමත් කුමරියන් තරගයට සහභාගී කරවීමෙන් ඔවුන් බලය අල්ලා ගැනීමට උත්සහ කරනවා. අවසානයේ එයට ගා යුන්ටත් රැජිණියගේ අණ පරිදි සහභාගී වන්න සිදු වනවා. මේ පිළිබඳව වෙළඳ ප්‍රධානීතුමා ලෙස සිටින කිරුළ හිමි කුමරුන් දන්නේ නැහැ. ඇය තරග අවස්ථාවේ දැකීමෙන් ඔහු කලබල වෙනවා. තරගයට හොඳින් තරග වැදෙන ගා යුන් ගැන සැවොම පැහැදීමට පත් වන විටම සිදු වන්නේ කිසිවෙකු නොසිතු දෙයක්.

සියල්ලන්ම සිහි විසඥ වෙනවා. ගා යුන්ටත් සිදු වෙනවා විෂ පානය කරන්න. සියල්ලන්ම සිහිසුන් වීමේ පණිවිඩය රජුට ලැබෙනවා. මාළිගාවේ තත්ත්වය නරක අතට හැරෙන බවයි සියල්ලන්ම සිතන්නේ. ව්‍යාජ රජු සිහිසුන් වූ සියල්ලන් අතරින් පළමුව සොයන්නේ ගා යුන්. පළමුව ඇයට ප්‍රතිකාර ලබා දෙනවා. මාළිගාවේ සුළු සේවකයෙකු ලෙස සිටින කිරුළ හිමි කුමරු මෙයින් තවත් අසරණ බවට පත් වෙනවා. නමුත් පසුව වූ බූ ගුරුතුමා සහ කිරුළ හිමි කුමරුගේ පිරිසට සැකයක් ඇති වනවා කවුරුන් මේ විෂ ඇතුල් කලාද යන්න. අවසානයේ ඔවුන් පිළිතුර දැනගන්නවා. එය ඇදහිය නොහැකි පිළිතුරක්. ඒ පිළිතුර කුමක්ද කියලා කතාව රසවිඳලාම බලන්න. ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.

 

Ruler: Master of the Mask on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,338 downloadsDownload Ruler-Master-of-the-Mask-E25E26.zip126 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,338 downloadsDownload Subtitles126 KB

12 comments

  1. Udara Damith B/K

    ........................ගසකින් කොලයක් වැටීම ජිවත් වෙන්නට කරන ඉගියකි................................
    ඕලන්ද කියමනකි

  2. Udara Damith B/K

    මන් අද one

  3. Udara Damith B/K

    sthuthiyi

  4. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  5. Silent$

    Thnxxxxxxxxxxxxxxx

  6. Madhu

    බොහොමත්ම ස්තුතියි සිස්.ටිකෙන් ටික රසවත් වීගෙන එනවා නෙහ්හ් කොහොමද කියනවනම් කොටස් දෙක බලලා ඊලග දවසේ සබ් එක දෙනකන් ඉවසිල්ලක් නෑ කියන්නකො.බොහොම තුති

  7. දිලිප්

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

  8. Chami.S

    Thanks..
    Good Luck..

  9. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.