Watch Trailer

Somewhere Between (2017) [S01 : E01] Sinhala Subtitles | ජීවිතය සමඟ සෙල්ලම් කරන ඉරණම! [සිංහල උපසිරැසි සමග]

ලෝරා ප්‍රයිස් – රූපවාහිනී මාධ්‍යවේදිනියක්. ඒ වගේම තමන්ගේ අවුරුදු 8 ක දුවට පණ ඇරලා ආදරය කරන අම්මා කෙනෙක්. නොදන්නා අපරාධකරුවෙක් තමන්ගේ එකම දියණියව පැහැරගෙන ගිහින් මරලා දැම්මම, ඇයගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා. ඇය ජීවිතේ නැති කරගන්න උත්සාහ කරද්දි සිද්ධ වෙන්නේ නොහිතූ දෙයක්. ඇය දවස් 8 ක් ආපස්සට එනවා, ඇයගේ…

 

ලෝරා ප්‍රයිස් – රූපවාහිනී මාධ්‍යවේදිනියක්. ඒ වගේම තමන්ගේ අවුරුදු 8 ක දුවට පණ ඇරලා ආදරය කරන අම්මා කෙනෙක්. නොදන්නා අපරාධකරුවෙක් තමන්ගේ එකම දියණියව පැහැරගෙන ගිහින් මරලා දැම්මම, ඇයගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා. ඇය ජීවිතේ නැති කරගන්න උත්සාහ කරද්දි සිද්ධ වෙන්නේ නොහිතූ දෙයක්. ඇය දවස් 8 ක් ආපස්සට එනවා, ඇයගේ දියණිය ජීවත් වුන කාලෙට. පෙනි පෙනී එන මරණයෙන් දියණියව ගලවා ගන්න, ඇයට තිබෙන්නේ මේ අවස්ථාව විතරයි නම්?

නිකෝ ජැක්සන් – පොලිස් සේවයෙන් පහ කරපු පොලිස් නිලධාරියෙක්. නොහිතපු මොහොතක මැරෙන්න යද්දි, ලෝරාට වගේම කාලයෙන් ආපසු එන්න අවස්ථාවක් ඔහුටත් ලැබෙනවා. නොකළ වරදකට පෝරකේට ගිය තමන්ගේ අයියාව බේරගන්න, තව දවස් 8 ක් ලැබිලා තියෙද්දි, ඒ වෙනුවෙන් ඔහු මොනවා නොකරයිද?

ටොම් ප්‍රයිස් – දිස්ත්‍රික්කයේ බලවත්, ප්‍රධාන නීතිඥවරයා, ඒ වගේම ලෝරාගේ ආදරණීය සැමියා. තමන්ගේ පවුල රැකගන්න ඕනිම දෙයක් කරන කෙනෙක්. නිකෝගේ අයියට මරණීය දණ්ඩනය ලබා දෙන්න ඔහු මේ තරම් උත්සාහ කරන්නේ ඇයි? ඔහු වැඩ කරන්නේ කාටද?

ඇමරිකානු ABC නාලිකාව මගින් 2017 ජූලි 24 වෙනිදා සිට විකාශය වුනු, IMDB මීටරයේ 6 ක අගයක් ගන්න සමත්වුණු, Somewhere Between කතා මාලාවේ ඇරඹුමයි මේ. කොටස් 10 කින් සමන්විත මෙම කතා මාලාව, Drama, Mystery ගණයට ඇතුලත් වෙනවා. God’s Gift: 14 Days කියන කොරියානු කතා මාලාව ඇසුරින් මෙය නිපදවෙලා තිබුනත්, මේක එක හුස්මට බලන්න පුළුවන්, වේගවත් වගේම ක්‍රියාදාම තියෙන කතා මාලාවක්. නළු නිළියෝ ගැන කියනවා නම්,

· Déjà Vu (2006), Mission: Impossible – Ghost Protocol (2011), Warcraft (2016) චිත්‍රපට වල රඟපෑ Paula Patton – ලෝරා ප්‍රයිස් ලෙසත්,

· Final Destination (2000), වගේම Nikita කතා මාලාවේ රඟපෑ Devon Sawa – නිකෝ ජැක්සන් ලෙසත්,

· Teen wolf කතා මාලාවේ ක්‍රිස් ආජන්ට් ලෙස රඟපෑ JR Bourne – ටොම් ප්‍රයිස් ලෙසත්, මෙහිදී දැකගත හැකියි.

නිකමට එක කොටසක් බැලුවොත්, ඔයාලට කතාවම බලන්න හිතෙන බව විශ්වාසයි. කතාව ගැන අදහස් දන්වලා කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඉක්මනින්ම කතාමාලාවේ දෙවැනි කොටසත් අරන් එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,669 downloadsDownload Somewhere-Between-1x01.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/BOBY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

බොබී

Subtitles

1,669 downloadsDownload Subtitles30 KB

16 comments

  1. tharangabk

    Aluth 1k Tnx machooo

  2. shashidushmantha

    උපසිරැසියට බොහොම ස්තූතියි

  3. chiro

    thnx mac sub ekata supirima story ekak anith ewatath ikmanata sub denna

  4. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Lakshitha_Mathngadeera

    thnx mchn sub 1ta

  7. Udara Damith Dissanayaka

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    කාලෙකින් අලුත් ටීවී එකක් බලන්නේ

  8. Suranjan

    Thanks machan.....jayawewa....>>!

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  10. Tharindu Kalupage

    thanx sub ekata

  11. suranuwan

    thanks bro....

  12. neo513

    saho MacGywer ekt hri The Brave ekt hri sub denna puluwnd

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Udara Damith Dissanayaka

    ...........බොහොම ස්තූතියි ........

  15. MKanisH

    download link ekak nada?

  16. Amila Konara

    thanks bro upasirasiyata.