ගොඩාක් කාලෙකට පස්සේ ඔන්න තවත් රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි සපයන්න කියලා තමයි මේ මුලපුරන්නේ. The Mentalist කතා මාලාවෙන් පස්සේ සම්පූර්ණයෙන්ම උපසිරැසි වැඩේ නවත්තනවද නැතිනම් රෑපවාහිනී කතා මාලාවන් අතහැරලා චිත්‍රපටියකට බහිනවද කියලා කල්පනා කර කර ඉඳලා හිත වාවන්නේම නැති තැන පුරුදු විදියටම තවත් එකක් පටන් ග…

ගොඩාක් කාලෙකට පස්සේ ඔන්න තවත් රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි සපයන්න කියලා තමයි මේ මුලපුරන්නේ. The Mentalist කතා මාලාවෙන් පස්සේ සම්පූර්ණයෙන්ම උපසිරැසි වැඩේ නවත්තනවද නැතිනම් රෑපවාහිනී කතා මාලාවන් අතහැරලා චිත්‍රපටියකට බහිනවද කියලා කල්පනා කර කර ඉඳලා හිත වාවන්නේම නැති තැන පුරුදු විදියටම තවත් එකක් පටන් ගත්තා. ඔන්න අද පටන් ඒක තමයි මේ NIKITA නමින් ඔයාලාට මේ ඉදිරිපත් කරන්න මගේ සූදානම.
මෙන්න කතාවේ අතීතය ගැන පොඩි විස්තරයක්…
==========================================
CW වලින් මේක විකාශය කරන්න පටන් ගත්තේ 2010 සැප්තැම්බර් 9 වෙනිදා. ඒ කියන්නේ දැනට ගොඩක් කාලෙකට කලින්. (ඔන්න ඉතිං කතාව පරණයි කියලා අතෑරලා දාන්නේ එහෙම නෑ… 🙂 ) මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ 1990 දී Nikita නමින් විකාශය වුනු ප්‍රංශ කතා මාලාවක් අනුසාරයෙන්. ඊට පස්සේ මේක ප්‍රති නිර්මාණයක් විදියට චිත්‍රපටයක් නිශ්පාදනය කලා 1993 දී Point of No Return නමින්. ඊටත් පස්සේ 1997 දී La Femme Nikita නමින් මේ කතාව නැවත වතාවක් ටෙලි තිරයේ වෙනස්ම නිර්මාණයක් විදියට පෙලගැස්වුනා. ඕන්න ඊටත් පස්සේ මේක ආපහු පරණ නමින්ම කලින් කතා වලටත් වඩා සුපිරි විදියට 2010 සැප්තැම්බර් 9 වෙනිදා CW නාලිකාව ඔස්සේ විකාශය කරන්නට යෙදුනා. අපේ ගොඩක් අය ෆිල්ම් වල ගුණාත්මක බව මනින විදියට IMDb මීටරෙත් මේ කතාව වෙනුවෙන් 7.7 ක් දක්වා කරකැවිලා තියෙනවා.
මෙහි පලමු සමය විකාශය කිරීම ආරම්භ කලේ 2010 සැප්තැම්බර් 9 වනදා කොටස් 22කින් යුක්තවයි. ඉන් පස්සේ දෙවනි සමය 2011 සැප්තැම්බර් 23 දින කොටස් 23කින් සමන්විතවත්, තෙවැනි සමය 2012 ඔක්තෝබර් 22 දින කොටස් 22කින් යුක්තවත්, අවසාන වශයෙන් සිව්වෙනි සමය කොටස් 6 කින් සමන්විතව 2013 නොවැම්බර් 22 දින විකාශය කරන්න කරන්නට යෙදුනා. සම්පූර්ණ කතා මාලාවටම කතාංගයන් 73ක් අඩංගුයි. අවසාන කතාංගය Canceled නමින් 2013 දෙසැම්බර් මස 27 දින විකාශය කර මේ කතා මාලාව සමාප්ත කරන්නට යෙදුනා. (ඒ කිව්වේ කතාව මග හිටියේ නෑ හොඳේ. ඉවරයක් වෙන්න පෙන්නනවා)
කතාව ගැන පොඩි විස්තරයක්…
=========================
මේ කතාව ආවරණය කරන්නේ නිකීටා කියන ප්‍රධාන චරිතයක්. ඒ වගේම තමයි මේ කතාව මධ්‍යගත කරගෙන තියෙන්නේ රජයෙන් පවත්වාගෙන යන ඩිවිශන් (Division) නම් රහසිගත (Black Ops)ක්‍රියාන්විත සංවිධානයක්. මේ සංවිධානය විසින් සමාජයේ කැපී පෙනෙන්නේ නැති, විවිද දුරාචාරයන් වලට අසුවුනු හෝ අපරාධයන් සිදු කරලා හිරේට නියම වන තරුණ තරුණියන්ව රහසින් ඒ සංවිධානයට බඳවා ගන්නවා. ඒ කියන්නේ සැබෑ ලෝකයට මෙයාලා මැරුණූ අය පමණයි. මේ විදියට බඳවා ගන්න අයව මේ ඩිවිශන් විසින් සෑම අන්දමකම පුහුණුවන් සහිත ඔත්තුකරුවන් සහ ඝාතකයින්, මිනීමරුවන් විදියට පුහුණු කරනවා. මේ සංවිධානයේම පුහුණුව ලබපු කෙනෙක් තමයි අද ඉඳන් අපි මේ බලන්න සූදානම් වෙන කතාවේ කතා නායිකාවත්. නමුත් නිකීටාගේ විශේෂය තමයි මේ සංවිධානයෙන් පැනගත්තු පලමු කෙනා වීම. මේ විදියට මේ සංවිධානයෙන් පැනලා ගියෝතින් හෝ සංවිධානයට විරුද්ධව වැඩ කරනවා නම් එයාලව ඩිවිශන් විසින් කැන්සල් කරලා දානවා. (ඒ කියන්නේ මරලා දානවා). ඩිවිශන් කියන සංවිධානය පිහිටුවලා තියෙන්නේ රජයේ රහසිගත මෙහෙයුම් සිදු කරන්න. කොටින්ම කිව්වොත් මේ වගේ සංවිධානයක් තියෙනවා කියලා ඇමරිකාවේ ජනාධිපතිතුමාවත් දන්නේ නෑ. මේ ඩිවිශන් වල ප්‍රධානියා තමයි පර්සි කියලා කියන්නේ. නමුත් රජය වෙනුවෙන් වැඩ කරන මේ සංවිධානයෙන් ඇයි මේ නිකීටා පැනලා යන්නේ? ඒ වගේම ඇයි ඇය මේකට විරුද්ධව වැඩ කරන්නේ? ඒකට හේතුව තමයි, රජය වෙනුවෙන් වැඩ කරපු ඩිවිශන්, රජය වෙනුවෙන් පමණක් නැතිව විවිධ අපරාධ සංවිධාන වෙනුවෙන් කුලී වැඩ කරන තැනක් බවට පත්වීම. මේ නිසා මේ ඩිවිශන් වලින් විටින් විට තමුන්ගේම රජයට විරෝධීව පවා කටයුතු සිද්ධ කරනවා. නමුත් මේ පිලිබඳව මේ ඩිවිශන් තුල සිටින බොහෝ ආධුනිකයින් දන්නෙ නෑ. ඔවුන් හිතන්නේ තමුන් තමුන්ගේ රට වෙනුවෙන් සේවයක් කරනවා කියලා විතරයි. නමුත් මේ පිලිබඳව දැනගන්න නිසාවෙන් තමයි නිකීටා ඩිවිශන් වලින් පැනලා ගිහින් ඩිවිශන් විනාශ කිරීමේ අරමුණින් ඩිවිශන් වලට එරෙහිව වැඩ කරන්නේ.
කතාවේ මූලික චරිත ටිකක් තියෙනවා. ප්‍රධානතම චරිතය තමයි නිකීටා කියන්නේ. මැයගේ චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්නා හඳුනන ප්‍රසිද්ධ නිලියක් වන Maggie Q. Naked Weapon, Mission Impossible III, Die Hard, Divergent, වැනි චිත්‍රපට වල මැයගේ රංගන දායකත්වයන් අපිට දකින්න ලැබෙනවා.
අනිත් චරිත ටික තමයි
=====================
•ඇලෙක්ස් (Alex) – Lyndsy Fonseca.
Kick-Ass, Kick-Ass 2 චිත්‍රපටි වල වගේම Marvel’s Agent Carter වලත් දකින්න ලැබෙනවා.
•මයිකල් (Michael)- Shane West
අපි නම් මෙයාව ගොඩක්ම දන්නේ A Walk to Remember කතාවෙන් තමයි.
•පර්සි (Percy)- Xander Berkeley
The Mentalist කතාවේ තෝමස් මැකැලිස්ටර් චරිතයෙන් වගේම 24 රූපවාහිනී කතා මාලාවන් වලින් පවා අපිට මෙයාව බහුලව දකින්න ලැබෙනවා.
•බර්ක්ඕෆ් (Birkhoff) – Aaron Stanford
ප්‍රධාන වශයෙන් X-Men: The Last Stand චිත්‍රපටයෙන් සහ 12 Monkeys රූපවාහිනී කතා මාලාවෙන් අපිට මෙයාව දැකගන්න පුළුවන්.
•අමන්දා (Amanda)- Melinda Clarke
ගොඩක් කතා වල රඟපාලා තියෙනවා නම් තමයි. නමුත් විශේෂ වශයෙන් ප්‍රසිද්ධ වුනු චිත්‍රපටි වල නම් අපිට මැයව දැකගන්න ලැබෙන්නේ නෑ.
•ඔවන් (Owen) – Devon Sawa
Final Destination කතාවේ පොඩි කොල්ලෙක් විදියට මෙයාව දැකගන්න ලැබෙනවා.
•රයන් ෆ්ලෙචර් (Ryan Fletcher) – Noah Bean
12 Monkeys රූපවාහිනී කතා මාලාවේ අපිට මෙයාව දකින්න ලැබෙනවා.
=======================================================
ඔය විදියට මෙකී නොකී ගොඩක් චරිත ඉදිරියට හමුවෙවි තමයි මේ කතාව දිගට ගලාගෙන යන්නේ.
හොඳයි එහෙනං, මේ කිව්වා මදෑ…. දැන් ඉතිං කට්ටිය අද ඉඳන් නිකීටා බලන්නත් පටන් ගනිමු. දැනට නම් මේ කතාව ගොඩක් දෙනා බලලා ඇත්තේ. ඒත් නොබලපු අයට අද ඉඳන් සිංහල උපසිරැසිත් එක්ක කතාව බලන්න පුළුවන්. හැමදාම වගේ කට්ටියම මට දොසක් අඩුපාඩුවක් හරි කමක් නෑ, කමෙන්ට් එකක් දාලා යන්න එහෙම අමතක කරන්න එහෙම එපා.
බලාපොරොත්තුවෙන් හිටියේ කතාවේ ඔක්කෝම එකපාර දෙන්න, ඒත් ඉතිං කන කෑම වුනත් ජබස් ගාලා එකපාර බඩට හලාගන්නේ නැතුව ඩිංග ඩිංග කටින් කට කනකොටනේ රසේ තියෙන්නේ. එහෙම හිතලාම එකින් එක දෙන්න හිතාගත්තා. එහෙනං ඉතිං අද ඉදං හැමෝම කටින් කට බන්ඩිය පුරෝ ගන්නකෝ 🙂 🙂 🙂 (බඩගින්නේ තියන්නේ නෑ…. !)
කතාව ගැන කිසිම අදහසක් තාමත් නැත්නං…
===============================
“ක්‍රියාදාම වලින් පිරුණු, ත්‍රාසජනක සටන් ජවනිකා වලින් පිරුණු රූපවාහිනී කතාමාලාවක්” කියලා අන්තිමටම කියන්නං…
ආයු – බෝ – වේවා !!!
140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න
6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,823 downloadsDownload Nikita.S01E01.baiscopelk1.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
76 comments
Kasun Widusha
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
Mentalist එකෙන් පස්සේ තවත් පට්ට කතාවක් ගෙනත් තියෙන්නේ.
CW එකේ ගියපු එකක්නම් ආයි හිතන්න දෙයක් නෑ සුපිරියට ඇති.
ප්‍රණිත් සහෝ සබ් දෙන නිසා ආයි හිතන්න දෙයක් නැ සබත් ඒ වගේම සුපිරියට ඇති.
ඔන්න එහෙනම් හැමෝගෙම බන්ඩි පුරවන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. :-D
ලිපියත් සුපිරි ඈ. ඔන්න එහෙනම් වැඩ පටන් ගන්නවා.
ආ... ඒ වගේම Mentalist එකෙන් පස්සෙ අපිව අමතක නොකරපු එකටත් බොහොම ස්තුතියි.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
kent1996
thx machn
M.B.S
මේ දීලා තියෙන්නේ Mentalist season 1 torrent file එකනේ
Kasun Widusha
[kickass.to]nikita.season.1.2.complete.480p
Thimothy
ela sub walata thanks
NaDeeRa
නියමයි ප්‍රනීත් මේක බලලා තියෙනවා එත් අද ඉදලා ආයේ බලනවා සබ් එක එක්කම ජය වේවා ඉස්සරහටම යමු ....
silent$
thanx bro !!!!!
Jayz වනිගනෙත්ති
බොහෝම ස්තූතියි සහෝ දිගින් දිගටම අළුත් කථා මාලා චිත්‍රපට ගේන්න ශක්තිය දෛර්ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. බුදුසරණයි..!!
krish
Niyamai saho....
kalana mr
niyama wedak saho. . Ela. . Digatama karagena yanna. . . . Sub ekata thanx. .
huta
digatama yamu jayawawa
නලින්
ස්තුතියි ප්‍රණියා! දැන්නම් ඉතිං ඇත්තම කිව්වොත් බලන්න වෙලාවක් ඇත්තෙම නැහැ..
තියෙන කෙනෙක්ගෙන සේරම ඉල්ලගෙන..හිමිටි බලන්න ඕනේ වෙලාවක.. එලස්ස් වේවා! මචෝ..
ජය වේවා!
sudeera
මම ගාවනම් තියෙනවා සහො කොහොමද දෙන්නේ
sachintha
onna sub eka gaththa tnx.. sahooo.....
'The Vampire Diaries' TV Searice sub danna puluwanam loku deyak sahoo.....
natham puluwan kenekwath innawadoo.....කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ. ඇත්තට ම ඔයාගේ ලිපිය නිසා තමයි මේක බාන්න හිතුවේ. මං ආසාවෙන් බලපු ටෙලි කතා තීපයක් ම මේ වෙද්දි ඉවර වෙලා. මේක අලුතෙන් ම පටන් ගත්ත නිසා මේක බලන්න ඕන.
Dimuth
Thanx...
dinura
thx machn
Keshan Wasala
ගොඩක් ස්තුතියි ප්‍රණිත් සහෝ මේක බලන්න ඕනේ ඒත් මේ තියන ටීවී කන්දරාව එක්ක වෙලවක් හොයාගන්න තමා අවුල :D The Mentalist බලන්න උනෙත් නැහැ එකත් මේ බලන්න සැරසෙන ගමන් එත් අනිවා මේකත් බලනවා මේ කරන කාර්යට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ බොහොම පින් එහෙනං ඔන්න මමත් වන්දනාවට එකතු උනා :D :D හරේ යං ;)
kavinda
බොහෝම ස්තූතියි සහෝ
dilan
thanks machan
oshan
Gret. Thanx
janaka
ගොඩාාාාාාාක් ස්තූතියි!
lakshan
ගොඩක් ස්තුතියි ප්‍රණිත් සහෝ .......................
Sanjaya
බලලම විස්තර දානන්මි සහෝ.... සබට බොහෝම පිං..........
sudeera
එල සහො දිගටම දෙන්න
chinthaka
ela ela broooooo ohoma yan ohomayan...... jayawewaaaa
Moris
Macho.. Digatama sub dipan.. athara meda atharamn karane nethuwa.. elazz (Y)
Rasidu
මරු ගොඩ කාලයක් series ඒක තියාගෙන බලන් හිටියේ සිංහල sub එයි කියල.නියමයි,දැන් බලනවා,sub එකට thanx
lakshitha
thnx saho :D
ෂෙරින් සමාධි ගිනිගේ
ආයෙත් කතාවක් ගෙනත් නේද?
මුලින් එච්චර ගණන් ගත්තෙ නෑ...
ඒත් අපේ ප්‍රණීත් සහෝ කරපු උපසිරැසියක් නිසා නොගෙන බෑනේ...
The Mentalist එකට පිස්සු වැටිලා වගේ බලපු හැටි තාම අමතක නෑ.
එහෙනම් ඉතින් මේකත් ඒ වගේ ආසාවෙන් බලන්න හැකියාව ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරනවා.
එහෙනම් උපසිරැසියට බොහොම ස්තූතියි.
දැන් එන්න එන්නම සතියකට බලන කතා ගණන වැඩි වෙනවා.
අතාරින්නත් බෑ.
එහෙනම් ඊළඟ උපසිරැසියත් ඉක්මනින්ම දෙන්න.
ජය!!!subtitle pissa
saho oya karala thiyana wade hoda .eth baiscope eken patan aran subtitle denne nathi serias godak thiyanawa..eka hinda oya peretha kamata loku line gahanne nathuwa ara anith unge wada tika iwara karoyh hodai neda,,
Suranjaya_91
පට්ට සහෝ.. උබ sub දෙන්න ගන්නවනම් බය නැතුව බලනවා මචං..
මග නතර වෙන්නේ නැ කියල දන්නවනේ...
දිගටම ! ඉක්මනටම ! sub දෙන්න ලැබේවා !!!!
ජයවේවා…… :roll:චතුර බුද්ධික
අම්ම ගහයි බැට් එකෙන්... අඩෝ උඹ දෙන ඕනි මගුලක්.. :)
Mentalist සුපිරි ඈ... Prison Break වලින් පස්සේ ආසාවේ බලපු සිරා කතාව..
උඹේ සබට පින්සිද්ද වෙන්න තමා ඒක බැලුවේ...amal
MAXXA praneeth MAXXA...................
mechra kal tiyan hitiya bt khmahari antimedi eke sub ekath karanda patan gatttha ela mchannn thnnnnxxxxxxxxxx
kiyala wadak na bn sira bn meketh sub daida kiyala hitana hitiye ekatah patan gatttha ela mchan ela
ehenum obata JAYA WEWAAAAAAA........... SUB WALTA THNXXXXXX$%^&*()))(*&^%$#@
Bale
subata thanks saho......
kalana
1st season eka apu kale baluwa.dan matkath na mcn.aye mula idama blamu.mekat sub deid kiyla bla bla hitiye.ela ube choice 1 nm patta
sameera
niyamayi machan, digatama denna, ara Breaking Bad wage atharama maga nathara nokara digatama denna obata jaya
udara
adoooooooooo meknam patta pata pata wedak bn.....ubnam dewiyek...thnx mchn sub ekta . ube wedath paadu krgan nethuwa dgtma sub demu hode......jaya wewa mchn
ඉන්ඩ්ර්හ පාල
මේකේ ඇඩ්මින්ලත් එකයි, සබ් දෙන උනුත් එකයි. යකෝ සබ් දෙනකොට බලන්න පුලුවන් කොපියකට සබ් දීපල්ලා. බ්ලූ රේ රිපකට හරි. නැත්තම් වෙබ් ඩවුන්ලෝඩ් රිපකට හරි. එච්ඩිටිවි තැරි වලට සබ් දාන්න කාලේ කන්න එපා යකුනේ. මේවා පරන ඒවා නිසා ඒ වගේ කොපියකට සබ් දාන්න බැරි කමක් නෑනේ.
Sanka
okata marenna hadanne mokatada ban.... ehema hari sub dena nisane balanne. thamanta hoda vidihe quality ekaka copyak bagena sub eka a name ekata Rename karala KMP eken balanawanam sub eka Align nattan "[" "]" menna me key deka obala align karan baluwanam iwarainem podi seen ekakatane ke gahanne
Kulanjana Maduranga
maxxa 1k ne..mekn nm atharin na balanawama thama...thanks PRANEETH saho..sub ekata..mekata digatama sub demu.jaya wewa......
Dhanuka sulakshana
smallville Tv series එක දාන්නකෝ පින්සිද්ද වෙනවා.
Anuruddha Kulasekara
Dan ithin meka ayeth balanna wenawaaaaa.....................
Hitha honda kolla
අනේ බන් මේවා නෙමෙයි CSI CYBER කියන එකට දීපන්කො සබ්...
ඒක සුපර් ටීවී සිරිස් එකක් ඇරෝ වගේ ප්‍රසිද්ධ වෙයි ලොවෙත්.
දීපන්කොkavinda
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
camara
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!danuka
super man පරණ ෆිල්ම් වලට sub දෙන්නකෝ.
rohana
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.
yasiru
thanks saho..........digatama demu...
Ranga Heshan
tnx mcn tama beluwe nehe hodai kiyala hithanawa jaya wewa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහෝ...නැවත පැමිනි එක ගැන බොහොම සතුටුයි෴
Hasitha
Kathawa nam supiri wage (Y) :D
STYLISH PRINCE
saho oya deviyek saho.....................
Advertisement

ප්‍රණිත් සහො එල පහරක් බස්සල තියෙන්නෙ..........the mentalist වගෙ උඩ මළුවටම අපිව අරන් කරුනාකරන්ඩ ශක්තිය ලැබෙන්ඩ කියල සුබ පතනවා................ජය වේවා...................