Watch Trailer

The Mentalist [S02 : E19] | දූශිත නීතිය… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ දෙවන සමයේ 19වන කතාවේ උපසිරැසි ඔබ හමුවේ තියන්නයි මගේ මේ සූදානම. පලමු සමය තුල කතාවේ රිස්ග්බි විසින් උසක් නැගලා වුනත්, පියකරු වෑන්පෙල්ට්ගේ හිත් මල නෙලාගත්තා මතක ඇති. නමුත් පසුගිය කතාවේදී, බමරෙකුට හැමදාමත් මලකින් රොන් ගන්න ලැබෙන්නේ නෑ කියලා ඔප්පු වුනා. (ඒ කතාව පැත්තකට දාමු.) ඒත…

Mentalist 1

The Mentalist කතා මාලාවේ දෙවන සමයේ 19වන කතාවේ උපසිරැසි ඔබ හමුවේ තියන්නයි මගේ මේ සූදානම. පලමු සමය තුල කතාවේ රිස්ග්බි විසින් උසක් නැගලා වුනත්, පියකරු වෑන්පෙල්ට්ගේ හිත් මල නෙලාගත්තා මතක ඇති. නමුත් පසුගිය කතාවේදී, බමරෙකුට හැමදාමත් මලකින් රොන් ගන්න ලැබෙන්නේ නෑ කියලා ඔප්පු වුනා. (ඒ කතාව පැත්තකට දාමු.) ඒත් මම ඒක කිව්වේ කතාවේ ආරම්භය බලලා. කොහොම නමුත් අද කතාවේදී පලමුවෙන්ම සංශය සහගත සිදුවීමකින් සිතිවිලි ආක්‍රමණ කරන ආකාරකට තමයි කතාව පෙලගස්වලා තියෙන්නේ. මේ කතා මාලාවේදී මේ ආකාරයට කතාවක් පෙලගස්වපු පලමු අවස්ථාව තමයි මේක.

කතාවේ සිදුවීම තමයි…., CBI කාර්යාංශයට යන්න සිදුවෙනවා සාමාන්‍ය පරිදිම සාමාන්‍ය අන්දමේ මිනීමැරුමක් විසඳන්න. නමුත් ව්‍යසකයා දිස්ත්‍රික් නීතීඥවරයාගේ, ඒ කියන්නේ D.A ගේ සහායිකාව වීම තමයි මෙතැන ඇති වැදගත්කම. ඒ වගේම ඇය CBI එකට බොහෝම උදව් කරලා තියෙනවා කියලා කියනවා. නමුත් මම නම් ඒක දැකලා නෑ. කොහොම නමුත් ව්‍යසකයාගේ නම තමයි කෙලී ෆ්ලවර්. මැයට වෙඩි තබලා තමයි මිනීමැරුම සිදුකරලා තියෙන්නේ. මෙයාලා මේක ගැන විමර්ශණය කරනවා. හෝඩුවාවන් ගවේශණය කරලා, සිල්වන් නමින් මිනීමරුවා අල්ලගන්නවා කතාවේ විනාඩි 18ක් ගියපු ගමන්ම. නමුත් මිනීමරුවා ජේන්ගේ මෝඩ වැඩක් නිසාවෙන් බලගතු ඇමරිකාවේ පතරංග නීතියේ සිදුරක් අස්සෙන් රිංගලා යනවා. ඉතුරු විනාඩි 24 තුලදී නැවතත් ඔහු මිනීමරුවෙකු කියලා ඔප්පු කරන්න සාක්ශි හොයාගන්නවා. නමුත් ඔහුව පොලිසිය ඉදිරියේම ඝාතනය කිරීම නිසාවෙන්, මේ සිදුවීම වසන් කරන්න තවත් කෙනෙකු ඉන්නවා කියලා දැනගන්න ලැබෙනවා. ඒක නිසාම මේ සිදුවීම බොහොම සංකීර්ණ වෙනවා. ඒ වගේම තමයි, මැඩම් හයිටවර්ගේ පලමු අනතුරු ඇඟවිමේ සක්‍රීයත්වයක් හේතුවෙන් ලිස්බන්ගේ වැඩ දින කිහිපයකට තහනම් වෙනවා. ජේන්ට මේක ලොකු සිත්තැවුලක් නිසාවෙන් ඇයට රස්සාව නැවතත් ඉක්මනින්ම අරන්දෙන්න පොඩ් අට්ටවාලියක් ඇටෙව්වත්, ඒකෙන් ලිස්බන්ට වගේම ජේන්ටත් ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. කවුරුවත් ජීවිතේට උසාවි තොවිලයක් දැකලා නැතිනම්, ඒකත් මේ කතාවෙන් බලාගන්න පුළුවන් වේවි. (යකැදුරා තමයි පැට්‍රික් ජේන්) පස්සෙන් පහු තොවිල් නටලා හරි මිනීමරුවා අල්ලලා, ලිස්බන්ට ජොබ සෙට් කරලා දෙනවා. අන්තිමේදී බොහෝමයක් කතාවල වගේ, හැපීලි එව(ර්) ආෆ්ට(ර්) කියලා කතාව ඉවර වෙනවා.

කතාවේ සාරාංශිතයේ ඡායා මාත්‍රයක් නෙතඟට ගෙනාවත්, අඩුම-කුඩුම තව තියෙනවා ෆිල්ම එක බලලාම පුරවගන්න. මම මීලඟ උපසිරැසිය දෙනකං ඕක බල බලා චිත්‍රපට අධ්‍යක්ශණයේ අඩුපාඩු හොය හොයා ඉන්න.(බලන්නම චිත්‍රපටියක් නැතිවුනොත් කරන්න තියෙන ෆන් වැඩක්.) ඒත් baiscope තියෙනකං ඒ වැඩේ කරන්න ලැබෙන්නේ නම් නෑ. ඇතිවෙන්න ෆිල්ම් දෙනවනේ…. 😉 😀 😛

හැමෝටම ආයු-බෝ-වේවා !!! __/|\__

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

b4c840572e4e75496267929260f3d894690c81d7

350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න

df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,214 downloadsDownload The..Mentalist.S02E19.zip160 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

2,214 downloadsDownload Subtitles160 KB

19 comments

  1. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  2. hasithadn

    thankzz.........

  3. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

  4. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍මාත්‍ ‍මේ ‍ක‍තා‍ව ‍බ‍ල‍ලා‍ම ‍නෑ.
    ‍ඒත්‍ ‍ම‍හන්‍‍සි‍ය ‍අ‍ග‍යන්‍‍න ‍ඕ‍නේ ‍නේ.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  5. sajeevi

    thanks

  6. yasiru

    thanks saho.......

  7. අනුරාධ

    සහෝදරයා කතාවේ සරංශය ත් මාරුවට ම ලියලා තියනවා.....:P
    .....:D
    උපසිරැසි වගේම එකත් සූපිරි කියලා නොකීවොත් අයේ වැඩක් නැ.
    ...:P
    ඒ වගේම බොහොම ස්තුති උපසිරැස ටත් !
    ...... :D :D :D :D :D :D :D :D :D

  8. අනුරාධ

    සබ එකට බොහොම ස්තුති සහෝ ..සාරාන්ශය ත් මරුවටම තියනව ඔන් ....:P :P

  9. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ප්‍රණිත් සහෝ..
    ඔන්න මමනම් දැන් තමයි පළවෙනි සිසන් එක බලන්න ගන්නේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  13. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ප්‍රණිත් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  14. hasitha

    suppa sub tika.. oyanam supiri.. keep it up bro.. thnks for ur gr8 efrt

  15. Sach

    Thanks !

  16. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය.........

  17. lakshan

    උපසිරැසියට තුති……

  18. LakshanD

    ස්තූතියි සහෝ ❤️

  19. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.