Record of Ragnarok Season 03 Sinhala Subtitles මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 3 හි 15 කොටසේ උපසිරැසිය සමගයි මේ එකතු වෙන්නෙ. ඒ අනුව අපි Season 3 හි අවසානයට ඇවිල්ලයි ඉන්නෙ. ඒ කියන්නෙ…

Record of Ragnarok Season 03 Sinhala Subtitles
මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 3 හි 15 කොටසේ උපසිරැසිය සමගයි මේ එකතු වෙන්නෙ. ඒ අනුව අපි Season 3 හි අවසානයට ඇවිල්ලයි ඉන්නෙ. ඒ කියන්නෙ මේක තමයි අවසාන කොටස. මේ කොටසින් එහෙම නැත්නම් 15 වන කොටසින් Record of Ragnarok Season 3 නිමාවට පත් වෙනවා.
Season 3 ආරම්භ වෙන්නෙ මෙතෙක් 3-3 ක් විදිහට සමවෙලා තිබුනු රැග්නරොක් සටන 7 වෙනි වටයෙන් ආරම්භ වීමත් එක්කයි. කින් ෂි හුවාංග් සහ හේඩිස් අතර වුනු ඒ සටනින් කින් ෂි හුවාංග් ජය ගන්නවා. ඊට පසුව 8 වෙනි වටය විදිහට නිකොලා ටෙස්ලා සහ බීල්සෙබබ් අතර සටනින් බීල්සෙබබ් ජය ගන්නවා. ඒ අනුව 4-4 ක් විදිහට ආයෙත් දෙවියන් සහ මිනිසුන් සම වෙනවා. 9 වෙනි සටන අරඹපු ලියොනයිඩස් රජතුමා සහ ඇපලෝ දෙවියන් අතර සටන සැහැල්ලුවෙන් ආරම්භ වෙලා ටිකෙන් ටික දරුණු අතර හැරෙන්නේ දෙන්නාගේම සිරුරේ දරුණු තුවාල ඇති වීමත් එක්කයි. ඉතින් මේ 9 වෙනි සටන අවසන් වෙන්නෙ කොහොමද? ඒකෙ ජය කාටද? රැග්නරොක් හි පෙරමුණ ගන්නෙ කවුද? ඒත් එක්කම රැග්නරොක් පිටුපස සැඟවුනු රහස් කිහිපයක් එළිදරව් වෙන්න නියමිතව තියෙනවා. ඒ රහස් මොනවද? නරඹන්න මේ අවසාන කොටස.
දෙවියන්ගේ අභිමානය, තේජස වගේම මිනිසුන්ගේ වීරත්වය, නිර්භීතකම, ජීවිතයේ වටිනාකම කියන දේවල් වලට මේ කතාවෙ හරි අපූරුවට වර්ණනාවක් වටිනාකමක් දීල තියෙනවා. මනුෂ්‍යත්වයේ කැපකිරීම් ඔස්සේ කරට කර යන දේව අපරාජිත්වය අතර ගැටුමක් විදිහට මේක හරිම වටිනා කතාවක් වෙනවා.
මේ season 3 හි සිංහල උපසිරැසි නිර්මාණය වෙන්නෙ Record of Ragnarok S03 2025 1080p NF WEBRip Dual Audio 10bits x265-Rapta කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට. Baiscope downloads වෙබ් අඩවියෙනුත් වීඩියෝ පිටපත් ලබා දේවි. උපසිරැසි ගැන ඔයාගෙ අදහස් පහළින් කියන්නත් අමතක කරන්න එපා. කොටස් 15 සමග Record of Ragnarok Season 3 නිමාවට පත් උනත්, මීළඟ Season 4 පිළිබඳ කිසිම තොරතුරක් මේ වෙද්දි නම් දැනුම් දීල නෑ. බොහෝ විට මීළග කතා සමය කොටස් දෙකක් විදිහට එන්නත් ඉඩ තියෙනවා. ඒ කොහොමහරි කතාව ආපු කාලයක ආයෙත් Record of Ragnarok තුළින් හමුවෙමු. එතෙක් හැමෝටම Happy Anime!
සැ.යු. – උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ japan audio එකට ගැලපෙන විදිහටයි. dual audio වීඩියෝ පිටපතකින් කතා මාලාව නරඹනවා නම්, එය japan audio එකට මාරු කරගෙන නරඹන්න. නැතහොත් උපසිරැසිය english audio එක සමඟ නරඹන විට පරස්පරතා ඇති විය හැකියි.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
536 downloadsDownload Record-of-Ragnarok-S03-E15-Sinhala-Subtitles.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Advertisement


