Watch Trailer

The Undoing [S01 : E03] Sinhala Subtitles | කවුද නිර්දෝෂී? [සිංහල උපසිරසි]

අද මේ අරන් එන්නේ “The Undoing” කතා මලාවේ 3වෙනි කතාංගයයි. කලින් කතාවේ වෙච්ච දේවල් ටික මතක් කරන් ඉමුකෝ එහෙනම්. කලින් කොටසින්….. කතාව ගෙතෙන්නේ මූලික වශයෙන් ෆ්‍රේසර් පවුල වටා. පිළිකා රෝග සම්බන්ධ විශේෂඥයෙක් වෙච්ච ජොනතන් ෆ්‍රේසර්, මානසික රෝග සම්බන්ධ දොස්තර කෙනෙක් උනු ග්‍රේස් සහ එයාලගේ පුතා හෙන්‍රි කියන ත…

අද මේ අරන් එන්නේ “The Undoing” කතා මලාවේ 3වෙනි කතාංගයයි. කලින් කතාවේ වෙච්ච දේවල් ටික මතක් කරන් ඉමුකෝ එහෙනම්.

කලින් කොටසින්…..

කතාව ගෙතෙන්නේ මූලික වශයෙන් ෆ්‍රේසර් පවුල වටා. පිළිකා රෝග සම්බන්ධ විශේෂඥයෙක් වෙච්ච ජොනතන් ෆ්‍රේසර්, මානසික රෝග සම්බන්ධ දොස්තර කෙනෙක් උනු ග්‍රේස් සහ එයාලගේ පුතා හෙන්‍රි කියන තුන් දෙනාගෙන් මේ පුංචි පවුල හැදිලා තියෙනවා. වෘත්තිමය මට්ටමෙන් ගත්තම ෆ්‍රේසර් පවුලට සමාජයේ හොඳ තැනක් තියෙනවා. ඒවගේමයි ග්‍රේස්ගේ තාත්තත් ඒ නගරයේම ඉන්න බොහොම ධනවත් චරිතයක් කියලා අපි දැක්කනේ. ඉතින් කතාව පටන් ගැන්මෙන්ම පෙන්නන්නේ හෙන්‍රිගේ පාසල උනු, රියර්ඩන් ස්කෝලේ තියෙන වෙන්දේසියක් ගැන. මේකට බැහැලම වැඩ කරන්නේ ළමයින්ගේ අම්මලා ටික තමා. අන්න එතන තියෙන රැස්වීමකට එනවා එලේනා ඇල්වෙස් කියන බොහොම සුරූපී ළමයි දෙන්නෙක් එහෙම ඉන්න අම්මා කෙනෙක්. අවස්ථා කිහිපයකදීම වගේ එලේනා ඇල්වෙස්ට, ග්‍රේස්ව මුණගැහෙනවා. වෙන්දේසියට කලින් තියෙන රැස්වීමේදී, ජිම් එකේදී, වෙන්ද්දෙසිය දවසේදී වගේ අවස්ථා මතක ඇතිනේ. වෙන්දේසිය දවසෙනම් එලේනා කලකිරීමකින් ඉන්නේ කියලත් කියනවනේ. කොහොමහරි මේ වෙන්දේසිය අතරමැද්දෙදිම ග්‍රේස්ගේ මහත්තයා වෙච්ච ජොනතන්ට පිළිකා සම්බන්ධ සමුළුවකට යන්න වෙනවනේ ක්ලීව්ලන්ඩ් වලට. ඊටපස්සේ ඔයාලා දකින්න ඇති එලේනා ඇල්වෙස්ව අමානුෂික විදියට ගහලා මරලා දාලා තියෙනවා, එයාගෙම ස්ටූඩියෝ එකේදී. අන්තිමට ඔය සිද්දිය සම්බන්ධයෙන් පාසල, ගමේ අය හැමෝම කලබල වෙන අතරේ පොලිසියත් මේ ගැන හොයන්න පටන් ගන්නවා. කතාව අවසානයේදී දකින්න ඇති ග්‍රේස් මේ ගැන ජොනතන්ට කියන්න හදද්දී එයාව සම්බන්ධ කරගන්න බැරි වෙනවා. කොටින්ම කිව්වොත් ග්‍රේස් කීව්ලන්ඩ් වල තියෙන, ජොනතන් නැවතිලා ඇති කියලා හිතෙන හෝටලයකටම කතා කරලා බලනවා. ඒත් ඔහුව සම්බන්ධ කරගන්න බැරි වෙනවා.

ඊටපස්සේ මේ ගැන කිසියම් හෝ සැකයක් මතු වෙන්න ගන්න ග්‍රේස්ට. හේතුව ජොනත් තමන්ගේ ෆෝන් අමතක කරලා ගිහින්. අමතක කරලා ගිහින් ගිහින් කියනවටත් වඩා ඇත්තම දාලා ගිහින් උවමනාවෙන්ම. ජොනතන්ව සම්බන්ධ කරගන්න බැරිවෙන්න. ජොනතන්ගේ දොස්තර යාළුවගෙනුත් මේ ගැන ඇහැව්වම තමා ග්‍රේස්ගේ සැකය තවත් වැඩිවෙන්නේ. පස්සේ අන්තිමට ග්‍රේස්ව පොලිසියෙන් එක්කන් ගිහින් කරන ප්‍රශ්න කිරීම් වලදි තමා දැනගන්නේ ජොනතන් ක්ලීව්ලන්ඩ් වල සමුළුවට යනවා තියා ‍යන්න රස්සාවකුත් නෑ කියන විත්තිය. මොකද මාස ගාණකට පොරව රස්සාවෙන් අස් කරලා. හේතුව කියද්දී තමා ජොනතන්ට මේ මරණයත් එක්ක තියෙන සම්බන්ධය පැහැදිලි උනේ. එලේනාගේ පුතාව හොඳ කරලා තියෙන්නේ ජොනතන්. ඔන්න ඔය කාලේදී, ජොනතන් එලේනා අතර හුටපටයක් තිබිලා ඒක දුර දිග ගිහින් දොස්තර රස්සාවෙන් අයින් කරලා. මේක ගැන හැබැයි සිල්වියත් දැනන් ඉඳලා. එයත් ඇත්තක් වමාරනවනේ ග්‍රේස්ට. එලේනා ජොනතන් හුටපටේ කොච්චර දුර දිගද ගිහින් කිව්වොත් එලේනා එදා කිරි දුන්නු පොඩි එකාගේ තාත්තා කවුද කියන එකටත් පරීක්ෂාවක් කරන්න යන්නේ. කොහොමහරි අන්තිමට පැනලා දිව්ව ජොනතන් කාරයා තමන්ගේ ගෑණිවයි පුතාවයි හොයන් එනවා. ඒත් ග්‍රේස් පොලිසියට කතා කරනවනේ.

අද කතාවෙන්, ගොඩක්ම ජොනතන්ගේ පැත්තෙන් මේ සිද්දියේ කතාව බලාගන්න පුලුවන් වෙයි ඔයාලට. ඒ වගේමයි අද කතාවේ අවසානයටත් දැඩි ප්‍රශ්නයක් මතු කරනවා. තවත් සැකකාරයෙක් ඉන්නවා වගේ මේ ඇල්වෙස්ගේ මරණය සමබ්න්ධයෙන්.

එහෙනම් ඊළඟ කොටසින් හම්බවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,382 downloadsDownload The-Undoing-S01-E03.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “A.R” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

A.R

Subtitles

2,382 downloadsDownload Subtitles27 KB

9 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  2. Malaka prasad

    meka supiriyak bn enkan balagena hitiye sub eka. thankn you bro,,,,,,

  3. Suranjan

    Thanks jayawewa....!

  4. Anonymous

    උපසිරැසියට ස්තූතියි!!!!...

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. A R

    අදහස් වලට ස්තූතියි

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Anonymous

    Thnx for sub ...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.