Watch Trailer

The X Files [S06 : E16] Sinhala Subtitles | මිනිස් වෘකයා [සිංහල උපසිරැසි සමඟ]

වැන්ශැන්ග් ඩෝල් – Dhole / doʊl / (Cuon alpinus) කියන්නේ මධ්‍යම, දකුණ සහ අග්නිදිග ආසියාවේ සම්භවය සහිත කැලෑ බල්ලෙක්. ඒ සඳහා වෙනත් ඉංග්‍රීසි නම් වශයෙන් ආසියාතික වල් බල්ලා, ඉන්දියානු කැලෑ බල්ලා, විසිල් ගසන බල්ලා ( ගොදුරු අල්ලා ගැනීමට නගන ශබ්දය විසිල් එකක ශබ්දයක් තිබෙන නිසා), රතු සුනඛයා,සහ කඳු වෘකයා. ඌ…

වැන්ශැන්ග් ඩෝල් –  Dhole / doʊl / (Cuon alpinus) කියන්නේ මධ්‍යම, දකුණ සහ අග්නිදිග ආසියාවේ සම්භවය සහිත කැලෑ බල්ලෙක්. ඒ සඳහා වෙනත් ඉංග්‍රීසි නම් වශයෙන් ආසියාතික වල් බල්ලා, ඉන්දියානු කැලෑ බල්ලා, විසිල් ගසන බල්ලා ( ගොදුරු අල්ලා ගැනීමට නගන ශබ්දය විසිල් එකක ශබ්දයක් තිබෙන නිසා), රතු සුනඛයා,සහ කඳු වෘකයා. ඌ වෘකයාට ජානමය අතින් සමාන වේ, හිස් කබල පෙනෙන ආකාරයට උත්තල නමුත් ඇත්තටම හිස්කබල අවතල වේ. නවීකරණය ආරම්භ වෙන්න කලින් මොවුන් ආසියාව යුරෝපය සහ උතුරු ඇමෙරිකාව වැනි ප්‍රදේශ වල වාසය කර තිබෙනවා, ඒත් ඒ අවුරුදු 12,000 කට 18,000 කට කලින්.

“ කතාව පටන්ගන්නේ මෙන්න මේ විදිහට, බඩු ප්‍රවාහනය කරන නැවක සතෙක්ව ප්‍රවාහනය කරනවා හොර රහසේම. හැබැයි මෙතන රැඳවුම් අංශයේ වැඩ කරන දෙන්නෙක් දන්නවා මේකේ තියෙන්නේ මොකක්ද කියලා, ඒ කුතුහලය නිසාම මේ දෙන්න යනවා ඒ පෙට්ටිය ඇතුලේ ඉන්නේ මොකාද කියලා බලන්න.ඒ ගියහම මෙයාලට දැකගන්න ලැබෙන්නේ රතුපාට අස්දෙකක් තියෙන සතෙක්. ඒ සතා මේ දෙන්නව රවට්ටලා ඒ දෙන්නව මරලා මේ කූඩුවෙන් එලියට පැනගන්නවා.”

 

“ඩොක්ට ඩෙට්වයිලර් – ගුප්ත සත්ත්ව විශේෂඥයෙක්, මෙයා තමයි අර සතාගේ අයිතිකරු කියලා කියන්නේ.”

 

ඊට පස්සේ අර පැනලා ගියපු සතා නගරයට ගිහින් රජයේ සේවා නියෝජිතයෙක්ව මරලා දානවා.

 

“මොල්ඩරුයි ස්කලීයි යනවා අර කලින් සිද්ධිය වෙච්ච නැව පරීක්ෂා කරන්න. ඒත් එහෙදි මෙයාලට කිසිම දෙයක් දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මෙයාලට අර ඩෙට්වයිලර් කියන සත්ත්ව විශේෂඥයව හම්බවෙනවා, එයා කියනවා මේ සතා චීන පුරාවෘත වල එන වැන්ග්ශැන්ග් ඩොල් කියන බල්ලා කියලා, හැබැයි ඒ ජනප්‍රවාදයේ කියන විදිහට මේ සතා මිනිස්සු මරන්නේ නැහැ කුණු තමයි කන්නේ කියලා කියනවා. මේ අතරේදී තමා මෙයාලට අර සතා මරපු රජයේ සේවා නියෝජිතයා ගැන වාර්තාවෙන්නේ. මෙයාලා එතනට යනවා. එහෙදි මේ තැනට මුලින්ම පරීක්ෂා කරපු නිලධාරීන් කියනවා, හැම දොරක්ම වහලා තිබ්බේ කියලා……………….”

 

“ඒත් එක වෙන්නේ කොහොමද යාලුවනේ බල්ලෙක්ට දොරවල් අරගෙන ගිහින් මිනිස්සු මරන්න තරම් මොලයක් තියෙනවද? , නැත්නම් මේක මිනිහෙක්ගේ වැඩක්ද ?…”

 

“ඒ ටික දැනගන්නනම් අනිවාර්යයෙන් සම්පුර්ණ කොටසම බලන්න වෙනවා.”

කතාවේ නම : “Alpha”

විකාශය වූ දිනය : 1999 මාර්තු 28

IMDB අගය : 6.6

පිටපත් රචනය  : ක්‍රිස් කාටර්,වින්ස් ගිලිගන්, ජෝන් ශිබන්

අධ්‍යක්ෂණය : කිම් මැනර්ස්

නිෂ්පාදනය : ක්‍රිස් කාටර්

කතාව : ක්‍රිස් කාටර්

ප්‍රධාන නළු නිලියන්

ෆොක්ස් මෝල්ඩර් – ඩේවිඩ් ඩච්නොව්

ඩේනා ස්කලී – ගිලියන් ඇන්ඩර්සන්

කැරීන් බර්ක්විස්ට් – මෙරින්ඩා කුලීයා

 ඩොක්ටර් ඉයන් ඩෙට්වයිලර් – ඇන්ඩෘ රොබින්සන්

“ ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය……….. ”

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD/ Web පිටපත් සඳහා අදාළ වේ.

2,948 downloadsDownload The.X-Files.S06E16.Baiscopelk.com_.zip65 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

2,948 downloadsDownload Subtitles65 KB

8 comments

  1. madhu bhagya

    tnz sub ekt

  2. denidu

    Thanks ban.asama katha.

    1. supundissanayake

      Subtitle file එකට බොහොම ස්තූතියි .මේ මම කැමතිම කතා මාලාවයි.

  3. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. podda

    elama

  5. Pramukmili

    thanxx bro...............

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. melinda

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.