Watch Trailer

Weathering with You (2019) AKA Tenki no ko Sinhala Subtitles | කාළගුණ දැරිවි [සිංහල උපසිරැසි සමඟ] (100)

මේක මමයි ගෑණු ළමයයි විතරක් දන්න.. ලෝකයෙ සැඟවුනු රහස ගැන කථාවක්. වැහිපිරුණ අහසෙ හිරු එළිය සොයාගෙන යන හොදාකා… වැහිපිරුණ අහසට හිරු එළිය ගෙනත් දෙන හිනා.. දෙමව්පියන්ගෙන් ඈත්වී නිවසින් පලායන හොදාකා.. දෙමව්පියන් මියගිය බැවින් තනිවම ජීවත් වීමට වෙර දරණ හිනා.. එදා ඒ ගිම්හාන දවසෙදි.. වැහිපිරුණ අහස යට.. හොදාකට…

මේක මමයි ගෑණු ළමයයි විතරක් දන්න.. ලෝකයෙ සැඟවුනු රහස ගැන කථාවක්.

වැහිපිරුණ අහසෙ හිරු එළිය සොයාගෙන යන හොදාකා…
වැහිපිරුණ අහසට හිරු එළිය ගෙනත් දෙන හිනා..

දෙමව්පියන්ගෙන් ඈත්වී නිවසින් පලායන හොදාකා..
දෙමව්පියන් මියගිය බැවින් තනිවම ජීවත් වීමට වෙර දරණ හිනා..

එදා ඒ ගිම්හාන දවසෙදි.. වැහිපිරුණ අහස යට..
හොදාකට හිනාව මුණගැහෙනවා.
හිනාට හොදාකව මුණගැහෙනවා.

හොදාකා.. හිනාගෙ ජීවිතේට අරමුණක් දෙනවා…
හිනා.. හොදාකා වෙනුවෙන් අභියෝගය භාරගන්නවා.

හිනා කියන්නෙ පුංචි ප්‍රාර්ථනාවකින් අහස පැහැදිලි කරලා හිරු එළිය වැටෙන්න ඉඩ සළස්සන්න පුළුවන් ගෑණු ළමයෙක්. හරියට කිව්වොත් 100%ක් සූර්ය දැරිවියෙක්. කාළගුණ කාන්තාවො ගැන ජපන් ඉතිහාසයෙ පුරාවෘත්ත වල ලියවිලා තියෙනවා. ඇයට පුළුවන් වැසි නිසා අඳුරු වුන මිනිස්සුන්ගෙ හිත් වලට එළියක් ගේන්න ඒ අඳුරු අහස පැහැදිලි කරලා. ඒත් ඒ පුරාවෘත්ත වල කාළගුණ කාන්තාවගේ ඉරණම ලියවෙන්නේ ශෝඛාන්තයක් විදියට. ලොකු බලයක් එන්නෙ ලොකු පිරිවැයක් එක්ක. ඉතින් ඒ ඉරණමම හිනා.. සූර්ය දැරිවියට අත්විඳින්න සිද්ධ…………..

පිළිතුර ප්‍රෙක්ෂකයන්ට සොයාගැනීමට භාරයි.

Weathering With You නැත්තන් Tenki No Ko සිනමාවට එන්නෙ 2019 අවුරුද්දෙ. Your Name 2016, The Garden of Words 2013, Children Who Chase Lost Voices 2011, 5 Centimeters per Second 2007 සහ The Place Promised in Our Early Days 2004 යන විශිෂ්ඨ ඇනිමේෂන් නිර්මාණ බිහිකළ “මකෝතෝ ෂින්කායි” අධ්‍යක්ෂකවරයාගේ නවතම නිර්මාණයයි මේ. 2019 වසරෙ තිරගත වීම ඇරඹුනු Weathering With You සිනමා පටය Your Name නිසා එකතු වුන රසික රසිකාවියන් එලෙසින්ම වැළඳගත්ත නිර්මාණයක්. වෙනමම ලෝකයක් වෙත අරන් යන නිර්මාණ අතරෙ මකොතො ෂින්කායි කියන්නෙ සමකළ නොහැකි අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් එතුමගෙ නිර්මාණයක් ගැන තව මොනා කියන්නද? Your Name බලපු නැති කවුරුහරි ඉන්නවනම් යන්න ඉක්මණට ගිහින් බලන්න. IMDb හොඳම 250 අතර තියෙන නිර්මාණයක්. මහලොකු චිත්‍රපටි පිස්සො කියාගත්ත අය හිටියට IMDb මුල් 250වත් බලලා නැත්තන් බොරු කයිවාරු විතරයි 😉.  උඩ කියපු හැම චිත්‍රපටයකටම බයිස්කෝප් අඩවියෙන් උපසිරසි දීලා තියෙනවා. 

චිත්‍රපටියෙ පසුබිම පැත්තට හැරුනොත්, අධ්‍යක්ෂණය කරන්නෙ කිව්වා වගේම මකෝතො ෂින්කායි අධ්‍යක්ෂක වරයා. තිරගත වීම ආරම්භ වෙන්නෙ 2019 ජූලි 19. එතනින් පස්සෙ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක සිනමා හල් වල තිරගත වෙනවා. IMDb දර්ශකයෙ 7.6 ක්ද Rotten Tomatoes අගය 91%ක් වගේම MyAnimeList දර්ශකයෙ 8.6ක් ගන්නත් සමත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටය 92 වෙනි ඇකඩමි සම්මාන උළලෙ Best International Feature Film විදියට නාමයෝජනා ලබනවා. ඒ වගේම Annie සම්මාන උළලෙදි සම්මාන 4ක් සඳහා නාමයෝජනා ලැබෙනවා. ඒ නිසා Annie සම්මාන උළෙලක සම්මාන 4ක් සඳහා යෝජනා වෙන තුන් වෙනි චිත්‍රපටය විදියට Weathering With You පිළිගැනෙනවා. පළවෙනි දෙක තමයි Spirited Away සහ Millennium Actress. චිත්‍රපටයෙ හඬකැවීම් ශිල්පීන් ලෙස ජනප්‍රිය ජපන් නළු Shun Oguri ඇතුළු හඬ නළුවන් රැසක් සහභාගි වෙනවා. තව කියන්න ඕනෙ Your Name චිත්‍රපටයෙ ප්‍රධාන චරිත දෙක මෙම චිත්‍රපටියෙදිත් දැකගන්න පුළුවන් අතිරේක චරිත විදියට. 

 

Your Name චිත්‍රපටයෙ ටකී සහ මිට්සුහා Weathering With You චිත්‍රපටයෙ අතිරේක චරිත ලෙස.

තිරගත කරපු පළවෙනි දින තුනේ Your Name චිත්‍රපටයෙ මුල් දින තුනේ ආදායම වුනු ඩොලර් මිලියන 12.51 පහු කරමින් Weathering With You චිත්‍රපටය ඩොලර් මිලියන 15.22ක ආදායමක් ලබලා තියෙනවා. 2016 සැප්තැම්බර් වන විට ඩොලර් බිලියන 10.73ක ආදායමක් ලබමින් ජපානයේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට අතර 18 වන ස්ථානය ලබාගන්න සමත් වුනා. ඔන්න ඔහොමයි පසුබිම. මේ දීලා තියෙන්නෙ හාඩ් කෝඩඩ් වෙබ් වීඩියෝ පටයකට. (ලන්දේසි භාෂාවෙන් උපසිරසි ඇතුළත් පිටපතක්). BR පිටපත් එන දවසක් කියන්න බැරි නිසා වෙබ් පිටපත් බලන අයට මේක අරන් බලන්න පුළුවන්. ඒත් හොඳ පිටපතක් ආපු ගමන් ආපහු ඉක්මණට යාවත්කාලීන කරන්නම්. බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් මේකට හරියන පිටපත් අරගන්න පුළුවන්.

තව විශේෂ දෙයක් තමයි මං මේක ගිය අවුරුද්දෙමයි වෙන් කරගත්තෙ 100 විදියට කරන්න කියලා. මෙච්චර කල් බලන් හිටියා එනකන්. ඉතින් කොපියක් ඇවිත් තියෙන එකේ ඔන්න මගෙ 100 වෙනි උපසිරසිය අරන් ඇවිත් තියනවා. මාවනම් වැඩිය කවුරුත් දන්නෙ නැතුව ඇති උපසිරසි 100ක් කළත්. මොකද 90%ක් කරලා තියෙන්නෙ ඇනිමෙ උපසිරසි නිසා. උපසිරසි දෙන එක ආරම්භ කළෙත් A Silent Voice කියන ඇනිමෙ එකෙන්ම තමයි. ඒ නිසා අනුකම්පා කරලා හරි ඇනිමෙ බලන්න අකමැති කවුරුහරි ඉන්නවනම් මේක බලන්න. ඇනිමේ වලට ආයෙ අකමැති වෙන එකක් නෑ. අභියෝග ගොඩක් මැද්දෙ කරගෙන යන මේ බයිස්කෝප් අඩවියෙ විශේෂ සාමාජිකයෙක් වෙන්න ලැබිච්ච එක මට ආඩම්භරයක්. ඒ අවස්ථාව දුන්න රොයිලි අයියා ඇතුළු ඇඩ්මින් මඩුල්ලට ගොඩක් ස්තූතියි. ඒ වගේම බයිස්කෝප් මංසලේ මං කරගෙන යන චිත්‍ර කථාව දවස ගානෙ පළ කරන්න සර්වර් එකේ බර ගානක් ඉඩ දෙන එකටත් ස්තූති කරන්න ඕනෙ. උපසිරසි කරන සියළුම සහෝදර සහෝදරියන්ටත් දිගටම වෙබ් අඩවිය එක්ක රැඳී ඉදිමින් තව තවත් වැඩියෙන් උපසිරසි කරන්න හැකියාව ලැබෙන්න කියලා කියනවා. ඒ වගේම ඉක්මණින් ඊළඟ කඩඉම් වලටත් යන්න සුභ පතනවා. එක එක කාලෙට එක එක වෙබ් සයිට් ආවත් නොසැලී හිටපු බයිස්කෝප් අඩවිය ගැන ඇත්තටම ගොඩක් ආඩම්භරයි. ඉතින් හැමෝටම ස්තූති කරන ගමන් ඇනිමෙ බලන ටික දෙනාටත් ස්තූති කරන ගමන් මං ලිපිය ඉවර කරනවා.

තවත් උපසිරසියකින් මුණගැහෙනකන්..!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සදහා අදාළ වේ.

10,911 downloadsDownload Weathering-with-You-2019-BR.zip91 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

10,911 downloadsDownload Subtitles91 KB

80 comments

  1. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි ....
    මේක දෙනකන් බලාගෙන හිටියෙ.
    අවස්ථාවක් ලැබුනොත් මේ Japan Anime වලටත් Sub දෙන්න....
    2. Ocean waves (1993)
    3. Only yesterday (1991)
    4. The red Turtle (2016)
    ජයවේවා !.....

  2. malithmadhushan45

    අම්මෝ දීල සුබ පැතුම් නවොදනී 100 වෙනි උපසිරසට ඉක්මනට ඊළඟ කඩයිම් ටිකත් ගහගෙන යමු දිගටම දිගටම ඇනිමේ කරමු. ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

  3. OshankaNW

    100 වන උපසිරැසියට හදවතින්ම සුබපැතුම් !......

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    සුබ පතනවා 100වෙනි සබ් එකට..
    ජය වේවා.!

  5. Pasindu Madumal

    100 වෙනි උපසිරැසියට සුබ පැතුම් අක්කේ. ඇඩ්මින් මඩුල්ලේ ඉන්න තවත් හිත හොද අක්කා කෙනෙක්. ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ කියල ප්‍රාර්ථනා කරන ගමන් සබට තුති අක්කේ..!

  6. උදයංග සම්පත් හතරසිංහ

    කවුද යකෝ ඇනිමේෂන් බලන්නෙ නෑ කියන්නෙ.. "ඇනිමේෂන් නොබලන දෑස මක්කටෙයි" කියල තමයි කියන්න තියෙන්නෙ. :D නවෝදනී එක්ක කතාබහ කරල නැති වුණාට අනිත් ඇඩ්මින්ල ඔයා ගැන හොඳ කියනව අහල තියෙනව. එහෙනම් ඉතිං 100* උපසිරැසිය වෙනුවෙන් සුබ පතනව. ඔය ගැම්මට තව 100ක් කරල 200*ටත් යමු. තව ඇනිමේෂන් කීය ද කරන්න ඕනෙ ඒකට. ජය වේවා..! ❤❤✌️✌️

    1. තිසර නියෝ

      ඇනිමේෂන් නෙවේ ඒයි ඇනිමේ

    2. උදයංග සම්පත් හතරසිංහ

      ඇනිමේ සහ ඇනිමේෂන් වල ලොකු වෙනසක් නැහැ මම දැක්ක විදියට. ඇනිමේ කියන්නෙ ජපන්නු ඇනිමේෂන් කියන වචනයෙන් බිඳල ගත්ත කෑල්ලක්. වෙනස වෙන්නෙ ඇනිමේ වල කැරැක්ටර් එක ප්‍රධාන වශයෙන් සලකන අතරෙ, ඇනිමේෂන් වල මෝෂන් ගැන සැළකිලිමත් වීම. එහෙමයි කියල ඇනිමේ වල මෝෂන් ගැන නොසලකා හැරල නැහැ.

    3. තිසර නියෝ

      ඒ උනාට ඇනිමෙ බලන අය අඩුයි... ඔයා ඔය කියන එක ඇත්ත උනාට ඕඩියන්ස් එක වෙනස්

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  8. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    මුලින්ම සියවෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් .! බයිස්කෝප් පවුලෙ හමුවුන තවත් ⁣සොයුරියක්.! ඕනම වෙලාවක උදව්වක් ඉල්ලපුවම බෑ නොකියන කෙනෙක් විදියටත් හඳුන්වන්න පුලුවන්.! ඉතා ඉක්මනින් අනෙකුත් කඩඉම් කරා යාමට අවකාශය ලැබේවා ඔබගේ සියලු වැඩකටයුතු සාර්ථකම වේවා.!

    1. Viraj Tharuka

      100 වෙනි උපසිරැසියට සුබ පැතුම්...දිගටම ඇනිම් වලට සබ් ඕනේ...ජය වේවා...!!!

  9. Chanu Mikhail

    100 උපසිරැසියට සුභ පැතුම්, දිගටම ඇනිම් ගේන්න.
    බොහොම ස්තූතියි, ඇනිම් වලට ගොඩක් ගුණාත්මකභාවය ඉහළ උපසිරැසි අරගෙන එනවාට , ජය..!!!

  10. Ishan Madusha

    නියමයි.100 වෙනි උපසිරැසියට සුභ පැතුම් නවෝදනී
    බොහොම ස්තූතියි.ජය වේවා..!

  11. Rmprrarhnayaka

    Good

  12. Helili Hemamali

    උණුසුම් සුබ පැතුම් නංගි දෙවනි කඩයිමට! බයිස්කෝප් පවුලේ ඉන්න ඕල් රවුන්ඩර් කෙනෙක් තමයි ඔයා. කාල රාමු නම් කාල රාමුද, ලින්ක් නම් ලින්ක්, කවර්ස් සෑදීම, ඊට අමතරව මංසලේ වැඩ... තව එකී මෙකී නොකී වැඩ රාශියක් කරපු / කරන සම්පතක් තමයි නවෝදනී. මට මතකයි, මාර වේගෙකින් උපසිරැසි දෙන උපසිරැසිකාරිනියක් විදියට තමයි මුලින්ම ඔයාව, මං අඳුර ගත්තේ. වේගවත් වගේම හැම විටම නිවැරදි උපසිරැසි ලබා දෙමින්, විශේෂයෙන්ම Anime චිත්‍රපට ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරන්න කඩයිම් දෙකක් පුරා ඔයා කැප වුන බව නොරහසක්. ඉතින් ඒ මහන්සිය, කැපවීම වෙනුවෙන් නොවක් තුති! සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! තුන්වෙනි කඩයිමෙන් ළඟදීම හමුවෙමු.

  13. Nilupul Madukapriya Perera

    100වෙනි උපසිරැසියට හෘදයාංගම සුබපැතුම්!
    ඉතින් උපසිරසි 100ක් කියන්නෙ සෑහෙන කැප කිරීමක්.
    එහෙනම් මේ විදිහටම ඉදිරියටත් උපසිරසි කරන්න
    අවශ්‍ය කාලය සහ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    එසේනම් ඔබට ජයෙන් ජය. ඉක්මනින් 150ට යන්න ලැබේවා.

  14. ranga11112

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි
    -කරන කියන යහපත් දේ සාර්ථක වේවා-
    තෙරැවන් සරණයි-
    100 ට උණුසුම් සුභපැතුම්

  15. MinMin

    Ane me film eka balanna original copy ekak thiyena site ekak thiyenawanm kiyannako. Mn dekka parana video eka eka nikamma film eka yanakota video karala dapu ekak

    1. Navodani Thilini Sasanika

      baiscopedownload . co සයිට් එකේ තියෙනවා

  16. තරිඳු පෙරේරා

    සුබ පැතුම් 100 වෙනි උපසිරසයට අනිවා මේකත් අරන් බලනවා
    පුළුවන් නම් මේකටත් සබ් කරලා දාන්න
    この世界の片隅に.IN THIS CORNER OF THE WORLD 2016

    ඔනෙගයිෂිමසු!!

  17. තරිඳු

    උපසිරසට ස්තුතියි.ඒ වගෙම 100 උපසිරසට සුබ පැතුම්! ලංකාව තුල Anime නරඹන ඉතා සුලු පිරිසක් වුවත් ඒ අය වෙනුවෙන් උපසිරස ලබාදෙන ඔබ ඉතා විශිෂ්ඨයි.ඔබටත් බයිස්කෝප් තුල සිටින අනෙකුත් Anime වලට උපසිරසට ලබා දෙන සැමටත් දිගටම උපසිරසට ලබාදීමට ශක්තිය ලැබෙවා!

    1. තරිඳු පෙරේරා

      polimata Tharindu La

  18. THARINDU

    උපසිරසට ස්තුතියි.ඒ වගෙම 100 උපසිරසට සුබ පැතුම්! ලංකාව තුල Anime නරඹන ඉතා සුලු පිරිසක් වුවත් ඒ අය වෙනුවෙන් උපසිරස ලබාදෙන ඔබ ඉතා විශිෂ්ඨයි.ඔබටත් බයිස්කෝප් තුල සිටින අනෙකුත් Anime වලට උපසිරසට ලබා දෙන සැමටත් දිගටම උපසිරසට ලබාදීමට ශක්තිය ලැබෙවා!

  19. anuja

    මාත් මේ ෆිල්ම් එක එනකම් කාලයක් තිස්සේ බලන් හිටියා බැරිම තැන කැම් කොපියක් බැලුවා,ආයේ බලන්න ඕන.ඇනිමි නම් මිස් කරගන්නේ නැ.සබ එකට තැන්ක්ස්

  20. යුරාන් ධනුක (දනුවා)

    100* වෙනි කඩඉමට උණුසුම් සුභ පැතුම් සහෝදරී !!
    ඇනිමේෂන් වගේම ඔයා දුන්න ගොඩක් චයිනීස් ෆිල්මවලටත් බොහෝම ස්තූතියි
    දිගටම මේ විදියටම උපසිරැසි ලබාදෙමු
    ඉක්මනටම ඉදිරි කඩයිම් පසු කිරීමට ශක්තිය ධෛර්‍ය ලැබේවා !!!

  21. Sam fisher

    අපිමොකො ඔයාව නොදන්නෙ අනේ.100ක් කරා කියන්නේ ඇනිමේ වලින්ම සුපිරි වැඩක්.ස්තුති ආ

    1. Sangeeth3

      Elama

  22. satM

    Jaya Wewa

  23. indika75

    suba pathum !!!!

  24. #ChalinduDeshan (kinaa)

    Congratulations on the 100.

  25. geeganagamage

    බොහොම ස්තුතියි නංගි

  26. Gathsara Umesh

    100ට හදවතින්ම සුබපතනව අක්කේ....
    අක්ක නිසා යාන්තම් හොද ජපන් ඇනිමෙ ටිකක් බලාගත්තා..
    දිගටම මෙ වගෙ නිර්මාණ වලට සබ් කරන්න කියල ඉල්ලනවා..
    එහෙන්ම 150න් හමුවෙමු..ජයවේවා එතෙක්.....!!!!!!!!!!!!!!

  27. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    100 වෙනි උපසිරසියට සුබ පැතුම්!!!

  28. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  29. Anonymous

    super sis...thanks.

  30. එල්.සී. දමැල්

    100ට උණුසුම් සුභ පැතුම්!
    මංසලේත් ලේසි නැති වැඩක් කරගෙන යන්නේ නේද?
    ඒ අතරම උපසිරැසි දීමත් අගය කරන්නම ඕණ වැඩක්.
    එහෙනම් 150න් ඉක්මනට මුණගැහෙමු.
    ජය... ✌

  31. තිසර නියෝ

    හදවතින්ම සුබපැතුම් නංගා 100 වෙනි කඩයිම වෙනුවෙන්.. ඇනිමෙ වලට සහ මංගා වලට මාව යොමුකරාටත් ස්තුතියි.. සයිට් එකේ ඇනිමේ සහ මංගා වලට ලොකු සේවයක් කරන ගමන් සයිට් එකේ ඇඩ්මින් වැඩත් කරගෙන ලොකු සේවයක් කරන කෙනෙක්........
    .
    ඉක්මනටම ඊලඟ කඩයිමත් ජයගන්නට සුබ පතනවා..
    .
    උපසිරසියට තුති..... ජයවේවා

    #Hail_Hydra

  32. isuru srinath sjs

    100 වෙනි කඩයිමට හදවතින්ම සුබ පතනවා...!! ඒ වගේම මේ උපසිරැසියටත් බොහොම ස්තුතියි..!!

  33. Anonymous

    A silent voice sub eka download karanna ba ne

  34. මයුර

    100ට හදවතින්ම සුබ පතනවා නංගි
    ජයවේවා.

  35. Amalka

    සුබ පැතුම් නවෝ 100වෙනි සබ් එකට Anime ඉතින් අත අරින්නෑ කියල දන්නවනෙ ;) ටික කාලයක් බලන් ඉන්නව බැරිම උනොත් මේ කොපියම ගන්නව

  36. Sangeeth3

    Hello world sub one... :,-)

  37. Kasun

    නියමයි අක්කෙ සුබ පැතුම්! දිගටම මේ වගේ හොඳ ඇනිමි අරන් එන්න...

  38. Kavinu

    ජය වේවා නවෝ අක්කේ...
    ඊළඟ කඩයිමටත් ඉක්මනටම යන්න සුබ පතනවා!
    ඇනිමේ නම් එච්චර බැලිලා නෑ.. ඒත් මේක නම් බලන්නම ඕනේ

  39. හසන්ත වික්‍රමරත්ත

    හැම උපසිරසක්ම නැති උනත් නවෝදනී නංගිගේ උපසිරැසි කීපයක් බලන්න ලැබුනා. උපසිරසිකරණය ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතාමත් හොඳ උපසිරැසි කියල කිසිම සැකයකින් තොරව කියන්න පුළුවන්. ඒ වගේම වෙබ් අඩවියේ ඇනිමේ පැත්ත වෙනුවෙන් ලොකු බරක් අදින කෙනෙක් තමයි නවෝ නංගි. ඊට අමතරව වෙබ් අඩවියේ පලවෙන සියලුම පින්තුර වල නිර්මාණශීලී දායකත්වය වෙනුවෙනුත් බොහොමත්ම ස්තුතියි. 150 වෙනුවෙන් ඉක්මනින්ම යන්න ලැබේවා කියන ගමන් සියලුම අධ්‍යාපන කටයුතුත් සාර්ථක කරගන්න ලැබේවා කියල පතනවා! ජය!!!

  40. සිසිල ප්‍රසාද්

    දෙවනි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා නංගි.
    ජීවිතයේ අනෙකුත් වැඩකටයුතුත් සාර්ථකව කරගන්නා අතරේ, වෙබ් අඩවියේ අඩවියේ වැඩ කටයුතුත් එක්ක ඉක්මණින්ම තුන්වෙනි කඩයිමටත් ලඟාවෙන්න ශක්තිය, ධෛර්‍යය ප්‍රාර්ථනා කරනවා.
    ජය!

  41. රොයිලි

    පරක්කුයි පරක්කුයි හොඳටම පරක්කුයි. ඔන්න පරක්කු වෙලා හරි මාත් එකතු වෙනවා 100 ට සුබ පතන්න. තියෙන වැඩත් අස්සෙ මේක කරන එක ලේසි නෑ කියල දන්නවා. කොහොමහරි ඊලඟ කඩ ඉමටත් යන්න ලැබේවායි පතන ගමන්ම බොහොම ස්තූතියි කියනවා සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

  42. ඉසුරු සම්පත් සිරිසේන

    100* වැනි උපසිරසියට උණුසුම් සුබපැතුම් නවෝදනී නංගි,
    කරන කියන හැම වැඩක්ම සාර්ථකව කරගෙන
    යන්න ලැබේවායි කියල ප්‍රාර්ථනා කරනවා..!!

  43. UI

    100ට ජය !

  44. Pasiya

    එනකම් බලාගෙන හිටිය අැනිමේ පිස්සෙක් තමා. 100වන කඩඉම වෙනුවෙන් උනුසුම් සුබපැතුම් සමග සබ් එක වෙනුවෙන් තෑන්ක්ස්.

  45. Pasiya23

    එනකම් බලාගෙන හිටිය අැනිමේ පිස්සෙක් තමා. 100වන කඩඉම වෙනුවෙන් උනුසුම් සුබපැතුම් සමග සබ් එක වෙනුවෙන් තෑන්ක්ස්.

  46. විමා

    පළමු කඩයිමට සුභපැතුම් නගෝ නගෝ නගෝ නගෝ!
    පමාවට කමා කරත්වා!
    මේ දේවල් වගේම කරන කියන අනෙකුත් හැම කටයුත්තක්ම සාර්ථක වේවා කියල පතනවා!
    ඊළඟ කඩයිම තව පනහකින් ;)

  47. Anonymous

    එනකම් මග බලාගෙන හිටිය ෆිල්ම් එකක්. සබ් එකට ගොඩක් ස්තූතියි.100ට සුභපැතුම්

  48. sam fisherr

    extract wen nane sub eka error 1k enawa

  49. isuru dilshan

    100වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝදරී.. දිගටම උපසිරැසිකරණයේ නිරතවෙමු.. ජයවේවා!!!

  50. ලහිරු ප්‍රසාද්

    100 වෙනි උපසිරැසිය වෙනුවෙන් මගෙන් උණුසුම් සුබ පැතුම් නගේ.
    එහෙනම් ඉතිං මෙතනින් නොනැවතීඉදිරි කඩයිම් වලටත් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කමෙන්ටුවක් දාන්න පමා වුනාට සමාවෙන්න ඕන, ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා!

Load more comments