Watch Trailer

Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles | වීරයින්ගේ යුගය! [සිංහල උපසිරසි]

Zack Snyder’s Justice League එහෙම නැත්තම් “Snyder Cut” කියන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධියට පත්වෙච්ච චිත්‍රපටයෙ උපසිරැසි තමයි අද මේ අරගෙන එන්නෙ. දැන් හිතනවා ඇති නේද ඇයි මේ 2017 රිලීස් වුන චිත්‍රපටයම කළු/සුදු කවර් එකකින් ආයෙම ගෙනල්ලා තියෙන්නෙ කියලා නේද? කෙටියෙන්ම කිව්වොත් ‘නැහැ’ කියලයි කියන්න තියෙන්නෙ.…

Zack Snyder’s Justice League එහෙම නැත්තම් “Snyder Cut” කියන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධියට පත්වෙච්ච චිත්‍රපටයෙ උපසිරැසි තමයි අද මේ අරගෙන එන්නෙ. දැන් හිතනවා ඇති නේද ඇයි මේ 2017 රිලීස් වුන චිත්‍රපටයම කළු/සුදු කවර් එකකින් ආයෙම ගෙනල්ලා තියෙන්නෙ කියලා නේද? කෙටියෙන්ම කිව්වොත් ‘නැහැ’ කියලයි කියන්න තියෙන්නෙ. ඒ ඇයි කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ලිපිය නම් ටිකක් දීර්ඝ වේවි.ස්පොයිලර් මුකුත් නැහැ. කැමති නම් කියවන්න.

කාලයක් පුරාවටම DC වලට නොතිබ්බ යුනිවර්ස් එකක් Zack Snyder ගොඩ නගනවා 2013දි නිකුත් වෙච්ච Man of Steel චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටයෙ නිකුත් කිරීමත් එක්ක ඔහු Warner Bros. ආයතනය එක්ක ගිවිසුමක් අත්සන් කරනවා MoS ඇතුළුව තවත් චිත්‍රපට හතරක් අධ්‍යක්ෂණය කරන්න. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට Batman v Superman: Dawn of Justice නිකුත් කරලා පුළුවන් තරම් හදිසි කරනවා ටීම් අප් ෆිල්ම් එකක් එහෙම නැත්තම් ජස්ටිස් ලීග් සාමාජිකයො එකට එකතු කරවලා චිත්‍රපටයක් ගොඩනගන්න. ස්නයිඩර්ගෙ ගිවිසුමේ හැටියට එයාට හොද සැලසුමක් තිබුනා එයාගෙ ඉතිරි චිත්‍රපට තුනම Justice League වලින් ගොඩනගන්න. හැබැයි මේ තරම් තදියමේ නෙවෙයි. මේ තරම් තදියමක් ඇතිවුනේ ඔය කාලෙ වෙද්දී නොයෙකුත් ආකාරයෙ සිනමා නිර්මාණකරුවන් Shared Universe එකක් එහෙම නැත්තම් එකකට එකක් කතාව, චරිත සම්බන්ධ වෙන විදිහෙ චිත්‍රපට නිර්මාණය කරලා තිබුනා. ඔය අතරේ සුවිශේෂී පිරිසක් තමයි තමයි මාවල් ස්ටුඩියෝව කියන්නෙ.

තවත් කෙනෙකුට ඇදයක් කියන්න බැරි මට්ටමෙන් චිත්‍රපට නිර්මාණය කරලා ගොඩ නගපු මාවල් සිනමා විශ්වයත් (MCU) වගේම ඒවයින් ලබපු ආදායම් ඉපැයීමක් මේ අයට තිබුනා. ඔය ටිකම ඒ කාලෙ වෝනර් බ්‍රදර්ස්වල CEO වෙච්ච Kevin Tsujihara ඇතුළු තවත් කිහිප දෙනෙකුට ඕන වෙලා තිබුනා. මේ කාලෙ වෙද්දී ස්නයිඩර් අවසානෙට නිර්මාණය කරපු BvS චිත්‍රපටය සෑහෙන විවේචනය වෙනවා ‘ඩාක් වැඩියි, චිත්‍රපටයෙ තේරුමක් නැති දේවල් වැඩියි’ වගේ කතා ගොඩක් එක්ක. ඇත්තම කිව්වොත් ඔහොම කතා කියපු බොහෝ දෙනෙකුට තිබුනෙ හරිහමං අවබෝධයක් නැතිකම.

DC වලට මාවල් වෙන්නත් බැරි, මාවල් වලට DC වෙන්නත් බැරි ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි,

  • DC හා Marvel දෙගොල්ලො අතරේ කොයි තරම් එක සමාන චරිත තිබ්බත් කොමික්වල ඉදලම මාවල් වලට වඩා DC වලට ඉස්සර ඉදන්ම තිබුනෙ ඩාක් ටෝන් එකක්. සුපර්හිරොලා, විලන්ලා වගේම මේ චරිත මුහුණ දීලා තියෙන දුෂ්කර සිද්ධීන් ගත්තත් මාවල් වලට වඩා සෑහෙන වෙනස්. මේක කොමික් වල ඉදලම නිර්මාණය වුන දෙයක් කියලා ඕනෙම කෙනෙක් පිලිගන්න කාරණාවක්.
  • ඔය කිව්ව දේ නිසාම තමයි මාවල් චිත්‍රපටවල කලර්ඩ් (වර්ණවත් පසුබිම්) හා ටිකක් වැඩියෙන් විහිළු වලින් මුසු වෙද්දී DC චිත්‍රපටවල මෙහෙම දේවල් අඩු වෙන්නෙ.

ඉතිං ඔය හැමදේම එකට එක්කාසු කලාම කොහොමත් හැදෙන්නෙ අදුරු මුහුණුවරක් (ඩාක් තීම්) තමයි තියෙන චිත්‍රපටමයි. ඒත් ඕකට අපේ රටේ අය ඉදලා හැඩගැහිලා ඉන්නෙ ‘DC නම් ඩාක් තමයි’ කියලා. ඒත් ඔය DCEU එක නිර්මාණය කරන්න Zack Snyder හට වගකීම බාර දෙන්නෙත් වසර කිහිපයකට පෙර ඔහු යටතේම කොමික් එහෙන් පිටින්ම අරගෙන ගොඩනගපු Watchmen වගේ ප්‍රබලම චිත්‍රපටය ලැබූ ප්‍රේක්ෂක ප්‍රසාදය නිසාමයි. වොච්මෙන් වගේ චිත්‍රපටයක් ගැලපෙන්නෙ ඒ කාලෙට නෙවෙයි. මොකද ක්‍රිස්ටෝපර් නෝලන් පවා ස්නයිඩර්ට කියලා තියෙනවා වොච්මෙන් චිත්‍රපටය නිකුත් කලා කල් වැඩියි කියලා.

ඉතිං මොන තරම් විවේචන එල්ල වුනත් ස්නයිඩර් Justice League චිත්‍රපටයෙ රූගත කිරීම් පවා 2016 දෙසැම්බර් වෙද්දී අවසන් කරලා වෝනර් බ්‍රදර්ස් ආයතනයෙ ප්‍රධානින්ට පෙන්නුවත් ඒ අය කැමති වෙන්නෙ නැහැ. කොටින්ම අද මේ අරගෙන එන පැය හතරේ චිත්‍රපටය වෝනර් බ්‍රදර්ස්ලගෙ ඉල්ලීම පරිදි ඒ කාලෙ පැය දෙකයි විනාඩි විස්සකට කෙටි කරලා පෙන්නලා තමයි ප්‍රතික්ෂේප වෙන්නෙ. BvS විවේචනය වෙන්නෙ ඩාක් වැඩියි කියලා නම්, Justice League පලවෙනි චිත්‍රපටය මේ තරම් ඩාක්නම් ඉතිරි කොටස් දෙක වෙද්දී මොනවා වෙයිද කියන බය වෝනර් බ්‍රදර්ස්ලට ඇතිවෙනවා.

පසුකාලීනව ඔය හේතුවත් වගේම ස්නයිඩර්ගෙ දුවගෙ මරණයත් එක්ක ඔහු මේ චිත්‍රපටයෙ නිර්මාණ කටයුතු වලින් ඉවත් වෙනවා. ඒත් නිවුස් එක යන්නෙ ස්නයිඩර්ව ඉවත් කලා කියලා. හැබැයි ඇත්තටම වෙන්නෙ ස්නයිඩර් වගේම ඔහුගෙ බිරිද ඩෙබෝරා දෙන්නම ඉවත් වෙනවා. මේ අඩුපාඩුව මකාගන්න තමයි Avengers, Avengers Age of Ultron සිනමා අධ්‍යක්ෂක ජොස් වීඩන්ව එක්කාසු කරගන්නෙ. ලැබෙන්න පුලුවන් උපරිම නිදහස ජොස්ට ලැබෙන නිසාම ඔහු සන්යිඩර්ගෙ චිත්‍රපටයෙන් 10%ක විතර ප්‍රමාණයක් යොදා ගනිමින්, පිටු අසූවකට ආසන්න කොටස් ප්‍රමාණයක් චිත්‍රපටයෙ පිටපතට අලුතින් එකතු කරනවා මුළුමනින්ම වෙනස් වෙන්න. අලුතින් රූපරාමු එකතු කරද්දී සමහර රංගන ශිල්පින් මේක ප්‍රතික්ෂේප කරලා තිබුනත් ඔවුන්ගෙ මේ රැකියාවට බලපෑමක් වෙන විදිහට Ray Fisher (සයිබෝග්) හට තර්ජනය කිරීමක්, Gal Gadot විසින් ප්‍රතික්ෂේප කල ඇතැම් කොටස් ස්ටන්ට් ඩබල් ලවා කිරීමක් සිදුවෙලා තියෙනවා.

ඇවෙන්ජර්ස් කියන්නෙ ස්නයිඩර් මෙතෙක් ගොඩනගපු සිනමා විශ්වයට වඩා කලර් එකෙන් වැඩි, බිලියන් ඩොලර් හොයපු චිත්‍රපට එකතුවක් නිසා වෝනර් බ්‍රදර්ස් ආයතනය විශ්වාස කරනවා Justice League චිත්‍රපටය තුලිනුත් දැන් ඔය විදිහෙ තත්වයක් උදා කර ගනීවි කියලා. හැබැයි හැමදේම එකතු වෙච්ච අමුතුම විදිහෙ මේ නිර්මාණය 2017 දී නිකුත් කලාම ලැබෙන්න පුලුවන් නරකම ප්‍රතිචාර චිත්‍රපටයට ලැබෙනවා වගේම ජොස් ඇතුළු කාර්ය මණ්ඩලය කරපු දේවල් හෙළි වෙද්දී ජොස් වීඩන්ට බාර දීලා තිබුණු Batgirl චිත්‍රපටයෙන් පවා ඉවත් කරලා නීතිමය ක්‍රියාමාර්ග පවා අරගන්නවා. මෙතනින් පස්සෙත් වෝනර් බ්‍රදර්ස්ලා දිගින් දිගටම කිව්වේ Snyder Cut කියලා දෙයක් නැහැ, තිබ්බත් ඕක බලන්න බැහැ නැත්තම් එයාලට මෙහෙම කට් එකක් නිකුත් කරන්න බලාපොරොත්තුවකුත් නැහැ කියලා. පස්සෙ තමයි ෆෑන්බේස් එකක් මෙතෙක් නොකරපු දේවල් ගණනාවක් සිද්ද වෙන්නෙ.

ජෝස් වීඩන්ගෙ Justice League චිත්‍රපටය මොන තරම් අවුල්ද කියනවනම් ස්නයිඩර්ගෙ බිරිද Deborah Snyder වගේම ස්නයිඩර්ගෙ උදව්වට කාලයක් පුරාවට නිෂ්පාදකවරයෙකුට වඩා එහා ගිය හිතවත් මිතුරෙකු වූ Christopher Nolan දෙන්නගෙ කීම මතම අදටත් Zack Snyder සිනමාශාලා වෙනුවෙන් නිකුත් කරපු චිත්‍රපටය නරඹලා නැහැ.

R O A D  T O  S N Y D E R  C U T

Watchmen එකට, BvS එකට අධ්‍යක්ෂකවරයාගෙ සංස්කරණයක් (ඩිරෙක්ටර් කට්) එකක් ලැබුනා වගේම අමු අමුවේම සෝදා පාලුවට ලක් වෙච්ච Justice League චිත්‍රපටයටත් ඩිරෙක්ටර් කට් එකක් ඇතියි කියලා විශ්වාස කරලා මුලින්ම පටන් ගන්නෙ #ReleaseTheSnyderCut කියන හෑශ්ටැග් යටතේ පෝස්ට් සෝෂල් මිඩියා හරහාම පල කරන එක. ඒක මුලින්ම පටන් ගන්නෙ මෙන්න මේ Twitter එකවුන්ට් එකෙන් දාපු පෝස්ට් එකකින්.

ඊටපස්සෙ මේක ඔන්ලයින් පෙත්සම්, බිල්බෝඩ් පුවරුවල, බස් නැවතුම්පලවල්වල දැන්වීම් ලෙස ප්‍රදර්ශනය කරලා, සී-ප්ලේන් හරහා බැනර් එල්ලලා යවලා, කොටින්ම වෝනර් බ්‍රදර්ස්ලට නිතරම ඇමතුම් පවා ලබා දීලා ෆෑන්බේස් එකක් විදිහට ලොකු අවධානයක් පසුගිය අවුරුදු කිහිපය වෙද්දී ලැබිලා තිබුනා. මේ අවධානයෙ අදටත් වෙනසක් නෑ ඉතිං.

මේ කාලෙ වෙද්දී වෝනර් බ්‍රදර්ස්ලගෙන් ඉවත් වෙච්ච Zack Snyder තමන්ගෙ වෘතියෙ මීලග පියවර Netflix වලට ඉදිරිපත් කරලා තිබුනා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට Army of the Dead චිත්‍රපටය, එකකට සීමා වෙන්නෙ නැතුව ඒ ඇසුරින් මුළු යුනිවර්ස් එකක්ම ගොඩනගන්න අවසරය Netflix වලින් ඔහුට ලැබිලා තිබුනා. මේ අතරේම ස්නයිඩර් තමන් පැය දෙකට කඩලා පෙන්නන්න කලින් නිර්මාණය කරගෙන යමින් තිබුණු ඔරිජිනල් Justice League චිත්‍රපට කිහිපයෙ සැලසුම් කලේ කොහොමද, තමන්ගෙ ඩිරෙක්ටර් කට් එක ඇත්තටම තියෙනවා කියලා පින්තූර නිකුත් කරමින්, එක එක විදිහෙ ඉවෙන්ට් වලදී කියලා තිබුනා.

#ReleaseTheSnyderCut ඔය හෑෂ්ටැග් ගැහිල්ලට මේ චිත්‍රපටයෙ ප්‍රධාන නළු/නිලියන් වෙච්ච Ben Affleck, Henry Cavill, Gal Gadot, Ray Fisher, Jason Momoa ඔය හැමෝමත් වගේම ඩෙඩ්පූල් නිර්මාතෘ Rob Liefeld පවා මේකට සහයෝගය ලබාදීලා පස්සෙ මේක කැම්පේන් එකකට එහා ගිය කැරැල්ලකට සමාන දෙයක් බවට පත්වෙනවා.

ස්නයිඩර් වටා එකතු වෙන්නෙ නිකන්ම චිත්‍රපට බලන්න ඕන පිරිසක් නෙවෙයි. අධ්‍යක්ෂකවරයෙකු විදිහට තමන් නිර්මාණය කරන ඕනෙම දේකට අසමසම ශෛලයක් වගේම දැක්මක් ස්නයිඩර්ට තිබුනා. ඉතිං මොන තරම් විවේචනය වුනත්, ඔය දේවල් වලට ආදරේ කරපු, කැමැත්තක් දක්වපු මිනිස්සුම තමයි ස්නයිඩර් වටා එකතු වෙලා හිටියෙත්. තමන්ගෙ දුව, Autumn Snyder සියදිවි නසාගත්ත නිසා මේ ලෝකෙ තවත් මෙහෙම දේවල් නොවෙන්න, එහෙම වුන අයට උපකාර වෙන්න හිතාගෙන ස්නයිඩර් අරමුදලක් පිහිටෙව්වම ඉලක්කය වුන මුදල් සීමාවත් පහු කරලා, මේ විදිහේ අරමුදලක් වෙනුවෙන් වැඩියෙන්ම දායක වුන කැම්පේන් එක බවට පසුගිය වසර අවසානෙදි පත් කරමින් ඔහු වටා ඉන්නෙ මොන තරම් පක්ෂපාති රසිකයින් පිරිසක්ද කියලා ඔප්පු කලා.

2019 නොවැම්බර් වලදී Zack Snyder හා Deborah Snyder දෙන්නව වෝනර් බ්‍රදර්ස් ආතනයෙ අය, මේ අය අලුතින් ආරම්භ කරපු HBO Max කියන ස්ට්‍රිමින් සර්විස් එකේ ප්‍රධානින් ස්නයිඩර්ගෙ ගෙදරට එකතු වෙලා මූලික සාකච්ඡා කිරීම් ආරම්භ කරලා තියෙනවා මේ වැඩේ කොහොමහරි කරමුයි කියලා. ඊටපස්සෙ 2020 වසරේ පෙබරවාරි වෙද්දී Zack Snyder හා Deborah Snyder දෙන්නව වෝනර් බ්‍රදර්ස්ලා මුණගැහිලා රසිකයන්ගෙ ඉල්ලීම ඉටු කිරීමක් විදිහට Snyder Cut එක නිකුත් කරන්න කැමති වෙලා තියෙනවා කියලා නිල වශයෙන්ම නිවේදනය කරනවා. Snyder Cut එකේ මෙතෙක් සම්පුර්ණකළු/සුදු සංස්කරණය ප්‍රසන්ටේෂන් එකක් විදිහට පෙබරවාරි මුල පෙන්නුවයින් පස්සෙ තමයි හරියටම වැඩේ කරන්න අවස්ථාව ලැබෙන්නෙ. නමුත් මුලින්ම ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුනෙ මෙතෙක් අවසන් කරලා තිබුණු එක නිකන්ම ‘ඉදා ඔන්න කට් ගනිං’ කියන්න වගේ නිකුත් කරන්න වුනත් ස්නයිඩර් මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා තමන්ට Justice League මුල් චිත්‍රපටයෙන් කියන්න අවශ්‍ය වුන මුළු කතාවම පැය හතරෙන් කියන්න ඉඩ ලබාගන්නවා.

ඉතිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් ඇ.ඩො.මි. 70ක මුදලක් වැය වුනත් Snyder Cut එක නිර්මාණය කිරීම වෙනුවෙන් ස්නයිඩර්ට ගෙවීමක් සිදුවෙන්නෙ නැහැ. ඒ විශේෂයෙන්ම චිත්‍රපටයෙ නිර්මාණ කටයුතු ටික තමන්ට ඕන නිදහසෙ කරගෙන යන්න ඕන නිසා. චිත්‍රපටයට අවශ්‍ය අමතර රූගත කිරීම් කිහිපයක්ද Ben Affleck, Joe Manganiello, Ezra Miller, Jared Leto, Amber Heard පිරිස යොදාගෙන විනාඩි හතරක කොටසක් විතරක් දවසක් තුනක් පුරාවටම පසුගිය දෙසැම්බරයෙදී සිදුවුනා. HBO Max වගේ අලුතින් පටන් ගත්ත ස්ට්‍රිමින් සර්විස් එකක් හරහා රසිකයන් වැඩි දෙනෙක් ඉල්ලූ දෙයක් ලැබෙද්දී මේ ස්ට්‍රිමින් සර්විස් එකේ පරිශීලකයන් (සබ්ස්ක්‍රයිබර්ලා) ප්‍රමානයෙ වැඩි වීම ගැන අහන්න දෙයක් නැහැනෙ. මුලින්ම කියන්නෙ නම් පැයෙ කොටස් හතරක මිනි සීරිස් එකක් විදිහට Snyder Cut එක නිකුත් කරනවා කියලයි. නමුත් පැය හතරක් එක දිගට රස විදින්න ඕන කියලා මතයක හිටිය ස්නයිඩර්ගෙ ඉල්ලීම නිසාම පසු කාලිනව ඒ තීරණය වෙනස් වෙනවා පැය හතරේ චිත්‍රපටයක් විදිහට නිකුත් කරනවායි කියලා.

ඒවගේම කියන්න ඕන මේ අවුරුදු කිහිපය පුරාවට අධ්‍යක්ෂකවරයෙකු ලෙස පෙන්නුම් කල කැප කිරීම් වෙනුවෙන් හොලිවුඩ් විචාරයකින්ගෙ සංගමය (Hollywood Critics Association) සිව්වන වතාවටත් පැවැත්වූ සම්මාන උළෙලේදී ප්‍රථම වතාවට ලබාදෙන ‘Valiant’ සම්මානයට හිමිකම් කියන්නටත් Zack Snyder පසුගිය මාර්තු 06’වැනිදා හිමිකම් කිව්වා.  

Z a c k  S n y d e r ‘ s  J u s t i c e  L e a g u e

Justice League චිත්‍රපටයක් නිර්මාණය වෙන්නෙ සාමාජිකයන් එකට එකතු කරන්න වගේම ඒ අයවම එකට එකතු කරගෙන එක් පොදු සතුරෙකුට නැත්තම් පිරිසකටම මුහුණ දෙන්න. මේකට අවශ්‍ය ඉගිය තමයි BvS චිත්‍රපටයෙ ෆ්ලෑෂ් කාල තරණයෙන් ඇවිල්ලා බෲස්ට ලබාදෙන්නෙ. ප්‍රධාන සතුරා විදිහට 2017 දී හදුන්වලා දීපු ස්ටෙපන්වුල්ෆ් කියන චරිතය විතරයි. ඒකත් මුහුණුවර වෙනස් වගේම ඉතිහාස කතාව කියන තැනත් වෙනස්. මීට අමතරව ප්‍රබලම විලන් කෙනෙකු වන ඩාක්සයිඩ්ගෙ සම්බන්ධ වීම ‘Uxas’ කියන තරුණ අවධියෙ ඉදලා Darkseid දක්වාම පෙන්නුම් කිරීම මේ Snyder Cut එකේ ඇතුලත් වනවා. මකලා දාපු කොටස් වලින් කිහිපයක් ගැන බලන්න ඕන නම් මේ ලින්ක් එකෙන් ගිහිං බලන්න. ඒ නැතත් ට්‍රේලර් කිහිපය (1 , 2) බැලුවා නම් තේරුම් ගන්න පුලුවන් අර පැය දෙකේ කාටුන් එකට වඩා මේක කොයි තරම් වෙනස්ද කියලා.

දැන් බලමු Snyder Cut එකේ දකින්න ලැබෙන විශේෂම දේවල් වගේම සුවිශේෂී චරිත මොනවාද කියලා.

H I S T O R Y   L E S S O N

මතකනෙ ඩයෑනා බෲස්ට කියන ඉතිහාස කතාවෙදි කියනවා ස්ටෙෆන්වුල්ෆ්ගෙ මුල් ආක්‍රමණය ගැන. පෘතුවිය ආක්‍රමණය කරන්න ඇවිල්ලා ඇමසෝන්, ඇට්ලෑන්ටියන් වගේම මිනිස් ගෝත්‍රයන් එකට එකතු වෙලා කෙරෙන සටනින් පරාද වෙන්නෙත්, ආක්‍රමණයට එන්නෙත් ස්ටෙෆන්වුල්ෆ් නෙවෙයි ඩාක්සයිඩ්ගෙ තරුණ අවධිය වන යූසැක්සස් (Uxas). ඉතිං මේ වෙනුවට 2017 වසරේදී නිකුත් වුන චිත්‍රපටය පුරාවට දකින්න ලැබුනෙත් ස්ටෙෆන්වුල්ෆ් කියන ඩාක්සයිඩ්ගෙ අද්මිරාල් වටා විතරමයි. Zack Snyder මූලිකවම සැලසුම් කරපු මේ චිත්‍රපටයෙ ඩාක්සයිඩ් ගැන පසුබිම් කතා වගේම ඔහුට සම්බන්ධ රූපරාමු සෑහෙන ප්‍රමාණයක් දැකගන්න ලැබෙනවා.

N E W   G O D S

Darkseid (ඩාක්සයිඩ්) කියන කොමික් චරිතය නිර්මාණය වෙන්නෙ විශිෂ්ටතම, DC හා Marvel කොමික් නිර්මාතෘවරයෙකු වන Jack Kirby විසින්. කාලයක් පුරාවට මාවල් ආයතනය එක්ක කටයුතු කරලා ඇතිවුන ගැටළුකාරී තත්වයක් නිසා DC එක්ක එකතු වෙලා මුලින්ම ජැක් කර්බි කොමික් කලාප 59ක කොමික් සීරිස් එකක් නිර්මාණය කරනවා The Fourth World කියලා. අදටත් DC Comic ඇතුලෙ සිද්දවුන හොදම සංදිස්ථානයක් විදිහට මේක සලකනවා. මොකද මේ The Fourth World කියන කොමික් එක හරහා තමයි ඩාක්සයිඩ් කියන චරිතය මුලින්ම දැකගන්න ලැබෙන්නෙ.

ඇපොකොලිප්ස්වල ඒකාධිපති පාලකයෙකු හා New Gods එහෙම නැත්තම් නව දෙවිවරු ලෙස හදුන්වන පිරිස අතරේ ඉන්න සුවිශේෂී චරිතයක් තමයි ඩාක්සයීඩ් කියන්නෙ. New Gods බිහිවෙන්න කලින් හිටිය අය තමයි Old Gods නැත්තම් පැරණි දෙවිවරු කියන්නෙ. මේ ඕල්ඩ් ගෝඩ්ලව භේද කරවලා ඇතිවුන විශාල යුද්ධයකින් මේ අය වාසය කරපු Urgrund කියන ග්‍රහ ලෝකය විනාශ වෙලා යනවා. මේ විනාශයෙන ඇතිවුන ශක්ති ප්‍රභවයන්ගෙන් තමයි ග්‍රහ ලෝක දෙකක් හට ගෙන New Gods එහෙම නැත්තම් නව දෙවිවරු කියන පිරිස ඇති වෙන්නෙ.

එක් ග්‍රහලෝකයක් New Genesis කියලා හදුන්වනවා. මේක හරියට දිව්‍ය ලෝකය වගෙ. මේකෙ වාසය කරන්නෙ හොද පිරිසක්. මේ අය විශ්වාස කරපු දෙයක් තමයි මේ ලෝකෙ ජීවත් වෙන අයට නිදහසේ සීතීමේ හැකියාවන් නැත්තම් ජීවත් වීමේ අයිතියක් තියෙනවා කියන එක. අනික් එක තමයි Apokolips කියන්නෙ. අනික් ග්‍රහලෝකෙ තනිකරම අනික් පැත්ත එහෙම නැත්තම් අපායකට සමාන නරකයින්ගෙත් නරකම පිරිස ඉන්න තැනක් තමයි Apokolips කියන්නෙ. මේ ග්‍රහලෝක දෙකේම ජීවත් වුනෙ ප්‍රබලම New Gods එහෙම නැත්තම් නව දෙවිවරු ලෙස හදුන්වන පිරිස. 

හෙග්‍රා හා කිං යුගා කාන් දෙන්නගෙ බාල පුත් තමයි තමයි ඩාක්සයිඩ් කියන්නෙ. වැඩිමහල් පුතා තමයි ඩ්‍රැක්ස් කියන්නෙ. ඇපොකොලිප්ස්වල මීලග පාලකයො වෙන්න ඉන්න මේ දෙන්නගෙ අතරේ තරගකාරී බව පසුකාලීනව විශ්වයෙ තියෙන දරුණුම වගේම ප්‍රබලම බලයක් වන, කිං යුගා පවා පාවිච්චි කරන කාන්ගෙ ඔමේගා බලය ලබාගන්න එක ප්‍රධාන අරමුණ වෙලා ඔහු ඩ්‍රැක්ස්ව පවා මරලා දාලා යූසැක්සස් එහෙම නැත්තම් ඩාක්සයිඩ් මුළු ඔමේගා බලයම තමන් සතු කරගන්නවා. මේකෙන් ඔහුගෙ පෙනුමේ ඉදන් ශක්තිය දක්වාම සෑහෙන වෙනස් වෙනවා. ඒවගේම සාමාන්‍ය කෙනෙකුට වැදුනොත් බේරෙන්න බැරි, වේගවත් හා බලවත් ඔමේගා බීම් එකක් විදීමේ හැකියාව ලැබෙනවා. මේ වගෙ සුපිරිම බලයකට හිමිකම් කියන ඔහු තමයි පසුකාලීනව ඇපොකොලිප්ස්වල ඒකාධිපති පාලකයා වෙන්නෙ.

කාලයක් පුරාවටම New Genesis හා Apokolips ග්‍රහලෝක දෙක අතරේ එහෙම නැත්තම් හොද හා නරක අය අතරේ යුද්ධ ඇතිවෙලා තියෙනවා. මාෂන්ලව අධ්‍යනය කරද්දී ඩාක්සයිඩ් තේරුම් ගන්නවා මේ අය Life Equation කියලා බලයක් ගැන විශ්වාස කරනවා කියලා. මේකෙ හැටියට කලිනුත් කිව්වා වගේම ජීවීන්ගෙ සමගියත්, නිදහසටත් මේ Equation එහෙම නැත්තම් සමීකරණය බලපානවා කියලා. ඉතිං මේකෙම අනික් පැත්තක් ඇති කියලා හිතාගෙන ඩාක්සයිඩ් Anti-Life Equation හොයන්න පටන් ගන්නවා. අර කිව්ව ජීවින්ගෙ නිදහස නැති කරලා දාලා, බය කියන දේ මත පැවැත්ම තීරණය කිරීම තමයි මේ හරහා වෙන්නෙ. මේක හරියට නිකන් ඔන්-ඕෆ් කරන්න පුලුවන් ස්විච් එකක් වගෙ. මේකට ක්‍රමවේදයක් එහෙම නැත්තම් සමීකරණයක් තියෙනවා. මෙන්න මේ සමීකරණය විසදගන්න කෙනාට තමයි ඔය කියන බලය හොයාගන්න ලැබෙන්නෙ.

Loneliness (තනිකම) + Alienation (කලකිරී වීම) + Fear (බය) + Despair (බලාපොරොත්තු නැතිකම) + Self (ආත්මාර්ථකාමී බව) – Worth (වටිනාකම) ÷ Mockery (අවමානය) ÷ Condemnation (නින්දාව) ÷ Misunderstanding (අනවබෝධය) × Gulity (වරදකාරීත්වය) × Shame (ලැජ්ජාව) × Failure (අසාර්ථකත්වය) × Judgment (තීන්දුවට ලක් කිරීම) N=Y Where (කොහෙද) Y = Hope (බලාපොරොත්තුව) සහ N= Folly (අනුවණ) Love(ආදරය) = Lies(මුලාව) Life (ජීවිතය) = Death (මරණය) Self (ආත්මාර්ථය) = Dark Side (අඳුරු පැතිකඩ)

පස්සෙ ඩාක්සයිඩ්ට දැනගන්න ලැබෙනවා ඔය කියන ක්‍රමවේදය තියෙන්නෙ පෘතුවි වාසින්ගෙ හිත් ඇතුලෙ කියලා. මේ නිසා තමයි ජස්ටිස් සාමාජිකයන්ගෙ එකතුවට වසර ගණනාවකට කලින් පෘතුවි ආක්‍රමණයකට මදර් බොක්ස් තුනත් අරගෙන ආවම මේකට එකට එක්කාසු වෙලා ගැටෙන  ඇමසෝන්, ඇට්ලෑන්ටියන් වගේම මිනිස් ගෝත්‍රයන් වලට පරාද වෙලා මදර් බොක්ස් තුනත් පෘතුවියේම දාලා යන්න වෙන්නෙ. මේ බොක්ස් තුන එකට තිබ්බොත් තියෙන බයානක කම නිසා තමයි ඇමසෝන්, ඇට්ලෑන්ටියන් වගේම මිනිස් ගෝත්‍රයන් අතරේ මේ බොක්ස් තුන බෙදී යන්නෙ. ඩාක්සයිඩ්ට අමතරව එයාගෙ වටා හරිම අපූරු ප්පිරිසක් ඉන්නවා.

Steppenwolf, Lord Steppenwolf කියන්නෙ යුගා කාන්ගෙ මස්සිනා වගේම වර්තමාන කාලීනව ඩාක්සයිඩ්ගෙ අද්මිරාල් විදිහට කටයුතු කරන කෙනා. 1972 වසරේදී නිකුත් වුන New Gods හත්වැනි කොමික් කලාපය ඔස්සෙ  තමයි ස්ටෙෆන්වුල්ෆ්ව දැකගන්න ලැබෙන්නෙ.

DeSaad කියන්නෙ ඇපොකොලිප්ස්වල ඩාක්සයිඩ් යටතේ කටයුතු කරන ප්‍රධාන වධකයා. ඔහු New Genesis වල උපත ලැබුවත් පසුකාලීනව ඩාක්සයිඩ් අනුගමනය කරන්න ගන්නවා. 1971 වසරේදී නිකුත් වුන Forever People දෙවැනි කොමික් කලාපය හරහා තමයි ඩිසාඩ්ව මුලින්ම දැකගන්න ලැබෙන්නෙ.

Granny Goodness කියන්නෙ ඇපොකොලිප්ස්වල ඉන්න, ඩාක්සයිඩ් යටතේ සේවය කරන ලුතිනන්වරියක්. ළමයින්ව අරං ගිහිල්ලා ඇපොකොලිප්ස්වලට සේවය කරන පක්ෂපාති සොල්දාදුවන් නිර්මාණය කරන අනාථ නිවාසයක් එයාට ඇපොකොලිප්ස්වල තියෙනවා. මීට අමතරව  Bernadeth, Lashina, Mad Harriet, Stompa හා Big Barda යන සාමාජිකයන්ගෙ එකතුවක් වන ‘Female Furies’ කියන ටීම් එක තියෙන්නෙත් ඇය යටතේ. 1971 වසරේදී නිකුත් වූ Mister Miracle දෙවැනි කොමික් කලාපය හරහා තමයි මේ චරිතය මුලින්ම දැකගන්න ලැබෙන්නෙ.

B L A C K   S U I T

ස්නයිඩර් කට් එක සුවිශේෂී වෙන්න, 2017 දී නිකුත් වුන චිත්‍රපටයෙන් මකා දමපු වැදගත්ම දෙයක් තමයි බ්ලැක් සූට් එක කියන්නෙ. ඔය කියන බ්ලැක් සූට් එකේ අයිතිකාරයා වෙන කවුරුත් නෙවෙයි සුපර්මෑන්. සුපර්මෑන්ට අවශ්‍ය බලය ලබාගන්න එක් ප්‍රභවයක් තමයි සූර්යයා නැත්තම් ‘හිරු’ කියන්නෙ. මේ හරහා ලැබෙන බලයෙන් තමයි එයාගෙ ශෛලවල තැන්පත් වෙන්නෙ. මේක හරියටම එදිනෙදා පාවිච්චි වෙන විද්‍යාව වගෙ. ඉක්මණින්ම හිරු එලිය ඇදගන්න කළු පැහැති දේවල් වලට හැකියාව තියෙනවා. ඒකනේ ගොඩක් කළු පාට දේවල් රත් වෙන්නෙ. ඔය හා සමානම දෙයක් තමයි සුපර්මෑන් ඇතුලතත් සිද්දවෙන්නෙ. BvS බැලුවා නම් මතක ඇතිනෙ අභ්‍යවකාශයෙ මිසයිලයෙ සිද්දියෙන් පස්සෙ හිරු කිරණ සුපියගෙ ඇගට වැටෙද්දි තමයි එයාගෙ සුව වීමේ හැකියාව වැඩිවෙලා නැවතත් පණ ලැබෙන්නෙ. එතන සුපුරුදු සුපර්මෑන්ගෙ ඇදුම තිබ්බ නිසා තමයි හුගාක් හෙමීට මේ ක්‍රියාවලිය සිද්දවුනෙ. බ්ලැක් සූට් එකක් ඇදන් හිටියා නම් ඕක ඊට වඩා වේගවත්.

ඩූම්ස්ඩේ එක්ක සටන් කරලා නැවත පණ ලැබෙන සුපර්මෑන්ගෙ ශක්තිය ඇත්තෙම නැති තරමටම දුර්වල මට්ටමකයි තියෙන්නෙ. ඒ කියන්නෙ එයාට නැතිවුන ශක්ති ප්‍රමාණය ආයෙ ලබාගන්න ඕන. ඒ ලබාගන්න නම් සූර්ය කිරණ ඇගට වැටෙන්න ඕන. හැබැයි ඕක වේගවත් වෙන්න ඕන. ඔන්න ඔය නිසයි බ්ලැක් සූට් එක වැදගත් වෙන්නෙ. හැබැයි මේක ඇන්දා කියලා සුපර්මෑන් බලවතෙක් වෙන්නෙ නැහැ. ඒත් සටනකදී අහිමි වෙන ශක්තිය හො අවශ්‍ය කරන ශක්තිය සාමාන්‍ය වේගයට වඩා වැඩියෙන් ලබාගන්න ඕන නම් බ්ලැක් සූට් එක එයාට වැදගත් වෙනවා. The Death of Superman චිත්‍රපටයෙ සිදුවෙන සිදුවීම් වලින් පස්සෙ Reign of the Supermen චිත්‍රපටයට එද්දී බ්ලැක් සූට් එකක් හරහා සිද්දවෙන දේ හරියටම පෙන්නලා තියෙනවා.

K N I G H T M A R E   T I M E L I N E

BvS වල ඉදලා අද අරගෙන එන Snyder Cut එකේ පවා දකින්න ලැබෙන දෙයක් තමයි නයිට්මෙයර් ටයිම්ලයින් එක. මතකනෙ බෲස් දකින මහා අමුතුම හිනෙ? හීනයක් කිව්වට මේක අනාගතයෙදි සිද්දවෙන්න පුළුවන් දේවල්වල පෙර නිමිත්තක්. ඒ කිව්වේ පෘතුවියට එල්ලවුන ලොකු ප්‍රහාරයකින් පෘතුවිය පරාද වෙලා, සුපර්මෑන් ඩාක්සයිඩ් යටතේ සේවය කරනවා, එයා යටතේ පැරාඩීමන් හමුදාවක් ඉන්නවා වගෙ දේවල්. ඊටපස්සෙ ෆ්ලෑෂ් අනාගත කාලයක ඉදන් ඇවිල්ලා බෲස්ට ලොයිස් ගැන කියලා, සුපර්මෑන් ගැන අනතුරු අගවලා කියනවා ‘අපිව හොයාගන්න’ කියලා. ඔතන අපි කියන්නෙ සුපර්හිරොලව හොයාගෙන ලීග් එක එක්කාසු කරන්න කියලා. ඒත් ෆ්ලෑෂ්ගෙ කාල තරණය කිරිල්ල ටිකක් වේලාසන වැඩියි කියලා එයාම කියනවා.

ඔය ටයිම්ලයින් එකේම සිද්දවෙන තවත් අපූරු සිදුවීම් කිහිපයක්ම, චරිත ගනණාවක එකතුවකින් බලාගන්න Snyder Cut එක හරහා අවස්ථාව ලැබෙනවා. එතකොට ඔය කියපු මතු අනාගත සිදුවීම් වෙන්න පුලුවන් ඒවද? ඔව්, ඔව්. මේකෙ හොදම හරිය සම්බන්ධ වෙන්නෙ Justice League දෙවෙනි කොටසට අදාල සිදුවීම් පෙළත් එක්ක. මොකද දැනටමත් මේ ස්නයිඩර්ගෙ SnyderVerse එකේ ඉදිරියේදී සිදුවෙන දේවල් ගැන ස්නයිඩර්ම තැනින් තැන ඉගි විදිහට දීලා, Snyder Cut එක වෙනුවෙන් මාර්තු මාසයෙදී පවත්වපු ප්‍රදර්ශනයෙදී මීලග JL චිත්‍රපටයෙ ස්ටෝරි බෝඩ් පවා මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කරලා තියෙනවා, දෙවෙනි කොටසක් එනවද නැද්ද කියලා කියන්න නම් අමාරුයි. ඒත් මේකෙන් ලැබෙන සාර්ථකත්වය මත ඉතිරි Justice League චිත්‍රපට දෙකත් නිකුත් වෙන්න ඉඩ තියෙනවා.

මේකට දැනටමත් ප්‍රේක්ෂකයන් නම් එයාලගෙ කැරැල්ලේ ඊලග වටය පටන් අරං තියෙන්නෙ Justice League චිත්‍රපටය වගේම සෑහෙන කොටස් කපා දමපු Suicide Squad චිත්‍රපටයෙ ඔරිජිනල් කට් එක එහෙම නැත්තම් Ayer Cut එකත්, ඉතිරි Justice League චිත්‍රපට දෙකත් වගේම මුල් කාලයේදි නිර්මාණය වෙමින් පැවතුනු බෙන් ඇෆ්ලෙක්ගෙ සෝලො Batman චිත්‍රපටයටත් ලබාදෙන්න කියලා ඉල්ලමින්.

බලාපොරොත්තු තියාගමු තවත් එකක් වෙනුවෙන්! ❤️

 

S C R E E N   S I Z E

Snyder Cut එක දැනටමත් බලපු අය වගේම නොබලපු අයත් ඇති. බලපු අයගෙනුත් සමහරුන්ට මේකෙ ස්ක්‍රීන් සයිස් එක සෑහෙන ප්‍රශ්ණයක් වෙලා තිබුනා. ඉතිං ඔය කොයි කාටත් දැනුවත් වෙන්න කියන්න ඕන මේක නිර්මාණය කරලා තියෙන්නෙ ඕනෙම කෙනෙක්ට දකින්න ලැබෙන සම්මත ස්ක්‍රීන් සයිස් එකකට එහා ගිය, BvS දකින්න ලැබුණු 1.43:1 ක හතරැස් ස්ක්‍රීන් එකට ටිකක් විතර සමාන 4:3 (1.33:1) ක ප්‍රමාණයකින්. මේ හරහා දකින්න ලැබෙන රූපරාමු නිකන් හතරැස් පෙට්ටියක් වගෙ දකින්න වෙන්නෙ. සාමානයෙන් මේවා ගැලපෙන්නෙ IMAX සිනමාශාලා වලට. ඒ තරම් පාවිච්චියට නොගත්තත්, මෑත කාලීනව සිනමා නිර්මාණකරුවන් අතරේ ජනප්‍රිය වෙමින් පවතින ඇස්පෙක්ට් රේෂියො එකක් තමයි මේ 4:3 කියන්නෙ. BvS වලදී යොදාගෙන ඒ නිසා ඇතිවෙච්ච කැමැත්ත නිසා තමයි ස්නයිඩර් මේ විදිහට එයාගෙ ඉදිරි නිර්මාණ වෙනුවෙන් මේ විදිහෙ ඇස්පෙක්ට් රේෂියො එකක් පාව්ච්චි කරලා තියෙන්නෙ.

ඒ නිසා ගෙවල් වලට වෙලා බලන අගල් කීයක වයිඩ් ස්ක්‍රීන් මොනිටර්/ටීවී එකක් හො ෆෝන් එකක් වුනත් දකින්න ලැබෙන්නෙ දෙපැත්තෙ කළු කොටස් දෙකක් ඉතිරි වෙන හරි හතරැස් ස්ක්‍රීන් සයිස් එකකින්. අදටත් Square (ප්‍රමාණයෙන් හතරැස්) මොනිටර් එකක් පාවිච්චි කරන අයට නම් මේක දැනෙන එකක්ම නැහැ. 😜

 

ප.ලි : ඔන්න එහෙනම් තෙවැනි වතාවටත් DC කොමික් සම්බන්ධ සිනමාපටයකර උපසිරැසි අරගෙන එන්න මට අවස්ථාව ලැබුන. මේකේ මුල් හිමිකරු හසන්ත අයියා, ඒත් හදිසියේම එයාට යෙදුන වැඩක් නිසා එයාට උපසිරැසිය කරන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ ඒ නිසා වැඩේ මට බාර වුණා. ඇත්තටම මේක මාවල්, DC වෙනසක් නැතුව එනකම් මග බලාගෙන හිටිය එකක්. අවසානයේදී අනේ අපරාදේ මෙතනින් එහාට දෙයක් බලන්න වෙන්නෙ නැතිවෙයි නේද කියන දුක මුසු හැඟීම හිතට ආව. ඇත්තටම මේක මෙතනින් එහාට අනිවාර්යෙන්ම යා යුතුම සිනමාපට පෙළක්. එහෙම නම් නැවත උපසිරසියකින් අපි හමුවෙමු. ඒ වගේම කියන්න ඕන අන්තර්ජාලය පුරාම විහිළු සහගත සිංහල උපසිරසි දකින්න ලැබෙනව මේ වෙනකොට. ඕන කෙනෙක්ට පුළුවන් ගුගල් ට්‍රාන්ස්ලේට් කරලා ඊට පස්සෙ අබ ෆයිල් එක ඕපන් කරලා ඒකේ වචන ටික පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනස් කරලා සිංහල සබ් එකක් හදන්න. ඒත් ඒවා බලන ඉංග්‍රීසි නොදන්නා මිනිස්සු හරි පව් ඇත්තටම. මේ ගැන බොහොම කලකිරීමකින් ගොඩක් අය අපිත් එක්ක කතා කරනවා. පටු අරමුණු සහ ලැබ තකා ගොඩක් අය එහෙම කලාට, අපි කවදාවත් ඔයාලගේ විශ්වාසයට පයින් ගහන්නේ නැහැ. අපි හැමදාම ඒක රකිනවා. අපි අපිට හැකි උපරිමයෙන් 100%ක්ම නිවැරදි සිංහල උපසිරසියක් ඔබ වෙත ලබා දෙන්න නිබඳවම ඇප-කැප වෙනවා. ගිහින් එන්නම්!  ~ විමා 🙂


 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB / Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

 

73,490 downloadsDownload Zack-Snyders-Justice-League-2021-Blu-Ray.zip274 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට සහ “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

73,490 downloadsDownload Subtitles274 KB

151 comments

  1. Janitha pramudika

    Thanx bro❣️

  2. Anonymous

    Thanks..

    1. Kavin

      Maru lipiyak tynne pissh hadenawa ...thnx sub ekata.jaya wewa

  3. කවිඳු ජයවර්ධන

    ඇවිත් දවස් දෙකක් උනත් site කීපයකින් සබ් දීල තිබ්බත් Baiscope එක සබ් දෙනකන්ම ඉවසන් හිටියා.ඒ කොලිටිම සබ් දෙන්නෙ ඔයාල හින්දා..පොඩ්ඩක් පරක්කු උනාට කමක් නෑ මොකද වැඩේ සුපිරියටම, කොලිටියටම, 100% කරන නිසා.උපසිරැසියට ගොඩක් ස්තුතියි විමා සහෝ...ඔබට ජය..!!!

  4. කවිඳු ජයවර්ධන

    සබ් එක ගන්නකොට තමා දැක්කෙ සහෝල දෙන්නෙක් සබ් එක කරල තියෙන්නෙ කියලා.දෙන්නටම ගොඩක් ස්තුතියි..ජය!!!

  5. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ඔබ දෙපලටම.

    අන්තර්ජාලයේ කුණු උපසිරැසි තියන නිසා තමයි බයිස්කෝප් දෙනකම්ම ඉවසගෙන හිටියේ.

    අනේ සහෝලා Coming 2 America - 2021 ෆිල්ම් එකත් පුලුවන් විදියට දෙන්නකෝ.

    1. Anonymous

      ඇයි බන් බොරු කියන්නේ.උඹ cine** site එකේ 2021-march 18,හවස 5.45ට snyder cut එක යටින් comment එකක් දාල තියෙනව"උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. පුලුවනි නම් coming 2 america -2021 ෆිල්ම් එකටත් උපසිරැසි දෙන්න"කියලා.
      උඹ ඒකෙන් ෆිලුම් බලල ඒකට thanx කරල මෙතන ඇවිත් පොර වෙන්න හදනවා ඒකට කුණු සබ් කිය කිය.උඹ coming 2 america -2021 ෆිල්ම් එක aiscope එකෙ ෆිල්ම් 5ක් 6ක් යටින් ඉල්ලල තියෙනව දැක්ක බන්...ලැජ්ජයි යකෝ..බොරුවක් කරනවනම් ඉගෙන ගෙන කරපන්..උඹ ඉවසන් හිටිය රෙද්ද...

    2. R_deshan

      අම්මෝ මෙහෙම කරන්න එපා යකෝ මිනිස්සුන්ට මේ comment එක දැකල නම් හික් ගෑවුණා...

    3. Anonymous

      සිරාවටම බන්. කිව්වට පස්සේ මාත් බැලුවා මුගේ කමෙන්ට් එක ඒ සයිට් එකේ. තියෙනවා කියපන්කෝ.

      ඊට වඩා හපන් ඒකේ ලිපිය.

      ෆිල්ම් එකට වඩා උන්ගේ පොයිය තියෙන්නේ ලිපියේ අම්මා මුත්තා ඔක්කොම මතක් කරලා

      "ඉතින් මේ සබට උදව්වට ආව කොලු පැටියා තමයි අපේ පැතුමා! කොල්ලා ලෙක්චර් අනං මනං තියාගෙන ගහපු ගේමට පට්ට ස්තූතියි ආ. පැතුම් මල්ලී බොහොම ස්තූතියි සබ් එකට ආ. අපේ සයිට් එකේ ලොකු සර්, සමිත රමේශ් මල්ලී අපිට දෙන සපෝර්ට් එක ගැන මොනවා කියන්නද? මේ වගේ කොල්ලෙක් රටේ ලොකු තැනකට ආව නම් රට හැදෙනවා. ඒ තරම් අපේ පස්සෙන්ම ඉඳන් සහයෝගේ දෙනවා. බොහෝම ස්තූතියි මල්ලී. මගේ ඉයේ රෑ නින්ද නැතුව ඉද්දිත් වචනෙකින්වත් නොබැන මගේ හයිය වෙච්ච ලක්ෂ්මී නෝනටත් පට්ට ආදරෙයි මං. එයයි සදහම් පුතයි නොවෙන්න දර්ශනයෙක් නැ නේ ඉතින්! ැඑ නිසා ඉතින් ඒ දෙන්නට “ආදරෙයි පැලෙන්න”. එ වගේම මගේ ආදරණීය යාලුවෝ හැමෝම කමෙන්ට් එකක් ලියයි කියලා හිතනවා."

      Copied

    4. Shamal manojan

      මම ඒ සයිට් එකෙන් සබ් ගත්තේ නෑ. ෆිල්ම් එක බැලුවෙත් නෑ. ඒයේ රෑ තමයි පළවෙනි වතාවට බයිස්කෝප් එකේ සබ් අරගෙන ස්නයිඩර් කට් බැලුවේ. මම ඒ සයිට් එකට ගිහිල්ලා ෆිල්ම් එකට ස්තූතියි කළා විතරයි. ඒ Coming 2 America 2021 සබ් ඉල්ලගන්න ඕන නිසා. ස්තූතියි කරන්නේ නැතුව කොහොමද සබ් එකක් ඉල්ලන්නේ. කුණු සබ් නිසා තමයි නොබලා හිටියේ. බයිස්කෝප් අඩවියෙන් Coming 2 America 2021 ෆිල්ම් එකට සබ් දෙන්නේ නැත්තන් කුණු සබ් එකක් එක්ක හරි බලන්න ඕනේ නේද?

    5. Shamal manojan

      වැරදුනා කමෙන්ට් එක. මම ඒ සයිට් එකෙන් සබ් ගත්තා. සබ් එක කොහොමද බලන්න විතරයි. කුණු සබ් කියලා විචාරයක් කරන්න නම් සබ් එක දාගෙන බලන්න ඕනේ හින්දා. නමුත් ස්නයිඩර් කට් එක බැලූවේ නෑ. ඇත්තම කියනවා නම් yts සයිට් එකේ ස්නයිඩර් කට් එක 2.17 GB නිසා ඒයේ හවස තමයි ටොරෙන්ට් වලින් Download වෙලා අවසන් වුනේ. ඒ නිසා ඒයේ සවස 7.00 ට බයිස්කෝප් අඩවියෙහි සබ් එක්ක බලන්න පටන් ගත්ත ස්නයිඩර් කට් එක බලලා ඉවර වුනේ රෑ 11.00 පහුවෙලා.

  6. Gayana Thathsara

    Spoil වෙන හින්දා Psarips WebRip ආව ගමන් ඒකෙ තිබුන eng sub එක දාන් බැලුවා. බයිස්කෝප් සබ් එක දාපු නිසා ආයෙ රහට බලන්න පුලුවන්. ♥️♥️

  7. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    බොහෝම ස්තුතියි උපසිරැසි නිර්මාණයට, මේ උපසිරැසියත් හරියට නිකන් 2017 ඉඳලා Justice League - Zack Snyder Cut එක අපට ඕන කියලා රසිකයෝ කිව්වා වගේමයි බයිස්කෝප් සිංහලෙන් අඩවියේම සිංහල උපසිරැසිය එනකල් අපි බලන් ඉන්නවා කියලා හිටපු පිරිසත් අධිකයි. නැවතත් සිංහල උපසඋපසිරැසිකරණයෙ මහගෙදර බයිස්කෝප් සිංහලෙන් නැත්නම් සිංහල උපසිරැසි වැඩක් නෑ කියලා ඔප්පු කරා වගෙත් උනා.

  8. Dulan randika

    බොහොම ස්තූතියි සහෝදරයා සබ් එකට.මං FB Post එකේ කිව්වත් වගේ බයිස්කෝප් සබ් නැත්නම් ෆිල්ම් බලන්නෑ කියන මතේ මම ඉන්නෙ.මොකද අනික් සබ් මට දිරවන්නෑ බයිස්කෝප් ආරෙට හුරුවෙලා ඉන්නෙ.කොටින්ම කියනවනම් වෙන සබ් එකක් අරගෙන බලන්නෙ විමාගෙනුයි,කව්ෂලගෙනුයි අහල ඒ ෆිල්ම් එකට ටීවී සීරීස් එකට බයිස්කෝප් එකෙන් සබ් දෙන්නෑ කියල Confirm උනාට පස්සෙ.විමාට මතක නම් මං කාලෙකට කලින් සුපර්ගර්ල් සබ් එක භාරඅරගෙන කරගෙන යන අතරෙ එක එපියක් එක ඉවරවෙලා ඒක Site එකට යැව්වට පස්සෙ ඇඩ්මින් කෙනෙක් කිව්ව(කව්ද කියල මතක නෑ)මෙහෙම හරියන්නෑ google translate use කරන්න එපා.නියම ඉංග්‍රීසි වචනෙ තේරුම ගන්න නම් හරිම තේරුම එන්න ඕනෙ කියල .ඊට පස්සෙ තමයි මගේ ඉංග්‍රීසි දැනුමෙ තිබ්බ අඩුපාඩු සහ විශේෂයෙන්ම හොස්පිට්ල් එකක වැඩට ආවට පස්සෙ කාලය වෙන් කරගන්න එකේ තිබ්බ අමාරුකම නිසා සබ් හැදිල්ල නැවතුනේ. බයිස්කෝප් සබ් එකේ ගුණාත්මක බව කොච්චරද කියල මං උඩ කියපු වචන දෙකතුන් කියවන ඕන කෙනෙක්ට තේරෙනවා.අදටත් මං කරපු පලවෙනි සබ් එක Acrimony සයිට් එකේ තියෙනවා.ඒත් මට ඒක සැටිස් නෑ.තවත් සබ් එකක් කරන්න ආසාවෙන් ඉන්නවා.ලඟදීම සබ් එකකින් හමුවෙමු.

    බොහොම ස්තූතියි අපි වෙනුවෙන් කට්ට කාගෙන තමන්ගෙ කාලය කැපකරගෙන කරන් මේ උතුම් සේවාව වෙනුවෙන් මුලු බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමටම.

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝලා
    ජය

  10. Nishan S. Ariyarathna

    උපසිරැසිය ලබා දුන්නට ගොඩක් ස්තුතියි... දිගටම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න අවශ්‍ය දිරිය ශක්තිය ලැබේවා! බුදුසරණයි!

  11. Dharshana

    Thank you...

  12. viraj

    sub ekata thanks.... jaya wewa!

  13. udaya asinka

    Thank You Sub එක ඉක්මනටම දුන්නට

  14. Sam

    Thanks bro...

  15. Niroshani Maduka

    Sub එක එනකම් බලාගෙන හිටියා film එක බලන්න.. Thank you..

  16. Kasun

    Thank you ❤️❤️❤️

  17. JonDoe297

    Thank you!
    ෆිල්ම් එක කලින්ම බාල තිබ්බේ. ඒත් අනිත් සයිට්වල සබ් එක තිබ්බත් බයිස්කෝප් එකෙන් සබ් එක වැටෙනකල් බලන්න ගත්තේ නෑ. උබලගේ සමහර ලොකු ලයින් අල්ලන්නේ නැති උනත් උබලගෙන්ම සබ් ගන්නේ වැඩේ කොලිටි නිසා.

    1. Anonymous

      FIlm ela download karnna link plz

  18. PahasaraDv

    Thankz......

  19. Shaggy

    බොහොම ස්තූතියි

  20. Kaveesha Dilshan

    #ResotreTheSnyderverse

  21. Shaggy

    තව ටිකෙන් අමතක වෙනව..ලිපියටත් බොහොම ස්තූතියි..පට්ට ආසයි JL series එකක් එනවනන්..Darkseid,joker බලාගන්න ආසයි..Ayercut එකත් දුන්නනන්..මේව හීනම විතරක් වෙන්නැති :(

  22. Bimsara

    welawata dual monitors dala thibbe. 1k 1440*900, anith eka 1280*768. meka 1280*768 eken baluwanam hari

    1. Heshara

      මුල ඉදන් අගටම කියෙව්වා සහෝ. ඇත්තටම වටිනවා විස්තර ටිකට තේරුනෙ නැති තැන් දෙක තුනක්ම තේරුනා. තාම බැලුවෙ නෑ. මං මහ ලොකු DC fan කෙනෙක් නෙමෙයි. කොමික් ෆිල්ම්ස් බලනවා විතරයි. MoS, BvS දෙක බැලුවට පස්සෙ JL බලන්න පට්ට ආස්සවෙන් හිටියෙ. ඇනිමේශන් තිබ්බට DC ලගෙ live action අඩු නිසා. ඒත් JL2017 කාලා කියලා ආරංචි උනාම දුක හිතුනා. Snyder ct එක ගැන අහන්න ලැබුන දවසෙ ඉදන් පට්ටම ආසාවෙන් හිටියෙ බලන්න. සබ් එකට තෑන්ස්ක්ස්. මං ඉස්සර ඉදම්ම කියන දෙයක් තමා ඔයා නිසයි අපි english flms බලන්නෙ. බොහෝම ස්තූති මේ කරන දේට. ජය වේවා බයිස්කෝප් සාමාජිකයන් හැමෝට. තෙරුවන් සරණයි

  23. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝලා දෙන්නටම

  24. මධුකප්‍රිය පෙරේරා

    ඩබලටම තෑන්ක්ස් වේවා කිව්වා උපසිරසියට
    වගේම දීර්ඝ ලිපියට.. යකූ කියවලම හති වගේ...
    ඔහෙලා සබ් එක දෙනකම්ම උන්නා ඉතින් බලන්න...
    සැක් අන්කල්ගෙ කට් එක... මේක එනකම්
    බලන් හිටපු කාලයක්... ජය වේවා!

  25. Mohomed Irshaad

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...
    මෙච්චර ඉක්මනට දෙයි කියලා හිතුවේ නෑ..
    ලිපිය කියෙව්වම ගොඩක් කරුණු දැනගන්න ලැබුනා..
    ස්තූතියි නැවතත්...

  26. ROACH

    Thank you so so so much

  27. ROACH

    Thank you a lot

  28. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  29. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️ ❤️

  30. Anonymous

    Supiri ban

  31. tharidu16

    supiri lipiya. ela. thanks

  32. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  33. Devinda

    සහෝ, සබ් එකට වඩා වටිනව ලියල තියන ලිපිය. බොහොම ස්තූතියි..

  34. Pramukmili

    Thanx bro....

  35. R_deshan

    DC fans : Finally we got what we deserve from Zack Snyder!

    Baiscope fans : Finally we got what we deserve from Baiscope!

    සබ් එකට බොහොම ස්තූතියි සහෝලා.තව මාසයක් ගිහින් සබ් දුන්නත් බයිස්කෝප් එකෙන්ම සබ් එක ගන්න ඉවසල ඉන්න හිත හදන් හිටියෙ.ලිපියත් බොහොම වටිනවා...

  36. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

  37. නිමේෂ් කාවින්ද සිල්වා .

    ඔයාලගේ උපසිරැසි ලබා දීමේ කාර්‍යක්ෂමතාවය නම් ඉතා ඉහළයි . Rating අතින් ඉතා ඉහළ සුපිරිම චිත්‍රපටයක් වුණු justice league 2 සදහා ගුණාත්මක බවින් ඉහළ සිංහල උපසිරැසියක් ලබා දුන්නාට මම විමුක්ති සහෝට සහ චාමර සහෝට කෘතඥ පූර්වක ස්තූතිය පිරිනමනවා !!! ඒවගේම මේ මාසයේ 25 වෙනිදාට HBO max හරහා තිරගත වෙන්න නියමිත Godzilla Vs. Kong චිත්‍රපටයටත් ඉහළ ගුණාත්මක බවකින් යුත් සිංහල උපසිරසියක් මේ හා සමාන කාර්‍යක්ෂමතාවයකින් අපි වෙත ලබා දේවී කියලා මම හිතනවා . බයිස්කෝප් සහෝදර සහෝදරියන් සියලු දෙනාට ජය !!!!!

  38. Anonymous

    Ade tanks ban sub ekata oya kawru mona a kiwwat jl eka pahara tamai. Oya film ekak dekak balal jl eka vadak na kiyana evunge modakama tama itinaye tanks a

  39. එල්.සී. දමැල්

    Thank you දෙන්නටම. ❤️

  40. Madushanka

    Thanks, hadissiya wedi nisa film eka beluwa, aye mekath ekka balanawa

  41. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  42. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    දෙන්නටම 🤪

    ලිපියත් ගොඩක් වටිනවා.

    🤗&#129303

  43. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  44. Deshan

    Falcon & The Winter Soldier එකත් ඔය ගැම්මටම දෙමු ඉක්මනට
    ජය වේවා

  45. Lakmal

    බොහොම ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

  46. Lakmal

    බොහොම ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

  47. Yasindu

    ඔය අලුත් Film එක ගැන මුකුත් දැනන් හිටියේ නෑ..ස්තූතියි..මේක් ගැන කියල දුන්නට මුළු timeline එකම කියෙව්වා .බොහොම ස්තූතියි..හදවතින් සුබ පතනව..

  48. Anonymous

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  49. Dilanka

    Bohoma Isthuthi lipiyata saha sub walata... godak dewal danagatta

    1. Rasindu Dilmin

      බොහොම ස්තූතියි උපසිරැසි නිර්මාණයට
      ලිපියෙ තියෙන කරුණු ගොඩක් වටිනව
      ස්තූතියි නැවතත්❤️

  50. kavinda gamage

    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
    DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
    පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක්
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
    නියම කතාවක් මේක .
    දිගටම කරගෙන යමු…

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.