අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කොරියානු (TV)ශලිනි මල්ෂාසිංහල උපසිරැසි

Flower of Evil [E01] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

Rating: 8.5/10. From 32 votes.
Please wait...

ආයුබෝවන් යාළුවනේ මේ කොරෝනා කාලේ මට හමු වුන නිවාඩුවට මෑතක දී නිකුත් වුන අළුත්ම ලස්සනම කොරියන් ඩ්‍රාමා එකකට උපසිරැසි නිර්මානය කරන්න හිතුවා. ඉතින් මේ මගේ තුන් වෙනි උපසිරසි නිර්මානය නිසා අඩුපාඩු නම් ඇති ඒකට සමාවෙන්න ඕන. මුලින්ම මට මේ වටින අවස්ථාව ලබාදුන්න හිතවත් ඇඩ්මින් මඩුල්ලට මගේ ස්තූතිය පිරිනමන අතර නිර්මාණයේ ගුණදොස් කමෙන්ටුවත් දාගෙන යනවා නම් ඒක තමා මහත්තයෝ අපිට තියන එකම සතුට!

2020 අවුරුද්දේ කොරියන් ඩ්‍රමා පිස්සුවෙන් ඉන්න අපේ යාළුන්ට TV N වෙතින් තිළිණ කරපු, අපි ගොඩක් ආදරේ කරන කොරියන් රංගශිල්පී lee-joon-gi ගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වුන The Flower of Evil (යක්ෂයාගේ කුසුම) k-Drama එක තමයි අද සිට මේ සිංහලයට පරිවර්ථනය කරන්නේ. ඉතින් මේ කථා මාලාව කොටස් 16කින් යුක්තයි. මේ ලස්සන කතාව හොඳ පදමට ත්‍රාසය/ආදරය/කුතුහලය කලවම් කරලා අධ්‍යක්ෂණය කිරීම kim-cheol-kyoo විසින් සිදු කර තිබෙනවා. මෙම කාථා මාලාව Crime/Investigation/Melodrama/Mystery/Psychological/Romance/Serial Killer/Suspense/Thriller ගණයට අයිති වෙනවා.

කතාව ගැන කිවොත්,දෝ-මින්-සොක් නම් මානසික විකෘතියක් ඇති පියෙකුට දාව උපන් හැඟීම් ප්‍රකාශ කිරීමට අපොහොසත් අහින්සක දෝ-හයුන්-සූ, තමන්ගේ සහෝදරියගේ ජීවිතය බේරගන්න, දාම මිනීමරුවෙක් විදිහට කැමැත්තෙන්ම වරදකරුවෙකු වුන නිර්දෝශී ලෝහ නිර්මාන ශිල්පියෙක්. තමන්ග් උපන් ගමෙන් අතුරුදහන් වෙලා බෙක්-හී-සොන්ග් නමින් නැවත ජීවිතය අරඹන ඔහු, තමන්ගේ අඳුරු අතීතය පවුලෙන් වගේම ලෝකයෙන් සඟවමින් වර්තමානයේ ආදරණීය සැමියෙකු/ සෙනෙහෙබර පියෙකු විදිහට ලස්සනට ජීවත් වෙමින් ඉන්න අතරේ අහඹු ලෙස කඩා පාත් වුන පරණ මිතුරෙක් නිසා, ඔහුගේ ජීවිතයේ එකම ආදරය වූ බිරිඳ පොලිස් පරීක්ෂක චා-ජි-වොන් නොදැනම තමන්ගේ ජීවිතයේ අඳුරු යටගියාව හොයන්න පටන් ගන්න කොට, හැම පැත්තෙන්ම තමන්ට ඇඟිල්ල දිගු කරන මිනිසුන් අතර මුළු ලොකෙන්ම හොඳම තාත්තා හිමි මටයි කියලා හිතන සුරතල් දියණිය එවුන් -හා ගේ සහ ආදරණීය බිරිඳගේ සෙනෙහස වටා බැඳුන හරිම කුතුහලයකින් කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් ලස්සනම ආදරණීය කතාවක්. ඇත්තටම ශොකාන්තයක් වේවි කියලා බය හිතෙන තරමට හිතට දැනෙන්න හදපු කතාවක් කිව්වොත් හරි.

යක්ෂ ලෙයින් උපන්නද, ආදරය කැකෑරෙන හදවතක් සතු මිනිසෙකුගේ කතාව…. (The Flower of Evil)

ගොඩක් ස්තූතියි සහය දුන් සෑම දෙනාටම!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6393 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

Next BT1

23 thoughts on “Flower of Evil [E01] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *