Watch Trailer

Vadhandhi: The Fable of Velonie [S01 : E04] Sinhala Subtitles | ඒක නැහැ, ඒ වුණාට තියෙනවා. [සිංහල උපසිරැසි]

වෙලෝනි කියන තරුණියගේ අභිරහස් මරණය ගැන පරීක්ෂණය දිගටම කෙරෙමින් පවතිනවා. කන්‍යාකුමාරි වල සිද්ද වුණ මේ මරණය මහත් සංවේගයක් ඇති කරලා තිබුණ. මේ පරීක්ෂණය බාරව ඉන්නෙ SI විවේක්. මේ වෙලෝනිගේ චරිතය ගැන මාධ්‍යවල වැරදි විදිහට පුවත් පල වෙනවා. කොහොම වුණත් වෙලෝනිට ප්‍රේම සම්බන්ධකම් බොහෝමයක් තිබිලා තියෙනවා. ඒ වගේම…

වෙලෝනි කියන තරුණියගේ අභිරහස් මරණය ගැන පරීක්ෂණය දිගටම කෙරෙමින් පවතිනවා. කන්‍යාකුමාරි වල සිද්ද වුණ මේ මරණය මහත් සංවේගයක් ඇති කරලා තිබුණ. මේ පරීක්ෂණය බාරව ඉන්නෙ SI විවේක්. මේ වෙලෝනිගේ චරිතය ගැන මාධ්‍යවල වැරදි විදිහට පුවත් පල වෙනවා. කොහොම වුණත් වෙලෝනිට ප්‍රේම සම්බන්ධකම් බොහෝමයක් තිබිලා තියෙනවා. ඒ වගේම පුවත්පත්වල ටෝනි නම් තරුණයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් තිබුණා කියලා පුවත් වාර්තා කරලා තිබුණා. එයා එක්ක එකට ඉගෙන ගත්ත අය නම් ඒ දේවල් බොරු, එය ඒ වගේ කෙනෙක් නෙවෙයි කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ටෝනි හා වෙලෝනි පෙම්වතුන් නොවෙන බව ටෝනි විවේක්ට කියනවා. විග්නේෂ් කියන තරුණයා වෙලෝනිව කසාද බඳින්න කැමැත්තෙන් හිටියා. වෙලෝනිට එයාව කසාද බඳින්න කියලා බල කරා. ඒත් වෙලෝනි කිසිම ආකාරයකින් විග්නේෂ්ව කසද බඳින්න අදහසක් තිබුණෙ නැහැ. අධිකරණ වෛද්‍ය වාර්ථාව ලැබෙන්න ප්‍රමාද වෙන නිසා විවේක්ට තවදුරටත් පරීක්ෂණය කරගෙන යන්න, මරණය සිද්ද වුණ ඔට්ටපාරෛ වලට යනවා. ඒ වගේම මේ සිද්දියට සම්බන්ධව සන්තෝෂ් නම් තරුණයාව පොලිස් ස්ථානයට ගෙන ගොසින් විමර්ශනය කරන්න ගන්නවා. ඉහලින් ලැබෙන ඇමතුමක් නිසා සන්තෝෂ්ව ආපස්සට නිදහස් කරන්න වෙනවා. තවත් විමර්ශනය කරගෙන යද්දි, වෙලෝනිව අතුරුදහන් වුණ වෙලාවෙ දුන්න ප්‍රථම තොරතුරු වාර්ථාව(FIR) ඉල්ලා අස් කරගත්තා කියලා දැනගන්න ලැබෙනවා. විමර්ශනය පස්සෙ යන විවේක්ගේ පවුල් ජීවිතයත් ටිකක් අවුල්කාරී තත්වයක තිබුණේ. ඔය අතරේදි විග්නේෂ් සියදිවි නසාගෙන මැරුණ බව දැනගන්න ලැබෙනවා. පොලිසියත් ලැබුණ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන විග්නේෂ් අපරාධකාරයා කරලා පරීක්ෂණය වසා දමනවා. පොලිස්පති හමුවක් ලැහැස්ති කරලා මේ මරණයේ අපරාධකාරයා විග්නේෂ් විදියට නිවේදනය කරනවා. ඒ අනුව තවදුරටත් මේ පරීක්ෂණය ආයේමත් විවෘත කරලා විමර්ශනය කරන්න බැරිවෙනවා. ඒත් මේ පරීක්ෂණයේ සැබෑ අපරාධකාරයා විග්නේෂ් නොවන වග විවේක් හොදාකාරවම දන්නවා. ඒ වගේම මේ මරණයේ සුළමුල හොයාගන්න කල් විවේක්ට නින්දක් ලැබෙන්නෙ නැහැ. මැරුණ වෙලෝනි වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න හිතා ගත්ත විවේක් විමර්ශනය රහසිගතව කරගෙන යන්න ලැහැස්ති වෙනවා. හරියටම මේ වෙලාවෙදි ඩොක්ටර් පෝල්රාජ් වැදගත් තොරතුරක් විවේක්ට ලබා දෙනවා.

එස්. ජේ. සූර්යා මේ කතා මාලාවේ ප්‍රධාන චරිතය හොබවනවා. අනෙකුත් චරිතයන් ලයිලා, නාසර්, ස්මෘති වෙන්කට්, විවේක් ප්‍රසන්නා, අශ්වින් කුමාර්, කුලප්පුල්ලි ලීලා, අරුවි බාලාජි යන අය නිරූපණය කරනවා.

කාලයක් නිහඬව හිටිය සූර්යා මෑතකදී නිකුත් වුණ Maanaadu (2021), Don (2022) චිත්‍රපටි වලින් වඩාත් ප්‍රසංසා, ආකර්ෂණය දිනා ගන්න පුළුවන් වුණා. ධනුෂ්කෝඩි කියන නම මතක් කරන්නම්කෝ.(Goosebumps) Mersal (2017), Spyder (2017) චිත්‍රපටිවල දුෂ්ඨ චරිතය නිරූපණය කොයිතරම් තාත්විකව කරාද කියලා මම කියන්න උවමනා නැහැනේ. සූර්යා සිනමාවට පිවිසෙන්නෙ නම් අධ්‍යක්ෂක වරයෙක් විදියට. Vaali (1999), Kushi(2000), Naani (2004) කියන ප්‍රසිද්ධ චිත්‍රපට කිහිපයත් සූර්යා අධ්‍යක්ෂණය කලා. කුෂි චිත්‍රපටය පස්සෙදි තෙළිඟු, හින්දි භාෂා වලට ප්‍රතිනිර්මාණය කෙරුණා. ඊටත් පස්සෙ කාලයකදි සූර්යා නළුවෙක් විදියට රඟපෑමට සම්බන්ධ වුණා. ඇත්තටම කිව්වොත් සූර්යා වෙනස්ම විදියක්. කරපු චිත්‍රපටිත් සමහර ඒවා අමුතුයි. තියෙනවා හැබැයි නැහැ. නැහැ ඒ වුණාට තියෙනවා. ඒ වගේම සූර්යා එයාම අධ්‍යක්ෂණය කරපු Isai (2015) චිත්‍රපටයට සංගීතය සැපයුවා. මේ ඉසෛ චිත්‍රපටයෙන් ඉලයරාජා හා ඒ. ආර්. රහුමාන් අතර විරසක තත්වය නිරූපණය වෙනවා කියලා කියනවා.

මේ දශක දෙකකට පමණ ආසන්න කාලයක් කොලිවුඩයේ උණුසුම් ම තරඟය තමයි අජිත්, විජේ රසිකයින් අතරේ ඇති වන තරඟය. සමාජ මාධ්‍යවල නයයි මුගටියයි වගේ අවුරුද්දෙ 365 දවසෙම මොකක් හරි රණ්ඩුවක්, හින්ට් ගහගැනිල්ලක් වෙනවම තමයි. මේ නළුවෝ දෙන්නගෙන් කෙනෙකුව අරගෙන චිත්‍රපටියක් කරපු අධ්‍යක්ෂක වරයෙක්ට අනෙත් නළුවා යොදාගෙන චිත්‍රපටියක් කරන එක හීනයක් වෙලා තියෙන්නෙ. හැබැයි මේ දෙන්නවම අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් ඉන්නවා. ඒ අතරින් කෙනෙක් වෙන්නෙ මේ එස්. ජේ. සූර්යා. අනිත් කෙනා කේ.එස්. රවිකුමාර්.ඒ වගේම සූර්යා මහේෂ් බාබු සමඟ එක් චිත්‍රපටයක්, පවන් කල්‍යාන් යොදාගෙන චිත්‍රපට දෙකක් බැගින් කලා.

දෙසැම්බර් 2 දා පටන් ඇමසන් ප්‍රයිම් හරහා විකාශනය වුණ මේ කතා මාලාවට විවේචකයන්ගේ ඉහල ප්‍රතිචාර හිමි වුණා. මේ කතා මාලාව නිෂ්පාදනය කරන්නේ පුෂ්කර් – ගයාත්‍රී දෙපලයි. සුළල් : ද වෝටෙක්ස් කතා මාලාවෙදි මෙයාලා ගැන ගොඩක් විස්තර සඳහන් කලා. මෙයාලා දෙන්නා තමයි Vikram Vedha කියන විශිෂ්ඨ චිත්‍රපටය නිර්මාණය කලේ මේ දෙපළයි. ඒ චිත්‍රපටය මේ වසරේදී හින්දි බසින් ප්‍රතිනිර්මාණය කෙරුණා. ටිකක් මන්දගාමී වේගයකින් තමයි මේ කතාව ගලාගෙන යන්නෙ. මේ වගේ අපරාධ, පරීක්ෂණ, අභිරහස් කතා බලන්න කැමති අය අනිවාර්යයෙන්ම බලන්න.

සුළල් : ද වෝටෙක්ස් (2022) කතා මාලාව අරගෙන ආව අපේ PHONEIX සහෝදරයාගේ මූලිකත්වයෙන් ආයෙමත් ඔයාලට අරගෙන ආව මේ වදන්දි කතා මාලාවේ, පලමු කොටසින් රවිඳු හේෂාන් අයියා, දෙවන කොටසින් ඔෂධ ධනංජය අයියා, තුන්වන කොටසින් දහරා මුතු අමා අක්කා සම්බන්ධ වුණා. ඉතින් මේ විදියට මම හතරවැනි කොටසින් මේ කතා මාලාවට උපසිරැසි ලබා දෙනවා. ආයෙමත් පස්වැනි කොටසින් ඔෂධ අයියා ඔයාලව හමුවෙනවා. තව තවත් මේ වගේ කතා මාලා වලට උපසිරැසි ලබාදෙන්න ධෛර්යමත් කිරීමක් විදියට මේ හැමෝටම ඔයාලගේ ස්තූතිය ලැබෙන්න ඕන. ආයෙමත් හයවැනි කොටසින් හමුවෙන්නම්. හැමදාමත් වගේ අදහස් දක්වන ඔබ සැමට ස්තූතියි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,445 downloadsDownload Vdhndhi-2022-S01-EP04.zip1.5 MB

අප විසින් ලබාදෙන උපසිරැසි වෙනත් වෙබ් අඩවි සහ ෆේස්බුක් ගෘප් මගින් අනවසරයෙන් ලබාගනිමින්, ඔවුන් විසින් නිර්මාණය කල ලෙසින් ඔවුන්ගේ නම් යොදා පළකිරීම හේතුවෙන් අප විසින් ලබාදී ඇති මෙම උපසිරැසිය IDX ආකාරයෙන් පමණක් උපසිරැසි ලබාදී ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු. ඒ හේතුවෙන් ඔබට යම් අපහසුතාවයක් ඇතිවේ නම්, ඒ පිලිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු!

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

3,445 downloadsDownload Subtitles1.5 MB

17 comments

  1. Anonymous

    sub ekai video copy ekai hari eka ad karapnko bn okkoma maru karala

    1. Kailey

      Ep4 eke Sub naha 3 weni ekama mekatath daala

  2. DMT SANJEEWA

    Thanks brother sub

  3. Anonymous

    මචන් උබලට ඉක්මනින් දෙන්න පුලුවන් විදියට ඔක්කොම සබ් ටික රෙඩි වුනාම සීරීස් එක දෙන්න පටන්ගන්න..(දවසකට එක එපියක් ගානේ වගේවත් අඩුමතරමේ...)
    එහෙමනැතුව 1වෙනි එක දීලා දවස් 3කින් වගෙ 2වෙනි එපිය දෙනකොට අවුල්නෙ බන්,අපිත් ජොබ ඉවරවෙලා නෙහ් බන් බලන්න සෙට්වෙන්නේ........
    මට දැනුනු පොඩි අඩුපාඩුවක් කිව්වේ කවුරුත් ට්‍රිගර් වෙන්න නම් එපා ඔන්න...
    කලින් සබ් දීපු අයටත් ඉදිරි එපිවල සබ් දෙන අයටත් පට්ටම තැන්ක්ස් !

    1. Naveen Mbr

      උපසිරැසි ඔක්කොම දැනටමත් සයිට් එකට යවලා තියෙන්නෙ සහෝ.

    2. Anonymous

      ඇයි බන් එහෙමනම් සබ් එක දීලත් තියෙද්දී සයිට් එකට දාන්න පරක්කු වෙන්නේ??
      මන් හිතුවේ උපසිරසිකරුවන්ගේ ප්‍රමාදයක් කියලා..
      ඇඩ්මින් අය පොඩ්ඩක් බැලුවනම් හරි එහෙනම් නේද..
      එනිවේ තැන්ක්ස් බන් රිප්ලයි එකට..ජය වේවා !

    3. Prabodha20

      Thank u

    4. sachin

      meke sub maru karala E4 eke sub naha. poddak eka hadanna !!!

  4. Viraj

    Thanks.......

  5. Kushan

    Sub akta thanks

  6. sachin

    meke sub maru karala ne thiyenne. meke thiyenne EP3 sub eka. Ep4 Sub eka naha

  7. Chalindu Deshan

    MEKE DOWNLOAD WENNE EPISODE 3 EKE SUBTITLES.MAKE IT CORRECT SOON SOON SOON

  8. Naveen Mbr

    පහල තියෙන, දෙවෙනි ඩවුන්ලෝඩ් බටන් එක ඔබලා 4 වෙනි එපියෙ සබ් එක ගන්න.

  9. Chandima

    Thank You Subtitle Ekata

  10. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  11. Ravindra

    Thanks sub ekata

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.