අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Anyone But You (2023) Sinhala Subtitles | “ඔබ හැර වෙන කවුරුවත් එපා” [සිංහල උපසිරසි]

Rating: 8.6/10. From 14 votes.
Please wait...
Anyone But You
Anyone But You (2023) Sinhala Subtitles

ආයුබෝවන්, කොහොමද ඉතින් බයිස්කෝප් සිනමා ලෝලී ඔයාලා හැමෝටම? කට්ටියටම හොඳින් ඇති කියලා හිතනවා. මුලින්ම අවුරුදු 15ක සංවත්සරය වෙනුවෙන් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට මගේ සුභ පැතුම් එක් කරනවා ❤️ ඉතින් ඔන්න අද මං කට්ටියටම අරගෙන එන්නෙ “Anyone But You (2023)” ෆිල්ම් එකට උපසිරැසි. මේකට උපසිරැසි කරන්න භාරගෙන ටිකක් කාලයක් වුණා. උපසිරැසි ගේන්න පරක්කු වුණ එකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. කලින් ලිපිවලත් සඳහන් කළා වගේම තියෙන කාර්යබහුල තාවයේ වැඩි වීමත් එක්ක උපසිරැසි කරණයට කොච්චර ආසාව තිබුණත් කොහොමහරි, ඒකට ලැබෙන කාල වේලාව සෑහෙන අඩුවෙලා තියෙන්නෙ. ඒකයි උපසිරැසි පරක්කු වෙන්න ප්‍රධානතම හේතුව. ඒ නිසා ආයෙත් ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා ඔයාලා හැමෝගෙන්ම. මේ උපසිරැසියත් අවසන් කරලා, මේ ලිපිය ලියනකොට වෙලාව මාර්තු 10 පාන්දර 3.23 යි. ඉතින් නිදිවරාගෙන හරි ඉඳලා මේකට උපසිරැසි දාලා ඉන්න කියලා හිතුවා. ඒ වගේම මේ ෆිල්ම් එකට උපසිරැසි ගන්වන්න භාරදුන්නු විමා සහෝවත් මතක් කරගෙනම අපි කතාව පැත්තට හැරෙමු.

පැය 1 කුත් විනාඩි 43ක් පුරා දිව යන Anyone But You චිත්‍රපටය Romantic/Comedy ඛාණ්ඩය යටතේ IMDb දර්ශකයේ 6.2 අගයක්ද Rotten Tomatoes දර්ශකයේ 54% අගයක් ලබාගනිමින් Audience Score එක 87%ක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. චිත්‍රපටයේ සිදුවීම ගැන මොකුත්ම නොකියා ඉන්න මං බලාපොරොත්තු වෙනවා. මොකද එතකොට කතාවේ තියෙන රසාස්වාදනය සම්පූර්ණයෙන්ම නැතිවෙන්න පුළුවන් නිසා. උපසිරැසියේ අඩුපාඩු තිබුණොත් නැවත සමාව ඉල්ලනවා. රොමෑන්ටික්, කොමඩි ගණයට කැමති අයට අනිවා බලන්න කියලා මතක් කරන ගමන් එහෙනම් අදට ගිහින් එන්නම්. පුළුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.

සුභ දවසක්! ජයවේවා!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRIP පිටපත් සඳහා ගැළපේ

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Anyone But You, Anyone But You (2023), Anyone But You (2023) Sinhala Subtitles

7 thoughts on “Anyone But You (2023) Sinhala Subtitles | “ඔබ හැර වෙන කවුරුවත් එපා” [සිංහල උපසිරසි]

  • thanks a lot Rukshan saho sub ekata

    Reply
  • Sub eka denkal hitiye thanks

    Reply
  • සබ් දෙනකම්ම බලං හිටපු මූවි එකක්….
    තෑන්ක්ස් සහෝ සබට….

    Reply
  • Sub ekata thanks bro ❤️❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *