ඇටෑක් ඔන් ටයිටන් ඇනිමේ එකේ අවසාන සීසන් එකටයි මේ උපසිරසි ගේන්න පටන් ගත්තෙ. බයිස්කෝප් අඩවියෙ ඇඩ්මින් මඩුල්ලෙ තීරණයක් තමයි ඔන්ගොයින් සීසන් වලට උපසිරසි නොදෙන එක. ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම් සළකලා බලලා ගත්ත තීරණයක් තමයි මේ. අද මේ පළවෙනි උපසිරසිය දෙන වෙලාවෙ දැනට කොටස් 9ක් ඇවිත් තියනවා. ඒ ටිකත් ඉක්මණින් දුන්නා…

ඇටෑක් ඔන් ටයිටන් ඇනිමේ එකේ අවසාන සීසන් එකටයි මේ උපසිරසි ගේන්න පටන් ගත්තෙ. බයිස්කෝප් අඩවියෙ ඇඩ්මින් මඩුල්ලෙ තීරණයක් තමයි ඔන්ගොයින් සීසන් වලට උපසිරසි නොදෙන එක. ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම් සළකලා බලලා ගත්ත තීරණයක් තමයි මේ. අද මේ පළවෙනි උපසිරසිය දෙන වෙලාවෙ දැනට කොටස් 9ක් ඇවිත් තියනවා. ඒ ටිකත් ඉක්මණින් දුන්නා කියමු. හැබැයි ඉතුරු ටික එනකන් සතියක් ගානෙ බලන් ඉන්න වෙනවා. හොඳවැයින් බැනුම් ටිකකුත් අහගෙනයි මේ සීසන් එකේ උපසිරසි කරන්න පටන් ගත්තෙ. ආපු ගමන් උපසිරසි දුන්නෙ නෑ කියලා. කමක් නෑ එහෙම හරි ඇනිමෙ බලන පිරිසක් දැන් හැදිලා ඉන්නවා. එහෙනම් මේ සීසන් එක ගැන ටිකක් දැනන් ඉමු.
අන්තිම සීසන් එක කොටස් 16කින් යුක්තයි කියලා නිළ වශයෙන් දැනුම් දීලා තියනවා. මන්ගා රසිකයන්ගෙ ප්‍රශ්නෙ වුනේ ඇත්තටම ඉතුරු ටික කොටස් 16කින් ඉවර කරන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒක 16ම බලලා තමයි දැනගන්න වෙන්නෙ. ඔයාලට හුරු පුරුදු වුන, කලින් සීසන් වල ඇනිමේෂන් නිර්මාණය කලේ විට් ස්ටූඩියෝ එකෙන්. ඒත් ඇටෑක් ඔන් ටයිටන් අවසාන සීසන් එකේදි ස්ටූඩියෝ එක මප්පා වලට මාරු වෙනවා. මප්පා කියන්නෙ මේ අවුරුද්දෙ නොසෑහෙන කාර්යබහුල වුන වගේම නොසෑහෙන බැනුම් අහපු ස්ටූඩියෝ එකක්. කලින් සීසන් වල පෙනුම නැති වුනත් මප්පා, මන්ගා එකේ මුල් චිත්‍ර වලට සමානවම මේකෙ ඇනිමේෂන් කරලා තියනවා. CGI තමයි පාවිච්චි කරලා තියෙන්නෙ. කොහෙත් ආඬපාලි කියන අය ඉන්නවනෙ. ඉතින් ඒක නිසා මප්පා ස්ටූඩියෝ එකට මරණ තර්ජන පවා ඇවිල්ලා තිබුනා. ඒත් ඔයාලට බලනකොට තේරෙයි මේ වෙලාවෙ වෙන සිද්ධි එක්ක, තියන අඳුරු බව, පීඩනය ඒ සේරම මප්පා ස්ටූඩියො එකෙන් ගොඩක් ලස්සනට ඇනිමේට් කරලා තියනවා කියලා. එයාලා මේ අවුරුද්දෙ කාර්ය බහුල වෙලා ඉන්නෙ ඇටෑක් ඔන් ටයිටන් වගේ හයිප් වැඩි ඇනිමෙ එකක් වගේම ජූජුට්සු කයිසෙන්, ද ජිම්නාස්ටික් සාමුරායි සහ සොම්බිලන්ඩ් සාගා වැනි ජයප්රියත්වයෙන් වැඩි ඇනිමෙ නිර්මාණය සිදු කරන නිසයි. මං හිතන්නෙ මේ ස්ටූඩියෝ එකෙන් ඇටෑක් ඔන් ටයිටන් අන්තිම සීසන් එකට ඕනවටත් වැඩිය සාධාරණයක් කරලා තියනවා. ඒ වගේම කියන්න ඕනෙ කලින් සීසන් වල තිබුන තීම් සෝන්ග් ඇත්තටම විශිෂ්ඨයි, දෙකක් තුනක්ම ජාතික ගී සයිස් එකේ ඒවා. විශේෂෙන් සීසන් 2 එකේ “ෂින්සෝ වෝ සසාගෙයෝ” කියන තේමා ගීතය. මේ සීසන් එකේ පළවෙනි ආරම්භක තේමා ගීතයෙ නම “මයි වෝර්”. ඒක බලද්දි ඔයාලට පාට පාට රූප රාමු දැකගන්න පුළුවන් වෙයි. ඒත් ඒක යට හැංගිලා තියෙන්නෙ කොච්චර පව්කාර තේමාවක්ද කියලා සංගීතය අහද්දි තේරුම් ගන්න පුළුවන් වෙයි. කොහොමහරි හිරිගඩු පිපෙන විදියෙ තේමා ගීතයක්.
එහෙනම් ටිකක් මතක් කරන්නම් අන්තිම කොටසෙ වුන දේවල් ගැන. සීසන් 3 අන්තිම කොටසින් දකින්න ඇති පාරාදීස දූපතේ හිටපු සේරම ටයිටන්ලව එයාලා තුරන් කරලා දානවා. ඊට පස්සෙ අන්තිමේදි අර්මින්ගෙ එකම හීනෙ වුන මුහුද එයාලා දකිනවා. එතනදි එරන් අත දික් කරලා අහනවා අපි මේ මුහුදෙන් එහා ඉන්න සේරම සතුරො මරලා දැම්මොත් අපිට නිදහසක් ලැබෙයිද කියලා. ඉතින් තාප්පෙන් එහා මුහුද. මුහුදෙන් එහා මොකක්ද…?? නිදහසද? සංහාරයද? සීසන් 4 බලන්න ඔයාලට ආරාධනා කරනවා.
තව කියන්න ඕනෙ, දැන් ඉඳන් අපිට ඇනිමෙ වල උපසිරසි දෙන්න වෙන්නෙ මේ විදියට සිංහල මාතෘකාවක් යටතේ, මොකද ඇනිමෙ ගොඩක් වෙලාවට කොපිරයිට් වලට අහුවෙනවා. ඉතින් ඔයාලට බැරිවෙලා ඇනිමෙ එකක් ඉංග්‍රිසියෙන් ටයිප් කරලා හොයාගන්න බැරිවුනොත් නිකමට සිංහලෙන් වචනයක් ටයිප් කරලා සර්ච් කරන්න.
ඊළඟ කොටසින් ඉක්මණට මුණගැහෙමු.!!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB/BD පිටපත් සඳහා අදාළ වේ.
15,971 downloadsDownload AOT-S4-EP1.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
242 comments
Dineth sithumina
kshithija
good job....
viraj preethi
කියන්න වචන නෑ :-* දිගටම සබ් දෙන්න.. සුබ පතනව හැම දෙයක්ම සාර්තක වෙන්න කියල
Anonymous
Thanks akke
Janith
ලොකු දෙයක් අක්කෙ තෑන්ක්ස් ❤️❤️❤️ ගුඩ් ලක් ❤️
Kasun
උපසිරැසියට ගොඩක් ස්තුතියි අක්කේ ❤️❤️❤️
Das
Welcome to the party... නවෝදිනී... ඔයා ඕක දෙනකන්ම බලන් හිටියේ... ඒ වගේම ඔයාගෙ ලිපිය බලව්වෙත් ආසාවෙන්...
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Sam
Thanks bn sub ekata....denakan balan hitiye...
Shehan randika jayathunga
thanks nangiyoo
Ishan Madusha
බොහොම ස්තූතියි.ජය වේවා!
Anonymous
Thanks akki
Anonymous
Sub Ekata Thankjs Sis.. Digatama Sub Denna..
nadila
Thanks
Samitha
Sub eka dunnata thanks...ඉවසිල්ලක් නැතුව හිටියේ...❤️
Anonymous
Thanks
Anonymous
thank you ♥
Malinda
මෙච්චර ඉක්මනින් සබ් දෙයි කියල හිතුවේ නෑ. ඒ නිසා ආපු සේරම බැලුවා :(.
ani me out . xyz එකෙන් සේරම කොපි අරගන්න්න පුළුවන්. (ස්පේස් අයින් කරලා යන්න.Pulasthi Neranjan
මේක දෙනකන් බලන් හිටියෙ,තෑන්කූ sis..
Desh
Ko anith episode tikath dennko ikmanata❤️
Kalpa
Thanks
chanu mikhail
niyamai, sub enakan hitiye ;)
thank u :)Anonymous
Thanks Sis..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Dhanitha
මෙච්චර ඉක්මනට සබ් එක දුන්නට ස්තුතියි අක්කේ.දිගටම සබ් දෙන්න.ජය වේවා....
Kavindu
අම්මෝ ගොඩක් ඉස්තූතී.ආපු එපිසොසඩ් ඔක්කොම බලලා ඉවරයි ඒ ටිකටත් සබ් දෙන්න
Sasindu
Thanks sister. ..
B@Max
Thanks You.......
Anonymous
සබ් නැනේ නෝනා
Anonymous
Ep 2 eke sub eka dennako
nipun
dila dila dila thanks sub ekata meke deilada balanna hemadama log wenawa site ekata
Chirantha
කෝ අනිත් ටික නෑනේ
podda
Thanks sis!!!
Kawidu
එක්තරා සෙට් එකක් පඬි ටෝක් දීලා enenglish සබ් වලින් විතරක් මේක බලන්න කියලා. ඒ වගේම මේකට සබ් හදන අක්කටත් බැනලා තිබ්බලු. ඒ නිසා මේකෙ අනික් එපි ටිකට සිංහල සබ් දෙන්න තියෙන ඉඩකඩ අඩුයිලු.
Grayson
නෑ නෑ ආයෙ එයා මේකට සබ් දෙන්නෙ නෑ කියල තිබ්බා.
ඇත්තනෙ, තමන්ගෙ වැඩ පාඩු කරන් අනිත් මිනිස්සු වෙනුවෙන් වැඩක් කරද්දි පැත්තක ඉඳගෙන බලන් ඉන්න ඔලුව ලොකු පුද්ගලයින්ගෙන් ඒ වැඩෙත් කරලා නිකන් බැනුම් අහන්න ඕන නෑනෙ. එයාලා කියන විදිහට මේක සිංහලෙන් බල බල හිටපු අය මේක නවත්තලා අනිත් ඔක්කොම වැඩ පැත්තකට දාලා අදම ඉංග්‍රීසි පංතියකට ගිහිං ඉංග්‍රීසි ඉගෙන ගෙන ඇවිත් තමා මේක බලන්න ගන්න ඕනා. මේක ජපන් ඇනිමේ එකක් වුණාට ඔයාලට ජපන් වලින් බලන්නත් බෑ, බලන්න ඕනා ඉංග්‍රීසි වලින් විතරයි. මතක තියාගන්න, ඉංග්‍රීසි වලින් විතරයි. නැත්නම් අවුල්ලු.පැහැදිළි ඊර්ෂ්‍යාව අනිත් මිනිස්සු මේක බලනවට තියෙන. වෙන දෙයක් නෙවෙයි. එහෙම බැනපු එක මිනිහෙක්වත් මේකට සබ් දෙන්නත් කැමති නෑ. ඒ කියන්නෙ ඉංග්‍රීසි තේරුම් ගන්න බැරි අය මේක බලන්න හොඳ නෑ කියන දේ තමා ඒ මිනිස්සු නොකියා කියන්නෙ. ලොකුකමයි පැහැදිළි ඊර්ෂ්‍යාවයි.
මධුසංඛ සංජය
ඇත්ත
Kyler
නොසෑහෙන්න බැනලා තිබ්බා. මේක කරන කෙනාගෙ නමින්ම පෝස්ට් දාලා ෆේස්බුක් එකේ. සිංහලෙන් දෙන එක මහා අපරාධයක් වගේ එයාලා බැනලා තිබ්බෙ. ඕන කෙනෙක්ට එපා වෙනවා ඒ කියලා තිබ්බ දේවල් දැක්කනම්. පව් වැඩේ. මහම මහ අන්ත ඊරිසියාකාරයො ඉන්නෙ මේ ලංකාවෙ, සිංහලෙන් මනුස්සයෙක් මේ වගේ හොඳ දෙයක් බලලා ඒක බලන ගාන වැඩි වෙනවට උන් කැමති නෑ.
Anonymous
Ane akke ehema karanna epa Anith hamoma ehema na ne.hamotama english terenne na ne.:(
Anonymous
Eekanee..... Akkee.... Ithuru tikath dennakoooo....
DJ
Enakan balan idiye. Godak stuti sub walata
Akash
මං මේක ලියන්නෙ 10 වෙනි එපිය බලල ඉවර උනු ගමන්මයි.ගොඩක් දවස් වලට ඇවිල්ල බලනව සබ් ඇව්ල්ලද කියල, මොකද anime එකේ සමහර දේවල් හරියට තේරුනේ නැති නිසා. මේක දැක්කම මාර සතුටක් ආවෙ.ඔයාට ගොඩක් ස්තූතිය මේ anime එක තමා මං මෙතෙක් කාලෙකට ආසාවෙන්ම බලපු දේ. පුලුවන්ම් ඉතිරි එපි ටිකටත් ඉක්මට සබ් දෙන්න.thanks❤️
Anonymous
Ane Sub dennako Please
Anonymous
Ithuru epi tiktth sub dnnko plz...
Anonymous
oya sab danna akke...eka eka kiyana ewa ahanda epa ..api asawen meka balanne..
Anonymous
Ane Akke Please Sub Dennako
isuru
Ane Akke Sub Denne nadda anith Epi tikata
adeesha
plz ithuru tikath denna
naveen45678910
ayyo akke thava epi 15 vaine thiyenne. sub nethiva eka epiyak beluveth bohoma amaruven
Anonymous
Anith episode tikatath sub eka denna puluwannam loku deyak , mechchra kal sub dunnatath thanks
UMESHA
ithiri sub tikath ikmantma dennko
plsYasindu
Ane Akke Sub Eka Dennako pls
DJ
ituru epi walat sub tika danako
Anonymous
ithuru tikath oni : (
Themiya
s4 ඉතුරු එපි වලට sub දෙන්නෙ නැද්ද?, දැන් හුඟක් කල් ඉදන් බලන් ඉන්නෙ
Gagana Meegahapala
plz tak gala season 4 eke anik Episoide tike sinhala sub tika denne
Gagana Meegahapala
kalin sub tika hodata karala tiyanawa akkee good job plz anith season 4 episoide tike sub tika denna
Anonymous
episode 16 n oka iwrane onna ohe ithuru ewath dila dannko.hamdma awillda balnwa ithuru epi wlta sub.so sad :(
Namal
anith episoid valata sub denne nadda?
Advertisement
![Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E01] Sinhala Subtitles | මුහුදෙන් එපිට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/02/aot-s4-1.jpg)


මෙච්චර කාලයක් බලන් ඉදියෙ මේකට සුබ් දෙනකන් තෑන්ක්ස් අක්කේ බොහොම ස්තූතියි