Watch Trailer

Cold Pursuit (2019) Sinhala Subtitles | ලෙයට ලෙය..! [සිංහල උපසිරැසි සමඟ]

“Liam Neeson”, මෙහෙම කිව්වම මතක් වුණාද කවුරුහරි? හරි එහෙනම් ඉතිං ආයෙ මොන කතාද බෑමක් තමයි. ඔව්, මම දන්නව ඉතිං මේ නම කිව්ව ගමන් ගොඩක් අය මෙතනින් එහාට මේක කියවන්න වද වෙන එකකුත් නෑ කියල. ඒක ඉතිං අහන්නත් දෙයක් නෙවෙයි. කොහොමහරි එහෙම අය වද වෙන්න එපා මේක බාගන්න. අනිත් අයට මම ටිකක් විස්තර කියන්නම්. ප්‍රේක්ෂ…

“Liam Neeson”, මෙහෙම කිව්වම මතක් වුණාද කවුරුහරි? හරි එහෙනම් ඉතිං ආයෙ මොන කතාද බෑමක් තමයි. ඔව්, මම දන්නව ඉතිං මේ නම කිව්ව ගමන් ගොඩක් අය මෙතනින් එහාට මේක කියවන්න වද වෙන එකකුත් නෑ කියල. ඒක ඉතිං අහන්නත් දෙයක් නෙවෙයි. කොහොමහරි එහෙම අය වද වෙන්න එපා මේක බාගන්න. අනිත් අයට මම ටිකක් විස්තර කියන්නම්. ප්‍රේක්ෂක මනාප 14500+ වලින් IMDb මීටරේ 6.4ක අගයක් සටහන් වෙලා තියෙන, “Liam Neeson” රංගනයෙන් දායක වෙන 2019 වර්ෂයේ නිකුත් වුණු අලුත්ම චිත්‍රපටිය තමයි ඔන්න අද මම අරගෙන ආවෙ. Taken (2008), Taken 2 (2012), Taken 3 (2014), The Gray (2011), Non-Stop (2014), Run All Night (2015) මෙකී නොකී තව බොහෝ සිනමා කෘතීන් ගණනාවක ඉතාම ඉහළ රංගන කෞෂල්‍යයකින් හෙබි චරිතයක් තමයි “Liam Neeson” කියල කියන්නෙ. ඒ ගැන මම අමුතුවෙන් කියන්න ඕනෙත් නැති තරම්. ඉතිං Cold Pursuit (2019) කියන්නෙ ඒ සිනමා ගොනුවේ අලුත්ම දිගහැරුම. ඉතිං මේක 2014 වර්ෂයේ තිරගත වුණු In Order of Disappearance කියන නෝර්වේජියානු සිනමාපටය ආශ්‍රයෙන් කරන ලද නවෝත්පාදනයක්. විනාඩි 119ක් පුරා දිවෙන Action, Crime, Drama ගණයට වර්ගීකරණය වුණු, මේ සිනමා පටයත් කම්මැලි නැතුව බලන්න පුළුවන් කියල කියන්න පුළුවන්. හැබැයි දඟලල, වෙඩි වරුසා වස්සගෙන යන Action නම් මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඊට වඩා ගැඹුරු, ඉවසීමෙන්, මොළෙන් ගහන ගේම් එකක් තමයි මේක. ඒ වගේම මෙහි දෙවැනි ප්‍රධාන චරිතයට පණ පොවන Tom Bateman නැත්නම් Jekyll & Hyde කතා මාලවට දායක වුණු ජෙකිල් (මේකෙ නම් වයිකින්) ඉතාම සාර්ථක රංගනයක් කරනව කියලත් මතක් කරන්න ඕනෙ. ඇ.ඩො.මි 60ක, පිරිවැයක් දරල නිෂ්පාදනය කරල තියෙන මේ සිනමාපටය Box Office වාර්ථා තබපු සිනමාපටයක් කියලත් මතක් කරන්න ඕනෙ. එහෙනම් කතාව පැත්තට ටිකක් හැරෙමු.

නෙල්ස් කොක්ස්මන් කියන්නෙ කීහෝ කියන නගරයේ පාරවල් වල හිම ඉවත් කරන පුරවැසියෙක්. එයාගෙ පුතා තමයි කයිල් කොක්ස්මන්. පුතා වැඩ කරන්නෙ කීහෝ ගුවන්තොටුපොළේ. හිටපු ගමන් දවසක් නෙල්ස් සහ ග්‍රේස් (කයිල්ගෙ මව) දෙන්නට ආරංචි වෙනව, කයිල් මැරිල කියල. මරණය බලන්න ගියාම මරණ පරීක්ෂණ නිගමනය වුණේ කොකේන් අධි මාත්‍රාවක් ශරීරගත වීම නිසා මරණය සිදුවුණා කියල. නමුත් මේක පිළිගන්න නෙල්ස් සූදානම් වෙන්නෙ නෑ, නමුත් මේ මරණය නිසා ඔවුන්ගෙ පවුල් ජීවිතය සම්පූර්ණයෙන් කණපිට හැරෙනව. ඒ අතරෙ තමයි නෙල්ස් සියදිවි හානිකර ගන්න උත්සාහ කරන්නෙ. ඔන්න ඔය අතරෙ කයිල් එක්ක එකට වැඩ කරපු ඩාන්ටේ එනව නෙල්ස් ලඟට. එතනින් තමා සියදිවි නසාගන්න ගියපු නෙල්ස්ට ජීවත් වෙන්න අරමුණක් එන්නෙ. ඊට පස්සෙ නෙල්ස්ගෙ ගමන තනිකරම වෙනස් වෙනව. ඒ ගමන් මග වැටිල තියෙන්නෙ වයිකින් සහ වයිට් බුල් කියල දෙන්නෙක්ගෙ මැදිහත් වීම් මතින්. මේක කීහෝ වල ජීවිත වෙනස් කරන්න සමත් වෙනව. ඒ වගේම වයිකින් කියන්නෙ කවුද? වයිකින් ඉස්සරහට එන අයට වෙන්නෙ මොනවද? වයිකින්, වයිට් බුල් අවුස්සගන්නෙ මොනව කරලද? මේව තමයි කතාව එක එක දිශා වලට හරවන්නෙ. හැබැයි නෙල්ස් ඉන්නෙ එක අරමුණක. ඒකට යන්න ඕන පාර හොයාගෙන පාදගෙන නෙල්ස් තමන්ගෙ පුතාගෙ අහඹු, අබිරහස් මරණය වෙනුවෙන් සටන් කරන හැටි එහෙනම් බලමු.

මේ සබ් පිටපත HC HDRip පිටපත් සඳහා තමයි නිකුත් කරල තියෙන්නෙ, මේ වෙද්දි Web පිටපතකුත් නිකුත් වෙලා තියෙනව කියල මම දැක්ක. ඒකටත් ඉදිරියේදි උපසිරැසිය යාවත්කාලීන කරන්නම්. එහෙනම් ඉතිං නැවත උපසිරැසියකින් හමු වෙමු. ජය වේවා..!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HC HD/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

18,726 downloadsDownload Cold-Pursuit-2019-Blu-Ray-Update.zip81 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

18,726 downloadsDownload Subtitles81 KB

104 comments

  1. pubudu kanishka

    enakan hitiye.thanks bro

  2. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි උදයංග අයියේ සබ් එකට. ඉක්මනට අප්ඩේට් පාරක් දෙන්ට ඈ... එහෙනම් ජය වේවා...!!

  3. Minethra

    සබ් එක⁣ට තෑන්ක්ස් අයියේ

  4. Rasitha Nalin

    Thank you.................!!!!!!!!!!!!!!!!!!!!!

  5. dsdkavishka

    Thenks for sub bro

  6. Lusha

    please update for web-dl

  7. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata...

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!

  9. Sahan Sulakkhana

    ane shadow hunters ekata sub dennko

    1. උදයංග සම්පත් හතරසිංහ

      ලබන සතියෙ ඉඳන් දෙනව මචං.. ඒ ඔක්කොම දෙනව. මේ සතියෙ දෙන්න බැහැ. මම ටිකක් හිරවෙලා ඉන්නෙ.

    2. Marian Avanthi Gunathilake

      ane godak sthuthi..shadowhunters eke sub enakan balan inne..

  10. Lahiru Sandaruwan

    Thanks bro!!!

  11. gihan perera

    ස්තුතියි සහෝ...ඉක්මනින් webDL එකට උපසිරැසි දෙන්න බලන්න සහෝ...දෙනකන් බලන් හිටිය ෆිලුමක් මේක...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  12. malithmadhushan45

    උපසිරසට ස්තුතියි උදයංග අයියේ බාගෙන බලන් හිටියේ දෙනකන් වෙබ් රිප් ඇවිත් තියෙන්නේ update එක දාන්න ඉක්මනින්ම

  13. Hiranhiru

    ස්තුතියි උපසිරැසියට..
    ජයවේවා

  14. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සබ් එක එනකම් හිටියේ...
    Web -Dl එකත් update කරමු...

  15. indika75

    thanks..

  16. thilz

    thank uuuu

  17. Nuwan_Hero

    thanks bro
    Happy Death Day 2 u 2019 filme eka awa ekatath sub demuko

  18. dinesh88

    ස්තුතියි උපසිරසියට..ජයවේවා

  19. Kavishna

    thnx bro sub ekata...

  20. pinxdmax

    ලබාදුන් උපසිරසියට මාගේ හර්දයාංගම ස්තුතිය..
    ජයෙන් ජය!!
    ~~PINXD~~

  21. Bobby

    Thank you friend

  22. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  23. Aac3

    ගොඩාරියක් ස්තූති සබ් එකට සහෝ... ජය වේවා !!!

  24. lahiru sadaruvan

    thank you so much brother

  25. Nandana_kumara

    Tu brother

  26. Nilush Angana

    Sub ekata thanx

  27. Pramukmili

    thanxx bro...........

  28. Sadunchamara

    Usersdrive eken download karanne kohomada

  29. suranuwan

    thanks bro...

  30. tv malli

    tnx bn..puluwannam happy death day 2u film ekata sub dennako broo

  31. AsithaDilruwan

    ela saho thanks

  32. thisumdeemantha

    Thanz for subtitles bro !!!

  33. jagath55

    Thanks

  34. sahancharuka

    thank you

  35. Hashan M. Priyadarshana

    Thank you bro.. BRRip eka awith neda bro ekata update karamuda

  36. ishan1653

    Tks alot...

  37. Dilip_kumara

    Thanks bro sub ekata

  38. Nipun Tharuka

    Superb.. Thanks for the sub...

  39. nishannw

    ස්තූතියි...

  40. R-TJ

    thnk u.....

  41. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  42. Vihanga sathsara

    thanksss machiii

  43. sahan ranasinghe

    BR එක ඇවිත් බ්‍රදර්ස්.ස්තූතී සබ් එකට

  44. sahan ranasinghe

    BR rip එක බලන අය සබ් එක තප්පර 25.5 ක් එකතු කරල බැලුවම හරි.✌️✌️

    1. උදයංග සම්පත් හතරසිංහ

      බ්ලූරේ එක අද දුන්න බං.. තව පොඩ්ඩකින් අප්ඩේට් කරයි. :)

  45. Hashan M. Priyadarshana

    BR එකට අප්ඩේට් කරාට තෑන්ක්ස් බ්රෝ...
    ජය වේවා.!

  46. Ravindu Rukshan

    thx

  47. Chathuranga Lahiru

    Thank you very much

  48. suchroxx

    Thank You

  49. Kanchaka

    Thanks bro

  50. isameera

    Thank you. keep going. I appreciate the contribution all of you.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.