සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුනු, මේ වසරේ ජනවාරි 11වෙනිදා තිරගත වීම ඇරඹුන The Upside චිත්‍රපටයේ සිංහල උපසිරැසියත් සමඟ තමා මෙවර එකතුවෙන්නේ. මේක 2017 චිත්‍රපටයක් විදියට සැලකෙන්නේ එම කාලයේදී චිත්‍රපට උළෙලවල් වල ප්‍රදර්ශනය කර ඇති නිසා. ඇත්ත වශයෙන්ම මේක The Intouchables කියන ප්‍රංශ චිත්‍රපටයේ ප්‍රති න…

සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුනු, මේ වසරේ ජනවාරි 11වෙනිදා තිරගත වීම ඇරඹුන The Upside චිත්‍රපටයේ සිංහල උපසිරැසියත් සමඟ තමා මෙවර එකතුවෙන්නේ. මේක 2017 චිත්‍රපටයක් විදියට සැලකෙන්නේ එම කාලයේදී චිත්‍රපට උළෙලවල් වල ප්‍රදර්ශනය කර ඇති නිසා. ඇත්ත වශයෙන්ම මේක The Intouchables කියන ප්‍රංශ චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක් (Remake). ඉතින් ඒ චිත්‍රපටය ලෝකයේම අවදානය දිනාගත්ත, එදා මෙදා තුර බිහිවුන හොදම නිර්මාණයක් විදියට සලකන නිර්මාණයක්. ඉතින් ඒ වගේ නිර්මාණයක් ප්‍රති නිර්මාණය කරන එක ලේසි පහසු කටයුත්තක් නෙමේ. මං අර කලින් කිව්ව ප්‍රංශ සිනමාපටය නරඹලා නැති නිසා මේකෙ ගුණාත්මක බව ගැන හරියටම කියන්න බෑ. හැබැයි මං හිතන්නෙ මේක සාර්ථක නිර්මාණයක්. ප්‍රංශ චිත්‍රපටය නරඹලා නැති අයට මේක තවත් හොද නිර්මාණයක් කියල නිසැකවම හිතෙයි. Comedy,Drama කාණ්ඩයන්ට අයිතිවෙන මේ නිර්මාණය හුදෙක්ම කොමඩියක්නම් නෙමේ. රංගනයෙන් එකතුවෙන්නෙ ප්‍රතිභාපූර්ණ නළු Bryan Cranston(ෆිලිප් ලකාස්), ඉතා ජනප්‍රිය, දක්ෂ කොමඩි නළුවෙකු වන Kevin Hart(ඩෙල් ස්කොට්), සම්මානනීය නිලියක් වන Nicole Kidman(ඉවෝන්) වැනි දැවැන්තයින් පිරිසක්. කෙවින්ගේ වුනත් දැක්ක ගමන් හිනායන ඒ කොමඩි පෙනුම මේකෙ හැමතැනකම දකින්න ලැබෙන්නෙ නෑ. මොකද සීරියස් වෙලාවට සීරියස් රංගනයක් ලබාදීලා තියෙන නිසා. IMDb අගයත් 6.6ක් කරකවලා ඉතා හොද ආදායමක් උපයන්නත් සමත්වෙලා තියෙනවා. මේකට පාදක වුන සත්‍ය කතාව, ඒ කිව්වෙ මේ චිත්‍රපටයේ කතාව මේකයි,
ෆිලිප් ලකාස් කියන්නෙ මුළු ශරීරයම පන නැති වෙන රෝගයකින් පෙලෙන කෙනෙක්. එයාගේ මුළු ශරීරයම පන නැති නිසා එයාව බලාගන්න ජීවිත ආධාරකයෙක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නෙ එයාව ඇඳෙන් පුටුවට මාරු කරන්න, පුටුවෙන් ඇඳට මාරු කරන්න, කවන්න පොවන්න ඇතුළු සෑම දෙයක්ම සිදුකරන කෙනෙක් තමා මේ ජීවිත ආධාරකයෙක් කියන්නෙ. නමුත් ෆිලිප් මේ විදියෙ රෝගියෙක් වුනත් වත්කම් අතින් ඔහු බිලියනපතියෙක්. කොහොමහරි ෆිලිප් කලින් හිටපු බලාගන්න කෙනාවත් මොකක්හරි හේතුවක් නිසා අස්කරලා දැන් ආයෙත් ජීවිත ආධාරකයෙක් හොයමින් තමයි ඉන්නෙ. ෆිලිප්ගෙ ඒ වැඩකටයුතු ගැන බලන්නෙ ඉවෝන් කියන එයාගේ කළමණාකාරවරිය. එතකොට කතාවේ අපේ අනිත් චරිතය වන ඩෙල් ස්කොට් කියන්නෙ යම් යම් අපරාධ නිසා පොරොන්දුවක් පිට තාවකාලිකව හිරෙන් නිදහස් වෙලා ඉන්න කෙනෙක්. බිරිදට දරුවටත් යුතුකම් හරිහැටි ඉටු නොකර ඔහේ පාවෙන ජීවිතයක් තමයි මිනිහා ගතකරන්නෙ. ඉතින් එයා ඉන්නෙ තාවකාලික නිදහස් කාලයක නිසා ආයෙත් හිරේ නොයන්නනම් එයාට ඔප්පු කරන්න වෙනවා රැකියාවක් සොයමින් ඉන්න බව. ඉතින් ඉවෝනුත් ෆිලිප්ට අලුත් ජීවිත ආධාරකයෙක් හොයන්න ඉල්ලුම් පත් කැඳවලා තියෙන නිසා ඩෙල්ටත් මේ රැකියා සම්මුඛ පරීක්ෂණයට සහභාගීවෙන්න ලැබෙනවා. ඇත්තෙන්ම ඔහුට අත්සන මිසක් රැකියාවනම් ඕන කරන්නේ නෑ. නමුත් මෙතනදී නොහිතපු විදියට ෆිලිප් තීරණය කරනවා ඩෙල්ව තමන්ගේ ජීවිත ආධාරකයා විදියට වැඩට ගන්න. ඉතින් වැටුප එහෙමත් හොද නිසා ඩෙලුත් රැකියාව බාරගන්නවා. වැඩේ කියන්නෙ මේ වගේ රැකියාවක් ගැන පොඩි දැනුමක්වත් තියෙන කෙනෙක් නෙමේ ඩෙල් කියන්නෙ. තමන්වවත් බලාගන්න නොදන්න මනුස්සයා මේ වගේ කෙනෙක්ව බලාගන්නවා කියන්නෙ ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ඉතින් මේ විදියට රැකියාවට ආපු ඩෙල් සහ ෆිලිප් අතරේ වෙන්නෙ මොනාද කියලා බලාගන්න තමයි තියෙන්නෙ.
හිත නිදහසේ හොදින් රස විඳින්න පුළුවන් නිර්මාණයක්. හැමෝටම චිත්‍රපටිය එක්ක එකතුවෙන්න කියලා ආරාධනා කරන ගමන් තවත් වැඩකින් හමුවෙනතුරු දැනට නවතින්නම්! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD / BR පිටපත් සඳහා අදාළ වේ.
9,144 downloadsDownload The.Upside.2019.BDRip_.zip114 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
45 comments
Ravindu Rukshan
jeewantha suraj
උපසිරැසියට ස්තූතියි. මට මතකයි මේකෙම දමිල චිත්‍රපටියකුත් ආවා. කාර්තික් ඉන්න..
madhubashana bandara
jaya wewa !!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා.!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!
Hemantha De Silva
ගොඩක් ස්තුතියි ඉසුරු ...
The Intourchable ප්‍රංශ එකට දෙමළ එකකුත් තියෙනවා Remake.Nilush Angana
Sub ekata thanx
Suchithra Fernando
Ela ela lokka, Suba anagathayak.Thawa thawat sub karanna dhairaya, shakthiya labewa. Onna apith baagaththa ehanm. Good luck. ;-)
Kavishna
thnx bro...
barthelotp
.
මේකේ දමිළ රීමේක් එක තමයි තෝලා, කාර්තික් ඉන්නේ. මේකේ ප්‍රංශ එකත් හොදයි. මම ඕක බලල නෑ. අනිවාර්‍යෙන් කෙවින් ඉන්නවා කියන්නේ සුපිරියටම ඇති. ස්තූතියි සබට.
Madhawa_Chathuranga
Thohza කියල ආවෙ ඕකෙ දෙමල එක, oopiri කියලත් කියනව, ඒක තමයි ඔය තුනෙන් හොදටම තියෙන එක,
Maxxlasindu
Me wagema Tamil film akakuth thiyenwa.thanx sub akata
Tharaka
THANKS........
Bandara76
සුපිරි.. ස්තූතියි සබට සහෝ…!
Isira janith
Fighting with my family movie Eka sub dennako plz
Isira janith
Fighting with my family movie Eka sub dennako
M.W. Dilhani
thank you
AsithaDilruwan
ela saho thanks
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
ජයවේවාසනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..BR එකක් ආව ගමන් බලමු..බුදුසරණයි..ජය වේවා!!!
Vihanga sathsara
thanksss machiii
suchroxx
Thank You
sampath n perera
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
nish47
Thanks saho
prasad wanasundara
thanks saho
IreshSampath
thanks
Sanjeewa2010
Thnxxxxxxxxx
Chalindu sankalpa
Thanks bro
ලුසිෆර්
thnks. france film is one of my favourite.
Maliii
Tnx machan
HD9922
Thank you bn!!
polaya
T H A N K Y O U
lasaa
Ela
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Bandaramudiyansi
මට නම් මෙකෙ සමහර තැන් කීපවාරක් රිවන් කරල බලලත් ඇති උන් නැ. උපන්දින සාදයේ තරහ නොනගෙ ඩාන්ස් එක.... කෙවීන්ගෙ රන්ගනය මරු.උපසිරස ඉට වාඩ සුපිරියි .තැන්ක්ස්
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
බොබී
හොඳ කතාවක් වගේ. ස්තූතියි සහෝ.
lahiru dharmakeerthi
thnx man
dragonhero
thanks
Kanchaka
Thanks bro
Anonymous
thanks for sub
Sahan Gayantha
thanks a lot saho sub ekata
Advertisement
මේක පහර ෆිලුම තැන්ක්ස් වේවා උපසිරැසයට