Kaiju No. 8 [S02 : E08] Sinhala Subtitles එළඹුනු Summer season එකේ වඩාත් බලාපොරොත්තු සහගත වගේම ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන Kaiju No.8 හි Season 2 හි 9 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඒ අනුව ටිකෙන් ටික අපි Season 2 හි අවසානයට ළං වෙන ගමන් තමයි ඉන්නෙ. කතාවේ තියෙන රසයේ කිසිම අඩුවක් මේ […]

Kaiju No. 8 Sinhala Subtitles
එළඹුනු Summer season එකේ වඩාත් බලාපොරොත්තු සහගත වගේම ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන Kaiju No.8 හි Season 2 හි 9 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඒ අනුව ටිකෙන් ටික අපි Season 2 හි අවසානයට ළං වෙන ගමන් තමයි ඉන්නෙ. කතාවේ තියෙන රසයේ කිසිම අඩුවක් මේ season 2 එකේ දකින්න ලැබුනේ නැති බව මෙතෙක් කතාව නරඹපු ඔයාට දකින්න ලැබෙන්න ඇති. මේ වතාවෙත් සුපුරුදු විදිහටම උපසිරැසිය අරන් එන්න කාර්යබහුලත්වය හරස් උනා. එහෙනම් මේ අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිදුවීම කෙටියෙන් මතක් කර ගනිමු.
කයිජු අංක 6 ඇසුරෙන් නිපදවපු ඇඳුම ඇඳගෙන පරික්ෂණාත්මක සටනක නිරත වුනු රෙනෝ ඉචිකවා, තමන්ගේ යාළුවා ඉහරු ෆුරුහෂිගේ උදව් එක්ක ඒ සටන දිනන්න සමත් වෙනවා. රෙනෝ මේ ඇඳුමට ඇත්තටම සුදුස්සෙක්ද කියල දැනගන්න මේ සටන දිහා බලන් හිටපු හමුදාංශ නායකයත් මේ ඇඳුමට රෙනෝ සුදුසුයි කියල තේරුම් ගන්නවා. ඒ අතරේ හිබිනෝ කෆ්කාත් තමන්ගේ කයිජු බලයන් නැතුව මිනිස් ස්වරූපයෙන් සටන් කරන්න පුහුණු වෙනවා. ඒ වගේම මේ අලුත් තරුණ පරම්පරාවේ සෙබළු ඉස්සරහට එනවා යැයි උපකල්පනය කරන යුද්ධයකට පුහුණු වීම් කරන්න පටන් ගන්නවා.
කතාවේ ප්‍රධාන සතුරා විදිහට අපි දැකපු කයිජු අංක 9 හුඟ කාලෙකින් ආයෙත් කරලියට ආවෙ නෑ. මුලදී එන ලොකු නිශ්ශබ්දතාවය පස්සෙ එන ලොකු කුණාටුවක පෙරනිමිති කියල කියනවනෙ. අන්න ඒ වගේ දෙයක් ඔන්න දැන් සිද්ධ වෙනවා. මීට කලින් කිසිම තැනක සිද්ධ නොවුනු විදිහේ පුදුම සහගත භයානක ආරම්භයක්. මේකට ආරක්ෂක බලකාය ගන්නා පියවරයන් මොන වගේ වේවිද? මේ සිද්ධ වුනු සිදුවීම මොකක්ද? තවත් ලොකු කුණාටුවක්ද මේ එන්නෙ? මතකයිනෙ අපි Season 2 වල අවසානයට ළං වෙමිනුයි ඉන්නෙ. ඉතින් ලොකු දෙයක් අත ළඟම ඒවි. නරඹන්න මේ කොටස. රූප රටා වලටම අනූන නාද රටා සමඟින් මේ කතාව ඔබට උපරිම විනෝදාස්වාදයක් ලබා දෙන්නක් වේවි. එහෙනම් හමුවෙමු ඉදිරි කොටස් තුළින්.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : Omen
Released Date : 2025.09.13
IMDB Rating : 7.7
Kaiju No. 8, Kaiju No. 8 [ Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,310 downloadsDownload Kaiju.No_.8.S02E09.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
1 comment
Akila Dilhara
Advertisement


Thanks for Sub...❤️