ඔන්න එහෙනම් අවසාන කොටසත් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා.. එකටම සමාව ඉල්ලනවා මේ කොටස ගේන්න ප්‍රමාද වීම ගැන.. එහෙනම් අපි බලමු 07 වෙනි කොටසෙදි මොකක්ද වුනේ කියලා.. හත්වෙනි කොටස පටන් ගන්නෙ ඔ-ග්වි හා මීර්ගෙ අතීත ආදර කතාවෙන්.. එහිදී මීර් විසින් ඔ-ග්විට ඔවුන්ගේ සම්බන්ධය ගැන ටේ-සන් ඇතුළු පිරිසට පවසන ලෙස සදහන් කලත…

ඔන්න එහෙනම් අවසාන කොටසත් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා.. එකටම සමාව ඉල්ලනවා මේ කොටස ගේන්න ප්‍රමාද වීම ගැන.. එහෙනම් අපි බලමු 07 වෙනි කොටසෙදි මොකක්ද වුනේ කියලා..
හත්වෙනි කොටස පටන් ගන්නෙ ඔ-ග්වි හා මීර්ගෙ අතීත ආදර කතාවෙන්.. එහිදී මීර් විසින් ඔ-ග්විට ඔවුන්ගේ සම්බන්ධය ගැන ටේ-සන් ඇතුළු පිරිසට පවසන ලෙස සදහන් කලත් ඔ-ග්වි එයට අකමැති වෙනවා.. ඔ-ග්වි උත්සහ කරන්නේ යාඥා කිරීම මගින් බලයක් ලබාගෙන දේවදූතයන් හා එක්වීමටයි. මේ සියල්ල දෙස විපරමින් බලා සිටින අන්ධකාරය, සා-මින් පූජකයාගේ මාර්ගයෙන් ඔ-ග්වී හට බලය ලබා දෙනවා.. බලය ලබා දීමෙන් පසු මීර් සහ ඔ-ග්වි අතර ඇතිවන මතගැටුමත් එහිදී ඔයාල දකින්න ඇති.
මේ අතර සිදු වී ඇති ව්‍යසනයෙන් නගරය බේරා ගැනීම සදහා ටේ-සන් ඇතුළු පිරිස ඔ-ග්වි ඇතුළු කණ්ඩායම සොයාගෙන පිටත් වෙනවා. මෙහිදී මීර්ව සා-මින් විසින් පැහැර ගැනීමත් ඔයාල දකින්න ඇති. මීර්ගේ මකර ආත්මයේ බලයෙන් හා ආත්ම පාශාන බලයෙන් සා-මින්ගෙ බලය සම්පූර්ණ කරගන්නවා. සා-මින්ගේ ප්‍රහාර වලින් අඩපන වී සිටින ඔ-ග්වී හමුවෙන ටේ-සන් ඇතුළු පිරිස දැනගන්නවා සා-මින් විසින් මීර්ව පැහැරගෙන නිරයේ දොරටුව අසලට ගෙන ගොස් ඇති බව. ටේ-සන් ඇතුළු පිරිස වහාම ටේ-සන් ගොඩනැගිල්ල බලා පිටව යනවා.. සම්පූර්න බලය අත්පත් කරගත් සා-මින් ජීවිතක්ෂයට පත්වූ දේවදුතයන් හතර දෙනාට නැවත ජීවය දෙනවා, ඒ ඔවුන්වත් දුෂ්ඨ ආත්ම බවට හරවාගැනීමෙන් අනතුරුවයි.. තමන්ගේ නැතිවුන සහෝදර සහෝදරයින් දකින ටේ-සන් ඇතුළු පිරිස පුදුමයට පත්වෙනවා. ඒ වගේම මේ දෙගොල්ලො අතර දරුණු සටන් ඇතිවෙනවා. සා-මින් සොයාගෙන පිටව යන ටේ-සන් සහ සා-මින් අතර දරුණු සටනක් ඇතිවීමට ආසන්නයේදි තමයි හත්වෙනි කොටස අවසන් වෙන්නෙ..
අවසාන කොටස පටන් ගන්නෙ ටේ-සන් සහ සා-මින් අතර සටනෙන් වගේම දෙපැත්තට බෙදුනු දේවදූත කන්ඩායම අතර සටනෙන්.. දරුණු ලෙස දෙපිල බෙදී සටන් කරන මොවුන්ගෙන් අවසානයේ කවුරු ජයග්‍රහනය කරයිද.. වැඩි විස්තර නැතුව අවසාන කොටසත් නරඹන ලෙස ආරාධනා කරමින් මාසයක් පුරා මාහා එක්වූ ඔබ සියළු දෙනාට ස්තූතිය පල කරමින් මා සමුගන්නවා.. අපි අළුත්ම කතාවකින් ළඟදිම හමුවෙමු.. කතාව ගැන ඔයාලගෙ අදහසත් කියාගෙනම යන්න.. සුභ දවසක් වේවා..
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
469 downloadsDownload Twelve-S01E08.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
1 comment
Buddhika laKMal
Advertisement
![Twelve [S01 : E08] Sinhala Subtitles | අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/08/Twelve-S01-2.jpg)



බොහෝම ස්තූතියි ඉෂාන් සහෝ මේ සීරිස්එක කම්ප්ලීට් වෙනකම් සබ් දුන්නට