Watch Trailer

Money Heist aka La casa de papel [S01 : E01] Sinhala Subtitles | නොනිමි මංකොල්ලයක ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මාසයක පමණ විරාමයකින් අනතුරුව මේ පැත්තට ආවේ එසේ මෙසේ භාණ්ඩයක් නොව සුපිරිම භාණ්ඩයක් රැගෙනයි. සමීර කරුණාරත්න සහෝ අතින් මට බාර වුන, ඔහු ඇලුම් කල, නමුත් නිසැකවම ඊටවඩා ඔබ, මා ඇලුම් කරන ටෙලි කතා මාලාවක් එක්ක එකතු වෙන්නයි මේ සූදනම.

ගොඩක් දෙනෙක්ට භාෂා ගැටලුව නිසා මගහැරුන, පට්ටම පට්ට කතා තේමාවක් රැගත්, ස්පාඤ්ඤ කතා මාලවක් ලෙස ඉපිද පසුව නැවතත් Netflix හරහා ඔබ සමීපයට පැමිනි “LA CASA DE PAPEL” නොහොත් “Money Heist” කතා මාලාව ඔබ වෙත දිග හරින්නයි මේ සුදානම.

IMDb දර්ශකයේ  (8.7) හොඳම ටෙලි කතාවන් අතර #132 ස්ථානයේ වැජඹෙන, කුණු තක්කාලි 🍅 දර්ශකයේ 89% ක ප්‍රතිචාර ලබා ඇති මෙම කතා මාලව සම්මාන උළෙල 14කදී විවිද අංගයන් උදෙසා නාමයෝජනා ලබා ඉන් සම්මාන 3ක් දිනාගන්නට සමත් වී ඇත. ඒ අතර 2017 වසරේ ස්පාඤ්ඤ Atv සම්මාන උළෙලේදී Iris Award Best Screenplay වෙනුවෙන් සම්මාන හිමිකර ගන්නට සමත්වූවා. එමෙන්ම 2018 වසරේ Feroz සම්මාන උළෙලේදී හොඳම කතා මාලාව වෙනුවෙන් නාම යෝජනා ලැබුවා පමනක් නොව 2018 වසරේ ජනතා මනපයෙන් ජනප්‍රියම කතා මාලාව වන්නට සමත්කම් පෑවා.

මෙසේ සම්මාන හිමිකරගත් කතා මාලාවේ අධ්‍යක්ෂවරුන් 5 දෙනෙකු සිටීමත් සුවිශේෂීත්වයක්. ඔවුන් පිළිවලින් Jesús Colmenar,Alex Rodrigo, Alejandro Bazzano, Miguel Ángel Vivas,Javier Quintas.කතා මාලාව ලියවෙන්නේ 7 දෙනෙකුගේ අතින් වීමත් විශේෂයක්.

මංකොල්ල කරුවන් අට දෙනෙකුට මාස පහක සැලසුමක් වූ ද, මහ මොළකරුට අනුවනම් ජිවිත කාලයක සැලසුමක් වූ, කතා සමයන් දෙකක් පුරාවට ඔබ‍ට දැකගත හැකි වේවි… විශේෂයෙන් කියන්න ඕන කතා මාලා දෙකක් වෙන්නේ Netflix ලොව පුරා බෙදාහැරීම නිසාවෙන් මතක ඇතුව ඒ පිටපතම ලබාගන්න. Atv නාලිකාවේ විකාශය වුනේ තනි කතා සමයක් හැටියට ඒ කොටසක් මිනිත්තු 90 ක් වගේ දිගයි, නමුත් අපි ඔබට ලබා දෙන උපසිරස ගැලපෙන්නේ මිනිත්තු 45 ක Netflix බෙදා හැරීම සිද්ධ කල කොටස්වලට.

ඉතින් මෙතෙක් සිනමාව පුරාම බැංකු, දුම්රිය, දියමන්ති, රැදවුම් සේප්පු වැනි දේ මංකොල්ලකෑම් කල අවස්ථා විශිෂ්ඨ ලෙස පෙන්වූ අවස්ථා ඕන තරම් තියන එකේ, මේ කතාව ඉන් පොඩ්ඩක් එහාට, පොඩ්ඩක් කිව්වට යූරෝ බිලියන ගණනක් එහාට යන්න සුදානම් කතාවක්.

මතකද දන්නේ නැහැ ටික කාලෙකට කලින් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් බොහොම ආදරයෙන් වැලද ගත්ත “කුඹියෝ” ටෙලි කතා මාලාව, විශිෂ්ඨ සැලසුමක් එක්ක දියත් වුන සුපිරි මෙහෙයුමක් වීම නිසාවෙන්ම, ඔබ අපි හැමෝම බොහොම ආදරයෙන් ඒ විශිෂ්ඨ දේශපාලන කොල්ලය වැලද ගත්තා ඉතින් මේ ආරාධනය ඒ වගේ එක්කෝ ඊටත් එහාගිය කියමුකෝ…. සැලසුමක් එක්ක විශිෂ්ඨ ක්‍රියාදාම සපිරි කොල්ලයක් එක්ක එකාසු වන්නයි…

වරක ඉඳන් හිටි තැන් වලින් ඉබේ නැගිටවෙන, වරක ඔබට ඊළඟ නිමේෂය අනුමාන කල නොහැකිව අන්ද මන්ද වී යන නමුත්, සෑම ක්‍රියාවකටම පෙර සැලසුම් කල විකල්ප සැලසුම් හිමි, තවත් විටක පොලීසිය අල්ලේ නටවන, විටක ජාත්‍යන්තර අවදානය ලබන මංකොල්ලයක් කෙසේ නරඹා නොසිටින්නද ?

බර්ලින්, ටෝකියෝ, රියෝ, ඩෙන්වර්, මොස්කව්, නයිරෝබි. හෙල්සිංකි, ඔස්ලෝ…… මේ නම් ටික කියවනකොට ඔබට හිතුනාද මට වැරදිලා ලෝක සිතියමේ ඇති නගර වල නම් ලියලා කියලා. නැහැ , මට නෙමේ ඔබටයි වැරදුනේ… මේක අන්න එහෙම ජාතියේ කතාවක්. හැමවිටම තමන් හිතනවාට වඩා යමක් ඒ සැලසුම තුල තිබෙනවා. ඒ තරම් සුපිරි මොළකරුවෙක්ගේ සැලසුමකට හා පුහුණුවකට අනුව සිදුවන ත්‍රාසය, කුතුහලය, ක්‍රියාදාම, ආදරය, විරහව, පලි ගැනීම, බුද්ධිය, +18 කැටි කොටගත් මුදල් මංකොල්ලයක පහස විදගන්න ඔබත් දැන් හොඳ හැටි සූදානම් ඇති නේද ?

කතා සමයේ ආරම්භයේදීම මංකොල්ලයේ තතු කියනවාට වඩා ඊළඟට කොටසින් විස්තර කරන එක හොඳයි. මොකද මේ කතා මාලාව ආරම්භයේ පටන්ම සෑම කොටසක්ම කුතුහලයෙන් පරිපුර්ණයි. දැනට නිකුත් වී ඇති Netflix එකක් නිසාවෙන් පලමු කතා මාලාවේ කොටස් 13ම උපසිරැසි ඉක්මනින්ම ලබා දෙන්න පොරොන්දු වෙනවා. කිසිදු බාධාවකින් තොරව මෙම කතා මාලාවේ වීඩියෝ පිටපත් අපගේ බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියෙන් ඔබට ලබාගත හැක.

එමෙන්ම මේ කතා මාලාව ස්පාඤ්ඤ භාෂාවෙන් නිකුත්වුන කතා මාලාවක් නිසාවෙන් වෙනත් ඉංග්‍රීසි කතා මාලාවන් මෙන් නොව ඔයාලට සමීප කරන්න සෑහෙන කාලයක් මහන්සියක් ගන්නට සිදුවුවා. මෙහි ප්‍රධාන වශයෙන් ස්පාඤ්ඤ, රුසියානු, ඉංග්‍රීසි, සර්බියානු භාෂා ඇතුලත්. එම නිසාවෙන් ගොඩක් වෙලාවට ඉංග්‍රීසි භාෂාව සමග අසා ලිවීමක් කරන්නට සිදුවුනේ භාෂා පරිවර්තනයේ ඇති තාක්ෂණික දෝෂ නිසාවෙනි.

අවසාන වශයෙන් මෙහෙම කියන්නම්, මෙතෙක් නිර්මාණය වුන හොඳම මංකොල්ලයක් ගැන කියවෙන කතා මාලාවක් බලන්න ඔබ කැමති ද? එහෙනම් ආයේ දෙපාරක් හිතන්න එපා PSA පිටපත් තියනවා ගිහින් බාගන්න, ඔබට කතා සමයන් දෙකම උපසිරසකරණයේ මහ ගෙදරින් ලබා දෙන්න සූදානම්.

භාෂාවන් ගොන්නක් කිව්වට බය වෙන්න එපා, කතාවට කල හැකි උපරිම සාධාරනය ඉෂ්ට කරන්න උපරිම වෙහෙස දැරුවා.. යම් වැරදි අඩුපාඩුවක් ඇතොත් සමාවෙන්න. එහෙනම් ගිහින් එන්නම්. දෙවන කොටසින් හමුවනතුරු ජය…!!! 😉✌

ප:ලි:

මෙම කතා මාලාවේ සිංහල උපසිරැසි නිමවා ඇත්තේ ස්පාඤ්ඤ භාෂාව සඳහා වන අතර, නමුත් KM Player එක හරහා මෙය නැරඹීමේදී ස්වයංක්‍රීයව ස්පාඤ්ඤ භාෂාව ඉංග්‍රීසි භාෂාවට හුවමාරු වන නිසාවෙන් යම් අපහසුතා පැන නැගිය හැක. එය උපසිරැසියේ දෝෂයක් නොව තාක්ෂණික දෝෂයක් බව කරුනාවෙන් සලකන්න. වෙනත් Player එකක් තුලින් නැරඹීමේදී එසේ සිදුවන්නේ නැත.එම නිසාවෙන්, මෙය ස්පාඤ්ඤ භාෂාවෙන් නිවැරැදිව සිංහල උපසිරැසි සමග නැරඹීමට Pot හෝ Vlc player භාවිත කරන්න.

අවසාන වශයෙන් මෙය ස්පාඤ්ඤ භාෂාවෙන් නිකුත් වුන වීඩියෝ පිටපතට කල සිංහල උපසිරැසි ගැන්වීමක් වන අතර ඉංග්‍රීසි හඬ කැවූ වීඩියෝ පිටපත සමග 100% සමමුර්ථ නොවේ.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

126 comments

  1. Mirrors

    ela aluth ekak hoya hoya hitiyee..

  2. Mirrors

    Bohoma sthuthiy machan ubala me karana wedeta...

  3. Chamath_CS

    THANK YOU සහෝ

  4. madusanka

    Thanks bro..**!"

  5. [email protected]

    Elaaa

  6. Soori

    ඉතින් ඔහොම කියන කොට නොබලා කොහොමද..... ඔන්න ගත්තා උපසිරසිය. බොහෝම ස්තුතියි තරිඳු සහෝ....
    ජය...!!!

  7. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  8. Ayesh Prashan

    spanish nam balalama na.onna meka balanna patan gatta.thank you

  9. dsdkavishka

    Fattama thenks , kalekin mewage ekak beluwe ne

  10. Prabodha Madhusankha Hettiarachchi

    Supiri tv series ekak wage story kiwwamath asa hitenawa.. thank u sub ekata

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  12. Cypher_Paradox

    තැන්ක්ස් සහෝ සබ් එකට....තවත සුපිරි series එකක්...දිගටම යමු..ජය වේව⁣!!

  13. තරිඳු පෙරේරා

    Meka nam patta pathuru ahh kiyala wadak na sub eka thankyou saho anith tikath ikamanata demu

  14. dush135

    ela thankz. down karanna link ekak nadda?

    1. තරිඳු ගමගේ

      අපගේ බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියෙන් බාගත කර ගත හැක.

  15. darshana100

    ela ela saho ikmanata denna sub tika

  16. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  17. Jumanji

    Tnx bn. Season 2ma down venna damma. ithuru tikath ikmanata demu

    1. dush135

      down karanna link ekak denna

  18. RK

    para broooooooooooooo...............

  19. Thisal

    ස්තූතියි

  20. සනිඳු ලක්ඛිත

    බොහොම් ස්තූති සහෝ උපසිරසට..සුපිරියක් වගේ.. අරගෙනම බලමුකෝ..බුදුසරණයි..ජය වේවා!

  21. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Gayan Darshana

    Meka download karanna bane machan.

  23. harshani11112

    සිංහල උපසිරැසියට ස්තුති තරිඳු සහො...
    පටන් ගැන්ම.. දිගටමම යමු...
    තෙරැවන්සරණයි

  24. Kanchana

    Thanx sahio

  25. chanaka_naveen

    බොහොම් ස්තූති sub එකට..

  26. කැලුම් ගුණසේකර

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

  27. Dasun

    Meka nm maarama gathi bn. Thanks kolla

  28. prageeth chamalka

    සුපිරියක් වගේ..ලින්කු හොයාගත්තා..දැන් බාලා බැලිල්ලක් තමයි තීන්නෙ ..
    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    අපි වෙනුවෙන් මේ කරන කැපකිරීමට මගේ හද පිරි කෘතඤතාවය

  29. RK

    machoooo ithuru tikath ikmanata diyooo.......
    Thnkzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz........

  30. Piumi ann

    onna eye lipiya kiyawala ada pandara wenakan iwasan idala ada pandara so 1 ma download kara gaththa mekanam maru wei thanks ilaga eka ikmanatama denna sahoo

  31. තරිඳු ගමගේ

    හැමෝගෙම අදහස් වලට ගොඩක් ස්තූතියි. ඉක්මනින්ම අනිත් උපසිරැසිත් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.. නිසැකවම කතාව එතරම් උනුසුම්. නමුත් සීතල යුද්ධයක්. ජය... ✌

    1. pryantha gallage

      please tell me what is the link or torrent sight to take this tv show

    2. තරිඳු ගමගේ

      බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවිය භාවිත කරන්න.

  32. උදයංග සම්පත් හතරසිංහ

    ජය වේවා මිත්‍රයා.. අපි දන්නවනෙ උඹ මේකට මහන්සි වුණු තරම. ඒක මෙහෙම කොමෙන්ටුවකින් විස්තර කරන්න බෑ. එනිවේ.. මේක බාගත කරන සහෝල තරිඳුවට පොඩි සප් එකක් විදියට අදහසක් දක්වල යන්න පුළුවන්නම්.. මේක තරිඳුවගෙ, අමු කට්ට කෑමක අග්‍රඵලයක්. ස්තූතියි මචං.

    1. තරිඳු ගමගේ

      ජය සහෝ✌

  33. Kanchaka

    Thanks bro

  34. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  35. MalindaCT

    Article එක කියෙව්වම නොබල ඉන්න හිතෙන්නෙ නෑ.
    . ජය වේවා sub එකට ඉතුරු ටිකත් ඔය ගැම්මටම දෙමු බොහොම ස්තූතියි

  36. ddjdruwan10

    සිංහල උපසිරැසියට ස්තුති තරිඳු සහො…

  37. chiro

    supiri wadak sahoo...thnx sub ekata

  38. Udara Damith Dissanayaka

    කුබියෝ තම මතකයි
    එල

    1. Anonymous

      Ekath ekka baladdi memokakda

  39. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සුපිරි කතාවක් වගේ...
    මේ වගේ කතා සුපිරි...

  40. [email protected]

    Aluth wedak nesa balla koments dennam .... digatama karageblna yanna ..suba pethum prageeth

  41. Nimesh sasanka

    niyamai saho..thanx sub ekata

  42. Milind@

    Thanks saho

    1. Chamaraplus

      Ou Fgjiikkkk

  43. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  44. madhawatest

    ela thx tharindhu

  45. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. Pavi

    Lipiye hatiyata nam hodai vage. epiyak balalama imu.
    thanks for sub

  47. Lakshan

    Thanks bro.

  48. D.Chamara

    bohoma stuthi sahooo degatam karagana yamu jaya ....

  49. Amila Mudalige

    උපසිරසියට බොහොමත්ම ස්තූතියි සහෝ

  50. Nadeesha rox alahakoon

    Tnx bro sub walata. Mekanum aniwa balanna hithena uda wistharaya dakkama

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.