57 Seconds (2023) Sinhala Subtitles මට ඒක වෙනස් කරන්න පුළුවන් උනානම්? දවසකට එක්කෙනෙක් හරි මෙහෙම කියන බවනම් අනිවාර්යයෙන්ම වෙන දෙයක්. ඔබ, මම ඇතුළු මේ ලෝකේ ඉන්න බහුතරයක්ම දවසකට හරි මෙහෙම හිතලා නෑ කිව්වොත් ඒක ලොකු බොරුවක්. ඇත්තටම අපේ මේ ජිවීත කාලේ කරපු දේවල්, අත්විඳපු දේවල් ආපහු අතීතයට ගිහින් වෙනස් කරන…

මට ඒක වෙනස් කරන්න පුළුවන් උනානම්? දවසකට එක්කෙනෙක් හරි මෙහෙම කියන බවනම් අනිවාර්යයෙන්ම වෙන දෙයක්. ඔබ, මම ඇතුළු මේ ලෝකේ ඉන්න බහුතරයක්ම දවසකට හරි මෙහෙම හිතලා නෑ කිව්වොත් ඒක ලොකු බොරුවක්. ඇත්තටම අපේ මේ ජිවීත කාලේ කරපු දේවල්, අත්විඳපු දේවල් ආපහු අතීතයට ගිහින් වෙනස් කරන්න පුළුවන්නම් කොච්චර හොඳද. ඒක කරන්නනම් අපිට කාල තරණය එහෙමත් නැත්තම් Time Travelling කරන්න වෙනවා. දශක ගාණක් තිස්සේ විද්‍යාඥයෝ ඔට්ටු වෙන තවත් සංකල්පයක් තමයි මේ කාල තරණය කියන්නේ. ඇල්බට් අයින්ස්ටයින්ස්, ස්ටීවන් හෝකින්ස් වැනි සුපතල විද්‍යාඥයන් පවා මේ පිළිබඳ විවිධ මත ඉදිරිපත් කරත් අදටත් ලොවට තියෙන ලොකුම ගැටළුවක් විදියට මේ කාල තරණය හඳුන්වන්න පුළුවන්.
නමුත් මේ සිද්ධාන්තය කල්පිතයකටම සීමා නොකර කිසිම ප්‍රශ්නයක් නැතුව කරලා පෙන්නපු කට්ටියකුත් මේ ලෝකේ ඉන්නවා. ඒ තමයි හොලිවුඩ් වල ඉන්න සිනමා පට අධ්‍යක්ෂවරු සෙට් එක. චිත්‍රපට රසිකයෝ වශයෙන් අපි හැමෝටම ඒකනම් අමතක වෙන්න විදියක් නෑ. මිනිසුන්ගේ ඔළුවට ඉතා තදින්ම මේ කාල තරණ සංකල්පය දාන්න හැකිවුන චිත්‍රපටයක් විදියට 1985 වසරේ නිකුත් උන Back to the Future හඳුන්වන්න පුළුවන්. මෙම සලරුවේ හඳුන්වලා දුන්න කාල තරණ සංකල්පය එකල ලොවපුරා උන්මාදයක් ඇති කරවන්න සමත් උන බව අප දන්නවා. ඒ වගේම Terminator, Planet of the Apes, 12 Monkeys වැනි චිත්‍රපට වගේම මෑත කාලයේ නිකුත් උන Interstellar (2014), The Butterfly Effect (2004), Tenet (2020), Avengers: End Game (2019) ඊට හොඳම උදාහරණ ලෙස පෙන්වන්න පුළුවන්. ඉතිං මේ කාල තරණ සිද්ධාන්තය මත නිර්මාණය උන නවතම චිත්‍රපටය තමයි අද ඔයාලට අරගෙන ආවේ.
57 Seconds (2023) Sinhala Subtitles57 Seconds චිත්‍රපටය මේ වෙද්දි 55%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගෙන, 5.4ක IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. Fantacy / Mystery යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Rusty Cundieff විසින්. රංගනයෙන් දායක වෙන අය අතර The Hunger Games චිත්‍රපට මාලාවේ සහ Bridge To Terabithia (2007) වැනි සිනමාපට වලින් හමුවූ Josh Hutcherson ෆ්රෑන්ක්ලින් ෆොක්ස් ලෙසත්, කවදාවත් පෙනුම වෙනස් නොවෙන හොලිවුඩයේ පුරාවෘත්තයක් වන Morgan Freeman ඇන්ටන් බරෙල් ලෙසත්, Lovie Simone ජේලා ලෙසත්, Bevin Bru රෙනේ ලෙසත්, Greg Germann සිග් තොරින්සන් ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා.
57 Seconds (2023) Sinhala Subtitlesකතාව ගැන සාරාංශව කිව්වොත් ෆ්රෑන්ක්ලින් කියන බ්ලොග් රචකයට අරුම පුදුම උපකරණයක් හම්බෙනවා. උපකරණයක් කිව්වට මේක මුද්දක් වගේ ගැජට් එකක්. මේක නිකන්ම ගැජට් එකක්කුත් නෙමෙයි ඒකට පුළුවන් හරියට තප්පර 57ක් අතීතයට යන්න. මේ මුද්දේ බලය යොදාගෙන තමන්ගේ පවුලට වගේම ලෝකෙටම වින කරපු මහා ඖෂධ සමාගමක් අයිති සල්ලිකාරයෙක්ව බංකොලොත් කරන්න ෆ්රෑන්ක්ලින් උත්සහ කරනවා. සිග් තොරින්සන් කියන මේ සල්ලිකාරයත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ඔහු ඇමරිකාවේ බලවතුන්ගේ ලැයිස්තුවේ ඉන්න සටකපට හයානක මිනිහෙක් බවත් ෆ්රැන්ක්ලින්ට වැටහෙනවා.
57 Seconds (2023) Sinhala Subtitlesඉතින් අපේ වීරයට මේ මුද්ද හම්බෙන්න කොහොමද? ඒ වගේම තමන්ගේ පළිගැනීම සම්පූර්ණ කරයිද කියලා දැනගන්න දැන්ම මේ චිත්‍රපටය බලන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ විමාට ස්තූති කරන්න ඕන මේ සලරුව කරමු කියලා යෝජනා කරලා උපසිරසි ගොනුවත් හොයලා දුන්නට. ඒ වගේම දිනිදු සම්පත් සහෝදරයාටත් බොහොම ස්තුතියි මේ වැඩේ ඉවර කරන්න හවුල් වුනාට.
57 Seconds (2023) Sinhala Subtitlesඑහෙනම් තවත් ලිපිය දිගු කරන්න අදහසක් නෑ. වෙනදා වගේම කොමෙන්ටුවක් කොටාගෙන යන්න කියලා ඔයලගෙන් ඉල්ලන ගමන් මමත් ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
11,189 downloadsDownload 57.Seconds.2023.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිදු සම්පත්” සහ “යුරාන් ධනුක” සොහොයුරන් වෙත අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
57 Seconds (2023) Sinhala Subtitles
Subtitles
- #2023
- #57 seconds 2023 sinhala sub
- #57 seconds sinhala sub
- #57 seconds sinhala subtitles
- #Editor's Pick
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #දිනිඳු සම්පත්
- #යුරාන් ධනුක
- #සබ්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
13 comments
Sachin
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි දිනිදු සහෝටයි ධනුක සහෝටයි මේ උපසිරැසියට..
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සම්පත් සොයුර .........
ගොඩක්ම ස්තූතියි යුරාන් සොයුර .........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
එරංග සඳරුවන්
උප සිරැසියට බෝම ස්තුතියි ! ජයින් ජයම වේවා.
එනිවේ... ඩවුන්ලෝඩ් කරන් තියෙන්නේ බ්ලූරේ රිප් එක නොවැ. සබ් එක මැච් වෙන්නෙම නෑ. ටයිම් ලයින් එක වෙනස් වගේ. වෙබ් එක ආයේ බාන්න වෙයි වගේ.
Sanupa Ranmeth
ඔව් සහෝ. අපි උපසිරසි දීල තියෙන්නේ වෙබ් කොපියට.
Roshan
Thnx bro.Great job.Good luck.
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Naveen Mbr
බොහොම ස්තූතියි සහෝදරයා!
nilanka1212
thanks....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![57 Seconds (2023) Sinhala Subtitles | තප්පර 57ක් කාලය හරහා ආපස්සට! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/57-Seconds-2023.jpg)
Thank you machan!