උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
හින්දි, ෆිල්ම් එකකට උපසිරැසි කරලා, දෙමල ෆිල්ම් එකකටත් උපසිරැසි කරලා දැන් අරන් ආවා මලයාලම් ෆිල්ම් එකකටත්. මේක හැබඇයි නිකන්ම නිකන් ෆිල්ම් එකක් කියන්නත් බෑ. අති සුපිරියක්. කෙටියෙන්ම කිව්වොත්, මට අනුව, මේ ඊයේ පෙරේදා ආව pradhama drishtiya kuttakkar ෆිල්ම් එකටත් වඩා සුපිරි.
7.4ක අගයක් IMDB තියෙන Mystery, Thriller, Drama කාණ්ඩයන්ට අයත් මේ චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ, Safar Sanal විසින්. මේ චිත්රපටයට නිෂ්පාදන දායකත්වයෙන් මෙන්ම ප්රධාන රංගන දායකත්වයක් දෙනවා Joju George. පොර රඟපාපු Iratta, Nayattu, Joseph වගෙ ෆිල්ම්ස් බලපු අය දන්නවා ඒකේ අන්තිමට තිබ්බ මැජික් එක. නැත්නම් ෂොක් එක කියලා කියන්නත් පුලුවන්. මේකත් අන්න ඒ ලෙවල් එකෙන් තියන්න පුලුවන් වැඩක්. මටත් ෆිල්ම් එකක මැදදී හිතුනත් කතාවා ගලාගෙන යන විදියත් එක්ක වෙන්නේ යන්න මොකද්ද කියලා, ඒත් අවසානය ෂොක් එකක් කරලම නැවැත්තුවා.
එතකොට මේකෙ අනික් ප්රධාන චරිතය වෙන්නේ නැත්නම් කතා නායිකාව වෙන්නේ ආශා. චරිතයට පණ පොවන්නේ ප්රවීණ නිලියක් වන Urvashi. නමින් දන්නේ නැතුවට දැක්කම දන්නවා. මෙයාගේ පොඩි දුවගේ චරිතයට ඉන්නේ Aishwarya Lekshmi.
ඉතින් ආශා කියන්නේ කසාද බන්දලා දෙන වයසක දුවෙක් ඉන්න අම්මා කෙනෙක්. ඇත්තටම දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව නම් කසාද බැදලා රට ඉන්නේ. හැබැයි මේ ආශා කියන චරිතයට පොඩි Psychological කේස් එකක් වගේම මුරණ්ඩු ගති ටිකක් තියෙනවා. ඒක අධ්යක්ෂකවරයා අපිට නොදැනෙන්නම ගාණට වැඩේ බිල්ඩ් කරනවා. මේකේ කැරැක්ටර් බිල්ඩප් එකත් නියමයි. ආශාගේ මේ Psychological කේස් එකට හේතුව අතීතයේ ඉඳන්ම ඩිස්ටර්බන්ස් ලයිෆ් එකක් තිබීම තමයි. බැදලා හිටිය මිනිහා නේවි එකේ. ඉඳහිට ගෙදර එනවා, ආවත් රණ්ඩු කරනවා, ඊටපස්සේ බලන් ඉද්දිම ළඟ ඉඳලා හාට් ඇටෑක් එකක් හැදිලා මැරිලා. ඉතින් ඔය ට්රෝමා එකත් එක්ක ආශා ජීවත් උනාට දැන් ළඟ ඉන්න පොඩි දුවත් එක්ක සාමාන්ය ජීවිතයක් ගත කරනවා.
දවසක අම්මයි දුවයි චිත්රපටයක් බලලා රෑක ගෙදර එනකොට ලොරියක/පිකප් එකක් එක්ක ඇක්සිඩන්ට් එකක් වෙනවා. වැරැද්දත් ඉතින් ආශාගෙම තමා. ලොරිය එළවන් එන ජීමොන් (Joju George) හා ආශාට මේ ප්රශ්නය කතා කරලා විසඳගන්න තිබුණත් දෙන්නගෙම තියෙන මුරණ්ඩු ගති නිසා මේ වැඩේ දුරදිග යනවා.
මෙතනින් එහා කතාව ස්පොයිල් උනොත් අපරාධයක් වෙන නිසා ඔයාලට බලන්න ඉතිරි කරන්නම්. හැබැයි කෙනෙක්ට හිතෙනවානම් මේකේ මහලොකු ස්ටෝරියක් නෑනේ කියලා අන්න වරදින තැන.
එහෙනම් සුපිරි මලයාලමක් බලන්න ආරාධනා….
- Ratings
- Reviews
- 0
- Subtitles
- 22
- Downloads
- 26.3K
- Readers' rating
- No reviews yet

Subtitles
0 comments
No comments yet. Yours will be the first.
