උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ඔන්න එහෙනම් ඉක්මණටම තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා.මේක වැටෙන්නෙත් Action, Thriller කියන ගැටගරීස් දෙකට තමා, ඉතින් වෙනදා වගේම ෆිල්ම් එක කරන්න කියලා දීපු හසන්ත අයියට ස්තූති කරනවා. මම කතාව පොඩ්ඩක් කියන්නම්, ඇබී, ෆ්රැන්සිස් කියන්නෙ අක්කයි නංගියි.. ඇබී රේ කියලා නාහෙට අහන්නෙ නැති කොල්ලෙක් එක්ක තමයි යාලු වෙලා…
හායි!! ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. අවුරුදු පහකට පස්සෙ තමයි ආයෙමත් සබ් එකක් කරන්න හිතුනෙ, අන්තිමටම පීකි බ්ලයින්ඩර්ස් එකට සබ් එකක් හදලා තියෙන්නෙ 2021 ජනවාරි වල. ඉස්සරහට ඉඩ තියෙන වෙලාවට සබ් එකක් ගෙන්න තමයි හිතාගෙන ඉන්නෙ. අපි බලමුකෝ!
අද ෆිල්ම් එක ගැන කියනවනම්,
Unabomber (2026) කියන්නෙ සත්ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය කරපු Crime, Thriller ෆිල්ම් එකක්. මේකෙ කතාව ගෙතෙන්නෙ ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම කතාබහට ලක්වුණු අපරාධකරුවෙක් වුණු Ted Kaczynski වටා. Harvard විශ්වවිද්යාලයේ ඉගෙනගත්ත අතිදක්ෂ තරුණයෙක් වුණු ඔහු, පස්සෙ කාලෙක මිනිස්සුන්ගෙ ජීවිත බිලිගත්ත භයානක බෝම්බ ප්රහාර මාලාවකට වගකියන්නෙ කොහොමද කියන එක තමයි මේ ෆිල්ම් එකෙන් පෙන්නන්නෙ.
1978 ඉඳන් 1995 වෙනකම් සිද්ධ වුණු මේ ප්රහාරවලින් පුද්ගලයන් තුන්දෙනෙක් මියගිහින් තවත් 23 දෙනෙක් තුවාල ලබලා තියෙනවා. මේ අභිරහස් අපරාධකරු කවුද කියලා හොයාගන්න FBI එක ගෙනියන විමර්ශනයත්, ඔහුගෙ අතීතය සහ මානසික පසුබිමත් කතාව ඇතුළෙ දිගහැරෙනවා. විශේෂයෙන්ම, බුද්ධිමත් මිනිසෙක් මෙතරම් භයානක අපරාධකරුවෙක් බවට පත්වුණේ ඇයි කියන ප්රශ්නය වටා මේ කතාව ගොඩනැගිලා තියෙනවා.
Jacob Tremblay, Russell Crowe සහ Shailene Woodley රංගනයෙන් දායක වෙන මේ ෆිල්ම් එකේ සැබෑ සිදුවීම්වලට අමතරව නාට්යමය අරමුණු වෙනුවෙන් නිර්මාණය කළ කොටස්ද ඇතුළත් වෙනවා. ඒ නිසා මේක නිකම්ම අපරාධකරුවෙක් පසුපස හඹායන කතාවක් විතරක් නෙවෙයි, මිනිස් මනස, සමාජයෙන් ඈත්වීම සහ පුද්ගලයෙක් වෙනස් වෙන්න බලපාන හේතු ගැනත් හිතන්න පොළඹවන කතාවක්.
True crime, psychological thriller සහ සත්ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වුණු ෆිල්ම්ස්වලට කැමති අයට අනිවාර්යයෙන්ම බලන්න කියලා නිර්දේශ කරන්න පුළුවන් ෆිල්ම් එකක්.
එහෙනම් අපි ගියා!! ජය වේවා!
- Ratings
- Reviews
- 0
- Subtitles
- 59
- Downloads
- 489K
- Readers' rating
- No reviews yet

Subtitles
- #Alycia Debnam Carey
- #Brenton Thwaites
- #Editor's Pick
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Ted Levine
- #Unabomber (2026) Sinhala Sub
- #Unabomber (2026) Sinhala Subtitles
- #Unabomber Sinhala Sub
- #Unabomber Sinhala Subtitles
- #You Decide
- #උදාර රාජපක්ෂ
- #උපසිරැසි
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet. Yours will be the first.
