උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ආයුබෝවන්. තවත් අළුත් කොමඩි ශානරයේ මලයාලම් උප සිරැසියක්. මේකත් ටිකක් අසාමාන්ය කතාවක් රැගත් සාමාන්ය කතාවක්. කම්මැලි නැතුව බලල රස විඳින්න පුළුවන්. මේකට පොඩි හයිප් එකක් ආවෙ ප්රධාන නළුවා නිසා කිව්වොත් නිවැරදියි. ඒ යොවුන් නළු සංගීත් ප්රතාප් නිසා. BKU එකේ ජොයෙල්ගෙ චරිතයත් එක්ක මෙයා මේ දවස් වල ටිකක් ජනප්රියතාවයක් ලබා ගෙන ඉන්නවා. මේකෙ ඔහු තමයි ප්රධාන චරිතය කරන්නේ.
මිනිහෙකුට ඇහෙන ශ්රවන පරාසයක් තියෙනවා කියන එක ඔබ දන්නවා. ඉතිං කෙනෙකුගෙ ශ්රවණ පරාසය ඒක ඉක්මවලා සාමාන්ය කණකට නොඇසෙන ශබ්දයි ඒ වගේම සෑහෙන දුරක සිට එන ශබ්දයි ඇහෙනව නම් ඒ මනුස්සයෙක් වෙන්න බෑ. මේ කතාවෙ ප්රධාන චරිතටයට එහෙමයි. කාටවත් නොඇසෙන ශබ්ද ඒ වගේම ගොඩක් ඈත සිට එන ශබ්ද මෙයාට ඇහෙනවා, කන් දෙක කොහොමට ඇද්ද? එක්තරා අනතුරකට භාජනය වෙලා අවුරුදු දෙකක් සිහිසුන්ව ඉඳලා සියළු බලාපොරොත්තු මග හැරී සානුකම්පික මරණයකට ලක් වීමට ඉඳිද්දී එක් වරම නැගිටින මේ පුද්ගලයාට මේ අසාමාන්ය හැකියාව ලැබෙනවා. ඉතිං මේ හැකියාව ඔහුට වාසනාවක්ද කරදරයක්ද? මේ නිසා ඔහුට මොකද වෙන්නෙ කියන එක මේක බලල හොයා ගන්න.
සංගීත් සමග ශරාෆ් යූ ඩීන්, අකිලා භාර් ගවන්.කොට්ටායම් නසීර්, ආනන්ද් මන්මධන් වැනි නළු නිළියන් රඟපාන මෙය අධ්යක්ශණය කරන්නේ ශ්යාමින් ගිරීශ්. කලින් කිව්වනෙ මේක ශ්රවණය හා සම්බන්ධ කතාවක් කියලා. ඒ නිසා මේකෙ හඬට විමසිල්ලෙන් සවන් දෙන්න. මොකද මේකෙ ප්රධාන නලුවා වගේන ඔබටත් අවශ්ය හඬ වෙනත් හඬවල් අතරින් මතු කර ගන්න වෙන නිසා.
- Ratings
- Reviews
- 0
- Subtitles
- 358
- Downloads
- 1.6M
- Readers' rating
- No reviews yet

Subtitles
- #BANDULA K
- #It's a Medical Miracle (2026) Sinhala Sub
- #It's a Medical Miracle (2026) Sinhala Subtitles
- #It's a Medical Miracle Sinhala Sub
- #It's a Medical Miracle Sinhala Subtitles
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sohan Jayasooriya

Thankssss Aiye