2025 වසරේ තිරගත වූ Arco (ආර්කෝ) කියන්නේ සිනමා ලෝලීන්ගේ සහ විචාරකයින්ගේ ඉහළ පැසසුමට ලක්වූ, ලස්සන (2D) සජීවිකරණ (Animated Sci-Fi/Adventure) ප්රංශ චිත්රපටයක්.
IMDb අගය 7.2 වගේම Rotten Tomatoes විචාරක ඇගයීම 93%ක ඉහළ අගයක් ගන්න මේ චිත්රපටයක් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්රපටය, හොඳම සජීවිකරණ චිත්රපටය (Best Animated Feature Film) සඳහා 2026 ඔස්කාර් (Academy Award) සම්මානය සඳහාද නිර්දේශ වුණා.
කතාව පැත්තට හැරුනොත්,
අනාගතයේ ජීවත් වෙන Arco කියන පුංචි පිරිමි ළමයා දවසක කාලය හරහා ගමන් කරන්න උත්සාහ කරනවා. ආර්කෝ ජීවත් වෙන්නෙ පෘතුවි වර්ෂ 2932. ඒත් ආර්කෝ වැරදීමකින් 2075 වසරට කාලය හරහා යනවා. ඒ කාලයේදී ආර්කෝට Iris කියන පුංචි ගැහැනු ළමයෙක් හම්බවෙනවා. පස්සෙ දෙන්න හොද යාළුවෝ වෙනවා,කොහොමහරි අර්කෝට අයෙත් තමන්ගෙ කාලයට යන්න අමාරු වෙනවා.. ඒකට හේතුව නම් කියන්න බෑ.. ඉතිං ආර්කෝටයි, අරිස්ටයි මේ හින්ද ගොඩක් අභියෝග වලට මුහුණ දෙන්නත් වෙනවා. කොහොමහරි අර්කෝට තමන්ගේ කාලයට ආපහු යන්න පුලුවන් වේවිද?, ඒ ගැන දැන ගන්න චිත්රපටය බලන්නම වෙනවා.
ඔයා Anime, Studio Ghibli චිත්රපටවලට ආස, සොබාදහම සම්බන්ධ ලස්සන, The Wild Robot වගේ හිතට දැනෙන සංවේදී Animation චිත්රපටවලට කැමති නම්, Arco ඔයාගේ Watchlist එකට දාගන්න වටිනවා.
- Ratings
- Reviews
- 0
- Subtitles
- 1
- Downloads
- 0
- Readers' rating
- No reviews yet

1 comment
Sri Sm

Where is the sub?