පුංචි කාලේ අපි ආසාවෙන් කියෙව්ව “එක්දහස් එක් රැය” නොහොත් “අරාබි නිසොල්ලාසය” එන තවත් එක් කතාවක් තමයි “ඇලඩින් සහ පුදුම පහන” කියන්නේ. මේ කතාව පාදක කරගෙන 1992 ඩිස්නි ආයතනයෙන් ඇලඩින් නමින් කාටූන් සලෙරුවක්ද, The Return of Jafar (1994), Aladin and the King of Theives (1996) යන කාටූන් සලෙරූද නිපැදුණා. දැන්…

පුංචි කාලේ අපි ආසාවෙන් කියෙව්ව “එක්දහස් එක් රැය” නොහොත් “අරාබි නිසොල්ලාසය” එන තවත් එක් කතාවක් තමයි “ඇලඩින් සහ පුදුම පහන” කියන්නේ. මේ කතාව පාදක කරගෙන 1992 ඩිස්නි ආයතනයෙන් ඇලඩින් නමින් කාටූන් සලෙරුවක්ද, The Return of Jafar (1994), Aladin and the King of Theives (1996) යන කාටූන් සලෙරූද නිපැදුණා. දැන් ඩිස්නි ආයතනය ලහි ලහියේ ඔවුන්ගේ පැරණි සලෙරූ “ලයිව් ඇක්ෂන්” සලෙරූ ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට පටන්ගෙන. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ වසරේ කාටූන් වලින් ඔබ්බට ගිය ඇලඩින් ෆිලුමක් දැකගැනීමේ වාසනාව අපිට ලැබුණා.
කැමතිද පරණ ඩිස්නි කාටූන් වල ඉන්න කුමාරිකාවන්ට? කිව්වට මොකෝ ගෑණු ළමයෙක් වුනාට මට ඔය එක කුමාරිකාවක්වත් අල්ලලා ගියේ නෑ. කවුරු හරි කුමාරයෙක් කොහෙන් හරි කඩාපාත්වෙළා තමන්ව බේරගනියි කියලා හිතාගෙන ඉන්න ඒ පියරු බබාලට වඩා ඩිස්නි “ලයිව් ඇක්ශන්” සලෙරූ වල ඉන්න කුමාරිකාවෝ යථාර්ථවාදීයි, ස්වාධීනයි. ඒ නිසාමද කොහෙද Adventure, Comedy, Family යන වර්ගීකරණයන්ට අයත් ඇලඩින් (2019) සලෙරුව ඡන්ද 87,144ක් ලබාගෙන IMDb 7.4ක අගයකුත් මේ ලිපිය ලියන මොහොත වන විට $1,011,170,572 ආදායමක් ලබාගෙන මේ වසරේ වැඩිම අලෙවියක් ලබපු ෆිලුම් පහෙන් එකකුත් වෙන්න හැකිවෙලා තියෙනවා.
මෙම සලෙරුව 2017 වසරේ නිෂ්පාදනය කිරීමට නියමිත වෙලා තිබුනත් සලෙරුවට ගැලපෙනම නළුකැලක් සෙවීමට ගත්ත උත්සාහය නිසා සලෙරුව නිෂ්පාදනය කිරීම පමාවෙලා තියෙනවා.
- විල් ස්මිත්:- භූතයා
- ඊජිප්තු-කැනඩා සම්භවයක් ඇති:- Mena Massoud ඇලඩින් ලෙසත්
- ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍යය නිළි:-Naomi Scott ජස්මින් කුමරිය ලෙසත්
- පෘතුගීසි-ටියුනීසියා සම්භවයක් ඇති:- Marwan Kenzari ජෆාර් ලෙසත්
- ඉරාන-ඇමරිකානු සම්භවයක් ඇති:- Navid Negahban සුල්තාන් ලෙසත්
- ඉරාන-ඇමරිකානු සම්භවයක් ඇති:- Nasim Pedrad ඩාලියා ලෙසත් රංගනයෙන් දායක වෙනවා.
නළුවරණයට වැඩි කලක් ගියද බහුතරයක් ප්‍රධාන චරිත වලට ආසියාතික/අප්‍රිකානු සම්භවයක් ඇති නළු නිළියන් තෝරා ගැනීම නිසා සලෙරුවේ ජීව ගුණය තවත් ඔපවත්වුණා කීවොත් නිවැරදියි. 
මේ සලෙරුව තිරගත වුනේ වසරේ ඉතාමත් තරගකාරී සලෙරූ රැසක් එක්ක. Avengers: Endgame, John Wick: Chapter 3, Godzilla: King of the Monsters, Men in Black: International මෙයට සමගාමීව තිරගත කරපු ජනතාව මාස ගනනාවක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි අතිශයින්ම තරගකාරී සලෙරූ වලින් කීපයක්. “එන්ඩ් ගේම් භීෂණයට” අහුවෙලා හිටපු මමත් දෙපාරක් නොහිතා ලංකාවේ අවුල් සහගත තත්වයක් තිබ්බත් බෝම්බ නෙවෙයි මිසයිල ගැහුවත් එන්ඩ්ගේම් බලලා මැරුණත් සැපයි කියලා හිතාගෙන එන්ඩ්ගේම් බැලුවා. මෙහෙවු තරඟකාරී වාතාවරණයක වුවත් ඇලඩින් (2019) සලෙරුවට බොක්ස් ඔෆීස් ලොව කිරුළු පළදින්න හැකිවුණා.
පහත ඇත්තේ ඩොලර් මිලියන 183ක් වැයකර තැනූ මේ සලෙරුව ලබාගත් ආදායම් වාර්ථා.
- Top Movies in the Past 365 Days: rank 5
- Single Day Monday Gross: Rank 10
- Memorial Day 4-Day Holiday Weekend Openers: rank 5
- Memorial Day 4-Day Holiday Weekends: rank 5
- ලෝකයේ වැඩිම ආදායමක් ලද සලෙරූ: 40වන ස්ථානය
- මේ ලියන දිනය වන විට ඇමරිකාවෙන් උපයාගත් ආදායම: $346,636,294
- මේ ලියන දිනය වන විට අනෙකුත් රටවලින් උපයාගත් ආදායම: $664,534,278
- මේ ලියන දිනය වන විට උපයාගත් මුළු ආදායම: $1,011,170,572
- විල් ස්මිත් රඟපෑ සලෙරූ වලින් වැඩිම ආදායමක් ගත් සලෙරුවත් මෙයයි.
ඒවගේම දැනටමත් Teen Choice Award, Saturn Award හි සම්මාන රැසකටත් නාමයෝජනා වෙලා තියෙනවා. තව ඉදිරියේ පවත්වන්න නියමිත සම්මාන උළෙලවල් වලටත් මේ සලෙරුව නාම යෝජනා වේවි.
හැමෝම පොඩි කාලේ ඉදන්ම ඇලඩින්ගේ කතාව ගැන දන්න නිසා මම ඒ කතාව ගැන ලොකුවට සදහන් කරන්න යන්නේ නෑ. දැන් මේ ෆිලුම ඇතුලේ හැංගිච්ච කේත, දේවල්, ඔයාලට දකින්න මගෑරුණු සමහර තැන්, ෆිලුම ගැන තියෙන ජනතා ප්‍රතිචාර, වැරදුණු තැන්, 1992 සලෙරුවත් එක්ක තියෙන වෙනස්කම් ගැනයි කතා කරන්න යන්නේ. මෙතනින් එහාට ලිපියේ තියෙන දේවල් ඔයාලා ඇලඩින් ෆිලුම බලලම කියෙව්වොත් හොඳයි කියලයි මම නම් හිතන්නේ. ඔන්න කලින්ම අනතුරු ඇඟෙව්වා.
(ස්පොයිල් වීමේ අනතුරු සහිතයි, ප්‍රවේශමින් කල්පනා කර කියවන්න)
බලන්න ඔයාලත් මේ තැන් දැක්කද කියලා.
හැම ඩිස්නි ෆිල්ම් එකකම එයාලගේ ඩිස්නි සංකේත හැම තැනකදිම යොදනවා. හරියට දියසලකුණු වගේ. ඒවා ඩිස්නි ෆිල්ම් වලින් හොයන එක විනෝදාත්මක වැඩක්.
1. ඇලඩින්ට සිතියමෙන් භූතයා “අභාබ්වා රාජ්‍යය” පෙන්වන සිතියම දැකලා පුරුදුයිද? ඒ තමයි ඩිස්නිලන්තේ “Fantasyland”, “Tomorrowland”, “Adventureland” සහ “Magical Kingdom” කියන තැන් ටිකේ සිතියම.
2. භූතයයි ඇලඩිනුයි කාන්තාරෙට වෙලා අල්ලාප සල්ලාපයේ යෙදෙද්දී මායා පලස කරපු දේ දැක්කද? එයාට කම්මැලි හිතිලා හදපු වැලි මාළිගය දැකලා හුරුයිද? ඒක හැම ඩිස්නි ෆිලුමක් ආරම්භයේදිම පෙන්නන සින්ඩරෙල්ලගේ මාලිගාව. ඒකට උඩින් පලස වැලි ඉහින තැන… සංකේතවත් කරන්නේ සින්ඩරෙල්ලගේ මාළිගය උඩින් පියාඹන ටින්කර් බෙල්ව.
3. “A whole new world” ගීතය යද්දී ඇලඩිනුයි කුමරියයි පලසේ නැගලා සංචාරය කරද්දී Lion King (2019) ෆිලුමේ Prideland එක උඩිනුත් පියාඹනවා. දැක්කද .මන්දා…
4. මතකයිද විල් ස්මිත්ගේ “ඇරේබියන් නයිට්” සින්දුවේ මුලින්ම නගරය පෙන්නද්දී පාවෙන පහන්? Tangled ෆිලුමේත් රපුන්සල්ගේ උපන්දිනය වෙනුවෙන් ඒ රාජ්‍යයේ හැම අවුරුද්දෙම පා කලේ ඒ පහන්ම නේද? ඒ ලොගෝ එකත් තියේ. ෆිල්ම් දෙකෙන්ම කියවෙන්නේ බොහෝ දුරට එකම කාලයක් ගැන.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/alvd1.mp45. ඒ වගේම The Jungle Book (2016) ෆිලුමේ ලුවිස් රජතුමාගේ කෝවිලේ භූතයාගේ පහණ තිබ්බා. මා හැර එය දුටු අය තවත් සිටිත්ද? තව “Beauty and the Beast (2017)“ ෆිලුමේ තැන් දෙකක ඇලඩින් ගැන අඟවනවා. “Be our guest” සින්දුවේ ඔරලෝසුව තලප්පාවකුත් දාගෙන ඉන්නේ ඇලඩින්ගේ මාළිගය වගේ එකක නේද?
තව අස්වනු සාදය අතර මිකී මවුස්ගේ ඔලුව කීප තැනකම සංකේතවත් වුණා. තව ඔයාලටත් අහුවුණු තැන් තියේනම් කමෙන්ටුවක් දාලා කියන්න.
දැන් වෙනස්කම් හා චෝදනා ගැන කතා කරමු.
මේ ෆිලුමේ උපසිරසිය කරන්න වෙන නිසාම මම ඩිස්නි ඇලඩින් පරණ කාටුන් චිත්‍රපට තුනම බැලුවා. ඔයාලා ඒවා බලන්න ආසයිනම් මම ඒවටත් උපසිරසි ලබා දෙන්නම්.
1. මතකයිනේ ඇලඩින් දුප්පත් ළමයින්ට රට ඉදි දෙනවා. පරණ ෆිලුමේ දෙන්නේ පාන් කෑල්ලක්. කපටි අබූ අබූගේ පාන් කෑල්ලනම් බාගයක් කාලයි දෙන්නේ. (මේකෙත් අබූගේ රට ඉදි පංගුව තොප්පියේ හංගගත්තා වගේ.) පාන් වෙනුවට රට ඉදි ආදේශ කරපු එක හොඳ වැඩක්.
2. ගොඩක් දෙනා කියන්නේ කාටූන් එකේ තිබ්බ අරුම පුදුම ගුහාව මේකේ එකට වඩා හොඳයි කියලා.

3. පරණ කාටූන් එකේ ඉන්නේ වයස ජෆාර් කෙනෙක්. ඒත් මේකේ තරුණ ජෆාර් කෙනෙක්ව දකින්න පුලුවන්. පරණ ජෆාර් තරම් අලුත් ජෆාර් ප්‍රභල නෑ කියන එක “ඩයි හාඩ් ඔරිජින් ඩිස්නි ෆෑන්ලා” (එහෙම ජාතියකුත් ඉන්නෝ) කරන ලොකුම චෝදනාව. IMDb එක පැත්තේ වටයක් ගියානම් ඒ ගැන බැනලා දාලා තියෙන මාගල් තරම් දිග විචාර තියේ

4. පරණ කාටූන් චිත්‍රපටයේ මැජික් වලට ලොකු තැනක් උරුම වෙලා තියේ. ඒත් මේකේ එච්චර මැජික් නෑ වගේම පරණ ෆිලුමේ විදිහට නෙවෙයි කතාව ගලාගෙන යන්නේ. ඒකේ කුමාරිකාව 64මායම් දාලා ජෆාර්ව රවට්ටන හැටි, ජෆාර් කුමාරිකාවව බලෙන් විවාහ කරගන්න හදන හැටි, ඇලඩින් ඒකට එරහිවෙන හැටි වගේ තැන් අලුත් ෆිලුමේ නෑ. ඒකටත් ඩයි හාඩ්ලා සෑහෙන්ට දොස් කියලා තිබ්බා.
5. පරණ ඩිස්නි ෆිලුමේ කුමාරිකාවට පුලුවන් එකම දේ කුමාරයෙක්ව බදින එක විතරයි. තනිකරම සීනි බෝල චරිතයක්. ඒත් මේකේ කුමාරිකාව ඊට වඩා දියුණුයි. එයාට ඉලක්කයක් තියේ, එයා රටේ ජනතාව ගැන හිතනවා. වෙස්වලාගෙන වීදි සංචාරය කරනවා, නීතිය ගැන ඉගන ගන්නවා, දවසක සුල්තාන් කෙනෙක් වෙන්න හීන දකිනවා. හරිම ශක්තිමත් චරිතයක් විදිහටයි මම අලුත් ෆිලුමේ කුමාරිකාවව දකින්නේ. ඒත් ඒකටත් සමහරු බැනලා දාලා තිබ්බා “සුරංගනා කතාවකට ෆිමිනිසම් බලෙන් ඔබ්බන්න හදනවා කියලා”. බ්‍රි ලාසන්ට කස්ටිය නිපරාදේ බැන්න එකේ ඕක මොකක්ද නේ? මනුස්සයෝ හිතන හැටි තමා.
6. ජැස්මින් කුමරියට එයාටම වෙන් වෙච්ච ගීතයකුත් මේ ෆිලුමෙන් ලබා දුන්නා.
ලිපිය දිග වැඩි නිසා විශේෂ තැන් ටිකක් විතරක් කියන්නම්.
1. පැරණි ෆිලුමේ ජැස්මින්ගේ අම්මා ගැන, ජෆාර්ගේ අතීතය ගැන සදහනක් තිබ්බේ නෑ. ඒත් මේ සලෙරුවෙන් ඒ දෙන්නම ගැන විස්තර කියා දෙනවා. ජැස්මින්ගේ අම්මා ශේරාබාද් කියන ආසියාතික රටේ කෙනෙක්. ඒකයි පිච්ච මල කියන අරුතෙන් ජැස්මින් කියලා දුවට නම තියලා තියෙන්නේ ඒ වගේම “රාජා” කොටියා, ජැස්මින්ට ආසියාතික සංගීත භාණ්ඩ වාදනය කරන්න පුලුවන් වීමටත් හේතුව ඒක තමා.
2. ඩලියා හෙවත් කුමරියගේ මෙහෙකාරියගේ චරිතය අලුතින් හදුන්වා දුන් චරිතයක්. ඩිස්නි කාටූන් ඇලඩින් සලෙරූ වල සිටින එකම ප්‍රධාන කාන්තා චරිතය ජැස්මින් පමණයි.
3. මේක විල් ස්මිත්ගේ පළවෙනි ඩිස්නි ෆිලුම.
4. ඉයාගෝ (ගිරවට) හඩෙන් දායක වෙන Frank Welker තමයි මුල්ම වරට ඩිස්නි ඔරිජින් ෆිලුමට වගේම ලයිව් ඇක්ෂන් ෆිලුමටත් දායකත්වය දීලා තියෙන පළමු පුද්ගලයා වෙන්නේ.
5. විල් ස්මිත් තොටියාට රඟපාද්දී බෝට්ටුව තියෙන්නේ ලාම්පුවක හැඩේට.
6. පළමු සලෙරුවේ තියෙන අඩුපාඩු ගොඩක් මේ ලයිවු ඇක්ෂන් සලෙරුවෙන් නිවරැදි කරලා තියෙනවා.
තව ගොඩාක් විස්තර තියේ. ඔයාලා කැමතිනම් ඒවා හොයලා බලන්න.
අඩුපාඩු
ජෆාර් සුල්තාන් එක්ක රාජ්‍ය ආක්‍රමණය කරන්න කතා කරන තැන මතකයිද? ජැස්මින් ඒ කාමරේට එද්දී සන්නාහයක් කාමරයේ තියේ. ඒත් ජැස්මින් කාමරයෙන් පිටවෙද්දී ඒ සන්නාහය නෑ. අතුරුදන්.
මගේ මතය.
මම දකින විදිහට ඇලඩින් “ලයිව් ඇක්ෂන්” සලෙරුව කාටූන් සලෙරූ වලට වඩා දාහෙන් සම්පතයි. පහනේ භූතයාගේ “මනුශ්‍යවේශය” කාටූන් ෆිලුමට වඩා කදිමයි. කාටූන් ෆිලුමේ භූතයා නිදහස් කලත් අර බලය පාලනය කරන වලල්ල එහෙම්මම තියේ. මේකේ ඒ වගේ පෙනෙන අඩුපාඩු ගොඩක් නෑ. කාටුන් සලෙරුවේ තිබ්බ අඩු පාඩුත් මේකෙන් හරිගස්සලා තියේ. ඒ වගේම “ලයිව් ඇක්ෂන්” සලෙරූ වල තියෙන ලොකුම විශේෂත්වය විදිහට මම දකින්නේ පොළවේ පය ගහලා ජීවත් වෙන්න පුළුවන් කලින්ට වඩා ස්වාධීන “පියරු බබාලා” නොවෙන යථාර්ථවාදී කුමරියන් සිටීමයි. ඒ වගේම IMDb වල මාගල් වගේ විචාර ලියන හාදයෝ මේ සලෙරුවට බැනලා කාටුන් චිත්‍රපටයත් සමඟ සසදලා සෑහෙන්ට දොස් පරොස් කියා තිබුනත් ඒ දොස් පුස්සක්ම වෙන බව ගත් ආදායම් වාර්ථා හා IMDb අගයෙන් හොඳටම පැහැදිලි වෙනවා.
මට මේ සලෙරුව කිව්ව පමාවටම මට වෙන් කරලා දුන්න හසන්ත අයියට ස්තූතිවන්ත වෙන අතරම මම ඇලඩින් උපසිරස කරනවා කියලා හොයාගන “අනේ මටත් කෑල්ලක් ඕනේ… ඔනේ.. ඕනෙමයි” කියලා හැම වෙලේම කවිනු මළයා ඉල්ලුවා. හැම වෙලේම ඇලඩින් ගැනම අතොරක් නැතුව කියවන නිසා කවිනු සහෝ ගැන දුක හිතිලා සහෝදර පාසලේ කමට එයාට 1040 වෙනි ලයින් එකේ ඉදන් ඉතිරිය කරන්න ඉඩ දුන්නා. පොඩි එකාගේ ආසාවනේ… ඉතින් සැරෙන් සැරේ ඇලඩින්වල ආදායම් වාර්ථා ගැන මාව යාවත්කාලීන කලාට වගේම උපසිරසින් අඩක් ඉල්ලාගැනීම ගැනත් කවිනු සහෝටත් ස්තූතිවන්ත වෙනවා.
විල් ස්මිත්ගේ හිපොප් සිංදු… විල් ස්මිත්ගේ විහිලු… නැටුම්…. මේ සියල්ලම ලස්සනට විදින්න ඇලඩින් (2019) සලෙරුව බලන්න කියලා ආරාධනා කරන අතරෙම කාටූන් ෆිලුම vs “ලයිව් ඇක්ෂන්” ෆිලුම ගැන ඔයාලට හිතෙන අදහසත් කොමෙන්ටුවකින් කියන්න කියලා මම නිහඩ වෙනවා.
A: The girl, she is a princess…
G: Arn’t they all…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD / WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
76,997 downloadsDownload Aladdin-2019-Blu-Ray.zip201 KB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිනු වීරක්කොඩි” සොහොයුරාට සහ සෙව්මිණී බණ්ඩාරනායක (සහස්‍රා)” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
271 comments
prasakr
Bio kolla
Thank Bro.
හසිත මධුෂාන්
සබ් එකට බොහොමත්ම ස්තූතියි.....!
ඒ වගේම ලිපියත් සෑහෙන්නම වටිනවා....gihan perera
ස්තුතියි සහෝ....මේක දානකන් හිටියේ....ස්තුතියි වෙිවා.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි...ජය වෙිවා......
LimeGreenSoda
Thanks a Lot.
Dmadhu
Thanks bro.......
Gathsara Umesh
bohoooooooooooooooooooooma Saththi
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi oba dedenatama sub laba dunnata..
prageeth
thanks
maxgds
Thanks bro
Suranjan
tnxxxxxxxxxxxx
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Lucifer94
bohoma sthuthyi sahodaraya...jayawewa
arawindasunimal
THANKS YAALU.............
geeganagamage
පුලුවන්නම් ඇලඩින් පරණ කාටුන් ෆිල්ම් දෙකටත් සබ් එක දෙන්න . බොහොම ස්තුතියි මේ කරනා වටිනා උතුම් සේවය වෙනුවෙන් .
ajantha9
supiri bro tkz ah
Ravindu Rukshan
උපසිරැසයට ස්තූතිය බ්ලුරේ එකක් ආවාහම අනිවාර්යයෙන් නරඹනවා
indika75
thanks..
අමිල
,බොහොම ස්තුති.ජයවේවා
MudithaDissanayaka
thank sub ekata
panch
thanksss
Hemantha De Silva
ස්තුතියි කවීනු... ස්තුතියි සෙව්මිණී...
ආයෙමත් පොඩි කාලෙට යන්න අවස්ථාවක්...Hasitha Madush
ඇලඩින් කියන්නෙ අරාබි නිසොල්ලාසයේ තියෙන ජනප්‍රිය ම කතාව..ඉතිං සෑහෙන කාලයක් බලං හිටියා සහෝ මේකට සබ් එක දෙනකන්..ගොඩක් ස්තූතියි
sisil12
Tnx mchn
nana
Thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Tharaka
niyamy saho. godak thanks. puluwannam "Adventures of Aladdin (2019)" film ekatath sub denna.
Chokzi
Tnxxxxx..
Deshani
thank you
Dulshan Arosha
tharakatp
ජයවේවා
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!raviz
Thank you very much to both of you....
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Blu ray එක ආවහමම බලනව....චානක ඉඳුනිල්
සබ් එකට ස්තූතියි දෙන්නටම,
එනකම් බලාගෙන හිටපු එකක් තමා.jagath55
Thanks
pradeep hashan
thanks sub eka enakn balan hitiye
0Nadun Shalitha
Thanks sub ekata dennatama
Ayesh Prashan
Thank You
nihalpujitha
අම්මො මම බලාගෙන හිටපු ශො එකක් thanks බ්‍රො
Mahesh Rajapaksha
Thanks...
kolitha
ස්තුතියි
Hasantha_Sajeewan
ස්තුතියි.
chandika1975
thank you for the subtitle.
kosala1980
thnks......................................bs
kelumchathuranga
thanks
Anujaya chathuranga
thanks
wajira
Thanks for sub
Bandarajbandara
ස්තුතියි ජයවේවා
Lahiru_jeewantha
Godak thank you saho.
dsdkavishka
Thenks for sub brother and sister
Lakitha1993
Ela ela
sathyajith
thanks for the sub
ishu
thank you very much
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Aladdin (2019) Sinhala Subtitles | ඇලඩින් සහ පුදුම පහන [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/Aladdin-2019-01.jpg)
සුපිරි වැඩක් ජයවේවා .... උපසිරැසියට තුති