Cabin Fever (2002) Sinhala Subtitles කොහොමද! 2016 ආපු Cabin Fever චිත්‍රපටිය ඔයාල බලලා ඇති. ඒක ප්‍රති නිර්මාණය වුණේ මේ චිත්‍රපටිය ඇසුරෙන්. ප්‍රධාන තේමාව ඇතුලත් චිත්‍රපටි 3ක් සමගින් මුළු චිත්‍රපටි 4ක් නිකුත් වෙලා තියෙනවා. මේක තමා 2002 වසරේ නිකුත් වුණ පලවෙනි චිත්‍රපටිය. IMDB අගය 5.6 ක් ලබාගෙන තියෙනවා…

කොහොමද! 2016 ආපු Cabin Fever චිත්‍රපටිය ඔයාල බලලා ඇති. ඒක ප්‍රති නිර්මාණය වුණේ මේ චිත්‍රපටිය ඇසුරෙන්. ප්‍රධාන තේමාව ඇතුලත් චිත්‍රපටි 3ක් සමගින් මුළු චිත්‍රපටි 4ක් නිකුත් වෙලා තියෙනවා. මේක තමා 2002 වසරේ නිකුත් වුණ පලවෙනි චිත්‍රපටිය. IMDB අගය 5.6 ක් ලබාගෙන තියෙනවා. කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Hostel, Thanksgiving වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Eli Roth විසින්. ඔහුත් මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව Rider Strong, Jordan Ladd, James DeBello, Cerina Vincent සහ Koey Kerm කියන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. ඔයාලා Cabin In The Woods චිත්‍රපටිය බලලා ඇති. මේකත් යාන්තමට වගේ ඒකට සමානයි. හැබැයි කතාව සම්පූර්ණයෙන්ම වෙනස්.
චිත්‍රපටියේ කතාව ගත්තොත් මෙහෙමයි: තරුණ යාළුවෝ පස් දෙනෙක් කොලේජ් එකේ අන්තිම දවසේ සතියකට කැබින් එහෙක නිවාඩුවක් ගත කරන්න යනවා. එයාලා යන කැබින් එක තියෙන්නේ ගම්මානයක් ළඟ කැලයක් ඇතුලේ. දවසක් කැබින් එකට රෑ අමුත්තෙක් එනවා. ඇඟ පත දිය වෙලා කුණු වෙච්ච මිනිහෙක්. තරුණයෝ එයාව ඇතුලට ගන්න කැමති වෙන්නේ නෑ. පස්සේ ඒ මිනිහා එයාලගේ වාහනේ ඇතුලට නගිනවා. ඒක හින්ඳා මිනිහට ගුටි කන්න වෙනවා. ඒ වගේම කලබල වුණ තරුණයෝ එයාට ගිනි තියනවා. ඉස්සරහට මොකද වෙන්නේ? බලලම දැනගන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ අවුරුදු 18ට වැඩි අය බැලුවොත් වඩා හොඳයි. අනං මනං දේවල් ටිකක් තියෙන හින්ඳයි කියන්නේ. තව දෙයක් කියන්න හිතුනත් මං නොකියා ඉන්න තීරණේ කලා ඒක සුදුසු නැති හින්ඳා. එහෙනම් අපි තවත් උපසිරසියකින් ආයේ හම්බවෙමු. ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත Bluray/WEBRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
1,178 downloadsDownload Cabin-Fever-2002.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුවනක නිර්මාණ
Subtitles
3 comments
Buddhika laKMal
Teeshan
Django Unchained එකටත් sub කරන්න පුළුවන්ද සහෝ
Chamindu Udara
Dream House (2011), Haunted Mansion (2023) කියන films දෙකටත් sinhala subs ගේන්න.
Advertisement
බොහෝම ස්තූතියි සහෝ සබට