Watch Trailer

Leon the Professional (1994) with Sinhala Subtitles | අහිංසක කුලී ඝාතකයා. [සිංහල උපසිරැසි සමඟින්]

ඔන්න අද සිංහල උපසිරැසි එක්ක අරගෙන ආවේ ටිකක් වෙනස් කතා තේමාවක් අරගත්තු චිත්‍රපට වලට කැමති අයටත්, Action Film වලට කැමති අයටත් සරිලන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඡන්ද 220,969 මඟින් IMDB ශ්‍රේණිගත කිරීම්වල 8.6/10 ලබා හොඳම චිත්‍රපට 250 අතර 34 වැනි ස්ථානය ලබාගන්න තරම් සමත් වෙච්ච චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන…

ඔන්න අද සිංහල උපසිරැසි එක්ක අරගෙන ආවේ ටිකක් වෙනස් කතා තේමාවක් අරගත්තු චිත්‍රපට වලට කැමති අයටත්, Action Film වලට කැමති අයටත් සරිලන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඡන්ද 220,969 මඟින් IMDB ශ්‍රේණිගත කිරීම්වල 8.6/10 ලබා හොඳම චිත්‍රපට 250 අතර 34 වැනි ස්ථානය ලබාගන්න තරම් සමත් වෙච්ච චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන චරිත රඟ පාන්නේ Pink panther කතාමාලාවේ රඟපෑ Jean Reno සහ ගිය ඉරිදා පැවැත්වුනු 2011 Oscar සම්මාන උත්සවයේදී හොඳම නිළියට සම්මාන හිමිවූ Natalie Portman විසිනුයි. හැබැයි මේ ඇය කුඩාකාලයේ රඟපෑ චිත්‍රපටයක්. කොටින්ම ඔයාලා උපසිරැසි එක්කම නැරඹූ Brothers චිත්‍රපටයේ රඟපාපු කෙනාමද කියලා අඳුන ගන්නත් සෑහෙන්න අමාරු වේවි. මේ චිත්‍රපටය ගැන මට කිව්වෙ අපි කවුරුත් දන්න වාසල සහෝදරයා තමා. 😀

Leon කියන්නෙ කුළී ඝාතකයෙක්. ඔහු තරුණ කාලයේදීම මිනීමැරුමක් කර ඉතාලියේ සිට ඇමරිකාවට ආරක්ෂාව පතා පැන ආ තැනැත්තෙක්. ඔහු කුළී ඝාතකයෙක් වුනාට සාමාන්‍ය ජීවිතයේ ඔහු හරිම අහිංසක පුද්ගලයෙක්. කොටින්ම ඔහුට ලියන්න කියවන්න බැහැ. ඔහුට ලැබෙන කොන්ත්‍රාත් වල මුදල් ඔහු ගන්නෙ නෑ. ඔහුට සංකීර්ණ ජීවිතයක් නැහැ. ඔහුට කොන්ත්‍රාත් ලබාදෙන ටෝනී ගාවම ඔහුගේ මුදල් ඉතුරු වෙන්න හරිනවා. ජීවත් වන්නෙ තනිවම. ඒත් ඔහු ජීවත් වන මහල් නිවාසයේ සිදුවන එක් සිදුවීමක් නිසා මේ සියල්ල කනපිට හැරෙනවා. ඒ මොකක්ද කියලා මම නම් කියන්නෙම නෑ හැමෝම බාගෙන බලන්න කියලා ඉල්ලන ගමන්ම මම වෙන දෙයක් කියන්නම්.

මේ මම අවසානයට දීපු උපසිරැසි චිත්‍රපට තුනේ බාගත කිරීම් හා කමෙන්ට් පිළිබඳ විස්තර. මේ එකකවත් කමෙන්ට් වලට මම reply නොකළේ මේ දේ බලන්නයි.

The Prestige (2006) චිත්‍රපටිය 1,115 දෙනෙක් බානකොට කමෙන්ට් 99 යි.
Hotel Rwanda (2004) චිත්‍රපටිය 536 දෙනෙක් බානකොට කමෙන්ට් 68 යි.
The Tourist (2010) චිත්‍රපටිය 1,297 දෙනෙක් බානකොට කමෙන්ට් 123 යි.

ඇත්තෙන්ම මා සතුටු විය යුතුද දුක් විය යුතුද? හංගන්න දෙයක් නෑ. මමත් පෘතග්ජනයෙක්. බ්ලොග් ලියන හැමෝම වගේ මමත් කමෙන්ට් වලට ආසයි. මම සබ් එකක් දාන්න කාලය වැය කරන්නෙ පිටකොටුවෙ විකුණලා සල්ලි හම්බකරන්න නෙවෙයි. කමෙන්ට් බලාගෙනයි. හැමදාම කමෙන්ට් දාන හැමෝටම ගොඩක් පිං කියන ගමන්ම අනික් අයත් පොඩ්ඩක් හිතලා බලන්න කියලා ඉල්ලනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

446 comments

  1. Lasantha

    Thank you for sinhala subtitles.

  2. darshi

    Ela..Keep it Up

  3. chamila

    මේක ටී. වී. එකේ පෙන්නුවා ....

  4. sumith

    thanx friend.mama me comment akak dana palamu wathawa.mama ada edala digatama comment dannamko.mama meken hamadama films banawa.oyala karanne loku sewayak.oralage hamadema sarthaka wenna kiyala mama suba pathanawa.

  5. Max

    Thanks saho....

  6. chinthaka

    man meke hindi eka beluwa movie eka nam ela.Thanks

  7. k2abey

    mamanan meke nithya samajika wela inne sahoo hamadaaama enawa aniwa baawath nathath liuma hari kiyawala yanne oyalage me wade godaak hondai suba pathanawa........

  8. gayya

    hoda ekak vage baamu baamu.....

  9. පොතේ ගුරා

    මේ ෆිල්ම් එක නොබලන ඇස් වලින් වැඩක් නෑ! ඒ තරම් එළ ෆිල්ම් එක!

  10. නිෂූ

    ඔන්න මමත් මේක කලින් බලපු එකක් ! ඒත් උපසිරසි තියන නිසා ආයෙත් බලනවා !

    බොහෝම ස්තුතියි !

  11. Charaka

    we are really appreciate your effort.

  12. JMLR

    Ela..Ela.. Comment nokalata sorry Machan... Thank u very much.

  13. Lakshan

    Onna adath wenada wagema download wenna danawa ........ A wagema comment 1kuth danawa ....... me film 1ta n sinhala sub 1ta godak Thankzzzzzzzz :) A wagema Films down karanna ana anith ayatah keyanna tiyanne tamange kalayan sulu mohotak comment 1k danna wayakaranna keyala :) Anyway Thankz again රොයිලි Aiya .......... :)

  14. mahesh

    max a

  15. ama

    තවත් වැඩිෙන් SUB දාන්න ලැෙබ්වා.

  16. CoolGuy

    බොහොම ස්තුතියි සහෝදරයා. නියම Film එකක් තමයි මේක. හෑමෝම බලන්න කියල ආරාධනා කරනවා. IMDB ratings වල 34 කිව්වම අහන්න දෙයක් නෑනෙ.

    බයිස්කෝප් අඩවියෙන් ඔයාලා කරන දේ ගොඩාක් වටිනවා.
    Films බාගන්න හෑමෝම comment එකක් දාල යන්න. ඒක තමයි post එක දාන කෙනාට කරන ලොකුම ගෞරවය වෙන්නෙ.

  17. udara

    ෆිල්ම් එක සබ් එක්ක දුන්නට ​බොහොම ස්තූතියි.

  18. කල්හාර

    මම ඔය ෆිල්ම් තුනම බැලුවා The Prestige එක නම් මට ඒ තරම් ඇල්ලුවෙ නැහැ ඒ කියන්නෙ නරකයි කියන එක නෙමේ. අනිත් දෙක නම් පට්ටම පට්ට ෆිල්ම් දෙකක් මම බලපු හොඳම ෆිල්ම් වලින් දෙකක් තමා බලමු මේකත් බාලම. තෑක්ක් යූ සෝ මච් වැඩි වැඩියෙන් සිංහල සබ් දාන්න ලැබේවා.............

  19. පිටස්තරයා

    බලනවනම් මෙන්න ෆිල්ම්! Natalie Portman ගෙ විශිෂ්ඨ රඟපෑමක්.

  20. Niranji

    math banna dammaaaaa

  21. blackcorde

    thnx..ela thawa danda...

  22. සෝරෝ

    මේ බානවෝ.........

    ස්තූතියි රොයිලි....!!

  23. Chathura

    Thanksss MANnnnn !!!!!!!!!!!!!
    Downloading ....

  24. මද්දු

    ela machan..
    keep it up

  25. -HacKrisH-

    එල එල. මචන්. දිගටම හොඳ ෆිල්ම්ස් වලට සබ් දෙන්න. අපි ඉන්නවා ඔයත් එක්ක. තැන්ක්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්

  26. lakmal

    me sub dala thiyenne extended version 1 tada ?

  27. blackcorde

    The Prestige (2006) චිත්‍රපටිය 1,115 දෙනෙක් බානකොට කමෙන්ට් 99 යි.
    Hotel Rwanda (2004) චිත්‍රපටිය 536 දෙනෙක් බානකොට කමෙන්ට් 68 යි.
    The Tourist (2010) චිත්‍රපටිය 1,297 දෙනෙක් බානකොට කමෙන්ට් 123 යි.

    ganan ganda epa ayya..ohoma thama....

  28. Sanju

    Thanks

  29. සුපුන්

    මම නම් නිතරම බයිස්කෝප් එකට එනවා. මොකද මම දන්නව මේකෙ සිරා films දාන‍ව කියල. බාන්නේ නම් කලාතුරකින් තමයි. මොකද මට torrent බාන්න බෑ (file sharing links තමයි පාවිච්චි කරන්නේ). ඒත් පුළුවන් හැම වෙලේම කොමෙන්ට් එකක් දානවා. මචන්, මේ බ්ලොග් එක තමයි මම හිත‍න්නේ ලංකාවේ වැඩියෙන්ම ජනප්‍රිය. ඒක අපි කවුරුත් දන්නවා. කොමෙන්ට්ස් ගැන වැඩිය කණගාටු වෙන්න එපා. කොමෙන්ට්ස් වැඩියි කියන්නේ ඒ බ්ලොග් එක හොඳයි කියන එක නෙමේ. මේකට තියන hits ගනන ‍කවුන්ටරේ දිහා බැලුව ගමන් පේනවා. කොමෙ‍න්‍ට්ස් දාන කෙනා දානවා. දාන්නේ නැති කෙනා දාන්නේ නෑ. කොමෙන්ට්ස් මදි කියල අධෛර්ය වෙන්න එපා. මොකද වෙන සිංහල උපසිරැසි ගන්න තැනක් නෑ නේ. ඔයගොල්ලෝ දුක් වෙලා වැඩේ අතෑරියොත් පාඩු වෙන්නේ බලන අපිට. ඉතිං, කොමෙන්ට්ස් ඉල්ලන්න යන්න එපා මචං. බයිස්කෝප් වටේ ඉන්න අය හැමදාම ඉන්නවා. හැමදාම හොඳම දේ දෙන්න දිගටම හැකි වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

  30. ලිට්ල් ජෝන්

    ස්තුතිවේවා සහෝදරයා.කොමෙන්ට් නොදාන මේ දෑත මක්කටෙයි.ජයවේවා!!!

  31. ලිට්ල් ජෝන්

    යකෝ මේක බාගන්න යනකොට අකුරක් කොටලා පලයල්ලාකෝ.ඈයි දෙයියනේ මේ මනුස්සයාගේ මහන්සියට හම්බවෙන එකම ගාස්තුව එකනේ බොලව්.

  32. sameera

    niyami saho mama enne south koreya ape kollo set akkma film bagena balanawa reyal wedak ape samada oba samaga jaya.....

  33. mahima

    ganan ganna epa apith oya bala comment nodayana jathiye thama
    issarahatawath comment karannam

  34. වා.මු. නිලන්ත පියසිරි

    මමත් මේ බයිස්කෝපය බැළුවා. ඇත්තටම හොඳ එකක්. මේකට සිංහල දැමීම ගැන බොහොම පිං. හැමෝටම මේක බලන්න කියලා ඇරයුම් කරන ගමන්ම කොමෙන්ටු ගැනත් හිතන්න කියා ඉල්ලා සිටිනවා. ඇත්තෙන්ම කවුරුන් කිව්වත් ගණන් ගන්න එපා කියලා, අපේ හිත ඉල්ලා සිටින්නේ අගය කිරීම නොවැ. වැඩි දෙනෙක් මේ සිංහල උප සිරැසි ලැබීමෙන් සතුටු වෙනවා කියන්නේ ඒ උප සිරැසි දැමීම ගැන සිත සතුටු වෙනවා කියන එකයි. අපි යමක් කිරීමෙන් අනිත් අය සතුටු වෙන්නේ නැත්තනම්, එසේත් නැතිනම් කවුරුන් සතුටු වුවත් අපි එය දන්නේ නැති නම් එය පලක් නැති වැඩක් වෙනවා නොවැ. ඒ නිසා. කරුණාකරලා කොමෙන්ටුවක් දාන්න. හොඳක් කියන්න. අගය කිරීමක් කරන්න. අපිට පුළුවන් ලෝකයම ලස්සන කරන්න, වැඩි මහන්සියක් නැතිව. වැරද්දක් තියෙනවා නම් ඉතිං ඒකත් කියන්න.

  35. Rumesh

    පට්ටයි !! එල එල , තව සිංහල සබ් වැඩි වැඩියෙන් දෙන්න පුලුවන් වේවා, බයිස්කෝප් එකට ජය වේවා

  36. cc

    machn, kastiyam hoda film 1k baagattama ape kollanwa comment 1k daala encourage karapala. anyway machn ada film 1tat godak isthuthi. tawa me wage film issarahatat daanna. :)

  37. නදීර

    thanks

  38. 2z

    thanxz.........

  39. sunanda

    පට්ට ‍ෆිල්ම් එකක් වගෙ.බොහොම ස්තුති රොයිලියො........
    තව දෙයක් කියන්න ඔනා.ඉස්සර ‍ෆිල්ම් එකක් බාන්නෙ එක එක සයිට්වල හොයලා.එත් බාලා බලනකොට චාටර් ‍ෆිල්ම් එකක්.බයිස්කොප් පටන් ගත්තට පස්සෙ මෙකෙන් ‍ෆිල්ම් බාන්න පුරුදු උනා.මෙකෙන් බාපු හැම ‍ෆිල්ම් එකම වගෙ ආසාවෙන් බැලුවා.හැමදාම උදෙට මැශින් එක ඔන් කරපු ගමන් එන්නෙ බයිස්කොප් සයිට් එකට.මම විතරක් නෙමෙයි හැමොම එහෙමයි.කලින් වගෙම ඉදිරියටත් අපි හැමොම බයිස්කොප් එක්ක ඉන්නවා.රොයිලි සහොටත්, සින්හල සබ් ටීම් එකටත්, බයිස්කොප් එකෙ හැමොටමත් බොහොම ස්තුති මෙ කරගෙන යන දෙ වෙනුවෙන්....................

  40. ashan kandy

    ela saho . api eda wagema adath innawa. oya ohoma adairyamath unama kohomada api sinhala sub ekka film ekak balanne saho. fit thama.. :D

  41. Dinuka

    එළ ෆිල්ම් එක!බොහෝම ස්තුතියි !ජය වේවා රොයිලි සොහොයුරාට සහ බයිස්කෝප් වටේ ඉන්න හෑමෝටම..

  42. $uvin

    ela ela....
    maxxa machan... mamath baanawa...
    matath comment 2k withara magaarunaa. sorry!!!!

  43. charitha

    ela ..........
    thanks bro.........

  44. Akalanka Yapa

    රොයිලි ගනන් ගන්න එපා මචං.. දුකයි කියලා හොඳටම තේරෙනවා.. කොහොමහරි අපි වැඩේ ඇදගෙන යමු.. සිංහල සබ් වලට උඹට පිං දීලා මදි! ජය වේවා සහෝ!

  45. samantha

    onna math damma thanks brooooo.

  46. samantha

    රොයිලි ගනන් ගන්න එපා මචං

  47. චින්තක

    onna machan api banna damma.
    sub damma roylta thank.

  48. Ramraj

    සිංහළෙන් තිබුනත් අර ප්‍රෙස්ටීජ් එක නම් තේරුනේ නෑ. ඔන්න අපිනම් දමෙන්ටියක් දානවා.මොන ෆිලම් එකට හරි බැලුවත් නැතත් මම නම් මොකක් හරි දානවා.සබ් දෙන මහන්සියට අපිත් ඉතිං කමෙන්ටියකින් හරි උපකාරයක් දෙන්න එපායෑ.

  49. රොයිලි

    @Lasantha,
    බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :P

    @darshi,
    බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :P

  50. madusanka

    සහෝ...සැලෙන්න එපා. සබ් එකක් දාන්න වෙන මහන්සිය දන්න අය කමෙන්ට් නොදා යන්නෙ නෑ. අපි නිකන්ම ඉදලා බාගත්තට ඔයාලගෙ කැපකිරීම දන්නවා. එනිසා දිගටම කරගෙන යන්න. සුබ පැතුම්. හැමදාමත් බයිස්කොප් එක්ක අපි ඉන්නවා...!!!!!!!!!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.