Watch Trailer

Adhugo (2018) Sinhala Subtitles | ඌරු පැටියෙකුගේ ඉරණම [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් බයිස්කෝප්වාසි ඔයාලා හැමෝවම. ඔන්න එහෙනම් මම මේ පාර ඔයාලට පටන් ගත්ත වෙලාවේ ඉදන් බඩ කට පිරෙන්න හිනාවෙන්න පුළුවන් චිත්‍රපටියක් අරන් තමයි ආවේ. ඒ මොකද කිව්වොත් හැමෝම වගේ කොමඩි වලට ආස හින්දා තමයි මම මේකට සබ් එක කරන්න හිතුවේ. හැබැයි ඉතින් කොමඩි කියලා ක්‍රියාදාම වලිනුත් අඩුවක්…

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් බයිස්කෝප්වාසි ඔයාලා හැමෝවම.

ඔන්න එහෙනම් මම මේ පාර ඔයාලට පටන් ගත්ත වෙලාවේ ඉදන් බඩ කට පිරෙන්න හිනාවෙන්න පුළුවන් චිත්‍රපටියක් අරන් තමයි ආවේ. ඒ මොකද කිව්වොත් හැමෝම වගේ කොමඩි වලට ආස හින්දා තමයි මම මේකට සබ් එක කරන්න හිතුවේ. හැබැයි ඉතින් කොමඩි කියලා ක්‍රියාදාම වලිනුත් අඩුවක් නෑ. මොකද කතාව පුරාවට මැර කල්ලියක් එකතු වෙලා ඌරු පැටියෙක්ව බෙදා ගන්න දරන උත්සහය ගැන තමා කතාව ගලාගෙන යන්නේ. ඌරු පැටියෙක්ව බෙදාගන්න හදන්නේ ඇයි කියලා මම පහළින් කතාව පැහැදිලි කරන අතරේ කියන්නම්කෝ.

එහෙනම් චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කියලා ඉන්නම් imdb මීටරේ 6.1ක් වගේ ඉහළ අගයක් අරන් තියෙන මේ චිත්‍රපටියට google ප්‍රතිචාර 86%ක්ම ලැබිලා තියෙනවා.ඒ වගේම චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2018 වසරේ අගෝස්තු 9 වෙනිදා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ, චිත්‍රපටියේ ඉන්න ඌරන්ගේ තාත්වික බව උපරිමයෙන් ලබා දෙන්න නිශ්පාදකවරු සමත් වෙලා තියෙනවා. ඒක ඔයාලට බලනකොට තේරේවි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

බන්ටි කියන්නේ චන්ටි කියන ළමයගේ හුරතල් ඌරු පැටියා. හැබැයි මේ දෙන්නට වැඩි කාලයක් නම් එකට කාලය ගත කරන්න වෙන්නේ නෑ. මොකද කිව්වොත් මැර කල්ලි ගණනාවක්ම මේ ඌරු පැටියව පැහැර ගන්න බලාගෙන ඉන්න නිසා. මo මැර කල්ලි වල නායකයෝ ටික හදුන්වලා ඉන්නම්කෝ.
1.ශක්ති
2.දුර්ගා
3.ගංගරාජු
4.ශංකර්

මේ අතරේ තවත් කිසිම සම්බන්ධයක් නැතිව මේ ඌරගේ පැහැර ගැනීමට එකතු වෙන තුන් දෙනෙක් ඉන්නවා. ඒ තමයි, අභිශේක්, රාජි, තුල්සි (අභිශේක්ගේ යාළුවා). ශක්ති , දුර්ගා කියන්නේ ඉඩම් වෙළදාම් ව්‍යාපාරිකයෝ. හැබැයි දෙන්නම හතුරෝ. මේ නිසාම ශක්ති කොයි වෙලෙත් බැලුවේ දුර්ගගෙන් ඉඩම් ටික හොරකම් කරලා තමන්ගේ කරගන්න. මේකට දුර්ගා ළග ශක්තිට උදව් කරපු කෙනෙක් හිටියා. ඒ මාර්ගයෙන් ශක්ති දුර්ගාගේ ඉඩම් වල ලැප්ටොප් එකේ දාලා තිබුන හැම ලියකියවිල්ලක්ම ශක්තිට උදව් කරන මනුස්සයා හොරකම් කරලා ශක්තිගේ මිනිස්සු අතට යවනවා. කොහොමහරි දුර්ගා මේක දැනගෙන ශක්තිගේ මිනිස්සු පස්සෙන් පන්නනවා. ඒ අතරේ ගංගරාජුගේ මිනිස්සුයි , ශංකර්ගේ මිනිස්සුයි සත්ව රේස් එකකට බඩ යට ලප තුනක් තියෙන ඌරු පැටියෙක්ව හොයනවා. ඉතින් බන්ටි ගාව තමයි ලප තුනක් තිබුනේ. ඉතින් ගංගරාජුගේ මිනිස්සු චන්ටිගෙන් බන්ටිව උදුරලා ගෙනියන්න හදනකොට ශක්තිගේ මිනිස්සුන්ට අහුවෙනවා. ඊට පස්සේ ශක්තිගේ මිනිස්සු දෙන්නා මේ ඌරු පැටියව අරන් යනවා.අරන් යන අතරේ දුර්ගාගේ මිනිස්සුන්ට අහුවෙනවා. මයික්‍රෝ චිප් එක අහුවෙයි කියන බයට ශක්තිගේ මිනිස්සු මයික්‍රෝ චිප් එක බන්ටිට කන්න දාන කෙසෙල් ගෙඩියේ හංගනවා. ඊට පස්සේ මොනා වෙයිද? අභිශේකුයි රාජියි දෙන්නා පැත්තට හැරෙන්නම්කෝ. අභිශේක් කියන්නේ තනිකරම පිස්සු කොල්ලෙක්. රාජි කියන්නේ අභිශේක්ගේ පෙම්වතිය. අභිශේක්ගේ පිස්සු වැඩක් නිසා රාජිගේ බල්ලව රාජිට නැති වෙනවා. ඊට පස්සේ රාජි අභිශේක් එක්ක තරහා වෙනවා. අභිශේක් ඒ වගේම බල්ලෙක් ඔන් ලයින් ඕඩර් කරනවා.හැබැයි කුරියර් සර්විස් එකෙන් වෙන වැරැද්දක් නිසා, රාජිට යන්නේ අර ඌරු පැටියව. ඊට පස්සේ මොනාවෙයිද?ඌරු පැටියගේ අවසානය මොකක්ද? මයික්‍රෝ චිප් එක අරගන්නේ කොහොමද?

හැමෝටම බලන්න කියන ආරාධනාවත් ඇතුව ඉක්මණින්ම තවත් උපසිරැසියකින් හමු වෙන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්.

ඔයාලට තෙරුවන් සරණයි!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 මෙම ලබා දී ඇති උපසිරසි Proper HD සඳහා පමණක් අදාළ වේ

3,269 downloadsDownload Adhugo-2018.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රදීප් රවින්ද්‍ර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,269 downloadsDownload Subtitles45 KB

18 comments

  1. madushrmh

    sthuthi

  2. කවිනු වීරක්කොඩි

    Thnkq!

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  5. ranga11112

    thanks sahodaraya
    bs

  6. santhusha319

    thanks bro !!!!!!!!

  7. Nuwan_Hero

    thanks for sub
    Childs Play 2019 eka awilla puluwan ikmanin sub eka dennako

  8. Ayesh Prashan

    Thank You

  9. asankachathuranga

    subakawedanaha

  10. indika75

    thanks..

  11. tharindu.mihiran

    Sub eke font aka mokakda. Sub aka giyata yanne wena sign wagayak.

  12. sooriyapatabadige

    Thanks for sub .......(Natana 2019 ) Telugu movie eke sub dennako please......

  13. N_R

    Thank You.

  14. sugathsam

    ela......

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. grlakshitha

    sub wada nane

  17. Nivom

    me film eka chatar kiyala hithala nobala inna epaa,

    patta comediyak.

    Aragena balanna 2paarak hithan nethuwa.

  18. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    තව තෙලුගු බස්සමු ආ...
    දිගටම සබ් දෙමු කිව්වා.... :P 
    ජය!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.