Watch Trailer

Insidious: Out of the Further (2026) Sinhala Subtitles | නොපෙනෙන මානයෙන් පැමිණි වියරු මළවුන් [සිංහල උපසිරැසි]

Wikipedia

මේ අවුරුද්දේ හොඳ කල දසාවක් ලැබුනේ මොන ශානරයේ ෆිල්ම් වලටද කියලා කවුරුහරි ඇහුවොත් මමනම් දෙපාරක් නොහිතා කියන්නේ Horror ශානරයට කියලා. මොකද මේ අවුරුද්දේ හයිබජට් ෆිල්ම් කීපයක්ම දැවන්ත කඩා වැටීමකට ලක්වුනා වගේම බොක්ස් ඔෆිස් වාර්තා තියපු Spider-Man: Brand New Day, The Odyssey, Super Mario Galaxy වගේ චිත්‍රපට ලාභ ලැබුවේ අති විශාල වියදමක් දරලා බවත් මතක් කරන්න ඕන. නමුත් හොරර් නිර්මාණ වලට මේසා විශාල බජට් එකක් යොදවනවා ඉතාම අඩුයි වගේම ඒක අවශ්‍යම දේකුත් නෙමෙයි මොකද හොරර් සිනමාපටයකට අවශ්‍ය මූලීකම දේ විදියට මම දකින්නේ හොඳ කතා වස්තුවක්. ඉස්සර ඉඳන්ම අපි වැඩිපුරම දැකලා තියෙන්නේ එකම ආකාරයේ කතා වස්තු කීපයක් කැරකි කැරකි කාලෙන් කාලෙට එන විදිය තමයි. කවුරුහරි පවුලක් අළුතින් ගෙදරකට ගියාම ඉන්න හොල්මන්, විනෝද සවාරියකට කැලයකට හරි වෙන පලාතකට ගියාම වෙන අද්භූත සිදුවීම් නැත්තම් මොකක්හරි පරණ බඩුවක් හම්බෙලා ඒකත් එක්ක එන හොල්මන් වගේ මුල් ටික බලද්දි අවසානය තේරෙන සාම්ප්‍රදායික කතා වට්ටෝරු තමයි ගොඩ කාලයක් තිස්සේ දකින්න ලැබුනේ.

ඒත් James Wan, Jordan Peele, Ari Aster, Robert Eggers, Mike Flanagan සහ Zach Cregger වැනි දක්ෂ අධ්‍යක්ෂකවරු මේ වෙද්දි හොරර් සිනමාව නවමු මුහුණු වරකට අරන් ඇවිත් තිබෙනවා වගේම කේන් පාර්සන්ස් වගේ යූටියුබ් නිර්මාණකරුවොත් වැඩේට බැහැලා තියෙන නිසා හොරර් සිනමාවට අළුත්ම කතා තේමාවන් තියෙනවා. හැබැයි දැන් එහෙම උනත් මම කලින් සඳහන් කරපු James Wan මහත්මයා මීට වසර 15කට විතර කලින් 2011 වසරෙදි Insidious නමින් අපූරූ හොරර් තේමාවක් කරළියට අරගෙන ආවා. ඉතිං මේ අමුතුම හොරර් ෆිල්ම් එකේ තේමාව රසිකයෝ අතර අතිශය ජනප්‍රිය උන නිසා මේ වෙද්දි Insidious (2011) , Insidious: Chapter 2 (2013) , Insidious: Chapter 3 (2015) , Insidious: The Last Key (2018) , Insidious: The Red Door (2023) නම් වලින් සිනමා පට 5ක් නිකුත් වෙලා තියෙනවා. ඒ නිසා මේක බලන්න කලින් ඔයාලා කලින් Insidious චිත්‍රපට ටිකත් නරඹලා ඉන්නවනම් හොඳයි කියන එක තමයි මගේනම් අදහස. අපේ වෙබ් අඩවියෙන් ඒ සේරටම උපසිරසි දීලා තියෙන නිසා ඔයාලට දැන්ම ඒවා සිංහල උපසිරසි එක්ක බලන්න හැකියාව තියෙනවා. එහෙනම් ඒ මතක් කිරීමත් එක්ක අපි මේ ෆිල්ම් එකේ කතාව පැත්තට යමු.

ජෙමා කියන්නේ තමන්ගේ පාසල් යන පුංචි දියණිය මායා එක්ක තනියම ජීවත් වෙන තරුණ මවක්. මෙයාලා ජීවත් වෙන්නේ ජෙමා කුඩා කාලේ තමන්ගේ අම්මා එක්ක ජීවත් උන පැරණි නිවසෙමයි. ජෙමා කුඩා කාලයෙදී එයාගේ අම්මගේ අමුතු හැසීරීම් නිසා ගොඩක් පීඩා විඳපු කෙනෙක්. ඉතිං මෙහෙම ඉන්න අතරතුර තමයි ජෙමාට එයාලගේ ගෙවල් අහල පහළ නිතරම කැරකෙන අමුතු පහේ වයසක තුන්දෙනෙක්ව දකින්න ලැබෙන්නේ. එයාලව දැකපු දවසේ ඉඳන් ජෙමාට නින්දෙන් භයානක හීන පේනවා වගේම එයා පියවි ලෝකයෙන් වෙනස් ලෝකේකට යන බවක් එයාට දැනෙනවා. මේ තත්වය එන්න එන්නම දරුණු වෙද්දි ජෙමා මේ ගැන අපි කලින් දන්න කෙනෙක්ගෙන් උදව් ඉල්ලනවා වගේම ඇත්‍තටම ජෙමා කියන්නේ කවුද සහ ජෙමාට කරන්න පුළුවන් මොනවද කියලා මේ කෙනා එයාට පැහැදිලි කරනවා. හැබැයි ඒ වගේම ජෙමාගේ පස්සෙන් එන අති භයානක බලවේගයකට යම්කිසි දෙයක් වෙනුවෙන් ඇයව පාවිච්චි කරන්න උවමනාව තියෙන බවත් ඇයට දැනගන්න ලැබෙනවා. ඉතිං මේ බිහිසුණු බලවේගෙට ඇත්තටම ජෙමාගෙන් මොනවද ඕන? ජෙමාට මොනවා කරන්නද හැකියාව තියෙන්නේ? මේ බලවේගය ඇත්තටම කවුද? මේ සේරටම උත්තර ඔයාලට මේ ෆිල්ම් එකෙන් බලාගන්න හැකියාව තියෙනවා වගේම මතක ඇතුව අන්තිමට තියෙන පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකත් අනිවාර්‍යෙන්ම බලන්න.

Insidious: Out of the Further ෆිල්ම් එක මේ වෙද්දි 6.2ක IMDb අගයක් සහ 58%ක කුණු තක්කාලි අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා. ඒ වගේම ෆිල්ම් එකේ ඩිජිටල් පිටපත් නිකුත් උනේ අද බවත් මතක් කරන්න ඕන. ඇ.ඩො. මිලියන 18ක වියදමින් තැනු මේ චිත්‍රපටය Insidious චිත්‍රපට මාලාවේ වැඩිම පිරිවැයක් යොදලා නිර්මාණය කරපු ෆිල්ම් එක වෙනවා වගේම මේ වෙද්දි ඇ.ඩො. මිලියන 168ක් ලබාගෙන මෙම චිත්‍රපට මාලාවේ තෙවනුවට වැඩිම ආදායම ලබාගත් චිත්‍රපටය බවට පත්වන්නත් මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙන බව කියන්න ඕන. ඒ වගේම මේ චිත්‍රපටයේ රංගන දායකත්වය ලබාදෙන්නේ පහත දැක්වෙන නළු නිළි කැළයි:

  • Amelia Eve - ජෙමා හෝල්
  • Brandon Perea - නික් මෙන්ඩෝසා
  • Maisie Richardson-Sellers - ක්ලෙයා
  • Lin Shaye - එලීස් රේනර්
  • Sam Spruell - සයිරස් ලැම්
  • Island Austin - මායා හෝල්

ෆිල්ම් එක ඉවර වෙන විදියට බොහෝ විට අපිට තවත් ෆිල්ම් එකක් බලාගන්න අවස්ථාව ලැබෙයි කියලා හිතනවා. ඒ වගේම මේ වෙද්දි තවත් Insidious ස්පින් ඕෆ් ෆිල්ම් එකක් නිෂ්පාදනය කරන්න සූදානම් වෙන බවත් මුල් චිත්‍රපට වල නිර්මාතෘ James Wan මහත්තයව ඒකට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා කියලත් හොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා. Thread: An Insidious Tale නමින් නිෂ්පාදනය කරන්න නියමිත මේ චිත්‍රපටයට Mandy Moore සහ Kumail Nanjiani ප්‍රධාන චරිත විදියට එක් වෙයි කියලා තමයි ආරංචි වෙන්නේ. එහෙනම් මම නවතින්නම් ඔයාලත් උපසිරසිය බාගන්න ගමන් අදහසක් දක්වගෙනම යන්න. ඒ වගේම මට මේ උපසිරසිය බාරදුන්න රවිඳු හේෂාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් මම සමුගන්නවා. වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු. ජය වේවා!                

 

Subtitles by

යුරාන් ධනුක

Rank: LegendLegend
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

12 downloadsDownload Subtitles29 KB

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.