උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
2026 ඔක්තෝම්බර් 15 වෙනිදා වැඩි හාවක් හූවක් නැති දමිළ චිත්රපටයක් එනවා NETFLIX එකට. මට ඒක පුදුම සහගත කාරණය උනේ ඒ ෆිල්ම් එකට IMDB අගය 9.2ක අගයක් තිබ්බා. ඉතින් ට්රේලර් එකත් බලපුවම දැක්කා මේ චිත්රපටයට සම්මාන කිහිපයකුත් මේ වෙනකොට හම්බෙලා තියෙන විත්තිය.
ලොකු/ප්රධාන ධාරාවේ නළු නිළියෝ කවුරුත් නැති උනත්, හොඳට රඟපාන්න පුලුවන්, හොඳ ස්ටෝරියක් තියෙන කතාවක් කියලනම් කියන්න පුලුවන්. මේක social drama සහ courtroom thriller කියන කාණ්ඩයන්ට අයත් චිත්රපටයක්.
මේ කතාවේ පටන් ගන්නේ තමිල්නාඩුවේ, රාමේෂ්වරම් කියන ගමේ ඉන්න ධීවරයෙක්ගෙන්. ඔහු නමින් තවසි. තවසි පාඩුවේ තමන්ගේ පවුලත් එක්ක ජීවත් වෙවී ඉන්නවා. ඉතින් ඒ ධීවරයන්ගෙ තියෙන එක් පුරුද්දක් තමයි රාමේශ්වරම් කෝවිලට එන මිනිස්සු බාරහාර ඔප්පු කරලා මුහුදට එහෙම විසි කරන කාසි වගේ දෙවල් කිමිදිලා අරගන්න එක. මේක ඇත්තටම ඒ පැත්තේ තියෙන රස්සාවක් වගේ දෙයක්. ඒ විදියට දවසක තවසිට හම්බෙනවා මැණික් ගල් අල්ලපු, රත්තරන් පදක්කමක්. ඕක ඉතින් මොන උනත් මිනිහට අයිති නැති නිසා බාර දෙන්න කියලා පොලිසියට අරන් යනවා. ඔතන ඉඳන් මිනිහගේ, වගේම මුලු තමිල්නාඩුවේම ඉරණම වෙනස් වෙන්න පටන් ගන්නවා….
ඒ කොහොමද, මොකද්ද වෙන්නේ කියලා ඔයාලට බලන්න ආරධනා කරන ගමන්, ආයේත් තවත් උපසිරැසයකින් හමුබෙමු.
- Ratings
- Reviews
- 0
- Subtitles
- 21
- Downloads
- 26.3K
- Readers' rating
- No reviews yet

Subtitles
- #2021
- #A.R
- #Beth Grant
- #Emily Tosta
- #Enna Vilai (2026) Sinhala Sub
- #Enna Vilai (2026) Sinhala Subtitles
- #Enna Vilai Sinhala Sub
- #Enna Vilai Sinhala Subtitles
- #G.O. Parsons
- #Kevin Lewis
- #MaxxA
- #Nicolas Cage
- #Offbeat
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Subs
- #Subtitles
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet. Yours will be the first.
