Watch Trailer

War (2019) Sinhala Subtitles | කවුරුන්ද මිතුරන්… කවුරුන්ද සතුරන්…? [සිංහල උපසිරැසි සමඟ]

බොලිවුඩ් සිනමා රසිකයෙක් නම්, Yash Raj Films ගැන නොදන්නවා වෙන්න බැහැ. බොලිවුඩ් චිත්‍රපට ක්ශේත්‍රයේ අංක එකේ දැවැන්තම චිත්‍රපට නිෂ්පාදන ආයතනය! 2017 දී කෝටි 210කින් Tiger Zinda Hai ගහනවා. 2018 දී කෝටි 250-300 කින් Thugs of Hindostan ගහනවා. එතකොට, 2019 දී…? හැබැයි, පොඩි පරහක් තියෙනවා… Indian High Budget…

බොලිවුඩ් සිනමා රසිකයෙක් නම්,
Yash Raj Films ගැන නොදන්නවා වෙන්න බැහැ.
බොලිවුඩ් චිත්‍රපට ක්ශේත්‍රයේ අංක එකේ දැවැන්තම චිත්‍රපට නිෂ්පාදන ආයතනය!
2017 දී කෝටි 210කින් Tiger Zinda Hai ගහනවා.
2018 දී කෝටි 250-300 කින් Thugs of Hindostan ගහනවා.
එතකොට, 2019 දී…?
හැබැයි, පොඩි පරහක් තියෙනවා…
Indian High Budget Movies කිව්වම ඒ හැටි සුභවාදී ආකල්පයක් නම් නෙමෙයි තියෙන්නෙ.
ලොකුවට සද්ද බද්ද දාගෙන,
හිතාගන්නවත් බැරි විදියට සල්ලි වීසිකරලා හදපු ඉන්දියන් චිත්‍රපට වලින්,
කැත නැතුව බලන්න පුළුවන්කම තිබ්බෙ බොහොම අතලොස්සක් චිත්‍රපට ප්‍රමාණයක් විතරයි.

අපි හොඳට වියදම් කරලා ෆිල්ම් එක ගහන්නම්…
මොන ජරාවක් වුණත් උඹලා ගිහිල්ලා බලාපල්ලා!

සල්ලි විතරක් තියෙන, මොලේ කලඳක් නැති චිත්‍රපට නිෂ්පාදකයො සමහරවිට එහෙම හිතුවද දන්නෙ නැහැ.
ඊට හපන් සමහර ෆෑන්ස්ලා…

ෆිල්ම් එකේ කතාව කොහොම වුණාම මොකද…
අම්මෝ… VFX නම් නියමෙටම තිබුණා…
හරියට හොලිවුඩ් ෆිල්ම් එකක් වගෙයි.
කතාව වැඩක් නැහැ, බලන්නකො ෆිල්ම් එකේ බැක්ග්‍රවුන්ඩ් ටික…
අම්මෝ… මට නම් පිස්සු වගේ අනේ…
ඒකටම හරියන්න පිස්සු හැදෙන සිංදු ටිකකුත් තිබ්බා.

මේවට ඉතිං කොහෙන් හිනාවෙන්නද කියලා මට නම් හිතාගන්න බැහැ.
මෑත වකවාණුවෙ ඒ වගේ චිත්‍රපටි ලිස්ට් එකක් මට මෙතන ලියන්න පුළුවන්.
ඒත් මොකටද… සමහර ඩයිහාඩ් ෆෑන්ස්ලගෙ හිත රිදෙන්න පුළුවන් නොවැ 😛
අම්මෝ… මේ ඇති.
පුළුවන් නම් කරුණාකරලා මේ හය හතර නොදත් නොදරුවන්ට කියලා දෙන්න,
මුදල්, කතාව, සංගීතය, VFX, පසුබිම් දර්ෂණ…
එකී මෙකී නොකී හැමදෙයක්ම එකතුවෙලා තමයි පරිපූර්ණ චිත්‍රපටයක් නිර්මාණය වෙන්නෙ කියලා!
කොටින්ම කියනවා නම්,
ලොකු ගාණක් වියදම් කරලා ගහන ඉන්දියන් චිත්‍රපටයක් කිව්වම,
ගොඩක් දෙනෙක් ඒක විහිළුවට ගන්න තත්වයක් ඇති වුණා.
ලොකු ගාණක් වියදම් කරලා චිත්‍රපටි ගහන්න පවා සමහරු බයවුණා.
මේ වගේ තත්වයක් තියෙද්දි ඔක්තෝම්බර් දෙවෙනිදා Yash Raj ආයතනයෙන් තවත් High Budget Movie එකක් එලියට දැම්මා.
ඉන්දියානු රුපියල් කෝටි 200 ඉක්මවූ අති දැවැන්ත වියදමකින් නිෂ්පාදනය කරන ලද දැවැන්ත චිත්‍රපටයක්!

War!

ඉන්දියානු චිත්‍රපට ක්ෂේත්‍රයම කණපිට ගහපු චිත්‍රපටයක්!
High Budget Movie ගැන ප්‍රේක්ෂකයා තුල තිබ්බ Negative Mind එක නැතිබංගස්තාන කරලා දාපු චිත්‍රපටයක්!
කොටින්ම කියනවා නම්…
කිසිකෙනෙක් නොහිතපු විදියට මේ අවුරුද්දෙ වැඩිම ආදායමක් හොයපු ඉන්දියානු චිත්‍රපටය වූණෙත් මේ චිත්‍රපටියම තමයි!
එහෙනම්…
මාත් එක්ක යුද්ධයට (War) යන්න ඔබත් ලෑස්ති වෙන්න!

වර්තමාන ඉන්දියානු සිනමා ක්ෂේත්‍රයේ පොඩි රැල්ලක් හැදීගෙන යනවා. හොඳට විමර්ෂණය කරලා බැලුවා නම් ඔබටත් තේරෙන්න ඇති. තරු බලය අතින් ඉහලින්ම ඉන්න නළුවන් එකම චිත්‍රපටයක් තුලින් එකිනෙකා ඝට්ටනය කරවීම. Irumbu Thirai තුලින් විශාල් එක්ක අර්ජුන්, Sacred Games තුලින් සායිෆ් අලී ඛාන් එක්ක නවුසිද්දින් සිද්දිකි, Imaikkaa Nodigal තුලින් නයන්තරා සහ අතර්වා එක්ක අනුරාග් කාශ්‍යප්, Satyameva Jayate තුලින් ජෝන් ඒබ්‍රහම් එක්ක මනෝජ් බජ්පායි, Vikram Vedha තුලින් මාධවන් එක්ක විජේ සේතුපති…. මං මේ කිව්වෙ උදාහරණ කීපයක් විතරයි. පොඩ්ඩක් හොයලා බැලුවොත් මේ වගේ තව උදාහරණ ඕනෙතරම් තියෙනවා. මේ විදියෙ ඝට්ටනයක් තමයි ඔක්තෝම්බර් දෙවෙනිදා පටන්ගත්තෙත්. ඊටත් එහා ගියපු දැවැන්ත ඝට්ටනයක්. කොටින්ම කියනවා නම්, ඉන්දියානු සිනමා සිත්තමක් තුලින් ඔබට මේ තාක් දැකගැනීමට ලැබෙන දැවැන්තම තරු ඝට්ටනය විදියට හඳුන්නලා දුන්නොත් මේ මුසාවක් නම් නෙමෙයි. රිතීක්ට එදිරිව ටයිගර්!

රිතීක් රෝෂන් කියන අති විශිෂ්ඨ රංගධරය ගැන මං අමුතුවෙන් වර්ණනා කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියලා හිතනවා. රංගනය අතින් ගතහොත් වර්තමාන බොලිවුඩ් සිනමාවෙ ආමිර් ඛාන් සමගින් සමතැන තියන්න පුලුවන් මට්ටමේ අති විශිෂ්ඨම මට්ටමේ රංගධරයෙක් තමයි රිතීක් රෝෂන් කියන්නෙ. එක උදාහරණයක් දෙන්නම් මම. එකම එක උදාහරණයක්. වැඩි ඈතකට යන්න ඕනෙ නැහැ. අපි ගමු මේ අවුරුද්දෙ අපු Super 30 කියන අති විශිෂ්ඨ චිත්‍රපටය. මතකද, පාස්පෝට් එක හදන්න ෆොටෝ ගහනකොට ලැජ්ජාව නිසා ආනන්ද් කුමාර්ගෙ මූණට ආපු ඒ හිනාව. ඒ හිනාවම ඇති රිතීක් රෝෂන් කියන්නෙ මොන විදියෙ දක්ෂයෙක්ද කියලා තීරණය කරන්න. Super 30 බලනකොට ඔබට සමහරවිට හිතෙන්න ඇති, දෙයියනේ… මේ අපි වෙනදා දකින රිතීක් රෝෂන් නෙමෙයි නේද කියලා. වගකීමෙන් කියන්නම්, War බලනකොට ඔබට හිතේවි මේ අර ටික දවසකට කලින් Super 30 එකේ ආනන්ද් කුමාර්ට රඟපාපු රිතීක් රෝෂන්මද කියලා. ඒ තරම් ප්‍රබලයි ඔහුගෙ රංගනය. අළු, තඹ සහ යන්තමින් සුදු මිශ්‍ර වූ කෙස් කළඹ, කෙටි කරන ලද රැවුල, මාංශ පේශී පිරුණු පිරිපුන් ශරීරය, ඔහුටම ඔබින ඇඳුම් පැළදුම්… සත්තයි, මේ හැමදේකින්ම ඔහු ඔබව පිස්සෙක් කරාවි.

Super 30 සහ War යන චිත්‍රපට දෙක තුල රිතීක් රෝෂන්ගේ එකිනෙකට වෙනස් රංගනයන්…

එක පැත්තකින් රිතීක් ඉන්නකොට, අනිත් පැත්තෙන් ඉන්නවා ටයිගර් ෂෙරොෆ්. අපි කවුරුත් දන්න විදියට ජැකී ෂෙරොෆ්ගෙ පුතා. සටන් කලාවෙ සහ නර්තන කලාවෙ පරතෙරටම ගියපු රංගන ශිල්පියෙක්. නමුත්, අවාසනාවකට රංගන හැකියාවෙ සුළු අඩුපාඩුකම් කිහිපයක් තියෙනවා. සමහරු කියලා තිබ්බා, ටයිගර් වෙනුවට විද්‍යුත් ජුම්වාලා වගේ අති දක්ෂම සටන් නළුවෙක් ගන්න තිබ්බා නේද කියලා. හැබැයි, මගේ මතය මේකයි. සටන් හැකියාව අතින් ටයිගර්ට වඩා විද්‍යුත් පැහැදිලිවම ඉදිරියෙන් ඉන්නවා. හැබැයි. විද්‍යුත්ට වඩා ලොකු ෆෑන් බේස් එකක් ටයිගර්ට ඉන්නවා. ඉතිං, කෝටි 200ක චිත්‍රපටියක් හදලා, විද්‍යුත් අරගෙන අවදානමක් ගන්නවට වඩා, ටයිගර් අරගෙන මූල්‍යමය අතින් යම්කිසි වාසියක් ගන්න වෙන්න ඇති නිෂ්පාදකවරු හිතන්න ඇත්තෙ. ඒ වගේම තව දෙයක් තියෙනවා. රිතීක් රෝෂන් මේ චිත්‍රපටය බාරගෙන තියෙනවා කියන්නෙ, අනිත් චරිතය සඳහා ටයිගර් ෂෙරොෆ්ව ගන්නවා නම් විතරක් කියලා තමයි සඳහන් වෙන්නෙ. හැබැයි, රිතීක්ගෙ ඒ තීරණය නිවැරදි එකක් කරමින්, තමන්ගෙ අඩුපාඩු නිවැරදි කරගෙන, චිත්‍රපටය සඳහා සාධාරණයක් ඉෂ්ට කරන්න ටයිගර් සමත්වෙලා තියෙනවා කියල ඔබටම බලාගන්න පුළුවන් වේවි.

හරි එහෙනම්… ඒ විස්තර ටිකෙන් පස්සෙ අපි එහෙනම් බලමු චිත්‍රපටය හා බැඳුණු විශේෂ කරුණු කීපයක් සම්බන්ධයෙන්.

  • මේ චිත්‍රපටය ලොව පුරා රටවල් 7ක, ප්‍රධන නගර 15ක් තුල රූගත කිරීම් සිදුකරලා තියෙනවා.
  • රිතීක් සහ ටයිගර් දෙදෙනා පළමු වතාවට තමයි මේ විදියට එකම චිත්‍රපටයක එකට රංගනයේ යෙදෙන්නෙ.
  • චිත්‍රපටය තුල වගේම, සැබෑ ජීවිතයේදිත් ටයිගර් තමන්ගේ උපදේශකයා විදියට රිතීක්ව තමයි සලකන්නෙ.
  • 2006 වර්ෂයේ Dhoom 2 චිත්‍රපටයෙන් පස්සෙ, වසර 13කට පස්සෙ පලවෙනි වතාවට තමයි රිතීක් Yashraj Films ආයතනයත් එක්ක වැඩ කරන්නෙ.
  • චිත්‍රපටය තුල සමහර ක්‍රියාදාම දර්ෂණ සඳහා Die Another Day, Mission Impossible, Broken Arrow, Bourne චිත්‍රපට මාළාව කියන හොලිවුඩ් චිත්‍රපට වල ආභාෂය අරගෙන තියෙනවා.
  • ඔහුගේ චරිතය වෙනුවෙන් රිතීක් විසින් සිය ආහාර සම්පූර්ණයෙන්ම පාලනය කරලා තියෙනවා වගේම, ශරීර නඩත්තුව වෙනුවෙන් වෙනමම අභ්‍යාස කරලා තියෙනවා.

බොලිවුඩ් රසිකයෙක් විදියට ඔබ Siddharth Anand කියන නම අහලා නැතිවෙනවා වෙන්න බැහැ. ඔබට මතක නැත්නම් මං මතක් කරලා දෙන්නම්. Hum Tum, Salaam Namaste, Anjaana Anjaani සහ ඉදිරියේ නිකුත්වෙන්න තියෙන Rambo හින්දි චිත්‍රපටිය ලියන්නෙත් මෙතුමා අතින්. ඒ විතරක් නෙමෙයි, Salaam Namaste, Ta Ra Rum Pum, Bachna Ae Haseeno, Anjaana Anjaani, Bang Bang වගේම, ඉදිරියේ නිකුත්වීමට නියමිත Bang Bang Reloaded සහ Rambo චිත්‍රපට අධ්‍යක්ශණය වෙන්නෙත් මෙතුමාගෙ අතින්. මෙතුමා මෙතුවක් අතගහපු කිසිම චිත්‍රපටියක් අසාර්ථක වෙලා නැහැ. ඒ විශ්වකර්ම හැකියාව මනාව ප්‍රයෝජනයට ගනිමින් මෙතුමා රචනයෙන් සහ අධ්‍යක්ශණයෙන් දායක වෙමින් War චිත්‍රපටියත් අති සාර්ථකත්වය කරා මෙහෙයවූවා. ඒ වගේම, චිත්‍රපටය හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක් හා සමානව නිෂ්පාදනය කිරීම සඳහා අති විශිෂ්ඨ ගණයේ සටන් අධ්‍යක්ෂකවරු හතරදෙනෙක්ගෙ සහාය ලබාගන්නවා. The Dark Knight චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂක Paul Jennings, Death Race : Inferno චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂක Franz Spilhaus, Tiger Zinda Hai චිත්‍රපටයෙ සටන් අධ්‍යක්ෂක Parvez Shaikh සහ Avengers: Age of Ultron චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂක Sea Young Oh යන පිරිස විසින් War චිත්‍රපටයේ ක්‍රියාදාම හොලිවුඩ් ආකාරයෙන් ඔබවෙත ගෙනඒමට සිය දායකත්වය සපයනවා. ඒ වගේම තමයි, මේ චිත්‍රපටය සඳහා Cinematographer දායකත්වය ලබාදෙන්නෙ, Bang Bang, The Bank, The Black Balloon යන හොලිවුඩ් සහ බොලිවුඩ් චිත්‍රපට සඳහා දායකත්වය ලබාදුන් Benjamin Jasper විසින්.

Action, Thriller කාණ්ඩ නියෝජනය කරමින් War චිත්‍රපටය මහජන ප්‍රදර්ශණය සඳහා නිකුත් වෙන්නෙ ඔක්තෝම්බර් දෙවෙනිදා. ඒ, ගාන්ධි ජයන්ති උත්සවය ඉලක්ක කරගනිමින්. හැබැයි, අනිත් පැත්තෙන් ලේසි වුනේ නැහැ. චිත්‍රපටිය තුල රිතීක් සහ ටයිගර් දෙන්නා හැප්පෙනවා වගේම, චිත්‍රපටියෙන් පිටත War චිත්‍රපටයත් එක්ක හැප්පෙන්න එදිරිවාදියෙක් ආවා. එක්කෙනෙක් කිව්වට ඇත්තටටම කිහිපදෙනෙක්. ප්‍රධානතම එදිරිවාදියා තමයි, එදාමෙදා තුර තෙලිඟු සිනමාව විසින් නිශ්පාදනය කරන ලද ජනප්‍රියතම රංගන තාරකාවක් වන මෙගා ස්ටාර් Chiranjeevi ප්‍රධාන රංගන දායකත්වය සපයන, බොලිවුඩ් සිනමාවෙ සදාතනික තරුණයා Amitabh Bachchan, කන්නාඩ සිනමාවෙ සුපිරි තරුව Sudeep, දමිළ සිනමාවෙ පෙරලිකරයා Vijay Sethupathi, ලේඩි සුපර්ස්ටාර් Nayanthara සහ තෙලිඟු සිනමාවෙ Anushka Shetty යන දැවැන්තයින්ගේ එකමුතුවෙන්, ඉන්දියානු රුපියල් කෝටි 300ක අති දැවැන්ත පිරිවැයක් දරමින් නිෂ්පාදනය වූ Sye Raa Narasimha Reddy. මං මේ කියන ඝට්ටනයේ තරම සමහරවිට ඔබට පැහැදිලිවම හිතාගන්න බැරුව ඇති. ඒත්, නිකමට හිතාගන්නකො කෝටි 200 චිත්‍රපටයකුයි, කෝටි 300 චිත්‍රපටයකුයි එකම දවසෙ එකට තිරගත වෙන්න පටන්ගත්තාම කොහොමට තියේවිද කියලා. ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රියතම, බලවත්ම රංගන තාරක, තාරකාවියන් රැසක් එකම දිනයක, එකම අරමුණක් වෙනුවෙන්, එකම යුද්ධයක!

අවිවාදයෙන්ම මේ තමයි එදාමෙදා තුර ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයේ සිදුවූ දැවැන්තම සහ දරුණුතම චිත්‍රපට ඝට්ටනය. මේ ද්වන්ධ යුද්ධෙයේ අවසාන ප්‍රථිඵලය මොකකින් මොකක් වේවිද කියලා කිසිකෙනෙක්ට හිතාගන්න බැරිවුණා. නමුත්, පලමු දිනය අවසානයේදි War චිත්‍රපටයට දැඩි තර්ජනයක් එල්ලකරන්න Sye Raa Narasimha Reddy චිත්‍රපටයට හැකියාව ලැබුණා. පළමු දිනය තුල War චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 53.35ක මුදලක් ලබාගන්න සමත්වෙන්නෙ, එදාමෙදා තුර ඉන්දීය චිත්‍රපට ඉතිහාසය තුල බොලිවුඩ් චිත්‍රපටයක් මංගල දිනයේදී ලබාගත් වැඩිතම ආදායම් වාර්තාව ලෙස වාර්තා පොත් අතරට එකතු වෙමින්. ඒ, ආමිර් ඛාන්ගෙ Thugs of Hindusthan චිත්‍රපටයේ මංගල දිනයේ ආදායම් වාර්තාව බිඳ දමමින්. ඒ වගේම තමයි, ඒ වෙනකම් 2019 වර්ෂය තුල මංගල දිනයේදී වැඩිම ආදායම් වාර්තාව ලෙස සටහන්ව තිබුණේ, බොලිවුඩයේ බොක්ස් ඔෆිස් මැෂින් එක යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නාවූ සල්මාන් ඛාන්ගෙ Bharat චිත්‍රපටය මංගල දිනයේදී ලබාගත් කෝටි 43ක මුදල. උතුරේ එහෙම වෙද්දි, දකුණේ ආධිපත්‍ය හිමිකරගෙන හිටියෙ Sye Raa Narasimha Reddy. ඒ, සිය මංගල දිනයේදී කෝටි 80 ඉක්මවා යමින් අති දැවැන්ත බොක්ස් ඔෆිස් අදායම් වාර්තාවක් තමන් සන්තක කරගනිමින්. මේ යුද්ධය තව තවත් බිහිසුණු වුණේ එක පැත්තකින් Joker චිත්‍රපටයත්, අනිත් පැත්තෙන් ධනුෂ්ගේ Asuran චිත්‍රපටයත් මේ යුද්ධයත් සහභාගී වෙලා හිටිය නිසා. ඒ කොහොම වුණත්, පළමු සතිය අවසන් වනවිට මේ බිහිසුණු යුද්ධය තුල සිය ආධිපත්‍ය අන් සියල්ලටම විදහා පාමින්, පළමු සතිය තුලදී ඉන්දියානු රුපියල් කෝටි 200 ඉක්මවා යන්නට War චිත්‍රපටය සමත්වෙන්නෙ, එතුවක් කල් පැවති බිහිවුණු යුද්ධයේ පෙරමුණ තමන් සන්තක කරගනිමින්. ඒ විදියට ආරම්භ වෙච්ච මේ ගමන, දවසින් දවස එකින් එක වාර්තා කඩාබිඳ දමමින්, ඒවා සුන්නද්දූලි කරමින්, නව වාර්තා සිය නමට වෙන්කරගනිමින්, මේ වනවිට විජයග්‍රාහී ගමනක් පැමිණ තිබෙන්නෙ, බ්ලොක්බස්ටර් යන ලේබලය සිය නාමය ඉදිරියෙන් සනිටුහන් කරගනිමින්. 

War චිත්‍රපටය හිමිකරගත්ත වාර්තා කීපයක් පහතින් සඳහන් කරන්නම්.

  • 2019 වර්ෂයේ වැඩිතම ආදායමක් හිමිකරගත් ඉන්දියානු චිත්‍රපටය.
  • එදාමෙදා තුර ඉන්දීය චිත්‍රපට ඉතිහාසය තුල, අඩුම Screen ප්‍රමාණයකින්, Domestic Nett ඉන්දියානු රුපියල් කෝටි 300 ඉක්මවා ගිය චිත්‍රපටය (ආසන්න වශයෙන් Screen 4000ක් පමණ)
  • එදාමෙදා තුර ඉන්දීය චිත්‍රපට ඉතිහාසය තුල, Domestic Nett ඉන්දියානු රුපියල් කෝටි 300 ඉක්මවා ගිය 8 වෙනි බොලිවුඩ් චිත්‍රපටය වගේම, 12 වෙනි ඉන්දියානු චිත්‍රපටය.
  • රිතීක් රෝෂන් සහ ටයිගර් ෂෙරොෆ්ගේ සිනමා දිවිය තුල ඔවුන් රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් ලබාගත් වැඩිතම ආදායම් මුදල.

මේ සටහන ලියවෙන මොහොත වනවිට War චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 470 ඉක්මවූ අති දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් සමගින්, 10000+ මනාප සංඛාවකින් Imdb දර්ශකය 6.8ක් දක්වා කරකවාගන්න සමත්වෙලා තිබුණෙ, බ්ලොක්බස්ටර් ලේබලයත් තමන් සන්තක කරගනිමින්.

ඒ වගේම, මේ කාරණවත් ඔබ සිහියෙ තබාගන්න. මේ සඳහන් කලේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා පමණයි. කරුණාකරලා චිත්‍රපටයේ ගුණාත්මකබව ගැන ආදායම් වාර්තා වලින් විතරක් අදහසක් ගන්න යන්න එපා. උඩ සඳහන් කරලා තියෙන චිත්‍රපටි සියල්ලම අති විශිෂ්ඨ මට්ටමෙ සිනමා නිර්මාණ. ඒ නිසා, ආදායම් වාර්තා වලින් පමණක් ඔබ චිත්‍රපටි වල ගුණාත්මකබව මනිනවා නම්, ඒ ඔබ කරගන්නා ලොකුම මෝඩකමක් විදියටයි මං නම් දකින්නෙ. Sye Raa Narasimha Reddy, Asuran කියන චිත්‍රපටි අනිවාර්‍යයෙන්ම ඔබ නැරඹිය යුතුම චිත්‍රපටි විදියට නිර්දේශ කරන්න පුළුවන්.

අවසාන වශයෙන් එහෙනම්, කතාව නම් එක අකුරක්වත් කියන්න මගේ අදහසක් නැහැ. එක වචනයක්වත් කියලා නාස්ති කරන්න වටින කතාවක් නෙමෙයි තියෙන්නෙ. කුතුහලය උපරිමයෙන් විඳිමින්, චිත්‍රපටය රසවිඳින රාජකරිය ප්‍රේක්ෂක ඔබ සැමට බාරයි. කොහොමත්, මෙච්චර විස්තර කියලත් නොබලන්න ඉන්න එකා තව මොනවා කිව්වත් බලන්නෙ නෑම තමයි. ඒත්, අන්තිම වශයෙන් එක උපදේශයක් දෙන්නම්. මේක Big Screen එකේ බලන්නම වටින චිත්‍රපටයක්. ඒ සටන් දර්ශණ, ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් VFX, හිත කීරි ගස්සන පසුබිම් දර්ශණ සහ සංගීතය… විශේෂයෙන්ම, පසුබිම් සංගීතයත් එක්ක රිතීක්ගෙ Entrance එක, ටයිගර්ගෙ පලවෙනි ඇක්ෂන් සීන් එක, ඒ ඇක්ෂන් සීන් එකෙන් පස්සෙ යන Slow Motion Visual Effect එක, හදවත ගැම්මෙන් පුරවන මියුසික් එකකුත් එක්ක චිත්‍රපටියෙ අන්තිම සටන් ජවනිකාව… මේ දේවල් Big Screen එකෙන් බලන්න තිබ්බා නම් කොච්චර දෙයක්ද කියලා ඔබටම හිතේවි. ඒ නිසා, ලෝභ වෙන්න එපා. පස්සෙ පසුතැවි තැවි ඉන්නෙ නැතුව හොඳම කොපියක් අරගෙන බලන්න. වගකීමෙන් කියන්නම්, හොලිවුඩ් ආභාෂයත් සහිතව මේ අවුරුද්දෙ ආපු හොඳම ඇක්ෂන්/ත්‍රිලර් ඉන්දියානු චිත්‍රපටයක් මේක! චිත්‍රපටිය බැලුවටත් පස්සෙ එහෙම් නෙමෙයි කියලා කාටහරි හිතෙනවා නම්, ඇවිල්ලා බැනල ගියා කියලා හිතේ කහටක් නැහැ ඕං.

එහෙනම්, ගිහිං එන්නම්. ජය!

ප. ලි. – කවුදෝ මන්දා එක්කෙනෙක් දෙන්නෙක් කමෙන්ට් කරලා තිබ්බා, මේ වගේ දිග හෑලි කියවන්න බැහැ කියලා. ඒ අයට තියෙන්නෙ, දිග හෑලි කියවන්නෙ නැතුව කෙලින්ම සබ් එක අරගෙන යන්න. සිනමාව ගැන දැනගන්න, සිනමාව ගැන තමන්ගෙ දැනුම වැඩිකරගන්න ආසාවෙන් පිරිසක් ඉන්නවා කියලා දන්න නිසයි මේ විදියට විස්තර හොයලා සම්පූර්ණ ලිපි ලියන්නෙ. සමහර කුහක මෝඩයින්ට ඒවා දරාගන්න බැරිවුණාට නම් කරන්න දෙයක් නැහැ. එක්කො මේ වගේ දිග ලිපි නොකියවා ඉන්න. නැත්නම්, මේ පැත්තෙ නෑවිත් හිටියත් තරහක් නෑ ඒ වගේ උදවිය. මොකද, එතකොට සිනමාවට හැබෑවටම ආදරේ පිරිසක් විතරක් ඉන්න සුන්දර තැනක් වේවි මේක. 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR / Proper HD පිටපත් සඳහා අදාළ වේ.

81,674 downloadsDownload War-2019-BR.zip88 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

81,674 downloadsDownload Subtitles88 KB

311 comments

  1. Milinda sampath

    Hammo palaweniya... Thnaks bro

  2. Useless

    Thanks Brother <3

  3. Chokzi

    Tnxxxxx.. ♥️

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  6. macknal d.i

    Thanks bro hugak mahansiyen sub aeka hadala danawata hugakma thanassssss

    1. Hasitha Madush

      ෆිලුම සුපිරියි

  7. akilainduruwa

    film eka download krnna biascope film eketh nhni brother …..

  8. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට ‌‌ෙබොහොම ස්තුතියි සිසිල සහෝ.
    ලිපියටත් ඒ් වගේම.
    ජයෙන් ජය

  9. Alagaratnam Manoj

    Thanks bro

  10. Sachithra 73337

    thanks for the subtitle..
    best of luck...

  11. Ashen1217

    Thank you මචං ❤️

  12. dilan123

    Thanks <3 Dream Girl එකට දෙන්නේ නැද්ද? :(

  13. R_deshan

    අම්බෝ බොහොම පිං මේකට සබ් දුන්නට...දවස් ගානක් තිස්සෙ සයිට් එකට ඇවිත් ඇවිත් බලන්නෙ මේක දීලද කියල

  14. manujaakila

    Elm bro.. Thanks you..

  15. OsandaFdo

    Supiri..me aurudde awa hodama film eka blwd wala..crush eka hrithik❤️....tnx ayya sub ekata...

  16. nisalasewana

    elama bro.thankz.

  17. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!

  18. SISILA 2000

    Thanks for subtitle

  19. saman97

    ඔබ ලියන හෑලි නිසා අපිට සිනමාව පිළිබඳ හොද දැනීම් සම්බාරයක් ලැබෙනවා. (විශේෂයෙන් නොමිලේම)
    ඔබට ස්තිතියි.

    1. Tharindu Dakshina

      Film eka gnna link ekk kynnko

  20. lahiru hasanka

    Thanks bro sub akata.. Saaho 1 war 2 mata nam dekama supiri

  21. lakmal chathuranga

    niyamayi sho lipiya nisa godak dawal danaganna labuna tank you very mach sho jayawewa

  22. Gibbs

    Thank you & good article as well ...

  23. Hasitha Madush

    දැනුමට යමක් එකතු කරන්න උඹ කොච්චර දිගට ලිපි ලිව්වත් කමක් නෑ සිසිල සහෝ..ස්තූතියි සබ් එකට

  24. Kavindu12345desilva

    mee wagee lipi hinda apee dhanuma vadi venva me kara vatina sevayata akamathi aya inna eka gana nam dukayi.

  25. randilgimantha

    Thanks bn.mewage details puluwnnm thawa dahan bn ape denuma wediwenna

  26. Rumesh Perera

    ඔනේ තරම් සිංහල සබ් දෙන සයිට් තියනව හැබැයි අපිට සබ් එක දෙනවට වඩා අපිට දැනුමක් එක් කරන එකම සයිට් එක තමයි අපේ බයිස්කෝප් සයිට් එක..අපි ගොඩක් එක අගේ කරනව. මොකද ඔනෙ තරම් මේකෙ ෆිල්ම් තියනව ෆිල්ම් එකේ සාරංශෙට අමතරව වෙනත් කරුනු අපේ දැනුමට එක් කරපු.. එව ගොඩක් වටිනව.. ඔගොල්ලො මේ සබ් එකත් කරල මේ හෑල්ලකුත් අපිවෙනුවෙන් ටයිප් කරන් මහන්සි වෙලා දාන එක කොච්චර ලොකු දෙයක් ද සහෝ.. කවුරුත් කියන දේවල් ගනන් ගන්න එපා සහෝ ඔගොල්ලොන්ගෙ දේ දිගටම කරගෙන යන්න. බොහොම ස්තූතියි. ජය වේව!!

  27. Nilush Angana

    Sub ekata thanx

  28. subodha

    Thanks Bro..

  29. Randiv

    ai mchn van helsing tv series ekta sub nwththuwe?????????????????kawadda ekta sub denne??dn s04t awilla

  30. Randiv

    ai mchn van helsing tv series ekta sub nwththuw??

    1. Sasi143eos7d

      Elh

  31. Dilanka Wijesingha Yasindu

    මේක තලු මර මර කන්න ඕන මස් කුට්ටියක්,ඒ නිසා බලන්නෙ දෙසැම්බර් 31 රෑට, සබ් එකට වඩා ලිපියට ස්තූතියි......

  32. Shehan Madhusanka

    thankxx bro
    oyala mara fast ne

  33. Chathura_sam

    Supiri saho.....bohoma sthuthi!!!

  34. Kapila4499

    thanks sub karanna wena mahansiya danne nati gonnu tama padi toke denne

  35. Krishanthab

    ලිපිය ලියන්නම ගොඩක් මහන්සි වෙලා තියෙනව ඉතිං කමෙන්ට් එකක් නොදා බෑ නෙ.. ජය වේවා..

  36. yukthi123

    බොහොම ස්තූතියි ! සිසිල සහෝදරයා.....

  37. isuru srinath sjs

    ලිපිය ??? මරු අයියේ .. හුගක් දේවල් දැන ගත්තා..
    හුගක් මහන්සි වෙලා තියෙනවා. ඒ වගේම බොහොම ස්තුතියි අයියේ මේ ගෙනාපු සිංහල උපසිරැසියට .. ජයවේවා !!!

  38. Piumi ann

    Marama watinawa bro oyalage me wade palaweniyata godaaak ස්තුතිවන්ත wenawa me karana samaja sathkarayata. Ethanin eheta gihin me wage movis gana danuwath karana ekama marama watinawa godaaak ස්තුතිවන්ත wenawa bro..

  39. Bhanuka Priyasad

    ❤️❤️❤️❤️

  40. KavindaRashmin

    Thnx mchn

  41. යුරාන් ධනුක (දනුවා)

    හැමදාම ෆිල්ම් එක බලනවට වඩා ආසාවෙන් එන්නේ ඔයාගේ ලිපිය කියවන්න බලාගෙන
    ෆිල්ම් එකක් ඒ වගේ සුන්දරව ස්පොයිල් නොවෙන්න විස්තර කරන්න ඔයාට තරම් වෙන කාටවත් බෑ.
    ඒ නිසා එක එක මෝඩයෝ කියන කතා වලට සිත් රිද්ද ගන්නේ නැතුව දිගටම සම්පූර්ණ ලිපි දෙන්න ඕන ඕන් !!!
    උපසිරැසියට බොහෝම ස්තූතියි සිසිල සහෝ !!! :D

  42. Deshani

    thanks

  43. madhawa91

    සුපිරි බ්‍රො දිගටම සබ් දියන් ජයවේවා

  44. Cavil

    Thanks Saho.

    1. Pasindu soysa

      Thanks for the sub❤️

    2. Niroshani maduka

      Sub එකට ස්තුතියි සහෝ..

  45. gihan perera

    නියමයි මචෝ සහෝ....පට්ට පට පට.....නියම හැඳින්වීම....ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි......දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....

  46. Ayesh Prashan

    Thank You

  47. nirodha uthpala

    Yakuuuuu sisila products eakak ne venadata vagema supurudu lipiya. .....thx for sub digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .

  48. dsdkavishka

    Thenks for sub

  49. Nuwandika Dil

    Thanks bro

  50. Rukshan37

    Ela ela

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.