Watch Trailer

Saaho (2019) Sinhala Subtitles | වැඩ පෙන්නන වෙලාව….! [සිංහල උපසිරැසි සමඟ] 100*

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසි සියලු දෙනාටම. ඉතිං අද මට විශේෂ දවසක්. ඒ තමයි අද මම උපසිරැසි ගන්වපු 100 වෙනි බයිස්කෝප් එක අරගෙන එන දවස. කියන්න දේවල් නම් ගොඩක් තිබ්බට කෙටියෙන් කියන්නම්. පොඩි කාලේ ඉඳන්ම චිත්‍රපටි උණ තිබ්බ නිසා ෆිල්ම් එකක් බලන්න පුළුවන් මොන ක්‍රමෙන්ද, ඒ හැම ක්‍රමෙන්ම දහං ගැට ගහල ෆිල්ම් බල…

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසි සියලු දෙනාටම. ඉතිං අද මට විශේෂ දවසක්. ඒ තමයි අද මම උපසිරැසි ගන්වපු 100 වෙනි බයිස්කෝප් එක අරගෙන එන දවස. කියන්න දේවල් නම් ගොඩක් තිබ්බට කෙටියෙන් කියන්නම්. පොඩි කාලේ ඉඳන්ම චිත්‍රපටි උණ තිබ්බ නිසා ෆිල්ම් එකක් බලන්න පුළුවන් මොන ක්‍රමෙන්ද, ඒ හැම ක්‍රමෙන්ම දහං ගැට ගහල ෆිල්ම් බලන එක ඒ උණ කාරයින්ගෙ හැටියක්නේ. ඒ විදිහට යද්දී තමයි ඔය ටොරන්ට්, උපසිරැසි, බයිස්කෝප් අඩවිය වගේ දේවල් හම්බවෙන්නේ. ඉතිං දිගින් දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක සම්බන්ධ වෙන අතරේ උපසිරැසියක් කරන්න හිතෙනවා. ඉතිං ඒකත් කරා. 2014 වසරේ නොවැම්බර් 10 ඒ අනුව Gabbar Singh (2012) චිත්‍රපටිය මගේ නමින් බයිස්කෝප් අඩවියේ පලවෙනවා. එදා ඉදන් මමත් මේ ලස්සන පවුලේ ආඩම්බරකාර සාමාජිකයෙක් වන්නට වරම් ලබන අතර උපසිරැසිකරණය ජීවිතයේ කොටසක් වනවා. මතක් කරන්න ඕන සමීර චතුරංග අයියව සහ අපේ සඳුන් ධනුෂ්කව (පීටර්) ඒ දෙන්න තමයි මුලින්ම ආස්තරේ කරන්න හම්බුනේ වෙබ් අඩවියට එනකොටම. සමීර චතුරංග අයියගේ දිරිමත් කිරිම සහ මගේ හැකියාවෙන් ඔහු වැඩ ගත්තු විදිහ හැමදාටම මට අමතක නොවෙන දෙයක් වේවි. ජීවිතේටද ආදර්ශයන් රැසක් ඉගනගත් කෙනෙක් සහ කාල සමයක් වූවා ඒ කාලය. ඒ වගේම ආසිරි ප්‍රියන්තව විශේෂයෙන් මතක් කරන්න ඕන. ඔයයිගේ හොඳ කියනකොට ඔයයි ලැජ්ජ වෙන නිසා අද නං කියන්නැහැ. හොඳම යාළුවන්ගේ හොඳ කියන්න ඕනම නැහැනේ ඉතිං. හොඳම කියන්නෙ හොඳම නිසා. ඒ වගේම විමා, යශෝධ, හසන්ත අයියා, තිසර, සමන්, සමීර කරුණාරත්න, ප්‍රනීත් චින්තක, චන්දිම, සුධීර, නලින්, දිල්ශාන් කාලිංග, දසන්, ජෝනා, යුශාන්, චාමර, නිලුපුල්, දේවක, මයුර, ලහිරු ප්‍රසාද්, ඉසුරු, සිරාජ්, අචින්ත මධුමාල්, ඉන්ද්‍රජිත් අයියා, චමල්, ප්‍රනීත් නාවලඇල්ල යශ්මික, අදිත, කවිඳු ගිම්හාන්, චලිඳු, දිදුල, සිසිත, උදා, කේ.යූ.ජී. උදාර, දිනිඳු සම්පත්, ධනුෂ්ක ලක්මාල්(ධනා), කැලුම්, දිමුතු තරංග ඇතුළු ඉස්සර ඉඳන් ඉන්න යාළුවො සෙට් එකම මතක් කර සිටිනවා මේ වෙලාවේ. නමක් ගමන් මතක උනානං සොරි වෙන්න ඕන. ඒ වගේම පසුකාලීනව මුණ ගැහුණු ගජ මිතුරෙක් විදිහට හඳුන්වන්න පුළුවන් තරිඳු රුක්ෂාන් අයියව. එමෙන්ම සුරේනි, නිර්මාණි, දහරා, ගයේෂා, පූර්ණි, සොනාලි, හෙළිලි, නවෝදනි, කනිෂ්කා ඇතුළු බයිස්කෝප් අඩවියේ කාන්තා පාර්ශවයද මේ වෙලාවේ මතක් කර සිටිනවා. ඒ වගේම මෑත කාලයේ එක්වුණු සහෝදර උපසිරැසිකරුවන් සේරෝමත් මේ මොහොතේ මතක් කර සිටිනවා.

විශේෂයෙන් ස්තුතිවන්ත වනවා සහ මතක් කර සිටිනවා වෙබ් අඩවියේ ආරම්භක පරපුර වන ඉසිර ගුණතිලක, රොයිලි, උමේෂ් ලීලසේන, චමින්ද ඩී. වාසල ඇතුළු ආරම්භක පරපුරේ සොහොයුරන් සියලු දෙනාවම. ඔවුන් ගොඩනැගු දේ අද සුවහසක් පිරිසකට සෙත සලසනවා. ඒ වගේම අයියේ ඔබලාට පිං අත් වනවා කොල්ලෝ කෙල්ලෝ ටිකකට මෙවන් පවුලක් තනා දුන්නාට. ඔබලා තනා දුන් මේ මහගෙදර පරම්පරා ගණනාවකට සෙවනක් සපයාවි. බැඳීම් සිව්දහස් ගණනක් ඇති කරාවි.

උපසිරැසිකරුවෙක් විදිහට කඩයිමක් කියන්නේ විශේෂ සංධිස්ථානයක්. ඉතිං මගේ පළමු කඩයිම විදිහට Baaghi – A Rebel For Love (2016) චිත්‍රපටය 50 වෙනි උපසිරැසිය විදිහට ඔබ වෙත අරගෙන ආවා. වසර පහකට ආසන්න කාලයක් බයිස්කෝප් පවුල හා බැඳෙමින් අද දිනයේ 100 වෙනි උපසිරැසිය ඔබ වෙත අරගෙන එන්නේ දැඩි ආත්ම තෘප්තියක් හිත තුල පුරවමින්. මගේ උපසිරැසි 100 තුල තනිකරම අඩංගු වනුයේ ඉන්දියානු චිත්‍රපටම 100ක් පමණක් බව ආඩම්බරයෙන් යුතුව පවසන්නට කැමතියි. මේ තුල කිසිදු ටෙලිකතා මාලා කොටසක් නොමැති අතර චිත්‍රපට සියයක් පමණක් උපසිරසි ගැන්වූ උපසිරැසිකරුවන් අල්පය අතරට මටද එන්න ලැබීම සහ ඒ සියල්ල හින්දි, දෙමල තෙලුඟු ඇතුළු ඉන්දියානු චිත්‍රපට පමණක් වීම ගැන හිතට දැනෙන්නේ ලොකු සංතෝසයක්. මේ වනවිට මගේ උපසිරසි 100 ඇතුලත හින්දි චිත්‍රපට 48ක්, දමිල චිත්‍රපට 21ක්, තෙලුඟු චිත්‍රපට 28ක් සහ මලයාලම් චිත්‍රපට 3ක් අඩංගු වනවා. මේවා ගැන ලොකුවට දැනුමක් තේරුමක් නැතිවුනත් මේ හැමදේටම ලොකු හයියක් වෙමින් ලයිට් බිල් ගෙවමින්, ඉන්ටනෙට් බිල් ගෙවන්නට මුදල් උපයා දෙමින්, ගෙදර ඉඳන් උපසිරැසි ගැන්වූ සමයේ කන්න බොන්න ටික කට ගාවටම ගෙනත් දෙමින් හෙවනැල්ලක් වූ දෙමාපියන් දෙදෙනාටත්, සිංහල අකුරක් උගන්වන තැන ඉඳන් අද දක්වා දැනුමට දෙයක් දුන් සියලුම ගුරුවරුන්ටත් මාගේ නමස්කාරය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.

අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි වෙබ් අඩවියට නිතිපතා එන යන සහෝදර පාඨක ඔබ සැම. ඔබලා නොහිටින්න මේ කිසිවක් නැහැ. අදවනතුරු කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව බයිස්කෝප් අඩවිය හරහා කෙනෙකුගේ විනෝදාස්වාදය උදෙසා පැය ගණනින් වෙහෙසෙන උපසිරැසිකරුවන් නමසීයක් පමණ දෙනාගේ ඒ කර්තව්‍යට ඔබගෙන් ලැබෙන ප්‍රතිචාරය තරම් වටිනා යමක් කිසිදු දෙයකින් සමකල නොහැකියි. වසර දහයකටත් වඩා වැඩි කලක් තිස්සේ අප හා බැඳී සිටින ඔබ හට බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම ඉදිරියටත් අප සමග දිගටම රැඳිලා ඉන්න කියල ඉල්ලා සිටිනවා. ඉදිරියටත් ඔයාලගෙ දිරිමත් කිරීම එලෙසම තියාගන්න කියල ඉල්ලා සිටිනවා. ඒ වගේම කමෙන්ට් නොකර බාගෙන යන අයටත් ස්තුතිය පුද කර සිටිනවා. තරහ නෑ ඉතිං. මිනිත්තුවක් හෝ ඔබ රසවින්දා නම් එච්චරයි. කාගෙහරි නමක් ගමක් අමතක උනානම් වැඳලා සමාව ඉල්ලනවා. හිතේ හැමෝම අනිවරෙන්ම ඉන්නවා. මා හට මොනයම් අයුරකින් හෝ උදව්වක් උපකාරයක් කර අය සැමට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. වසර පහක් පුරාවට ඔබ මාට දුන් දිරිමත් කිරීම සහ සහයෝගය ඉදිරියේදීත් සහෝදර උපසිරැසි කරුවන් සැමටත් එලෙසම ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මුහුණු පොතෙන් හම්බුනු යාළුවන්වත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. පහලින් දක්වෙන්නෙ මෙච්චර කල් ඔයාලට උපසිරැසි අරන් ආපු සහ අනාගතයේදීත් ඔබවෙත උපසිරැසි අරන් එන බයිස්කෝප් උපසිරැසි කණ්ඩායම. ගොඩක් අය මූණට හම්බුනහම අහන ප්‍රශ්නයක් තමයි උඹල ඕව කරනවට උඹලට මොනවද හම්බවෙන්නෙ කියලා. ඉතිං මටනම් හම්බුනේ මේ පහළ ලින්ක් එකේ ඉන්න පවුල සහ ඔවුන් සමග බෙදාගත් මතකයන්. ඒවා කිසිම දෙයකින් මිල කල නොහැකියි. හැමදාමත් ඒවා හදවතේ ඉහලම තැන පවතීවි.

බාහුබලි චිත්‍රපටයෙන් පස්සෙ, මුළු ලෝකයම අවධානයෙන් හිටියේ ප්‍රභාස්ගෙ ඊලඟ චිත්‍රපටිය මොකද්ද කියලා දැනගන්න. ඒකට පිළිතුරක් වශයෙන් 2017 අප්‍රේල් 28 දින බාහුබලි දෙවැන්න තිරගත වෙන්නට දිනයක් තිබියදී 2017 අප්‍රේල් 27 වෙනිදා ප්‍රභාස්ගේ ඊලඟ චිත්‍රපටය Saaho නමි වන බවට ටීසර් වීඩියෝවක් UV Creation ආයතනය විසින් නිකුත් කරනවා.

පේන විදිහට අපේ කට්ටිය මිනිහට ලේ එනකන් ගහල වගේ…
– ඒ එයාගෙ ලේ නෙමෙයි සර්.. අපේ ලේ..

බාහුබලි උණෙන් තදටම අසනීප වෙලා හිටිය ප්‍රභාස් ෆෑන්ස්ලට එදා මේක දිව්‍ය ඖශධයක් වුනා මට අද වගේ මතකයි. ඉන් පස්සෙ බාහුබලි 2 තියාගෙන ගියපු වාර්තා ලැයිස්තුව නිසා මේ චිත්‍රපටය කස්ටියට ටිකෙන් ටික අමතක වේගෙන ආවා. තත්වය එසේ තිබියදී බාහුබලි උණ බැහැගෙන එනකොටම ප්‍රභාස්ගේ උපන්දිනයට සමගාමීව 2017 ඔක්තෝම්බර් 23 වෙනිදා First look පෝස්ටර් එකක් නිකුත් වීමෙන් ප්‍රභාස් ෆෑන්ස්ලා ආයෙත් ටියුන් වෙනවා.

එයින් පසු වසරක් යන තුරාවටම මෙහි හැලහොල්මනක් දකින්න නැතුව ලෙඩ වෙලා හිටපු ප්‍රභාස් ෆෑන්ස්ලට ඊට පස්සෙ අවුරුද්දේ (2018) ඔක්තෝම්බර් 23 වෙනිදා ප්‍රභාස්ගෙ උපන්දිනය දිනය දවසේදී ආයෙත් පොඩි ටියුන් එකක් හම්බවෙනවා. ඒ Shades Of Saaho | Chapter 1 නම් Making වීඩියෝ එකෙන්. Making වීඩි‍යෝවක් ලැබූ ඉහලම වීව්ස් ප්‍රමාණය, ඉහලම ලයික් ප්‍රමාණය හිමි කරගනිමින් මේකින් වීඩියෝවේ පටන් ඉතිහාසය අලුතෙන් ලියමින් වාර්ථා අලුත් කරමින් තැබූ Saaho චිත්‍රපටයේ ඊලඟ පියවර ප්‍රේක්ශකයින්ගේ සිත් තුල නව බලාපොරොත්තුවක් ඇති කරනු ලැබූවා. (මේ මොහොත වනවිට මෙම වාර්තා වෙනස් විය හැක). ඒ උණුසුම යන්නත් මත්තෙන් ඉන් මාස පහකට පසු ශ්‍රද්ධා කපූර්ගේ උපන්දිනය නිමිති කරගෙන Shades Of Saaho Making වීඩීයෝ මාලාවෙ දෙවැන්න Shades Of Saaho | Chapter 2 නමින් 2019 මාර්තු 03 වැනිදා නිකුත් වනවා. මේ වෙද්දි මිලියන 7 කට ආසන්න වීව්ස් ප්‍රමාණයක් තියෙන ඒ වීඩි‍යෝව තමයි ප්‍රභාස් ෆෑන්ස්ලට අන්තිමටම හම්බුනු තෑග්ග වූයේ.

බාහුබලි චිත්‍රපටිය ඉවර වෙලා නිදහසක් උනාට පස්සෙ 2017 ජුනි මාසෙ තමයි මේකෙ වැඩ වලට ටීම් එකම බොක්කෙන් බහින්නෙ. ඉන්දියානු රුපියල් කෝටි 350ක බජට් එකකින් තැනෙන මේ චිත්‍රපටය එවකට වැඩිම වියදමක් වැය කරල හදන ඉන්දියානු චිත්‍රපටය වෙන්නයි ගියේ. පස්සෙ 2.0 නිසා මේක ඒ ලැයිස්තුවේ පහලට වැටුනා. 2014 වසරේදි නිකුත්වුනු Run Raja Run චිත්‍රපටය අධ්‍යක්ශනය කරපු Sujeeth Reddy තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ශනය කරන්නේ. V. Vamsi Krishna Reddy සහ Pramod Uppalapati ප්‍රමුඛ UV Creations ආයතනය සහ Bhushan Kumar ප්‍රමුඛ TSeries ආයතනය තමයි මේකෙ නිශ්පාදන කටයුත්ත කරන්නේ. ගීත සඳහා Shankar-Ehsaan-Loy, Badshah, Guru Randhawa, Tanishk Bagchi ගේ සංගීතයෙන් සහ චිත්‍රපටයේ පසුබිම් සංගීතය සඳහා Ghibran ගේ සංගීතයෙන් හැඩවන සාහෝ චිත්‍රපටය R. Madhi ගේ අතිදක්ශ කැමරාකරණයට බඳුන්වනවා. තෙලුගු, හින්දි, භාශාවන්ගෙන් වෙන වෙනම් රූගත කිරීම් කරමින් නිපදවන ලද මේ සලරුව එම භාශා තුනට අමතරව ජපන් හා චීන භාශාවෙන්ද හඬකවා ලොවපුරා තිරගතවීම්ට නියමිතයි.

ප්‍රධාන චරිතයන් හොබවන ප්‍රභාස් සහ ශ්‍රද්ධා කපූර් සමගින් Arun Vijay, Jackie Shroff, Lal, Neil Nitin Mukesh, Mahesh Manjrekar, Mandira Bedi, Chunky Pandey, Aditya Srivastava, Evelyn Sharma, Murali Sharma, සහ Vennela Kishore සමග එක්ව 2017 අගෝස්තු මාසයේදී මේ චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹුනා. ප්‍රධාන වශයෙන් හයිද්‍රාබාද්, මුම්බායි, අබුඩාබි, ඩුබායි, රුමේනියා හි රූගත කිරීම් සිදුවූ අතර ඉතිරිය යුරෝපයේ රූගතකිරීම් සිදුවූවා. චිත්‍රපටයට වෙන් කල බජට් එකෙන් වැඩිහරියක් වෙන් කරල තියෙන්නේ මේකෙ එන ක්‍රියාදාම දර්ශන වෙනුවෙන්. මේකින් වීඩියෝස් වල ඔබට දකින්න ලැබෙන්න ඇති සෑහෙන්න අවිආයුධ, වාහන, පසුතල දර්ශන මේ වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන වග. ඒ වගේම මේ චිත්‍රපටයේ හඹායාමේ දර්ශනයේ ක්‍රියාදාම අධීක්ශනය කරන්නේ ලොව අති දක්ශ action director කෙනෙක් වන Kenny Bates විසින්. Mission: Impossible, Transformers, Rush Hour, G-Force, Pearl Harbor, Knight Rider (TV Series) වැනි ලොව දැවැන්ත ක්‍රියාදාම චිත්‍රපට සහ ටෙලිකතා රැසක සටන් අධ්‍යක්ශකවරයෙකු වූ Kenny මෙම චිත්‍රපටය ගැන පවසා තිබුනේ ඉන්දියානු සිනමාවට එන දැවැන්දම ක්‍රියාදාම චිත්‍රපටය මෙය වනු ඇතැයි යනුවෙනි. මේ ලැයිස්තුවේ තවත් ඔහු දායක වුනු අතිශය ජනප්‍රිය සිනමාපට රැසක්ම තියෙනවා ( Kenny Bates )

– Kenny Bates ඇතුළු සාහෝ කණ්ඩායම ඩුබායි රූගත කිරීම් අදියර අතරතුර. –

රූගත කිරීම්හි පලමු අදියර හයිද්රාබාද් වලදී 2017 ඔක්තෝබර් මාසයේදී අවසන් විය. රුගත කිරීම්හි දෙවන අදියර 2017 දෙසැම්බර් මාසයේදී රාමෝජී ෆිල්ම් සිටිහිදී ආරම්භ විය. තම කුළුදුල් තෙලුගු චිත්‍රපටයට දායක වන ශ්‍රද්ධා කපූර්හට රඟපෑම්හි යෙදීමට වැඩි වශයෙන් බර අවි හා සම්බන්ධ ක්‍රියාදාම දර්ශන තිබුනා. රූගත කිරීම්හි තෙවන අදියර 2018 ජනවාරි මාසයේදී හයිද්‍රාබාද් සහ මුම්බායිහිදී සිදු කරනු ලැබූ අතර අවසන් දින කිහිපයේදී ප්‍රභාස් සහ නීල් නිතින්ගේ ක්‍රියාදාම දර්ශන රූගත කිරීම සඳහා රූගත කිරීම් මාසයක කාලයකට ඩුබායි වෙත මාරු කරනු ලබනවා. ඒ අතරතුර ශ්‍රද්ධා තම Stree චිත්‍රපටයේ වැඩ කටයුතු ටික අවසන් කරගන්නවා. සාහෝ චිත්‍රපටයෙන් බාගයක් පමණ එසේ රූගත කිරීම් අවසන් කරගැනීමෙන් පසු මුළු සාහෝ කණ්ඩායමම රූගත කිරීම්හි හතරවන අදියර සදහා අබුඩාබි වෙත යනවා. සති කිහියපක් එහි රූගත කිරීම්වල සාහෝ කණ්ඩායම යෙඳී සිට ඇති අතර පස්වන අදියරද පෙබරවාරි අග භාගයේ ඔවුන් අබුඩාබිහිදී ආරම්භ කර තිබෙනවා. ඉන්පසු මාර්තු මැද බාගයේදී රූගත කිරීම්හි හයවන අදියර ඩුබායි සහ රුමේනියාහිදී සිදුකර තිබෙනවා.

සාහෝ කියන්නේ සෑහෙන්න ක්‍රියාදාම දර්ශන සපිරි චිත්‍රපටයක්. චිත්‍රපටයේ තිර රචනයෙන් වැඩි ප්‍රමාණයක්ම වෙන් වෙලා තියෙන්නෙ ක්‍රියාදම දර්ශන වලට. ඩුබායිහි සිදු කරනු ලැබූ ක්‍රියාදාම දර්ශන සඳහා චිත්‍රපටයේ බජට් එකෙන් ඉන්දියානු රුපියල් කෝටි 25ක් පමණ වෙන් කර තිබෙනවා. එමෙන්ම බාහුබලිහි මෙන්ම මේ චිත්‍රපටයේදීද ප්‍රභාස් දැඩි ප්‍රරිශ්‍රමයකින් පුහුණුවීම් රාශියක යෙඳී තිබෙනවා. එම පුහුණුවීම් අතර හෘද චිකිත්සක පුහුණුවක්ද ඇතුලත් බවයි දැනගන්නට ලැබෙන්නේ. බර ඉසිලීම් පුහුණූවීම්, බාධක තරණයන් පුහුණූවීම් මෙන්ම තමන්ගේ ප්‍රධාන නිළිය ශ්‍රද්ධා කපූර්වද නිතර දිරිමත් කරමින් ඇයටද ක්‍රියාදාම ජවනිකා සදහා පුහුණුවීම් සදහා අවශ්‍ය සහයෝගය ලබාදෙමින් ප්‍රබාස් මේ සඳහා ලොකු කැපකිරීමක් කල බව සඳහන් වනවා.

ශ්‍රද්ධාගේ චරිතය චිත්‍රපටයේ කැපී පෙනෙන අංගයක් ගන්නා එකක් බව සඳහන් වනවා. ඇය මෙහි ප්‍රභාස් රඟන අඳුරු කල්පිත දැවැන්ත චරිතයට නොමද සහයක් ලබාදෙමින් සුවිශේශි ක්‍රියාදාම දර්ශන රැසකට තම දායකත්වය සපයමින් චිත්‍රපටය සඳහා දැවැන්ත කාර්යයක් ඉටු කරනු ලබනවා. එමෙන්ම ඇය පොලිස් නිලධාරිනියෙක ලෙස පළමු වතාවට සිනමාපටයක චරිතයන් නිරූපණය කරනවා. එමෙන්ම මේ චිත්‍රපටයේ යම් අන්ඩර්වෝටර් එහෙමත් නැත්නම් දිය යට කිමිදුම් දර්ශනයක්ද අඩංගු වනවා. ඒ සඳහා ප්‍රභාස් ඒ වෙනුවෙන්ම ( scuba diving ) කිමිදුම් පුහුණූවීමක් හදාරා තිබෙනවා. සාහෝ චිත්‍රපටය ශ්‍රද්ධා කපූර්ගේ පලමු ටොලිවුඩ් ආගමනය වන අතර ප්‍රභාස්ගේ පලමු බොලිවුඩ් ආගමනයයි. චිත්‍රපටයේ හින්දි වර්ශන් එක හඬ කැවීමද ප්‍රබාස් විසින්ම සිදු කරනු ලබන අතර තෙලුගු වර්ශන් එකේදි ශ්‍රද්ධා හට වෘතිමය ශිල්පිණියක් විසින් තෙලුඟු භාශාව හඬකවා තිබෙනවා. අධ්‍යක්ශක සුජීත් මේ චිත්‍රපටයේ නළු නිලියන් රැසක් අඳුරු කල්පිත චරිත (Gray Shade Characters) ලෙස යොදාගෙන තිබෙනවා. අවසානය වනතෙක් හොඳ චරිත දුෂ්ඨ චරිත නොසිතු අයුරින් වෙනස් වනවා.

  • එසේ නිපදවුණු සාහෝ චිත්‍රපටයේ ටීසරය ජූලි 13 වනදා TSeries සහ UVCreations ආයතන විසින් හින්දි, තෙලඟු, දමිල, මලයාලම් භාෂාවන්ගෙන් අන්තර්ජාලයට මුදා හැරියා. එය මේ වනවිට යූටියුබ්හි මිලියන 97ක පමණ නැරඹුම් වාර සංඛ්‍යාවක් නරඹා තිබේ.
  • චිත්‍රපටයේ පූර්වප්‍රචාරක පටයද (Trailer) අගෝස්තු 10 වනදා TSeries සහ UVCreations ආයතන විසින් හින්දි, තෙලඟු, දමිල, මලයාලම් භාෂාවන්ගෙන් අන්තර්ජාලයට මුදා හැරියා එය මේ වනවිට යූටියුබ්හි මිලියන 105ක පමණ නැරඹුම් වාර සංඛ්‍යාවේ සීමාව පසුකර තිබේ.
  • මීට අමතරව චිත්‍රපටයට සමගාමීව හයිද්‍රාබාද්හි මොබයිල් ගේම් නිපදවන ආයතනයක් වන Pixalot Labs විසින් Saaho – The Game නමින් මොබයිල් ගේම් එකක්ද එළිදැක්වූවා..
  • මෙය රූගත කිරීමේදී IMAX තීරයන්හි තිරගත කිරීම සඳහා IMAX කැමරා භාවිතා කරමින් සම්පුර්ණයෙන් රූගත කල පළමු ඉන්දියානු චිත්‍රපටය වනවා. {IMAX 6-Track (RCA Sound System)}
  • ලොවවටා සිටිනා හැදී දැඩි සටන් කරුවක් සිය දෙනෙකු පමණ මෙහි සටන් ජවනිකා සඳහා රංගන දායකත්වය සපයනවා.

මිනිත්තු 170ක ධාවන කාලයකින් යුතු සාහෝ අගෝස්තු 30 වනදා ලොවපුරා තිරගතවීම ආරම්භ වන අතර ප්‍රබාස්ව යලිත් රිදී තිරයේ දකින්නට ලැබෙන්නේ බාහුබලි චිත්‍රපටයෙන් පසු නිසා පළමු දිනයේ සිනමාහල් ප්‍රේක්ෂකයින්ගෙන් පිරි ඉතිරි ගියා. නමුත් පළමු දිනයේදීම චිත්‍රපටය සඳහා පලවුනු විචාරක මතයන් නම් එතරම් හොඳ මට්ටමක තිබුනේ නැහැ. ගොඩක් ජනප්‍රිය චිත්‍රපට විචාරකයින් මේ සඳහා තරු එකක් දෙකක් වැනි ප්‍රමාණයක් ලබාදී තිබුනා. ගොඩක් අය පවසා සිටියේ තිර රචනය නොතේරෙන බව, මුදල් අපරාදේ බව, කතාවක් නැති බව, වැනි මතයන්ය. කෙසේ වෙතත් චිත්‍රපටයක අවසන් පරිභෝජකයා ප්‍රේක්ෂකයා වන අතර ප්‍රේක්ෂකයින් චිත්‍රපටයක් වැළඳ ගන්නා ආකාරය ඔවුනොවුන්ගේ දෘෂ්ඨි කෝණයට සාපේක්ෂය. විශේෂයෙන්ම මේ චිත්‍රපටය Screenplay Base චිත්‍රපටයක් වන අතර කතාව හොඳින් තේරුම් ගැනීමට සහ සිද්ධීන් ගලපා ගැනීමට චිත්‍රපටයේ මුළු ධාවන කාලයම අවධානයෙන් නැරඹිය යුතුය. ඕනෑම Screenplay Base චිත්‍රපටයක යම් සිද්ධියක් අපට මග හැරුනහොත් කතාව ගලපා ගැනීමට නොහැකිව අතරමං වීම එවන් චිත්‍රපටවල ස්වභාවයයි. බොහෝ Screenplay Base චිත්‍රපට වල මිනිත්තු කීපයෙන් කීපය සිද්ධිය වෙනස් වන අතර එක දිගට සමාත්නර සිද්ධි කිහිපයක් එකම වෙලාවේ සිදුවේ. එකම මොහොතේ තැන් කිහිපයක සිදුවන සිද්ධීන් එක තීරයකට ගැනීමට නම් සිද්ධියෙන් සිද්ධිය වෙන් කර කුඩා කාල සමයන් වල සිදුවන සමාන්තර සිද්ධි එකිනෙකට පෙළ ගස්වා චිත්‍රපටයේ අවසන් මිනිත්තු කිහිපයේ ඒවා එකිනෙකට සම්බන්ධ කිරීම එවන් චිත්‍රපටවල ස්වභාවයයි. සමහර චිත්‍රපටවල මෙය තේරුම් ගැනීමට චිත්‍රපටය දෙවරක් නැරඹීමටද සිදුවන අතර පරිඝණකයක නරඹන අයෙකුට නම් පස්සට යවල හරි බලන්න පුළුවන. ඉතිං එවන් චිත්‍රපටයකට පළමු දිනයේ කෙළගෙන ගොස් රිවීව් එකක් දෙන්න උත්සහ ගන්න එක නිෂ්ඵල ක්‍රියාවක් බව මගේ හැඟීමයි. මේ පහලින් තියෙන්නේ චිත්‍රපටය නැරඹු ප්‍රේක්ෂකයින් කිහිප දෙනෙකුගේ ප්‍රතිචාර. පහල සඳහන් ඒවා නම් ධනාත්මක ප්‍රතිචාර වන අතර සෘණාත්මක ප්‍රතිචාරද එමටව දක්නට ලැබුණු බවත් පවසන්නට කැමතියි. චිත්‍රපටය සඳහා IMDB අගය ලැබී ඇත්තේ 5.2/10 වැනි අගයක් වන අතර තක්කාලි මීටරේ කැරකුණේ 9%ක් පමණි.

ආරම්භක දිනයේදී සාහෝ චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශණය වීමෙන් ඉන්දියානු රුපියල් කෝටි 130කටත් වැඩි මුදලක් උපයන අතර එය දෙවැනි වන්නේ බාහුබලි 2 චිත්‍රපටය පළමු දිනයේදී සෙවූ(214Cr) මුදලට පමණි. ඉන්දියානු සිනමාවේ ආරම්භ දිනයේදී වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපට අතර මුල් චිත්‍රපට දැක්වුවහොත්.

  • Baahubali 2: The Conclusion (2017) – 214Cr(ලොවපුරා), 125Cr(ඉන්දියාවේ පමණක්)
  • Saaho (2019) – 130Cr(ලොවපුරා), 84.7Cr(ඉන්දියාවේ පමණක්)
  • 2.0 (2018) – 105.5Cr(ලොවපුරා), 64.3Cr(ඉන්දියාවේ පමණක්)
  • Kabali (2016) – 90Cr(ලොවපුරා), 47.2Cr(ඉන්දියාවේ පමණක්)
  • Sye Raa Narasimha Reddy (2019) – 85.3Cr(ලොවපුරා), 60.3Cr(ඉන්දියාවේ පමණක්)

ඉතිං මෙම මුල් ස්ථාන පහෙන් දෙකකටම හිමිකම් කියන්නට ප්‍රබාස් සමත්ව තිබෙන අතර මුල් ස්ථාන 10න් 3කට ඔහු හිමිකම් කියනු ලබනවා. එමෙන්ම මුල් ස්ථාන 10 න් 7ක්ම දකුණු ඉන්දියානු චිත්‍රපටවීමත් විශේෂත්වයක්. කෙසේ හෝ අවසානයේ මේ ලිපිය ලියන මොහොත වනවිට සාහෝ චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනයෙන් ඉන්දියානු රුපියල් කෝටි 435ක පමණ මුදලක් උපයා ඇති අතර උතුරු ඉන්දියාවේ හින්දි බාශාවෙන් ප්‍රදර්ශණය වෙමින් සාර්ථක ප්‍රතිඵල නෙලාගන්නට එය සමත් වුවා. නමුත් දමිල සහ මලයාලම් ප්‍රදේශ වල චිත්‍රපටය දැඩි පසුබෑමකට ලක්වූ අතර තෙලුඟු භාෂාවෙන් ප්‍රදර්ශණය වූ ප්‍රදේශවලද සුළු පසුබෑමක් දක්නට ලැබුනා.

එමෙන්ම චිත්‍රපටයේ පළමු පෝස්ටරය නිකුත් වූ දා පටන් මේ නිෂ්පාදකවරු මෙහි පෝස්ටර් වෙනත් චිත්‍රපටවලින් කොපි කර සාදා ඇති බවට චෝදනාවන් නැගුනු අතර චිත්‍රපටය ප්‍රදර්ශණය වූවායින් පසුව විදේශීය අධ්‍යක්ෂකවරයෙකු තම චිත්‍රපටය කොපි කරයැයි චෝදනාකරමින් සමාජජාලා වෙබ් අඩවියක පළකර තිබුනා. නමුත් මේවා සඳහා කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති අතර සහ සාහෝ කණ්ඩායම එම චෝදනා කිසිදු තැකීමක් කරන බවක් තිබුනේ නැහැ. විවිධ පාර්ශවයන් සාමාජ ජාලාවන්හි පෝස්ට් දමමින් සිටි අතර පසු කාලීනව ඒ උණුසුමද පහවී ගියා.

ඉතිං අන්තිමේ ඔන්න බලන්න පුළුවන් කොපියක් එක්ක චිත්‍රපටය පහුගිය දවසක රිලීස් වුන නිසා අපගේ රාජකාරිය වශයෙන් උපසිරැසිගන්වා මෙසේ රැගෙන ආවා. ඉතිං බලනවාද නැද්ද කියන එක ඔබේ තීරණයක්. අරකට වඩා මේක හොඳයි කියලවත්, කෝටි ගණන් සෙවූ බව පෙන්වා හොඳයි කියා ඇඟවීමටවත්, කිසිදු නළුවෙක් හෝ චිත්‍රපටයක් අවතක්සේරු කරමින් ඔයාලගේ ඇඟේ චිත්‍රපටිය ගහන්න මට වුවමනාවක් නැති නිසයි චිත්‍රපටියට වෙච්ච හැම දෙයක්ම කැටි කරලා ලිපිය සකස් කරලා දුන්නේ. මෙතනින් එහාට ඔබට බාරයි.

අවසානයේ පැවසීමට ඇත්තේ ඕනම චිත්‍රපටයක් වාණිජමය වශයෙන් කුමන ප්‍රතිඵල ලැබුවත් සිනමාවේ නව පියවරයන් තැබීම සහ අලුත් දේවල් කිරීමට ගන්නා උත්සාහයන් කවදාවත් අහක යන දෙයක් නොවන බවයි. සාහෝ කණ්ඩායම වසර දෙකක් තිස්සේ මින් පෙර තෙලුඟු චිත්‍රපටයක් හෝ ඉන්දියානු චිත්‍රපටයක් ලඟා නොවුණු ගොඩක් තැන් ස්පර්ශ කරන්නට සමත් වූ අතර එම වසර දෙකක කාලයක ඔවුන් සිනමාපාසලකට ගියාක් මෙන් තිබෙන්නට ඇති. දිනෙන් දින කරන අලුත් ක්‍රියාදාම රූගත කිරීම්, මුදල් ගැන නොසිතා චිත්‍රපටය වෙනුවෙන් කැප කල දේවල් සහ එම නළුනිළියන් ඇතුළු තාක්ෂණික කණ්ඩායම් වල HardWork එක ඔවුන් උගත් පාඩම්වල අලුත් පරිච්ඡේද වශයෙන් ලියවේවි. ඒ හරහා ඔවුන්ගේ ඉදිරි නිර්මාණ මෙන්ම මෙවන් උත්සාහයන් හරහා එම කලාපිය සිනමාකර්මාන්තයන් හට විවරවන නව දොරටු ඉදිරි අනාගතයේදී ඔවුන් මීටත් වඩා හොඳට භාවිතා කරාවි. භය කියන දේ තිබෙන තාක් සිනමාවට හොඳ නිර්මාණ බිහි නොවනු ඇති.

එහෙනම් සමුගන්නට අවසරයි. චිත්‍රපටයේ ලස්සන මියුසික් ඇල්බම් එකක් එහෙමත් තියෙනවා. ඒ වගේම ඒවා රූගත කරන්න ලෝකේ ලස්සනම තැන් කිහිපයක්ම පාවිච්ච් කරලා තියෙනවා. ඉතිං මේ හැමදේම විඳගන්න ඔබට මෙතැන්සිට බාරයි. චිත්‍රපටයට උපසිරැසි ගන්වන්න අවස්ථාව ලබා දීපු ඇඩ්මින්වරුන්ටත් ස්තුතියි. ඇඩ්මින් මණ්ඩලේත් උපසිරැසි කණ්ඩායමේත් ඉදිරි වැඩකටයුතු අති සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කර සිටිනවා. ආයෙත් දවසක ඉක්මණින්ම හමුවෙමු. ජයෙන් ජය!!

” මුඩුක්කු ක්‍රිකට් වලදි නම් හයේ ඒව ඕනම එකෙක් ගහයි..
ඒත් ක්‍රීඩාංගනයෙන් එලියට ගහන එකාටයි…
ඔල්වරසන් පැතිරිල්ලක් තියෙන්නේ… “

Note – චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් කරන්නේ තෙලුඟු කලාකරුවන් නිසා චිත්‍රපටය තෙලුඟු ප්‍රධාන භාෂා වුවාට මෙය තනිකරම ඉන්දියානු චිත්‍රපටයක් ලෙසිනුයි හඳුන්වන්නේ. රූගත කිරීම් වලදී හින්දි, තෙලුඟු භාෂා වලින් වෙන වෙනම දෙබස් සකසා රූගත කර තිබෙනවා මෙන්ම ඇතැම් විටදී දමිල දර්ශනද නැවත රූගත කර තිබෙනවා. දැනට නිකුත් වූයේ එයින් තෙලුඟු, දමිල, මලයාලම් පිටපත් පමණක් නිසා තෙලුඟු පිටපතට පමණක් ගැලපෙන සේ උපසිරැසි සකසා ඇති බව අවධාරණය කරන්න කැමතියි. ඉතිං ගන්නවනම් තෙලුඟු එකම අරගන්න කියල ඉල්ලනවා. නැත්නම් ලෝක පටලැවිල්ලක් වෙන නිසාවෙන්. ඉදිරියේදී හින්දි පිටපතට නිකුත් වූ පසු එයටද උපසිරැසි යාවත්කාලින කරන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Proper HD / Hindi HDRip පිටපත් සඳහා ගැලපේ.

65,371 downloadsDownload Saaho-2019-Hindi-Update.zip129 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

65,371 downloadsDownload Subtitles129 KB

230 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Patta broo . Congratulations 100th sub ekata...

    1. Anonymous

      o

  2. Thamod Indusara

    උපසිරැසි ශතකයට හදවතින්ම සුභ පතනවා.ඒවගේම 150, 200 වගේ තව කඩයිම් සාර්ථක කරගන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඉදිරි වැඩ කටයුතුද සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.උපසිරැසියට බොහොම ස්තූතියි.ජය වේවා!

  3. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    දෙවෙනි කඩඉමට උණුසුම් සුභ පැතුම්..! චිත්‍රපට බලන අයට ඇස් කන් දෙනවට ගොඩක් පිං වගේම තමන්ගේ කාලයක කැපකර අනුන් වෙනුවෙන් කරන්නාවූ මේ මහඟුසේවයට සියලුම බයිස්කෝප් සිංහලෙන් රසිකයින් වෙනුවෙන් හදපිරි කෘතඥතාවය..! ඔබගේ ඉඳිරිකටයුතු සාර්ථකම වේවා..!

  4. Gathsara Umesh

    බොහෝම ස්තූතියි අයියේ..
    100ට හදවතින්ම සුබපතනවා...
    ලිපියත් ලසන්නට ගොඩක් විස්තර ඇතුව ලියල තියෙනවා..
    150න් හමු වෙමූ...❤️❤️❤️

  5. Kasun Upeksha

    Congratz bro..

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට ඒ වගේම 100වෙනි කඩඉමට සුබ පැතුම් :) දිගටම උපසිරැසි කරන්න
    ජය වේවා.!

    1. hirunovod

      තෑන්ක්ස් බොක්ක .මේ වගේ කඩ ඉම් ගණනාවක් ඉස්සරහට යන්න ශක්තියක් ලැබේවා .සදා ජය

  7. විශ්ව ජයසංඛ

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසිය ලබා දුන්නට. ආසාවෙන් බලන්න හිටපු ෆිල්ම් එකක්. අයියගේ 100 වැනි උපසිරැසියටත් සුභ පතනවා. තමන්ගේ වෙලාව, මහන්සිය වෙන් කරපු එකටත් ස්තූතිවන්ත වෙනවා. ඉස්සරහටත් මේ උපසිරැසි ගේන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා.

  8. gihan perera

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ.....දෙනකන් බලන් හිටියේ....පට්ට හැඳින්වීම.....නියමයි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  9. ඔෂද ධනංජය

    බොහොම ස්තූතියි සහෝ..බලන්නම ආසාවෙන් හිටපු ෆිල්ම් එකක්..ඉක්මනින්ම සබ් එක දීලා... 100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්....

    1. lasitha sandaru

      Thank you bro

  10. THE NEW FOLDER

    thank for your service & apriciate it

  11. darshana100

    thanks saho godaaaak stuti jaya wewa

  12. දමිත් රත්නායක

    බොහොම ස්තුතියි තාරක සහොා්.
    බොහොම වටිනා දීර්ඝ ලිපියක්. බොහොම මහන්සි වෙලා ටයිප් කරලා තියෙනවා.
    ජයෙන් ජය

  13. දමිත් රත්නායක

    තව දෙයක් කියන්න අමතක වුනා.
    සිය වෙනි උපසිරැසියට මගේ උණුසුම් සුබ පැතුම් සහෝ

  14. නලින් පෙරේරා

    ට සිරි වෙනවා තාරකයා.. 100ක් කියන්නේ ඉතින්... කොර නේ. එළකිරි කොල්ලෝ. ජය වේවා. උබේ ලිපිය කියවන්නම සැහෙන්න වෙලාවක් ගියා.. :D

    150, 200 වගේ කඩයිම් ටිකකුත් ඉස්සරට එන්න තියනවා....ඉක්මනට ඒ ටිකත් ගොඩ දා ගනිං කොල්ලෝ.

    අධ්‍යාපනය කටයුතු, ජොබ් එක, මගුල එහෙම වගේ කඩයිම් ටිකත් හොම්මම බැලන්ස් කරමු ආ!

    ජය වේවා!

  15. S.janitha

    #congratulations for 100th & keep it up bro!!!!!!!!!!!!!!

  16. Anurada

    Thank You !!!

  17. ridmal

    Thankz bro.....

  18. isuru srinath sjs

    මුලින්ම කියන්න ඕන, මේ 100 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා මචං. ඇත්තටම සතුටුයි..!
    තව කඩයිම් ඉදිරියට තියෙනවා, ඒවත් සාර්ථකව ඉස්සරහට එන්න ලැබෙන්න කියලා, සුභ පතනවා.!
    ඒ වගේම බොහොම ස්තුතියි අදත් මේ ගෙනාපු සිංහල උපසිරැසියට .. ජයවේවා සහෝදරයා ..! ❤️

  19. sashan

    Thank u bro

  20. Kantha_DLA

    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  21. Sampathkelum

    Congratulations bro...........

  22. 93

    obage upasirasa siyata hadawathinma suba pathanawa.idiriyatath hoda dewalma karanna kiyla prarthana krnawa.a wagema yaluwa math film pissek.ithin me film eka enakan balan hitiya.apugaman sub eka dunnata godak isthuthi.film ekanm kalin dwona lod kara eth sub eka nethuwa kick ekak nena.obata jaya

  23. ඩොක් අයියා

    සෑහෙන වටිනා විස්තරයක් පින්තූරත් එක්ක. ඉතින් ස්තූති නොකර බැහැ නේ

  24. ඩොක් අයියා

    ආ මේ 100 වෙනි උපරැසිය නේද ? එහෙමනම් ඉතින් ඒකටත් ශුභ පතන්න එපැයි.

    Congratulations මල්ලියෝ May GOD bless you

    Happy anniversary

  25. ඩොක් අයියා

  26. subodha

    Thanks..All the best brother

  27. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    100 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

  28. santhusha319

    congratulations bokka 100 ta...... keep it up..... thanks sub ekatt!!!

  29. Shehan putha

    සුභ පැතුම් සහෝ..100*
    ස්තුතියි

  30. Shehan putha

    සුභ පැතුම් සහෝ..100*
    ස්තුතියි සහෝ

  31. සනිඳු ලක්ඛිත

    මුලින්ම, 100 වෙනි උපසිරසට හදවතින්ම සුභ පැතුම් සහෝ..චිත්‍රපටම 100ක් කියන්නේ ලේසි දෙයක් නෙමේ. ඒකෙනුත් වැඩි හරියක් හින්දි චිත්‍රපට කියන්නේ ඊටත් අමාරු දෙයක්. ලයින් 2500ක් 3000ක් කොටනවා කියන්නෙ පණ යන වැඩක්. රසික අපේ සතුට වෙනුවෙන් සහ අපිට තේරෙන භාෂාවෙන් මේ වගේ දැවැන්ත නිර්මාණ බලන්න අවස්තාව ලබා දෙන ඔයාලට ස්තූති කරන්න වචන නෑ සහෝ. තවත් ඉදිරියට උපසිරසකරණයේ යෙදෙන්න කාලය,ශක්තිය,ධෛර්යය ලැබේවා කියලා වගේම ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. පොඩි ඉල්ලීමක් තියේ. මේකේ BR පිටපතක් ආවොත් අප්ඩේට් එකක් දෙන්න. මේක බලන්න තියෙන උණ නිසාම දැනට මේකෙන් බලමු..ජය වේවා...බුදුසරණයි..!

  32. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  33. කවිශල් රසින්ත (කවී)

    මුලින්ම දෙවැනි කඩයිම හෙවත් 100වෙනි උපසිරසි ගැන්වීමට හදවතින්ම සුභ පතනවා. බයිස්කෝප් පවුලේ ඉන්න පතාක යෝධයෙක් විදිහට බය නැතුව හදුන්වන්න පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා උපසිරසි ගන්වපු 100යම චිත්‍රපට කිව්වම. ඒකත් ඔක්කම ඉන්දියන් චිත්‍රපට කිව්වම ආයේ අහන්න දෙයක් නෑ. අවුරුදු ගානක මහන්සිය කාලය කැපකරලා මෙ කරන උතුම් සේවයට බොහොම ස්තූතියි. ඒ වගේම ඉදිරි කටයුතු හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලත්, තව තවත් ඉන්දියන් චිත්‍රපටම කරන්න හැකියාව ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් මගබලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි සාහෝ කියන්නේ. ඉතින් ඒකට මෙච්චර ඉක්මනින් උපසිරසිය ගෙනාපු එකට වෙනම ස්තූතියක් පුද කරනවා, එහෙනම් තාරක අයියේ ඉදිරි කටයුතු සහ උපසිරසි දිවියේ තුන්වෙනි කඩයිමටත් හැකි ඉක්මනින් යන්න හැකියාව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. ජය වේවා...!!!!

  34. #ChalinduDeshan (kinaa)

    සුභ පැතුම් මා පුතීට. ජෙයින් ජෙයම වේවා.... <3

  35. tjben91

    Thanks sub ekata.

  36. kasun sudangama

    subha pathum saho
    thank you
    jaya wewa

  37. Rumesh dhanushka

    Thanks brother ❤

  38. Geethadewagayan

    Thanks ඔයාලා ඔක්කොටම

  39. shg89

    torrent link එක ගන්නකෛාහමද?

  40. chandika1975

    congratulation on your 100 subtitle achievement. keep it going...

  41. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ....
    ජයවේවා ........

  42. basura indrachapa

    ශතකයට උණුසුම් සුභ පැතුම් සහෝ!!!
    ජයෙන් ජය!!!

  43. Siraj Priyantha

    නියමයි නියමයි තාරක සහෝ....
    100 වෙනි උපසිරැසි නිර්මාණය ට උණුසුම් සුබ පැතුම්..
    දිගටම වැඩේ කරන් යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි..
    ජයෙන් ජයම වේවා...
    (මතක් කරාටත් තුති )

  44. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම 100 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!

  45. ශසිත් සඳරුවන්

    දෙවෙනි කඩඉම වෙනුවෙන් උණුසුම් සුබපැතුම් කිව්වා... උපසිරැසිකරුවන්ගෙන් කැමතිම උපසිරැසිකරුවෙක්... ඒ වගේම වැඩේ තිතටම කරන එල කොල්ලෙක්... ගීත පරිවර්තනයෙත් අමුතුම ආරක් තියන වගේම හින්දි තෙලුගු භාෂා දැනුම නිසාදෝ චිත්‍රපට වලට උපරිම සාධාරණයක් කරන උපසිරැසිකරුවෙක්. එහෙනම් මේ උපසිරැසියටත් බොහොම තුති කිව්වා. ඇවිල්ලා කියලා දැක්ක ගමන් අදම දෙනවා කියලා දන්න නිසා උදේම ෆිලුම ගත්තා. බැලිල්ලක් තමා... තවදුරටත් මේ පවුලත් එක්ක රැඳී ඉඳිමින් කටයුතු කරන්නත්, පෞද්ගලික ජීවිතේ කටයුතු සාර්ථක කරගන්නත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය!

  46. nana

    Thanks brow

  47. සසිඳු කවීශ ගමපතිරණ

    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පැතුම් සහෝ!
    දිගටම සිංහල උපසිරැසි ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  48. dilansmarasinghe

    Thank You Tharaka.

  49. Shihan94

    Tnkz saho.. Kauru monawa kiwwath meka patta film ekak. Habai aththatama meka trailer eke giyapu widihatanam copy karapu film ekak

  50. nish47

    ස්තූතියි සහෝ

Load more comments