පසුගිය අගෝස්තු 26 වෙනිදා ඇමසෝන් ප්‍රයිම් හරහා ලොව පුරා මුදාහැරුණු අලුත්ම හින්දි චිත්‍රපටියක් තමා අපි මේ අරන් එන්නේ. මේක ඇවිල්ලා Crime | Drama | Mystery | Thriller ඝනයට අයිති වෙන පැය 02යි විනාඩි 11ක් දක්වා දිවෙන හොඳ රසවත් චිත්‍රපටයක්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ මේ වෙද්දි 6.3ක අගයක් සටහන් කරගෙන තියෙන මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ Ambiecka Pandit විසින්. චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ දක්වන්නේ Nimisha Sajayan කෙල්ල එක්ක Anshuman Pushkar සහ Barun Sobti.
චිත්‍රපටියේ කතාව ගැන ටිකක් කිව්වොත්, බබිතා නොහොත් බේබි කියන්නේ සහකාර උප පොලිස් පරීක්ෂක කෙනෙක්. භෝපාල්වල තමන්ගේ මහත්තයා එක්ක මෙයා ජීවත් වෙනවා. මෙයාගේ තාත්තා ඇවිල්ලා උප පොලිස් පරීක්ෂක කෙනෙක්. එයා ඇවිල්ලා රාජකාරි අතරතුර වෙඩි වැදිලා මිය ගියපු නිසා ඊට හිලව් විදිහට එයාගේ දුව බේබිට මේ පොලිස් රස්සාව හම්බවෙලා තිබ්බා. කලින් ගුරුකම රස්සාව කරගෙන හිටි බේබි මේ රස්සාව කැමැත්තෙන්ම බාරගත්තා. ඒත් මේ රස්සාව එයා සුදුසුයි ද කියන ප්‍රශ්නේ එයාටත් තිබ්බා. දවස පුරාම පොලිසියේ පොඩි පොඩි වැඩ කරන එකයි ලොක්කන්ගේ පුද්ගලික වැඩවලට උදව් කරන එක තමා මෙයා කළේ. මෙයාට ස්ටේෂමෙන් එලියට බැහැලා එළියේ රාජකාරිවල, විමර්ශන කටයුතුවල යෙදෙන්න ලොකු ආසාවක් තිබ්බා. ඒ අස්සේ මෙයාගේ පුද්ගලික ජීවිතේ ගැටළු කීපයක්මත් නිතරම මෙයාට පහර එල්ල කරමින් තිබ්බේ. ඔය අතර තමයි මෙයාට පොඩි අවස්ථාවක් එන්නේ මේ හැමදේම ටිකක් වෙනස් කරගන්න.. මීට පස්සේ බේබිගේ ජීවිතේ කොහොම වෙනස් වෙයිද?
එහෙනම් මීට එහා කියන්න දෙයක් නැහැ. බලලම දැනගන්න. මේක අපි හැමදාම බලන Thriller එක නෙමේ වගේම ඒ වගේ අවසානයක් බලාපොරොත්තු වෙන්නත් එපා. එහෙම බැලුවොත් අපේක්ෂා සුන් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ අවසානයට කලින් චිත්‍රපටය අතරමැදදීම ඔයා උපරිම තෘප්තියට ඇවිල්ලා තියෙන්න ලොකු ඉඩක් තියෙනවා. බලන්න ගමු එහෙනම්. ජය වේවා.
Subtitles by
PHOENIX
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
- #Babita Singh Reporting (2026) Sinhala sub
- #Babita Singh Reporting (2026) Sinhala subtitles
- #Babita Singh Reporting Sinhala sub
- #Babita Singh Reporting Sinhala subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sharad Kelkar
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunny Kaushal
- #Yami Gautam
- #උපසිරැසි
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet. Yours will be the first.
Advertisement
![Babita Singh Reporting (2026) Sinhala subtitles | නිහඬ සාක්ෂිකරු [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-400b2080c2f5085125038020.webp)