Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitles වඩක්කුපට්ටි ග්‍රාමයේ වෙසෙන කුඹලෙක් වූ රාමසාමි ගැමියන්ගේ විශ්වාසය ප්‍රයෝජනයට ගනිමින් මුදල් ඉපයීමට මාර්ගයක් සොයා ගන්නවා. ඒ අනුව ඔහු විසින් තමන්ගේ ඉඩමේ කෝවිලක් තනා දෙවියන්ට පූජා කරනු ලබන පළතුරු, මාල ආදියෙන් මුදල් ගරා ගන්නවා. (කතරගම වන්දනාවේ යන අය මේ ජාලය…
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitles
වඩක්කුපට්ටි ග්‍රාමයේ වෙසෙන කුඹලෙක් වූ රාමසාමි ගැමියන්ගේ විශ්වාසය ප්‍රයෝජනයට ගනිමින් මුදල් ඉපයීමට මාර්ගයක් සොයා ගන්නවා. ඒ අනුව ඔහු විසින් තමන්ගේ ඉඩමේ කෝවිලක් තනා දෙවියන්ට පූජා කරනු ලබන පළතුරු, මාල ආදියෙන් මුදල් ගරා ගන්නවා. (කතරගම වන්දනාවේ යන අය මේ ජාලය ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියලා හොඳටම දන්නවනේ.) මේ විදියට මේ වංචා වැඩ කරගෙන යද්දී වඩක්කුපට්ටි ගම අයත් ප්‍රදේශයට අලුත් තාසිල්දාර් කෙනෙක් එනවා. තාසිල්දාර් මේ රාමසාමිගේ කූට වැඩ ගැන දැනගෙන ආදායම වැඩි කර ගැනීමට උපායක් යෝජනා කරනවා.
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitlesපංගු බෙදා ගැනීමට කතා කරගත් ආකාරය පිළිබඳව රාමසාමි දැඩිවම අකමැති වුණා. අවසානයේ නොමිලේම දුන්න අදහසට ස්තූති කරලා රාමසාමි එතනින් පිටවෙලා යන්න ගියා. රාමසාමි තාසිල්දාර්ගෙ අදහස වුණ කෝවිල කොන්ත්‍රාත්තුවකට දී එයින් මුදල් ගසා කෑමේ සැලසුම ක්‍රියාත්මක කරන්න සූදානම් වුණා. ඒත් සතයක ලාභයක් නැතිවම තමන්ගේම අදහස අරගෙන රාමසාමි කරන්න යන දේට තාසිල්දාර් අකුල් හෙළන්න ගත්තා. රාමසාමි හා තාසිල්දාර් අතර තරඟයෙන් අවසානයේ ජය ලබාගන්න හැකි වෙන්නේ කාටද? රාමසාමිට තවදුරටත් ගැමියන් රවටමින් වංචා වැඩ කරගෙන යන්න පුළුවන් වෙයිද? අහුවුණොත් ලැබෙන දඬුවම මොකක් වේවිද?
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitlesවඩක්කුපට්ටි රාමසාමි 1960 – 1970 දශකවල සිදුවන කතාවක් ලෙසින් ඉදිරිපත් කර තිබෙනවා. මේ හාස්‍යජනක චිත්‍රපටය රචනා කර අධ්‍යක්ෂකණය කරනු ලැබුවේ Dikkilona (2021) චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූ කාර්තික් යෝගි. සන්තානම් සමඟින් මාරන් සහ ශේෂු යුගලය උත්කර්ෂවත් රංගනයක නියැලෙනවා. ඒ වගේම මේඝා ආකාෂ්, ජෝන් විජයි, රවි මරියා, නිළල්ගල් රවී, තමිල් කදිරේසන්, රාජේන්ද්‍රන්, කූල් සුරේෂ්, ස්වාමිනාදන්, ප්‍රශාන්ත්, එම්.එස්. බාස්කර් යන අය චරිත රඟදක්වනවා.
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitlesමේ චිත්‍රපටයේ සන්තානම්ගේ සුපුරුදු උපහාසාත්මක දෙබස් සැපයීම නොඅඩුව ලබා දී තිබෙනවා. තවද චිත්‍රපටයේ හාස්‍යමය ස්වභාවය තවත් වැඩි වුණේ මාරන් සහ ශේෂු වෙනුවෙන් වැඩි ඉඩකඩක් ලබා දී තිබුණ නිසාවෙනුයි. ප්‍රේක්ෂකයින් ලොල්ලු සභා කල්ලිය ලෙස නැවත එක්කාසු වීමක් විදියටයි මේක දකින්නෙ. ඒ කොහොම වුණත් සන්තානම් ප්‍රේක්ෂකයින්ගේ ඉල්ලුම අනුව සැපයුම දෙන්න නැඹුරුවෙලා තියෙනවා.
කතාවට අත්‍යාවශ්‍ය නිළි චරිතයක් මේඝා ආකාෂ්ට ලබා දී තිබුණා. මොකද බහුතරයක් ඉන්දියානු චිත්‍රපටිවල කතාවේ නිළි චරිතයක් ගෙන්නන්නේ සින්දුවකට නැටුමක් දාන්නත්, ප්‍රධාන නළුවට විවිධාකාරයෙන් සහය වෙන්නත් විතරයි. නිළල්ගල් රවී චිත්‍රපටයට පිවිසීමත් එක්කම හාස්‍ය ගතිය තවත් වැඩි වෙන්න ගත්තා. නිළල්ගල් රවී Dikkilona චිත්‍රපටියේ මානසික රෝගියෙකුගේ චරිතය අති දක්ෂ ලෙස හාස්‍යය උපදවන ආකාරයෙන් ඉදිරිපත් කළා. හිනාවෙන්න කැමති අයට ඩිකිලෝනා චිත්‍රපටය බලන්න කියලා නිර්දේශයක් කරනවා.
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitlesපසුගිය මාර්තු 24දා මෙහි රඟපෑ ශේෂු හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා. ඔහුගේ අහිමි වීම ගොඩක් ලොකු පාඩුවක්. ශේෂු, සන්තානම්ගේ A1(2019), Dikkilona (2021), Parris Jeyaraj (2021), Gulu Gulu (2022), 80’s Buildup (2023), Kick (2023) චිත්‍රපටවලට සම්බන්ධ වුණා. විජයි ටීවි නාලිකාවේ විකාශනය වූ Lollu Sabha (2003 – 2008) වැඩසටහනෙන් රංගනයට පිවිසියා. Spoof නාටකයක් වූ මෙහි ශේෂු සමඟ සන්තානම්, මාරන්, යෝගි බාබු වැනි අයද මේ වැඩසටහනේ රඟපෑමෙන් වඩාත් ජනප්‍රියත්වයට පත් වුණා. ඔහුට පැතූ සුවයක් අත් වේවායි කියා ප්‍රාර්ථනා කරනවා.
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitlesඩිකිලෝනා චිත්‍රපටයට ඩිකිලෝනා කියන නම අරගෙන තිබුණෙ ගෞණ්ඩමණි සෙන්දිල් දෙන්නගේ හාස්‍ය ජවනිකාවකින් කියලත්, ඒ අවස්ථාව කෙටියෙන් සඳහන් කළා. ඒ විදියටම මේ චිත්‍රපටියට මේ නම ලැබුණෙ Uthama Raa (1993) චිත්‍රපටියේ ගෞණ්ඩමණි හා සෙන්දිල්ගේ හාස්‍ය ජවනිකාවක් ආශ්‍රයෙන්. අවස්ථාව මොකක්ද කිව්වොත්… නිවෙස්වල හෝ විශේෂ උත්සව අවස්ථාවලට ලවුඩ්ස්පීකර් කුලියට දෙන ගෞණ්ඩමණිට වඩක්කුපට්ටි රාමසාමි නම් කෙනෙකුගේ මුදලක් ලැබීමට තිබුණා. ණය අයකරගැනීමට වඩක්කුපට්ටි රාමසාමිගේ ගෙදර යන්න සැරසෙද්දි, මේ ගමනෙදි අනිවාර්යයෙන්ම සල්ලි එකතු කරගන්න නම් නරියෙකුගෙ මූණට මුලිච්චි වෙන්න කියලා එක් පුද්ගලයෙක් කියනවා.
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitlesනරියෙක්ගේ මූණට මුලිච්චි වෙන්න කැලයට යන්න පුළුවන් ද කියලා ඒ පුද්ගලයාගෙන් අහද්දි ගෞණ්ඩමණි ළඟ සේවය කරන සෙන්දිල් නරියෙක් වගෙයි කියලා සෙන්දිල්ගේ මූණට මුලිච්චි වෙන්න කියනවා. ඒ අනුව ගෞණ්ඩමණි, නිදාගෙන හිටිය සෙන්දිල්ගේ මූණ බලලා හූ හඬකුත් අහගෙනම ගමන පිටත් වෙනවා. ගමන යද්දි දිගින් දිගටම බාධා ඇති වෙන්න ගත්තා. ඒත් ඒවා සැලකිල්ලට නොගෙන ගෞණ්ඩමණි වඩක්කුපට්ටි රාමසාමිගේ ගෙදර බලා යනවා. යන මගදි පෙරහැරින් ගෙන යන මරණයක් හමුවනවා. වෙන්න ඇති දේ හිතාගන්න පුළුවන් නේද?
“නරි මූණට මුලිච්චි වෙන්න කියලා පූසා හදාපු කෙනෙක්”
“හූ තියලා ගත්ත සල්ලි වලින් බඩ වැඩූ කෙනෙක්”
චිත්‍රපටයේ එන “Abarakko Dabarakko” ගීතයේ මේ පද පේළිවල මේ ගැන සඳහනක් කරලා තියෙනවා. මේ ගීතය ගායනා කරන්නෙත් සන්තානම් විසින්මයි. මෙතෙක් ගායනා කළ ගීත දෙක තුන අතරින් සන්තානම් ඇත්තටම ගායනයක් කළේ මේ සින්දුවෙදි විතරයි. සීන් රොල්ඩන් මේ චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කළා.
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitlesපසුගිය පෙබරවාරි මස 2 දා නිකුත් වුණ මේ චිත්‍රපටිය තෙළිඟු නිෂ්පාදන ආයතනයක් වූ People Media Factory විසින් නිෂ්පාදනය කළා. එය වර්ථමානයේ නම ගිය නිෂ්පාදන ආයතනයක්. ප්‍රභාස්ගේ පැමිණීමට නියමිත The Raja Saab චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේද මේ ආයතනයෙන්. ඉ.රු. කෝටි 12ක පමණ මුදලකින් නිෂ්පාදනය කළ මෙය ඉ.රු. කෝටි 20ක පමණ ආදායමක් උපයාගෙන තියෙනවා. වඩක්කුපට්ටි රාමසාමි චිත්‍රපටයට වර්ථමානයේ ලැබී ඇති Imdb රේටින් අගය 6.2ක්. කොහොම වුණත් මීට ගොඩක් යහපත් ප්‍රතිචාර හිමි වුණා. TOI – 2.5/5ක්, India Times – 2.5/5, IndiaGlitz – 3/5ක් ලෙස අගය කර තිබෙනවා. Amazon Prime සහ Aha Tamil ඔස්සේ OTT නිකුත් වුණ මෙහි නුසුදුසු දර්ශන කිසිවක් නැහැ. වයස් භේදයකින් තොරව සැමට එකට නැරඹිය හැකි චිත්‍රපටයක්.
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitlesසන්තානම්ගේ DD Returns (2023) චිත්‍රපටයෙන් පසුව පැමිණි Kick (2023) සහ 80’s Buildup (2023) දෙකම ප්‍රේක්ෂකයින් තෘප්තිමත් කිරීමට අසමත් වුණා. මේ විදියට සන්තානම්ගේ හොඳ චිත්‍රපටියක් එද්දි ඊළඟට සවුත්තු චිත්‍රපටි 2ක් එන එක රටාවක් වෙලා. මතක ඇතිනේ Master (2021), Vikram (2022), Leo (2023) චිත්‍රපටවල කතාව රචනා කළ ගුලු ගුලු රත්නකුමාර්ගේ Gulu Gulu (2022) චිත්‍රපටයත් දැඩි සෘණාත්මක ප්‍රතිචාර ලබා ගත්තා.
සන්තානම්ගේ ලැයිස්තුවේ මීළඟට Inga Naan Thaan Kingu චිත්‍රපටය මේ අප්‍රේල් මස 26 දා තිරගත වීමට නියමිතයි. නම අහලා පුරුදුයි වගේ නේද? මේක Jailer චිත්‍රපටයේ එන රජිණිගේ දෙබසක්. මේ චිත්‍රපටිය ආනන්ද් නාරායන් විසින් අධ්‍යක්ෂණය කරනවා වගේම ඩී. ඉමාන් සංගීතය සපයනවා. ආනන්ද් නාරායන් මීට පෙර India Pakistan (2015) අධ්‍යක්ෂණය කළා. ප්‍රතිඵලය කොහොම වේවිද කියලා තිරගත වුණාට පස්සෙදි තමයි දැනගන්න වෙන්නේ. වියෝ වූ මනෝබාලා මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා. ලොල්ලු සභා කල්ලිය මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙ නැහැ.
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitlesතවද වඩක්කුපට්ටි රාමසාමි චිත්‍රපටයේ මාධ්‍ය හමුවකදී DD Returns 2 චිත්‍රපටයේ වැඩ කටයුතු සූදානම් වෙමින් පවතින බව සඳහන් කළා. එය Dhilluku Dhuddu (2016) චිත්‍රපටයෙන් ඇරඹි චිත්‍රපට මාලාවේ 4 වැනි චිත්‍රපටයයි. DD සාර්ථක දෙමළ හොරර් චිත්‍රපට මාලා අතරින් එකක්. සාර්ථක දෙමළ හොරර් චිත්‍රපටි මාල අතරින්, මේ වෙද්දි Muni 4 නිකුත් වෙලා තියෙනවා වගේම Aranmanai 4 මේ අප්‍රේල් මස 26 නිකුත් වීමට දින යොදාගෙන තියෙනවා.
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitlesතවද Demonte Colony 2 චිත්‍රපටයේ ට්‍රේලරය නිකුත් වුණා. Pizza 4 චිත්‍රපටිය නිෂ්පාදනය වෙමින් පවතිනවා. මේ DD Returns 2 චිත්‍රපටයට ආර්යා සම්බන්ධ කරගැනීමට අදහසක් තිබෙන බවද සන්තානම් ප්‍රකාෂ කළා. ඒ වගේම ආර්යා හා සන්තානම් සමඟ Boss Engira Baskaran 2 හෝ වෙනත් චිත්‍රපටයක් කාර්තික් යෝගිගේ අධ්‍යක්ෂණය යටතේ නිෂ්පාදනය වීමට නියමිත බව එහිදීම සඳහන් කළා. ආර්යාද තමන්ට සන්තානම් සමඟින් රඟපෑමට අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටින බවත් සඳහන් කළා.
අජිත්ගේ Vidaamuyarchi චිත්‍රපටය ගිවිසුම්ගත වෙන්නට පෙර ලයිකා ප්‍රඩක්ෂන්ස් විග්නේෂ් සිවන්ගේ අධ්‍යක්ෂණයෙන් AK62 නමින් ව්‍යාපෘතියක් ගිවිසුම්ගත වුණා. මේ චිත්‍රපටයට සන්තානම් ද එක් කරගැනීමට සූදානම්ව තිබුණා. ඒත් එම ව්‍යාපෘතිය අතහැර දැමීමට ලයිකා ප්‍රඩක්ෂන්ස් තීරණය කළා. කොහොම වුණත් සන්තානම් 2016න් පසු නිකුත් වූ කිසිම චිත්‍රපටයක සහය චරිතයක් ඉදිරිපත් කර නැහැ.
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitlesනිවැරදි අර්ථය ඉදිරිපත් කිරීමේදී කරදර ඉවසගෙන ඉංග්‍රීසි වලින් සහය වුණ අශාන් අයියට බොහොම ස්තූතියි! ඉතින් සිනමා ලෝලීන්ගේ 100%ක් රසවින්දනය වෙනුවෙන් ගීත සියල්ලටම උපසිරැසි කර තිබෙනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk.
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitlesඅපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා ගැළපේ.
6,996 downloadsDownload Vadakkupatti-Ramasamy-2024-Sinhala-Subtitles.zip81 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Vadakkupatti Ramasamy (2024) Sinhala SubtitlesSubtitles by
රවිඳු නවින්
Subtitles
- #Cool Suresh
- #Indian Box Office Hits
- #Jeeva Ravi
- #John Vijay
- #Karthik Yogi
- #Lollu Sabha Maaran
- #Lollu Sabha Seshu
- #M.S. Bhaskar Blind Man
- #Manimegalai
- #Megha Akash Kayalvizhi
- #Motta Rajendran
- #Must Watch
- #Nizhalgal Ravi
- #Prashanth Rangaswamy
- #Ravi Mariya
- #Santhanam
- #Sean Roldan
- #sinhala sub
- #Sinhala Subtitle
- #subtitle
- #Swaminathan
- #Tamizh
- #Theni Murugan
- #Vadakkupatti Ramasamy
- #Vadakkupatti Ramasamy (2024)
- #Vadakkupatti Ramasamy (2024) Sinhala Sub
- #Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitles
- #You Decide
- #රවිඳු නවින්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Kavi
Buddhika Lakmal
වෙනද වගේම ලිපියට සෑහෙන්න මහන්සිවෙලා තියෙනවා.... බොහෝම ස්තූතියි රවිදු සහෝ ඔයාගේ ඒ කැපවීමට.. මහන්සියට....
උපසිරැසියටත් බොහෝමත්ම ස්තූතියි....Visal Ashintha
Thnx for the sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!