Watch Trailer

French Connection 2 (1975) Sinhala subtitles | ප්‍රංශ වෙළෙන්දා 2 [සිංහල උපසිරසි සමඟ]

1971 වසරේ තිරගත උන මෙනමින්ම යුත් සිනමාපටයේ දෙවන කොටස තමා මේ. සම්පූර්ණයෙන්ම ප්‍රංශයේ රූපගත කරන ලද මේ චිත්‍රපටයට සුපුරුදු ලෙස ජීන් හෙක්මන් රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව ෆර්නාඩෝ රේ, බර්නාඩ් ෆ්රෙසන්, පිලිපේ ලියෝටාඩ්, චාර්ල්ස් මිලට් යන අයත් රංගනයෙන් දායක වෙනවා. 1976 වසරේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම…

1971 වසරේ තිරගත උන මෙනමින්ම යුත් සිනමාපටයේ දෙවන කොටස තමා මේ. සම්පූර්ණයෙන්ම ප්‍රංශයේ රූපගත කරන ලද මේ චිත්‍රපටයට සුපුරුදු ලෙස ජීන් හෙක්මන් රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව ෆර්නාඩෝ රේ, බර්නාඩ් ෆ්රෙසන්, පිලිපේ ලියෝටාඩ්, චාර්ල්ස් මිලට් යන අයත් රංගනයෙන් දායක වෙනවා. 1976 වසරේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය සඳහා මේ චිත්‍රපටය වෙනුවෙන් ජීන් හෙක්මන්ගේ නම යෝජනා වෙනවා. එමෙන්ම තවත් සම්මාන උත්සව ද්විතවයකට නාම යෝජනා වෙනවා.

කතාව ගැනනම් වැඩිය කියන්න දෙයක් නෑ. ඔබට මතක ඇති පලමු චිත්රපටය නැරඹුවානම් එහිදී අවසානයේ මත්කුඩු ජාවාරම්කරු චානියෙර් එතනින් පැනයන බව. මෙහි කතාව ගෙතීයන්නේ නැවත ප්‍රංශයට පලාගිය චාර්නියෙර්ව අත් අඩංගුවට ගැනීම වටා. ඇමරිකානු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිළධාරී ඩොයිල් ප්‍රංශයට පැමිනෙන්නේ චානියෙර් පසුපස. නමුත් ඔහුට ප්‍රබල සහයෝගයක් ප්‍රංශ පොලීසියෙන් ලැබෙන්නේ නෑ. ඒ තම රටේ ප්‍රශ්නයක් විසඳීමට වෙනත් රටකින් උදවු ලබාගැනීමට ඇති ලජ්ජාව නිසාමයි. ඒ නිසා ඩොයිල් පසුපස ප්‍රංශ පොලිස් නිළධාරීන් දෙදෙනකු යෙදවීමට පොලිස් ප්‍රධානී බාර්ට්ලෙමි කටයුතු කරනවා. ඒකට එක් හේතුවක් වන්නේ ඩොයිල් පැමිණි පලමුදිනම පොලිසියේ රහස් නිළධාරියෙක් ජාවාරම්කරුවන් අතින් මැරුම් කෑම. එයටත් හේතුවන්නේ ඩොයිල්ගේ ක්ෂණික ක්‍රියාකාරීත්වය.

මේ අතර කෙසේ හෝ පසුපසින් යෙදවූ පොලිස් නිළධාරීන් දෙදෙනා මගහැර බීමතින් ගමන්ගන්නා ඩොයිල්ව චාර්නියෙර්ගේ ගෝලයින් විසින් පැහරගෙන යනු ලබනවා. එසේ ගෙනගොස් සතියක් තිස්සේ ඔහුගේ සිරුරට හෙරොයින් එන්නත් කරමින් ඔහුව සිරකර තබාගන්නවා. පසුව ඔහුව පොලීසිය ඉදිරිපිටම දමා යන්නේ හෙරොයින් වලට ඇබ්බැහි ඌවකු බවට පත්කරමින්. බාර්ට්ලෙමිගේ අධීක්ෂණය යටතේ ඩොයිල් හට දින ගනනාවක ප්‍රතිකාර වලින් පසු තරම යතාතත්වයකට පත්වීමට හැකියාව ලැබෙනවා. බාර්ට්ලෙමි උත්සහ කරන්නේ ඩොයිල්ව සිරකර සිටි ස්තානය ගැන දැනගැනීමට. නමුත් ඩොයිල්ගේ මතකය අවුල්වීම නිසා එය දැනගැනීමට ලැබෙන්නේ නෑ.

නමුත් වීදියේ ඇවිද යනවිට දකින් ගොඩනැගිල්ලක් ඔහුගේ මතකය අවදි කරනවා. සිදුවන්නේ ඩොයිල් විසින් එම ගොඩනැගිල්ල ගිනිතබා විනාශ කිරීම. පොලිසිය හා එක්ව චානියෙර් සැඟවුම් මධ්‍යස්ථානයකට පහරදෙන අතර දීර්ඝ වෙඩි සටනකින් පසුත් චානියෙර් නැවත පැනයනවා. චාර්නියෙර්ගේ දෛවය කුමක්ද යන්න දැනගැනීමට ඔබත් සිනමාපටය නරඹන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

913 downloadsDownload French-Connection-2-1975.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බුද්ධික නුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

913 downloadsDownload Subtitles26 KB

8 comments

  1. Kulanjana Maduranga

    subata thanks saho...keep it up.....

  2. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!

  3. Priyantha Dayakeerthi

    බුද්ධික නුවන් සොයුර,
    ඔබේ උපසිරසි නිර්මාණය ඩවුන්ලෝඩ් කළා. වීඩියෝවත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම. මෙයත් හොඳ පැරණි සිනමාපටයක් වෙන්න ඇති කියා සිතනවා. ඔබේ වෙහෙසට මාගේ ස්තුතිය!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. akalankagayan

    Thnx .......

  6. Nirosha Nirosha

    thanks

  7. kasun@rko

    Elamma saho

  8. nirushd

    great work saho....... mama asama movi 1k..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.