Watch Trailer

Greenland 2: Migration (2026) Sinhala Subtitles | මිහිතලය වැනසූ ග්‍රාහකය II – මනුෂ්‍යත්වයට නව බලාපොරොත්තුවක් ! [සිංහල උපසිරසි]

Greenland 2: Migration (2026) Sinhala Subtitles A Quiet Place: Day One (2024) ෆිල්ම් එකෙන් පස්සේ අද අරන් ආවේ ගිය සතියේ රිලීස් වුන අලුත්ම ෆිල්ම් එකක්. Greenland 2: Migration (2026). මුලින්ම චාමර අයියට එකස්තූති කරන්න ඕනි මේ ෆිල්ම් එකට සබ් එක කරන්න මට අවස්ථාව දුන්නට. ඒ වගේම ඉබි ගමනින් සබ් එක කරලා එවනක…

Greenland 2: Migration (2026) Sinhala Subtitles A Quiet Place: Day One (2024) ෆිල්ම් එකෙන් පස්සේ අද අරන් ආවේ ගිය සතියේ රිලීස් වුන අලුත්ම ෆිල්ම් එකක්. Greenland 2: Migration (2026). මුලින්ම චාමර අයියට එකස්තූති කරන්න ඕනි මේ ෆිල්ම් එකට සබ් එක කරන්න මට අවස්ථාව දුන්නට. ඒ වගේම ඉබි ගමනින් සබ් එක කරලා එවනකම් ඉවසීමෙන් බලන් හිටපු රවිඳු ඇතුළු ඇඩ්මින් මඩුල්ලටත් ස්තූතියි. මේ වෙද්දි  IMDB රේටිංග්ස් 5.4 යි. පළවෙනි ෆිල්ම් එකට වඩා නම් සෑහෙන අඩු ප්‍රතිචාර තමයි දැනට මේ ෆිල්ම් එකය හම්බෙලා තියෙන්නේ.කලින් ෆිල්ම් එකේ ඉඳපු නළු නිළි පිරිසම මේකෙත් ඉන්නවා. Gerard Butler,Morena Baccarin දෙන්නා කොහොමත් ප්‍රධාන චරිත නිරූපණය කරනවා වගේම ජෝන් ගැරිටිගෙ පුතා නේතන් ගැරිටිගේ චරිතයට නම් පණ පොවන්නේ වෙන කෙනෙක්. ඒ Roman Griffin Davis. කලින් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු Ric Roman Waugh විසින්ම තමයි මේ ෆිල්ම් එකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.

Disaster / Survival / Action / Adventure / Sci-Fi / Thriller කැටගරි වලට වැටෙන මේ ෆිල්ම් එක විනාඩි 98 ක් පුරාවට දිව යනවා. මේකේ පළවෙනි ෆිල්ම් එක Greenland (2020) බලපු අයට නම් කතාව මතක ඇතිනේ. නොබලපු අයත් මේක බලන්න කලින් ඒක බලලා ඉන්න. ක්ලාක් කියන වල්ගා තරුව කඩන් වැටිලා මුළු පෘථිවියෙන්ම සෑහෙන ප්‍රමාණයක් විනාශ වෙලා ගියානේ. ගැරිටි පවුලේ තුන් දෙනාට සෑහෙන ගේමක් දීලා අන්තිමේදි පුළුවන් වුනා ග්‍රීන්ලෑන්ඩ්වල පොළව යට බංකරේට ගිහින් ක්ලාක්ගේ ගැ‌ටීමෙන් බේරෙන්න.

පළවෙනි ෆිල්ම් එක ඉවර වුනේ ක්ලාක් කඩන් වැටිලා පෘථිවිය විනාශ වෙන තැනින්. ඉතින් මේ දෙවෙනි ෆිල්ම් එක පටන් ගන්නේ ක්ලාක් කඩන් වැටිලා අවුරුදු පහක් ගිය තැන ඉඳන්. කට්ටිය තාමත් පොළව යට බංකරේ ඉන්නේ. ක්ලාක්ගෙ විනාශකාරී බලපෑම නම් තාමත් ඉවර වෙලා නෑ. ඒ වගේම එයාලට තියෙන සම්පත් සීමිත වේගෙන එන්නේ. ඒ නිසාම බංකරේ ඇතුළටම වෙලා ඉන්නැතුව එළියට ගිහින් ප්‍රයෝජනවත් දේවල් තියෙනවා නම් හොයාගෙන එන්න අපේ කතා නායකයා ජෝන් ගැරිටි පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම ජෝන්ගෙ පුතා නේතනුත් දැන ලොකු වෙලා. ඉතින් ඔය විදිහට තමයි මේ ෆිල්ම් එක පටන් ගන්නේ. එතනින් එහාට ගැරිටි පවුලේ ඉරණම මොන විදිහට විසඳෙයිද කියලා ඔයාලටම බලන්න දීලා මං එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා! Greenland 2: Migration (2026) Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා ගැළපේ.

3,746 downloadsDownload Greenland-2-Migration-2026.zip113 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor RankSILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

A Quiet Place: Day One (2024) Sinhala Subtitles

Subtitles

3,746 downloadsDownload Subtitles113 KB

6 comments

  1. Sahan Gayantha

    thanks a lot Sohan saho sub ekata

  2. Buddhika laKMal

    ස්තූතියි සොහාන් බ්‍රෝ මේකට සබ්එක දුන්නට

  3. sumed

    sub ekata thank you bro
    puluwan nam Robin hood,spartacus house of ashur tv series walata sub dennako.

  4. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ
    ඔන්න එහෙනම් අරගත්තා
    ජයවේවා!!!

  5. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  6. Tharidu Sagara Sadalu

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.