Watch Trailer

Killer Elite (2011) | පාවාදීම… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! අද මම බයිස්කෝප් එකට ආවේ ටිකක් වෙනස් විදියක චිත්‍රපටයක් අරගෙනයි. කලින් මං සබ් ගෙනාපු Dead Man walking, American History X, Rain Man වගේ චිත්‍රපට ටිකක් එක පැත්තකට නැඹුරු වුණ ඒවා. ඉතින් වෙනසකටත් එක්ක ත්‍රාසජනක චිත්‍රපටවලට කැමති අයට බලන්න හොඳ බයිස්කෝප් එකක් අද මම ගේන්න හිතුවා. ඉතින් ම…

killer elite 2011

ආයුබෝවන් යාළුවනේ! අද මම බයිස්කෝප් එකට ආවේ ටිකක් වෙනස් විදියක චිත්‍රපටයක් අරගෙනයි. කලින් මං සබ් ගෙනාපු Dead Man walking, American History X, Rain Man  වගේ චිත්‍රපට ටිකක් එක පැත්තකට නැඹුරු වුණ ඒවා. ඉතින් වෙනසකටත් එක්ක ත්‍රාසජනක චිත්‍රපටවලට කැමති අයට බලන්න හොඳ බයිස්කෝප් එකක් අද මම ගේන්න හිතුවා.

ඉතින් මගේ 6 වෙනි උපසිරැසි නිර්මාණය විදියට අද මං ඔයාලාට ගේන්නේ ගින්දර වගේ සුපිරි චිත්‍රපටයක්. මේකේ යන්නේ සත්‍ය සිදුවීමක්, ගොතපු එකක් නෙවේ. ඒකටම හරියන්න ගින්දර වගේ සුපිරිම නළුවන් ටිකක් තමා මේකේ ඉන්නේ. Jason Statham, Clive Owen මෙන්ම හොලිවූඩයේ ඉන්න විශිෂ්ට නළුවෙකු වන (මගේ කැමතිම නළුවෙකු වන) Robert De Nero තමයි මේකේ ප්‍රධාන චරිත ටික කරගෙන යන්නේ. ඉතින් ඉන්න කට්ටිය දැක්කාම තවත් අටුවා ටීකා කියන්න ඕනි වෙයි කියලා මම හිතන්නේ නෑ. ලොවෙත් නැති සිද්ධි ටිකක් තමා මේකේ වෙන්නේ. Crime thriller වර්ගයට මේක අයිති වෙනවා. ඒ වුණාට action පැත්තටත් බරයි. Jason Statham ඉන්න නිසා එක වැඩ කෑල්ලක් හරි තියෙන්න ඕනි කියලා ඔයාලා දන්නවනේ. ශ්‍රීමත් Ranulph Fiennes විසින් රචිත The Feather Men නම් කෘතිය තමා මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ. මේ කෘතිය එංගලන්තයේ සෑහෙන ආන්දෝලනයකට ලක් වුණා. IMDb දර්ශකයේ 6.5/10 ක අගයක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා.

මේකේ යන කතාව මෙහෙමයි: ඩැනී බ්‍රයිස් (Jason Statham), හන්ටර් (Robert De Niro), ඩේවිස් සහ මයර් කියන්නේ සංවිධානය වුණු කුලී හේවායන් පිරිසක්. 1980 වර්ශයේදී මෙක්සිකෝවේ මෙයාලා කරන මෙහෙයුමකදී ඩැනී අදාල පුද්ගලයාව ඝාතනය කරන්නේ එයාගේ දරුවා ඉදිරිපිටයි. මේකෙන් ඇතිවූ කම්පනය නිසා ඩැනී කුලීහේවා වෘත්තියෙන් ඉවත් වෙනවා. ඒත් වසරකට පසු ඩැනීට දැනගන්න ලැබෙනවා තම යාළුවා වන හන්ටර්ව ඕමානයේ ප්‍රාන්තයක හිටපු පාලකයෙක් විසින් සිරකරලා කියලා. හන්ටර් $ මිලියන 6 කට කොන්ත්‍රාත්තුවක් භාරගෙන තියෙනවා. නමුත් අදාල මෙහෙයුම ඉටු කරන්නට හන්ටර්ට බැරිවෙලා. ඒ විතරක් නෙවෙයි $ මිලියන 6 ත් ඇරන් හන්ටර් ඕමානයෙන් පලා යන්නට හදලා. ඩැනී මේ මෙහෙයුම ඇරන් දුන්න නියෝජිතයාගේ දැන්වීම අනුව ඕමානයේ හිටපු පාලකයාව හමුවෙන්න එනවා. පාලකයා ඩැනීට කියනවා හන්ටර් භාර ගත් මෙහෙයුම ඩැනී සම්පූර්ණ කල යුතු බව. මාස 6 ක් ඇතුලත කරන්න ඕනි. හේතුව ඒ පාලකයාගේ සෞඛ්‍යය තත්වය අනුව ජීවත් වෙන්න ඉඩ ඇත්තේ තවත් මාස 6 ක් නිසා. මෙහෙයුම සම්පූර්ණ කරන්නට බැරිවුණොත්… ඩැනීගේ මිත්‍රයා හන්ටර්ව ඝාතනය කරනු ඇත. ඒ මෙහෙයුමේ තියෙන්නේ එංගලන්ත SASබළකායේ හිටපු සොල්දාදුවන් තිදෙනකුව ඝාතනය කිරීමයි. ඕමානයේ තිබුණු ධෝෆා කියන කැරැල්ලේදී මේ සෙබළු තිදෙනා මේ නායකයාගේ වැඩිමහල් පුතාලා තිදෙනාව ඝාතනය කරලා තියෙනවා. ඒකේ පළිය ගන්නට තමා මේ නායකයා මේ කොන්ත්‍රාත්තුව භාර දෙන්නේ. සෙබළු තිදෙනාව අහඹු ලෙස මියගිය විදයට පෙනෙන්නට තමයි ඒ ඝාතන කරන්නටත් ඕනි. ඒ වගේම එයාලව ඝාතනය කරන්නට කලින් පාපොච්චාරණයක් ගන්න ඕනි, ඒක පටිගත කරන්නත් ඕනි. ඉතින් ඩැනී ඩේවිස් සහ මයර් එක්ක එකතු වෙලා මෙහෙයුම කරන විදිය තමයි කතාවේ යන්නේ. එංගලන්තයේ තියෙනවා විශ්‍රාමලත්SAS සෙබළුන් පිරිසක් විසින් හදා ගත්ත, එංගලන්ත රජයවත් දන්නේ නැති රහස් කමිටුවක්. ඒකෙන් කරන්නේ මේ වගේ හිටපු SAS වරුන්ව ආරක්ෂා කරන එකයි. ඉතින් එංගලන්ත රජයටත් හොරෙන් මේ කමිටුව මෙහෙයුමක් දියත් කරනවා මේ ඝාතකයන්ව අල්ලා ගන්නට. ඇඟ කිලිපොලා යන සාහසික සිද්ධි දාමයක් මේකේ ඉදිරියට යනවා. මේ සියල්ල පසුපස ඉතිහාස ගතවන මහා පාවාදීමක් සිදුවී තිබෙනවා. චිත්‍රපටය බැලුවාම ඒක දැනගන්න ඔයාලට පුළුවන් වෙයි.

මං හිතන්නේ කතාවේ ආපු දුර දැන් ඇති වගේ. ඔන්න එහෙනම් නැවැත්තුවා. චිත්‍රපටය බලලම රසවිඳින්නකෝ. පොඩි දෙයක් ඔයාලගෙන් ඉල්ලන්නත් තියෙනවා. වෙලාවක් තියෙනවා නම් comment එකකුත් දාලා යන්න. වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවත් පෙන්වන්න. මං අන්තිමට සබ් ගෙනාපු Rain Man චිත්‍රපටයේ comments වල තිබ්බා මං ලිපියෙන් චිත්‍රපටයේ කතාව ගොඩක් දුර අරන් ගිහින් කියලා, තව තිබ්බා ලිපියේ spoilers දාන එක නුසුදුසුයි කියලා. ඇත්ත තමා, ඒකෙන් චිත්‍රපටයේ රසයට බාධාවක් වෙනවනේ. ඔයාලගේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා. එහෙමනම් මීලඟ උපසිරැසියෙන් හමුවෙමු. ඔබට සදා ජය!!!

Killer Elite (2011) on IMDb

 

 

750 MB (BR) කොපිය මෙතනින් බාගන්න

0c833da486a2fd7b8b16166c3c08180a86433295

1.95 GB (BR) කොපිය මෙතනින් බාගන්න

f6a7a081c6203bdc7c7c230f4a93fc70fd52a0d2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,836 downloadsDownload Killer-Elite-2011.zip93 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/විරාජ්-කොඩිතුවක්කු-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කොඩිතුවක්කු (තෙලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,836 downloadsDownload Subtitles93 KB

35 comments

  1. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට කතාවක් වගේ.
    ජය වේවා. !

    1. kasun

      thanks parakku wadi habai.........

  2. Charith Abishek

    Niyamai..
    Sub ekata thanx..
    Jaya wewa..

  3. Supun Madhusanka (Bunny)

    Ela ela..... thanks.....

  4. SaDuN dAnUsHkA (ධනූ)

    අම්මා සුපිරි කාවක් වගේ
    අනිවා බලනවා
    බොහොම ස්තුතියි.

  5. නලින් පෙරේරා

    ස්තුතියි විරාජ් සහෝ!

    තවත් මෙවගෙම කථා අරන් එන්න

    ජය වේවා!

  6. Malin

    Thanks.

  7. Snake Raj

    එලකිරි තෙලෝ.. මේ පාර දීල තියෙන්නෙ පට්ට ෆිල්ම් එකක් නේ.. එල එල :D

  8. dewthilina

    Nimai Super

  9. Jack

    එලකිරි මචෝ.
    ජේසන් අයියා ඉන්නවා කියන්නේ අනිවා බෑමක් තමයි.
    ස්තුතියි සබ් එක.

  10. Kulanjana Maduranga

    niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa......

  11. me

    Thanks

  12. රොයිලි

    බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. rananjaya

    ela story ekak aniwa balanna ona

  15. isuru

    thanks sahoo!

  16. Nero

    Niyamai. sub ekata thanks. 700mb link eka wada karanne ne...

  17. “චූටී මල්ලි”

    කලින් බැලුවා
    සබට තුති
    ඔබට ජය....

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  19. Wasantha

    balapu supiri film1k. ela storyak tiyenawa. subata tut!

  20. යොහාන් භාතිය

    උපසිරැසියට ස්තුතියි සහෝ ජය වේවා!

  21. nidi

    Viraj, onna ehenam me film ekath beluwa. hondai. hedai. lassanai. film eka wagema subs tikath! jya wewa!

    1. Viraj

      Bohomatma stuti Nidi...

  22. suresh

    Thx Br...

  23. madusha

    ජය වේවා ඔබට

  24. sandakelum jayalath

    thanks

  25. tbsdarshana

    thanx for subtitle

  26. RuwanLakshan93

    ස්තූතියි සහෝ .

  27. Akashpc

    Tnz

  28. RavindraRishantha

    thanx bro

  29. arawindasunimal

    THANKS SUB EKATA JAYAWEWA

  30. Shaggie

    Thnks mchn

  31. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  32. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    In the name of the father 1993
    Primal fear 1996
    K pax 2001
    The wind that shakes the barley 2006
    Big fish 2003
    Arlington road 1999

  33. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.