Watch Trailer

I, Frankenstein (2014) with Sinhala Subtitles | මා…. ෆ්‍රැන්කන්ස්ටයින් වෙමි…(100) [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාළුවනේ 2012 ජුනි 14 වෙනිදා මුලින් ම සිංහල උපසිරැසියක් යොදලා ඔයාලාට ගෙනාව මට අද උපසිරැසි 100 කඩ ඉම පසු කරන්න තරම් වාසනාව ලැබුණා. මේ උපසිරැසි 100ට රූපවාහිනි කතා විදිහට Hannibal කතා මාලාවේ කොටස් 13 ක්, Elementary කතා මාලාවේ කොටස් 07 ක්, Prison Brake කතා මාලාවේ කොටස් 06ක්, True Detective කතා මාල…

i frankenstein

ඉතින් යාළුවනේ 2012 ජුනි 14 වෙනිදා මුලින් ම සිංහල උපසිරැසියක් යොදලා ඔයාලාට ගෙනාව මට අද උපසිරැසි 100 කඩ ඉම පසු කරන්න තරම් වාසනාව ලැබුණා. මේ උපසිරැසි 100ට රූපවාහිනි කතා විදිහට Hannibal කතා මාලාවේ කොටස් 13 ක්, Elementary කතා මාලාවේ කොටස් 07 ක්, Prison Brake කතා මාලාවේ කොටස් 06ක්,  True Detective කතා මාලාවේ කොටස් 03 ක්, ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ දීර්ඝ කතාවක්, සහ Egypt කතා මාලාවේ එක් කතාවක් ඇතුලත් වෙනවා. ඉතුරු 69 ම චිත්‍රපටි. ඒ චිත්‍රපටි 69ට ඉංග්‍රීසි චිත්‍රපටි 56කුත් වෙන් භාෂා වල චිත්‍රපටි 10කුත්, ඇනිමේෂන් චිත්‍රපටි 03කුත් අයිති වෙනවා. මේ උපසිරැසි ගන්වපු චිත්‍රපටි 69 අතරින් චිත්‍රපටි දෙකක් අපේම සොහොයුරන් දෙන්නෙක් ‍වන දිනේෂ් ගමගේ සහෝ සහ ආසිරි ප්‍රියන්ත සහෝගේ උදව් ඇතිව උපසිරැසි ගැන්වූ ඒවා. මේ උපසිරැසි ගන්වපු බොහෝ රූපවාහිනි කතාවන් වලට උපසිරැසි ගැන්වීමේදි චිත්‍රපටි වලට උපසිරැසි ගැන්වීමට වඩා සෑහෙන්න පරිශ්‍රමයක් දරන්න උනා. ඒත් ඉතින් ඒ උන මහන්සියට ප්‍රමාණවත් තරමට වත් සමහර වෙලාවට අදහස් දැක්වීම් නම් ලැබුනෙ නෑ. ඒ උනාට උපසිරැසි ගන්වන එක නවත්තන්න බැරි තරමටම දැන් මමත් ඒකට ඇබ්බැහි වෙලා කිව්වොත් නිවැරදියි.    ඔයාලට මතක ඇතිනේ කෙල්ලෙක් නිසා යුද්ධයකින් උපසිරැසි දාන්න පටන් ගත්ත මම නොමැරි ඉන්න කියාපු දවසෙදි උපසිරැසි 50 කඩ ඉම පසු කරලා අද දවසේ ෆ්‍රැන්කන්ස්ටයින් බවට පත් උනා. මේ සුපිරි කතාව මගේ 100 වෙනි නිර්මාණය හැටියට උපසිරැසි යොදන්න ලබා දුන් විකියා සහෝට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන. මේ චිත්‍රපටියට උපසිරැසි ගන්වන්න අපේ ලක්ෂාන් සහෝ කලින් බාරගෙන තිබුනත් මේ මාස දෙක ඇතුලත මීට වඩා හොඳ සුපිරි චිත්‍රපටියක් නිකුත් වෙන්න නැති නිසා විකියගෙ ඉල්ලීම මත මේකට උපසිරැසි ගන්වන්න මට අවස්ථාව ලබා දුන්නට ලක්ෂාන් සහෝටත් මගේ ස්තූතිය පිරිනමන්න ඕන.  ඒ වගේම චිත්‍රපටි වලට උපසිරැසි ගැන්වීමෙදි ගොඩක් වෙලාවට මට නන් අයුරින් උදව් කරපු සියළුම සහෝදර වරුන්ටත්  මම යොදපු උපසිරැසි සඳහා අදහස් දැක්වීම් වලින් සහ බාගත කිරීම් වලින් මාව ධෛර්යමත් කල සියළුම සහෝදර සහෝදරියන්ට ස්තූතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කර ගන්නවා.    2014 ජනවාරි 24 වෙනිදා  ඇමරිකාවේ තිරගත වීම ඇරඹුන මේ සුපිරි සිනමා සිතුවම ක්‍රියාදාම සහ මනහ්කල්පිත ගණයට ගැනෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන ඇඩම්ගෙ චරිතයට පණ පොවන්නේ Battle Los Angeles (2011) Olympus Has Fallen (2013) The Dark Knight (2008) වැනි සුපිරි චිත්‍රපට වලට සුපිරි රංගනයකින් දායක උන සුපිරි ක්‍රියාදාම නළු Aaron Eckhart විසිනුයි. මීට අමතරව A Good Day To Die Hard චිත්‍රපටියේ ජැක් ගෙ චරිතයට පණ පෙවූ සුපිරි නළු Jai Courtney කත් මෙහි ප්‍රධාන චරිතයක් රඟ දක්වනවා. IMDb වෙබ් අඩවියේ මේ වන විට 5.5/10ක රේටින් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතර 85 වෙනි ස්ථානයේ රැඳිලා තියෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 65 ක වියදමක් දරලා නිපදවපු මේ චිත්‍රපටිය තිරගත උන මුල් සතියෙදිම ඩොලර් මිලියන 9කට ආසන්න බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pirates of the Caribbean චිත්‍රපටි මාලාව, G.I. Joe: The Rise of Cobra චිත්‍රපටිය සහ වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල Stuart Beattie නම් සුපිරි අධ්‍යක්ෂවරයායි.  ඉතින් මේ චිත්‍රපටිය සුපිරියි කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.    ඒ වගේම මේ චිත්‍රපටියට තාම නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා නැති නිසා මේකත් අසා ලිවීමක් උනා. ඒ නිසයි උපසිරැසි ලබා දීම ප්‍රමාද උනේ. කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. දොස්තර වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් කියන්නේ උමතු විද්‍යාඥයෙක්. ඔහු තම විද්‍යා දැනුම උපයෝගී කරගෙන මියගිය පුද්ගලයෙකුට පණ දෙනවා. ඒ පණ ලැබූ පුද්ගලයා තමයි ඇඩම්. (මොහුට ඇඩම් කියලා නම තියන්නේ වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් නෙවෙයි). නමුත් එම ඇඩම්ගේ භයානක බව වික්ටර්ට වැටහිලා ඇඩම්ව නැවතත් මරා දාන්න ඔහු උත්සාහ කරනවා. ඒ උනාට ඇත්තටම ඇඩම් තවත් වරක් මිය යන්නේ නෑ. තමන්ව මරා දාන්න උත්සාහ කල පුද්ගලයාගෙන් පළි ගන්න හිතාගෙන ඔහු වික්ටර්ගෙ ගෙදරට එනවා. එහෙම ඇවිත් ජීවිතයට ජීවිතයක් ලෙසින් වික්ටර්ගෙ බිරිඳව මරලා දානවා. ඇඩම්ගෙන් ඒ පළිය ගන්න හිතාගෙන වික්ටර් ඔහු පස්සෙන් උත්තරද්‍රැවයට යනවා. උත්තරද්‍රැවයේ අධික සීතල ඇඩම් ට ඔරොත්තු දුන්නත් වික්ටර් ට ඔරොත්තු දෙන්නෙ නෑ. ඔහු අධික සීතලෙන් මිය යනවා. ඉතින් ඇඩම් විසින් වික්ටර්ව වික්ටර්ගෙ පවුලේ සුසානභූමියේ භූමදාන කරනවා. එහිදී ඇඩම් යක්ෂයින්ගේ පහර දීමකට ලක් වෙනවා. එහිදී යක්ෂයන් උත්සාහ කරන්නෙ ඇඩම්ව පණපිටින් අල්ලගන්නයි. නමුත් යම් පිරිසක් විසින් ඇඩම්ව යක්ෂයන් අතට පත් වෙන්න නොදී  බේර ගන්නවා.. ඇඩම්ව බේරගන්නවා විතරක් නෙවෙයි. වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්ගේ මල මිණියේ කබාගේ සඟවලා තිබුන වටිනා දේකුත් ඔවුන් අරගන්නවා.   ඉතින් යාළුවනේ.. කවුද ඇඩම්ට “ඇඩම්” කියලා නම තියන්නේ? ඒ ඇයි? ඇයි යක්ෂයින් ඇඩම්ව අල්ලගන්න හදන්නේ? කවුද මේ ඇඩම්ව බේරගන්න පිරිස? යක්ෂයින්ගෙන් ඇඩම්ව බේර ගැනීමට තරම් ඔවුන් බලවත් අය උනේ කොහොමද? මොකක්ද වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් ගාව තිබිලා ඔවුන් අරගන්න වටිනා දේ? ඇඩම්ව මරා දාන්න යක්ෂයන්ට පුළුවන් වේවිද? නැත්නම් ඇඩම් මුළු යක්ෂ වර්ගයාම මරා දමාවිද? කියලා කතාව බලලම දැනගන්න. ඒ වගේම True Detective කතා මාලාව අවසන් උන ගමන්ම බොහෝ දෙනාගේ ඉල්ලීම මත Elementary 02වෙනි කතා මාලවටත් උපසිරැසි යොදන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම්… හැමෝටම ජය වේවා!!!

100

I, Frankenstein (2014) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

I_Frankenstein_2014_720p_BluRay_x264_Ganool

I, Frankenstein 2014 DVDRiP.DiVX.MP3-ART3MiS

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

19,098 downloadsDownload I.Frankenstein.2014.BluRay.Baiscopelk.com_.zip78 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

19,098 downloadsDownload Subtitles78 KB

230 comments

  1. CP

    Thanks,,, Jaya wewa......

    1. dimu2ur

      ela

  2. Tharindu Perera

    fatta fatta machann....subapathanava 100 veni upasirasiyata....

    1. Tharindu Perera

      monava kiyannada manda.....100 n navaththanna nam epaa sahooo.....150,200 thava loku durak yamu macannnn...........oya supasurasi ganvapu tv katha kotas arunahama dunna movies nam mama okkoma balala athi.......hama ekatama adahas dakvanna bariunata godak evata adahas dakvala athi sahoo...upasirasi 100 karanava kiyanne ithin podi sellam vadakda?
      aniva supiri vaddek venna epai evage deyak karanna... thava digatama karamu sahoo...
      me film ekath balannama hitiya ekak..
      thanks macahn sub ekatahh...danma bava danma baluva...ayeth 100 veni upasirasiyata unusum subapathum..........
      thava digatama subs demuuu sahoooo....

  3. Dhananjaya Nuwan

    සුපිරි ෆිල්ම් එක...මගෙන් සුභ පැතුම් සහෝ....
    ඉදිරියම ඔහොම යන්...200 ත් ඉක්මනට ගහමු..ජය වේවා!!!!!!

  4. චතුර මදුසංක

    නියමයි දිනිදු සහෝ....අනිවා බෑමක්...

  5. vee

    maxxa maxxxa 100ta cngtz

  6. jana

    .ජය වේවා!

  7. ccnp

    Thanks patta 100

  8. wow

    wow,,, maru :D

  9. mihin ලංකා

    සුපිරි සුභ පැතුම්!

  10. quik

    thanks

  11. Kalindu

    thanks bro

  12. ganidu

    තෑන්ක්ස් වේවා මගෙනුත් සුභ පැතුම්!

  13. යශෝධ

    උණුසුම් සුභ පැතුම් සහෝ.... ෆිල්ම එක බාගෙන සයිට් එක පැත්තේ ආවේ සබ තියෙනවාද බලන්න.... උණු කැවුම් වගේ මේන් තියෙනවා... ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා දිගටම සබ් ලබා දෙන්න ශක්තිය වාසනාව ලැබෙන්න ඕනේ.. ජයම වේවා.... !

  14. Dhanushka

    සුභ පැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  15. nipuna prasad

    patta patta 100ta suba pathum!

  16. amilatk

    jayen jaya!!!

  17. Amil

    Thanks Saho sub ekata,,,

  18. chathura

    meyka denakam unne thanks 100ta

  19. kalinga

    ලොවෙත් නෑ නියමයි මචං සුභ පැතුම්!

  20. anura

    maxxa films

  21. rusuru | රුසිරු

    බොහොම තුති දින්දු

  22. nalaka

    thnxxxxxxxxxx

  23. dinidu madushanka

    ela ela saho congratulation jayen jayama wewa

  24. Wishvanath

    එළකිරි සහෝ දිගටම දෙමු. නවත්තන්න නම් එපා.
    උපසිරසි 100, ඉක්මනටම 200ක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  25. f_live

    150 ක් 200 ක් ගහමු සබ් නම් බයිස්කෝප් තමා අපිට කවදත් මේකේ සබ් දෙන උන් පට්ට ආ

  26. banuka

    supiri film akak jaya

  27. Hasitha prasad

    congrtzzzz dindiu :D

  28. sasika m

    සුභ පැතුම් :D “දිනිඳු සම්පත්” සොහොයුරාට

  29. එරංග

    එලස් බාන්න දැම්ම

  30. nuwan

    thnxz

  31. danika

    elane ada rama balanna one thanks dinidu

  32. jayamal

    cool cngrrrrrrtzzzzzzz

  33. shann

    හදපිරි සුභ පැතුම් මචෝ

  34. pubudu

    asama karana film akak wage

  35. නිරෝෂ්

    ස්තුතියි.දිගු ගමනකට සුබ පැතුම් දිනිඳු.ජය වේවා !

  36. widuranga

    well don bro

  37. Lahiru

    all the best bro

  38. #ChalinduDeshan (කිනා)

    පිලුම බාලා තියාන හිටියා. මෙන්න දීලා නොවෑ. ඒකත් සීයට. එල එල.
    ශතකෙ ගහපුවාම ආය ද්විත්ව ශතකෙ ගැන අමුතුවෙන් කියන්න ඕනයැ. දෙදාස් පහලොව වෙද්දි ඒකත් ගහමු ඈ. ජයවේවා!

  39. GiHaN

    suba pathum!

  40. chamara cafe

    හදපිරි සුභ පැතුම් මචං

  41. tharanga

    ජයම වේවා සහෝ

  42. Srimal

    Fatta Enakam hitiye..............

  43. hasitha maduka

    elakirine mey thiyenne film aka kalinma aragaththa ada balanna one

  44. yasomal

    supiri akak ne

  45. Thushara

    tnx lot

  46. santhush

    100ta hadapiri suba pathum magenuth

  47. කැළුම්

    ඔය තියෙන්නේ පට්ට ආ ------

    තවත් දිගටම

    සබ්

    දෙන්න

    ලැබේවා -------

  48. ගයන්ත

    එලස් බ්‍රෝ

  49. Kala^kaara

    සුබ පැතුම් සහා්‍ේ‍// ජය වේවා..!!!

  50. wass

    මරු

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.