නොදැනීම ඔන්න 250 වැනි කඩයිමත් පහුවෙලා. හරියටම නම් මේ තමයි 255 වැන්න කොහොම නමුත් ඉතින් පොඩ්ඩක් ප්‍රමාද වුණා කියල ප්‍රශ්නයක් නැහැ නෙව. 2013 වසරේ ආරම්භ වුණ මේ ගමන කොහොම නමුත් අද මෙතනට ඇවිත් නමුත් මේ කාලය පුරාවට උපසිරස කරණය සහ බයිස්කෝප් අඩවියත් කාලයත් එක්ක බොහොම වෙනස් වෙලා… නමුත් ඊටත් වඩා වෙනස් වුණ කොට…

නොදැනීම ඔන්න 250 වැනි කඩයිමත් පහුවෙලා. හරියටම නම් මේ තමයි 255 වැන්න කොහොම නමුත් ඉතින් පොඩ්ඩක් ප්‍රමාද වුණා කියල ප්‍රශ්නයක් නැහැ නෙව. 2013 වසරේ ආරම්භ වුණ මේ ගමන කොහොම නමුත් අද මෙතනට ඇවිත් නමුත් මේ කාලය පුරාවට උපසිරස කරණය සහ බයිස්කෝප් අඩවියත් කාලයත් එක්ක බොහොම වෙනස් වෙලා… නමුත් ඊටත් වඩා වෙනස් වුණ කොටසක් ඉන්නවා ඒ තමයි අප අඩවියේ ප්‍රේක්ෂක ඔබ…
එදා අපි දැක්ක හුවමාරුව අද නැතිවෙලා ගිහින් උපසිරස කරණය ඒකපාර්ශවික පරිත්‍යාගයක් බවට පත් වෙලා… අපි ඔබට ලබා දෙන උපසිරස අරගෙන යන ඔබ ඒ වෙනුවෙන් කැපකළ කාලය ගැන මොහොතක්වත් නොහිතන, තැකීමක් නොකරන තත්වයට අද පත්වෙලා තියනවා… නමුත් සඳහන් කරන්න ඕන එදා ඉදලා අපිත් එක්ක හිටිය එදා ඉදලා අද වෙනකම් වචනයකින් හෝ අර කිව්ව හුවමාරුව තුළ අපි තනි නොකරන පිරිසක් ඉන්නවා ඔවුන්ට අපි සදා ණයගැති… නමුත් ඔවුන් බොහොම දුර්ලභයි කියන්න ඇහැකි… ඉතින් එහෙම කාලයක මේක කරලත් බැරි, නොකර හිටියත් පාඩුවකුත් නැති කාර්යය භාරයක් වෙලා ගිහින්… මේක මම විතරක් කියන දෙයක් නෙමෙයි කියන දේ ලගක දී කඩයිම් සපුරන පැරණි උපසිරසකරුවන් කිහිප දෙනෙකුගේ ලිපි කියවා බැලුවොත් ඔබට දැකගන්නට ලැබෙයි. මේ හේතුව නිසාවෙන්ම ඔවුන් බොහොමයක් අද අප අත්හැර ගිහින් එහෙමත් නැත්නම් අදහස් දැක්වීම් ලැබේ යැයි කියලා බලාපොරොත්තු වෙන ප්‍රධානම උපසිරස පමණක් ඔබ වෙත ගෙන එන තරමට මේ ක්‍රියාවලිය අත්හැර දමලා…
මගේ මතය නම් හොඳ ප්‍රේක්ෂක රසිකත්වයක් ඇති වෙන්න, තෝරා ගැනීමට ඉඩක් තියෙන්න ඕන, ප්‍රධාන වගේම අප්‍රධාන, ප්‍රසිද්ධ වගේම අප්‍රසිද්ධ, වැඩි වියදමක් දරා නිපැයු නිර්මාණ වගේම කුඩා නිදහස් චිත්‍රපටත් ඔබ අතට ලැබෙන්නට ඕන… මොකද මේ තුළ තමයි ඔබට සැබෑ ලෙසම මේ සිනමාව රස විදින්නට පුළුවන්… නමුත් ලැබෙන අඩු ප්‍රතිචාර නිසාවෙන් මේ ක්‍රියාවලිය බොහොම අපහසු තත්වයක් වෙලා ගිහින්… නමුත් මේ ගැන අපිට අදහසක් දක්වන්නටත් බැහැ මොකද එහෙම වුණාම අපිට අහන්නට ලැබෙන්නේ පහත සඳහන් අදහසක්…

මෙහෙම හරි අදහසක් දක්වා ගියාට ඔබට ස්තුතියි කරනවා මම
හැම උපසිරසකරුවෙක්ම ඔබ තබා යන අදහස් බොහොම ආශාවෙන් කියවනවා, මොකද ඒ තමයි මේ තුළින් අපට ලැබෙන දෙය… ඔබට ලැබෙන ස්තුතිය තමයි අපි ඒ සතුට හිත තියාගෙන ඔබ වෙත ඉක්මනින් ලබා දෙන ඊළග උපසිරස… මොකද 100 දෙනෙක්ට ස්තුතියි කියන වෙලේ ඒ 100 ට බලන්න තවත් චිත්‍රපටයක් උපසිරසක් එක්ක අරගෙන එන්න හැකි වෙනවා කියන්නේ ඇත්තටම වැඩක් වෙන වැඩක් හැටියටයි මම දකින්නේ… නමුත් ඉතින් ඒ මගේ අදහස… ඔබ මේ ගැන කොහොම හිතනවද කියල මම දන්නේ නැහැ…
බර හෑල්ලක් එක්ක කියන්න හදන කථාවේ අරමුණ මේකයි… හැකි තාක් උපසිරසකරුවන් අදහස් දක්වා දිරිමත් කරන්න.. ඒ තුළින් ලබන පන්නරය ඔබේ රසවින්දනය නම් උඳුනේ ඉන්ධන බවට පත් වෙනවාට කිසිම සැකයක් නැහැ. මොකද එයා ඒ අදහස් දැක්වූ අපේ මිතුරු මිතුරියන් නිසාවෙන් අද බයිස්කෝප් සිංහලෙන් උපසිරස 12 549 ක් මේ උපසිරසත් එක්ක උපසිරස 12550 ඔබ වෙත ගෙනවිත් තියනවා…
මේ ගමන් මගේ මගේ හෙවනැල්ල වගේ හිටිය අම්මා ඇතුළු ගෙදර හැමෝටමත් ස්තුතිවන්ත වෙන්න ඕන මේ තරම් කාලයක් නිදහස තියන පොඩි කාලයත් ගෙදර පිරිස නොසලකාහරිමින් පරිගණකයක් ඉදිරියේ රැදෙන්නට ඉඩ දුන්නට… ඊළගට ආදරයෙන් මතක් කරන්න ඕන අපේ ඇඩ්මින් මඩුල්ලේ සහෝදර සහෝදරියන් සහ ආසිරිවත්… එතනින් ගියාම බයිස්කෝප් නිසාවෙන් හඳුනාගන්නට ලැබුණ ඒ සුන්දර මිනිස්සු ටික ගැන නොකියාම බැහැ, බොහොම දෙනෙක් තවමත් සැබවින්ම දැක නැති වුණත් ඒ ලෙන්ගතුකම සැබවින්ම බොහොම වටිනා දෙයක් අපි හැමෝගෙම ජිවිතවලට… ඉතින් ඔබා සැමටම බොහොම ස්තුතියි මෙතෙක් මේ ගමන එන්න මට ලබා දුන් සහයෝගයට…
මගේ උපසිරස ගමන ගැන කියනවා නම් ඉතින් ප්‍රධාන සන්ධිස්ථාන ටික මෙහෙමයි,
1 – 2013 පෙබරවාරි 12 – Dr. No (1962)
50 – 2013 ජූලි 5 – Croods (2013)
100 – 2014 ජූනි 22 – The Raid 2 (2014)
150 – 2016 මැයි 7 – Crouching Tiger, Hidden Dragon Sword of Destiny (2016)
200 – 2018 අප්‍රේල් 4 – 12 Strong (2018)
ඔන්න එහෙනම් අද 2018 ජූනි 25 මේ ඔබ වෙත ගෙන එන්නේ 250 වැන්න.
ඔය අතරේ භාෂා 18 ක චිත්‍රපට 133 ක් වෙනුවෙනුත් ටෙලි කතා මාලා කොටස් 121 ක් වෙනුවෙනුත් උපසිරස එක්කාසු කරන්නට මට ඉඩහසර ලැබී තියෙනවා. ඔය නිර්මාණ ගොන්න අතරේ හැකිතාක් විවිධත්වයක් තියන නිර්මාණ ඔබ වෙත ගෙන එන්නට මම උත්සහ කළා. ඉතින් ආයෙත් ස්තුතිවන්ත වෙනවා එදා ඉදලා අද වෙනකම් අදහසක් දැක්වූ, ඔබ සැමට…

250 වැන්න හැටියට ඔබ වෙත ගෙන එන්නට මම සුදානම් වුනේ මේ චිත්‍රපටය නම් නෙමෙයි ඇත්තෙන්ම, මුනින් හිතා හිටියා Sicario: Day of the Soldado අරගෙන එන්න ඒ වෙනුවෙන්ම වෙන් කරගත්තා වුනත් ඉතින් තවම ඒ නිර්මාණය නිකුත් වෙලා නැති නිසා සැදැහැවත් රොයිලි අයියා තමුන්ගේ Solo: A Star Wars Story මගේ 250 වෙනුවෙන් ලබා දෙන්නට තරම් කාරුණික වුනා. නමුත් ඉතින් එකෙත් උපසිරසක් නොපැමිණි එකේ බලා ඉන්නකොට තමයි මේ නිර්මාණය ආවේ, මම බොහොම ආස කරන අධ්‍යක්ෂකවරයෙක් නිසාවෙන් බලනකොට මේකත් වෙන් කරගෙන. නමුත් අපේ සොහාන් මලයා තවත් උපසිරසක් එක්ක හිරවෙලා ඉන්න නිසා මේක වෙනත් කෙනෙක්ට දෙන්න කිව්ව සැනින් මම දැහගත්තා බොහොම සතුටෙන්… රොයිලි අයියේ, සොහාන් මලේ බොහොම ස්තුතියි…
Wes Anderson කියන නම් අහල තියනවා ද? බොහොම දෙනෙක් අහලා නැති නැති වෙන්න බැහැ නෙව මෙතෙක් විශිෂ්ඨ සිනමා නිර්මාණ 9 ක් අධ්‍යක්ෂණය කරපු මේ උත්තමයා හොලිවුඩ් පුරයේ සැබවින්ම වෙනස් නිර්මාපකයෙක්. රැල්ලට නොයන හරයක් ඇති, වෙනස් නිර්මාණ කිරීම සම්බන්ධයෙන් නමක් දිනාගෙන තියන මෙතුමා මේ වෙනකොට ඔස්කා සම්මාන 6 ක් වෙනුවෙන් නාම යෝජනා ලබන්නත් සම්මාන 69 ක් දිනාගෙන තවත් සම්මාන 149 ක් වෙනුවෙන් නාම යෝජනා ලබන්නත් සමත් වෙලා තියනවා. ඔහුගේ නිර්මාණ තමයි,
- Bottle Rocket
- Rushmore
- The Royal Tenenbaums
- The Life Aquatic with Steve Zissou
- The Darjeeling Limited
- Fantastic Mr. Fox
- Moonrise Kingdom
- The Grand Budapest Hotel
මේවායෙන් එකක් හෝ නරඹා නැති වෙන්නට බැහැ. කොහොම වුනත් මේ වතාවෙත් ඔහු මේ නිර්මාණය වෙනුවෙන් විශිෂ්ඨ නළු නිලියන ගණනාවක් හඬ නළුවන් ලෙස යොදාගෙන තියනවා, නම් වශයෙන් කියනවා නම් Bryan Cranston, Koyu Rankin, Edward Norton, Bob Balaban, Bill Murray, Jeff Goldblum, Kunichi Nomura, Akira Takayama, Greta Gerwig, Frances McDormand, Akira Ito, Scarlett Johansson, Harvey Keitel, F. Murray Abraham, Yoko Ono මේ නම් ගොඩ දැක්කම හිතාගන්න පුළුවන් ඇති නෙව ඔහුගේ නිර්මාණ සඳහා ලේසී පහසු උදවිය සම්බන්ධ නොවෙන විත්තිය.
ඇමරිකානු ජර්මානු සම නිෂ්පාදනයක් ලෙස නිර්මාණ වන මේ සිනමා පටය 68 වන බර්ලින් සිනමා උළෙලේ දී Wes Anderson හට හොඳම අධ්‍යක්ෂකවරයාට ලැබෙන Silver Bear සම්මානයත් ලබා දෙන්නට තරම් විශිෂ්ඨ වෙලා තියනවා. ලොව පුරා මිලියන 61 ක් උපයන්නට සමත් වුන මේ අගනා නිර්මාණය IMDB 8.1 ක් වගේ විශිෂ්ඨ අගයකුත් රෝටන් ටෝමාටෝ අඩවියේ 89 % ක් වගේ ඉහල අගයකුත් ලබාගන්නට සමත්කම් පාල තියනවා. දාවන කාලය සඳහන් වෙන්නේ මිනිත්තු 101 ක් හැටියට.. අයත් වෙන්නේ Animation, Adventure, Comedy, Drama, Fantasy කියන කාණ්ඩයන් ටිකට.
කතාව ගැන කියනවා නම් මෙහෙමයි, මේ කාලය වෙනකොට ජපානයේ ගෘහස්ත සුනඛයන්ට බොහොම කටුක කාලයක් තමයි බලලා තියෙන්නේ. බිලාලයන් ප්‍රිය කරන පාලකයෙක් තමුන්ගේ වසමේ සුනඛයන් නැත්තටම නැති කිරීම වෙනුවෙන් සැලසුමක් නිර්මාණය කරනවා මේ සැලසුම නිසාවෙන් ලෙඩ වෙන මේ අහිංසක සතුන් අපරාධකරුවන් හැටියට හංවඩු ගහනවා වගේම ඔහු සමත් වෙනවා ස්වාමින්ගේ හිත් වෙනස් කරලා මේ අසරණ සතුන්ට අපේ උදව් අවශ්‍යම වෙලාවේ දී ඔවුන්ව කසල දිවයින ලෙස හඳුන්වන පළාතේ කලස බැහැර කරන හුදකලා දූපත වෙත ගෙන ගොස් දමන්න… නමුත් ඔහුගේ තාඩන පීඩනයන් එතනින් අවසාන වෙන්නේ නැහැ…
මේ අතර වාරයේ දුම්රිය අනතුරක් නිසාවෙන් තමන්ගේ දෙමව්පියන් අහිමිවුණ අටාරී ජිවත් තමුන්ගේ ආරක්ෂාවට හිටි ස්පෝට්ස් නම් සුනඛයා නැතිවීමේ දුක නිසාම ඔහු හොයාගෙන හොරකම් කල ගුවන් යානයකින් යනවා කසල දූපත වෙත… වයස අවුරුදු 12 වන මේ කොළුගැටයා හිතුවා වගේ ලේසියෙන් ඔහුට ගොඩ බහින්න නම් ලැබෙන්නේ නැහැ කොහොම නමුත් රුදුරුයි කියා හංවඩු ගැහුව සුනඛයන් පිරිසක් එක්ක තමුන්ගේ සුරතලා ආරක්ෂකයා සොයා යන ගමන එක්ක තමයි මේ කතාව මුලිඛ වශයෙන්ම ගෙතිලා තියෙන්නේ… නමුත් කතාව අර්ථවත් වෙන්නේ මම ඔබට නොකියූ කරුණු කිහිපයකුත් ඔබ දුටුවහම තමයි… ඒ අටාරී සැබවින්ම කවුද ? ස්පෝට්ස් කවුද ? ඔහුගේ හැකියාවන් මොනවා ද? කසල දූපතේ ඔහුට මුලින්ම හමුවෙන සුනඛ පිරිස අතර ඉන්නා කෙනෙක් වගේ දේවල් ටිකක්… ඒ වගේම මේ කතාව තුල කුමන්ත්‍රණයක් සහ එය හෙළි කරගන්න උත්සහ කරන පාසල් ශිෂ්‍යාවක් ගැනත් කතාවක් තියනවා… කොහොම නමුත් ලස්සන කතාවක් කියන්න පුළුවනි කෙටියෙන්…
ලගකදී මුහුණු පොත පැත්තේ එහෙම ගියා නම් දකින්න ඇති අපේ රටේ තිරිසනුන් මහපොළොවේ පයගසා යන්නට කකුල් කීයක් නම් භාවිතා කරනවද කියා, එහෙම කාලෙක මෙහෙම කතාවක් ඇත්තටම අපේ සමාජයටත් ගන්නට දෙයක් තියන කතාවක් වේවි.. අනික මේකේ සුනඛයන් ගැන කියන නමුත් සුනඛයන් ගැන නොවන කතාවක් කියන්න ඇහැකි, මේ තුල සමාජයේ ජාති බේද, රෝග නිසා මිනිසුන් කොන් කිරීම් වගේ මාතෘකා තමයි ඇතුලාන්තයෙන් දිව යන්නේ. මෙතනින් එහා ලිපිය කැමති නම් කියවන්න නැත්නම් දැන් ඔබට පුළුවනි මේ නිර්මාණය රස විදින්නට උපසිරස බාගත කරගන්නට…
මින් පෙරත් stop-motion තාක්ෂණයේ සජීවිකරණ යොදාගෙන නිර්මාණය වෙන මේ නිර්මාණය වෙනුවෙන් මුලින්ම අධ්‍යක්ෂකවරයා අදහස ලබා උද්දීපනය කරගන්නේ 2015 වගේ ඈත කාලයක. ඔහුට අනුව නම් ජපානයේ විශිෂ්ඨ සිනමාකරුවෙකු වූ Akira Kurosawaගේ නිර්මාණ ඔහුට මේ සඳහා ලොකු පිටුවහලක් වෙලා තියනවා… ඉතින් මොකද්ද මේ ජපන් සම්බන්ධය කියල බලනවා ඇති දැන් ඔබ… මේ නිර්මාණය තුල ඉංග්‍රීසි වගේම ජපන් භාෂාවෙනුත් දෙබස් ගලා යනවා… නමුත් විශේෂ වෙන හේතුව ඒ කිසිවක් නොවෙයි සාමාන්‍යන් අපි දකින්නේ මෙවැනි අවස්තාවක ඒ දෙබස් උපසිරසක් මාර්ගයෙන් ප්‍රේක්ෂකයා හට කියවා ගැනීමට ඉඩ සලසනා ආකාරය.. නමුත් මේ සලරුව තුල එය සිද්ධ වෙන්නේ නැහැ ඒ වෙනුවට එක්කෝ තිරයට පරිවර්තිකාවක් පැමිණේවි, එහෙමත් නැත්නම් තිරයේ ඉන්න කෙනෙක් එකපාරම කිව්ව දේ අපිට පැහැදිලි කරාවි… ඉතින් ඒ වගේ අමුතුම ක්‍රමයක් එක්ක තමයි මේ නිර්මාණය හැඩ වෙලා තියෙන්නේ… ඒ වගේම දෙබස් ටිකක් වෙනස් බව ඔබට දැකගත හැකි වේවි.
එතනින් ගියහම මේ නිර්මාණය වෙනුවෙන් ඔවුන් පසුතල පමණක් 240 කට එහා ප්‍රමාණයක් නිර්මාණය කරලා තියනවා, මෙතනින් ඔබට දැකගත හැකි වේවි පසුතල නිර්මාණය වුන හැටි… පසුතල එහෙම නිර්මාණය වෙනකොට මේ සලරුව තුල අපි දකින චරිත 900 කට අදික ප්‍රමාණයක් වෙනුවෙන් අතින්ම නිර්මාණය වුන ඒ චරිත අනුරූ වගේම අවස්ථාවට ගැලපෙන හැටියට අවශ්‍ය ලෙස වෙනස් කරන්නට නිර්මාණය වුන මුහුණු නිර්මාණය වෙන හැටි ඔබට මෙතනි දැකගත හැකි වේවි…
ඉතින් මෙහෙම අපූරු නිර්මාණයක් මගහැර ගන්නට එපා යැයි කියමින්, මෙතෙක් මා එක්ක හිටිය ඔබ සැමටම ආයෙත් ස්තුති කරමින් මම සමුගන්නවා… ආයෙත් උපසිරසක් එක්ක හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !!!
අර කොල්ලා තට්ට තනියම
මෙහෙට පියාසර කරගෙන ආවා,
මේ දුපතට කඩා වැටුනා, එකම හේතුවක් නිසා,
එකම එක හේතුවක් නිසා,
එයාගේ බල්ලව හොයාගන්න.
මගේ දැනුමේ හැටියට වෙන කිසිම
ස්වාමියෙක්,
එක මිනිස් ස්වාමියෙක්වත්,
කිසිම අභිප්‍රායක් දරල නැහැ
එහෙම කරන්න.
එයාල අපිව අමතක කරලා දාලා.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/Sameera-karunaratne-NEw-e1529872672437.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
- #2018
- #Akira Ito
- #Akira Takayama
- #Bill Murray
- #Bob Balaban
- #Bryan Cranston
- #Edward Norton
- #F. Murray Abraham
- #Frances McDormand
- #Greta Gerwig
- #Harvey Keitel
- #Jeff Goldblum
- #Koyu Rankin
- #Kunichi Nomura
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Scarlett Johansson
- #sinhala
- #Sinhala Subtitle
- #Wes Anderson
- #Yoko Ono
- #You Decide
- #සමීර කරුණාරත්න
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
149 comments
Dinesh Buddika
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sameera broo sub ekata. 250 sub ekata unusum suba pathim... Jaya wewa.....!
nirushd
ලස්සන ෆිල්ම් එක්ක සහෝ.... බොහෝම ස්තුතියි....... ජය වේවා
Nilupul Madukapriya Perera
250ට හෘදයාංගම සුබපැතුම් සැමි...
හැමදාමත් කියනවා වගේ කියන්න තියෙන්නේ
ඉතින් ඔහේ ඇවිත් උපරිම ගුණාත්මකභාවයකින්
යුතුව ඉතාමත් කාර්යක්‍ෂමව එදා ඉදලම තමාටම
ආවේනික ආරේකට සබ් කරන එළකිරි පොරක් තමා.
එකම ආරෙකට සිමා නොවී සෑම භාෂාවකටම අයත් වෙනස්ම
විදිහේ සිනමා නිර්මාණ රැසක් ඔහේ ඉතින් අපි වෙනුවෙන් උපසිරසි
ගන්නලා තියෙනවා කියන එක හැමෝම වාගේ දන්න දෙයක්නෙ..
කාලයක් සබ් කරන එකෙන් ඈත්වෙලා උන්නේ නැත්නම් මේ 250
සෑහෙන කාලෙකට කලින් පහු කරන්න තිබ්බ කඩයිමක්.. එහෙමනම්
තව මාස දෙකකින් වගේ 300ත් බලාපොරොත්තු වෙනවා.. දිගටම
සබ් කරහන් ඈ.. ඊට අවශ්‍ය ශක්තිය ධෛර්ය හා කාලය නොඅඩුව ලැබේවා කියලා
ප්‍රාර්ථනා කරනවා ඕන්.. ඔබට ජයෙන් ජය!Kantha_DLA
250 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!blackeyedcrow
Bohoma sthuthi sahodarayaa!!
sakraya
eka patta broo
wmcsubhash
250 weni subtitle ekata subha pethum saho!!.idiriyatama yanna.bs
ඉසුරු සම්පත් සිරිසේන
හැමදාම වගේ වෙනස්ම ආකාරයේ සිනමා නිර්මාණ වලට වගෙම කතාමාලා වලට උපසිරසි ලබාදෙන, පෞද්ගලිකවම් මම කැමතිම උපසිරසිකරුවෙක් තමයි ඔන්න...
250* වැනි උපසිරසි නිර්මාණයට වගෙම සවිස්තරාත්මක ලිපියටත් බොහොම ස්තුතියි සහෝ...
මෙතනින් නොනැවතී ඉදිරියටත් තවත් අපූරු සිනමා නිර්මාණ වලට වගෙම කතාමාලා වලටත් උපසිරසි ලබාදෙන්න හැකිවෙන්න කියල සුබපතනවා...!!
~~ඔබට ජය~~SAjith Anthony
250 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Sandeepmadushan
හදවතින්ම සුබ පතනව..ඔබගේ උපසිරස වලට විශේෂයෙන් මා ඇල්මක් දක්වනව..ස්තූතියි.
Helili Hemamali
සමීර 250 ට තෝර ගෙන තියෙන්නෙත් වෙනස්ම චිත්‍රපටයක්. අර කිව්වත් වගේ එකම ආරකට සීමා නොවුන, උපසිරැසියෙ ගුණාත්මක බව උපරිමයෙන් තියා ගන්න උපසිරැසිකරුවෙක් කියනෙකට සම්පූර්ණයෙන් එකඟයි.
හැබැයි හැමෝටම රහට ලියන්න බැහැ නෙවෙ. සමහරු රහට ලිව්වත් ලියපුවගේ තේරුමක් නැහැ නෙව.
සමීරගෙ ලිපි වල කරුණු ගලා ගෙන යන විදිය හරි අපූරුයි. ඒ වගේම ගත යුත්ත උපරිමයි. ඔන්න ඔය කියපු කාරණා නිසා උපසිරැසි කරපු චිත්‍රපට බලනෙක කෙසේ වෙතත් ලිපිය නම් අනිවාර්‍යෙන් කියවනවා.
ඉතින්, ඉතා ඉක්මනින් ඉදිරි කඩයිම් පසු කරන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය වගේම අනෙක් කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.Hasantha
250 වෙනි උපසිරසට සුබ පැතුම් සමීර! සමීර නිසා බයිස්කෝප් එකේ චිත්‍රපට අඩුපාඩුව නම් ඔන්න දැන් හොඳින්ම මග ඇරිලා. තව මාසෙකින් වගේ 300 වෙනි උපසිරසත් දැකගන්න ලැබේවි. ජය!!!
ශසිත් සඳරුවන්
250 වෙනි උපසිරැසිය වෙනුවෙන් සුභපැතුම් සමීර...
වෙනස්ම විදිහේ, සම්මාණනීය, අර්ථවත් චිත්‍රපට අරගෙන එන කෙනෙක් විදිහටයි උඹව දකින්නේ. ඒ වගේමයි ලිපියත්. ආය ඉතින් කියන්න වදන් නෑ. කතා දෙකක් නෑ ඉතින් උඹ තමා මේකේ ඉන්න වේගවත්ම උපසිරැසිකරු. මාස දෙකෙන් 50 ක් ගැහුවා. ඒ කියන්නේ මාසෙකට 25යි. පිස්සු හැදෙයි. (පොඩි ක්ලාන්ත ගතියක් දැනෙයි). ලඟදි ඡන්දෙකුත් දින්නා නේහ්. පුදුමයක්යැ ඉතින් මෙහෙම සබ් දෙද්දි. "ඇඩ්මින් මඩුල්ලේ සහෝදර සහෝදරියන් සහ ආසිරිවත්" :P ඇයි බං ආසිරිට ඔහොම කරන්නේ. තවත් උපසිරැසි අරන් එන්න කාලය ශක්තිය ලැබේවා කිව්වා. එහෙනම් සුපුරුදු පරිදි දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!James DC
250 වෙනි කඩයිමට සුභ පැතුම් සහෝ. වසර ගණනාවක් තිස්සෙ එකම ආරකට, එකම භාෂාවකට කොටු වෙන්නෙ නැතිව විවිධාකාරයේ සිනමා නිර්මාණ ඉතා විශාල ප්‍රමාණයක් බයිස්කෝප් වෙබ් අඩවියට ලබා දුන් කෙනෙක්. ඉතිං මේ වටිනා කර්තව්‍යය ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ.
THE NEW FOLDER
250 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
ජය වේවා......................................darshana100
hadawatinma obata suba patanawa saho budusaranai mage nam mataya oyala dana hama sub akaktama stutiyak puda kala utui kiyala hamotama jaya oya atuluwa
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සමීර අයියේ
250 ට හදවතින්ම සුභ පතනවා
මාසෙකට උපසිරැසි 25ක් විතර කරලනේ...
තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින් හමුවෙමු...
ජය...Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
250ට සුබ පැතුම්!
300ත් ඉක්මනට ගහමු...Sherlock holmes
ලොවෙත් නෑ බ්‍රෝ බොහොම ස්තූතියි සබ් එකට..
:-)හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....
ඒ වගේම 250වෙනි සබ් එකටත් සුබ පැතුම්.....dsdkavishka
Fattama, supiri aiya all the best
Sanjeewa2010
Congtzzzzzzzzzzzzzzz....thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Chameen Vimukthi Hendahewa
උණුසුම් සුබ පැතුම්..උපසිරැසියට ගොඩාක් පින්
කැලුම් ගුණසේකර
250 උණුසුම් සුබපැතුම් ... බොහොම ස්තූතියි උපසිරැසියට.
sankalpatest
THANKS SUB EKATA.GOOD LUCK
pansilu2014
250 THANKS SUB WALATA MALLIYA
tharidu sagara
250 උණුසුම් සුබපැතුම්
මටත් හිතුන ඉක්මනටම සබ් දෙද්දි.250 උනා කියල සුබ් කිරිල්ල නවත්තන්න එපා.දැන් ගොඩක් අය සබ් කෙරිල්ල නවත්තල.Thisara Neo, වගේ ගොඩක් පරන අය.ඒ අයටත් කියන්න පුලුවන් වෙලාවට සබ් එකක් කරන්න කියල.
මේ විදිවට ඉදිරියට යන්න සුබ පතනව,ජය වේවා.tharidu sagara
පල්ලෙහා හොද කමෙන්ට් ටිකක් තියෙනව.සියලු දෙනාගෙම කමෙන්ට් ගොඩ කාලෙකින් හොදට දැක්ක.සමීර සහෝ ජය වේවා.
Ashanherath
Sub ekata thankz mcn apiva athaharala yannam epa
udarag
Congratulaitions and Two hundred and fifty thanks for subs....
Samith Suranga
Well done sameera brother
සිසිල ප්‍රසාද්
අප්‍රේල් මාසේ දෙසීය ගැහුවා. මෙන්න යකෝ අනිත් පැත්ත හැරෙන්න නැහැ, 250ත් ගහලා ඉවරයි. ඔක්කොමත් හරි, මෙහෙම කඩයිම් පහුකරන්න ගත්තොත් උඹට විශ් කරන්න ගිහිල්ලා අසරණ වෙන්නේ අපි :D [විශ් කරනවා කියලා ඔහොමත් විශ් කරන්න පුලුවන්ද :D ]
උඹ ගැන අමුතුවෙන් වර්ණනා අවශ්‍ය වෙන්නේ නැහැ. භාෂා බේදයක් නැතුව, වර්ගීකරණයකින් තොරව, සිනමාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්ත, සිනමාව තමන්ගේ ජීවිතය කරගත්ත, බයිස්කෝප් වෙබ් අඩවියට ලැබිච්ච ඉන්ද්‍රනීල මාණික්‍යයක් විදියට තමයි මං නම් දකින්නේ. ඒ වගේම, වෙබ් අඩවියේ වේගවත්ම උපසිරැසිකරුවෙක් විදියට ඉහලින්ම තියන්න පුළුවන් උපසිරැසිකරුවෙක්. මේ වගේ සම්පතක් ලැබිච්ච එක ගැන ඇත්තටම බයිස්කෝප් වෙබ් අඩවිය පැත්තෙන් අපේ වාසනාවක්.
250 වෙනි උපසිරැසි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතන ගමන්, ඉදිරි කඩයිම් වලටත් මේ වගේම බොහොම ඉක්මනින් ලඟා වීමට ශක්තිය, ධෛර්‍යය නොඅඩුව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
එහෙනම්, 300 වෙනි කඩයිම තව මාස 2-3ක් යද්දී බලාපොරොත්තු වෙනවා. ඒකටත් දැන්මම විශ් එකක් ලෑස්ති කරගෙන ඉන්න එක ඇඟට ගුණයි කොහොමත් :D
ජයවේවා!Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි...
kavishal 02
බොහොම ස්තුතියී උපසිරසියට.. ජය වේවා...
ඒ වගෙම 250 කඩඉමටත් සුභ පැතුම්!
දිගටම මෙහෙම උපසිරසි කරන්න ශක්තිය ලැබේවා.sumed
250 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Pavi
Thanks Saho....
Prakash Rangana
250 වෙනි උපසිරසියට සුභ පැතුම් සමීර සහෝ. 300 වෙනි උපසිරසියත් ඉක්මනටම ද්හෙන්න පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුත්යි.
kent parker
thanks bro
Dinulanka
සුබපැතුම් සමීරයෝ... ජයවේවා!
Mawan Geethanjana
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.
subodha
Thank you very much bro and wish you all the best...
ranga11112
සිංහල උපසිරසියට ස්තූතියි.
සුභ පැතුම් සමීර සහෝ.Nirosh C
සුබපැතුම් සහ ස්තුතියි,සමීර සහෝ !
Amila89
තෑන්ක්ස් මචන්
විමා
මේක කරන්න බෑ බන්
300 ගහපං දිග කමෙන්ට් එකක් දාන්නම්
ලබන මාසේ වගේ 300 ගහනවනෙ නෙ ?අර කමෙන්ට් සින් එක නම් සිරා
මාත් දාන හැම කමෙන්ට් එකක්ම කියවනවා
ඇත්තටම ඒවාට රිප්ලයි කරන එක ගැන මගේ අදහසත් ඔයිට සමානයි ටිකක්
අපිට ඒ විදිහට කමෙන්ට් කරන්න හැකිනම් හොඳා, නරකක් නෑ තමා
ඒත් ඒ කාලයත් සබකට දාන එකත් වටින කතාවත් හරි
බලමු බලන්ට වෙනසක් වෙයිද කියල
කඩයිමට සුභපැතුම් සැමි
සබට තුති වේවා
අනිවා බලනවාKulanjana Maduranga
welldone….Hat off Respect Bro….Great work & Lot of thanks SAMEERA saho.wish u’r great future…..
siyalla mila mudhal matha yapena me kalaye oyala ape rasawindanaya wenuwen labadena me sewaya nm itha vishishtai...yam sewawak ithin lanakwe karaddi e de agaya kranawata wada podi waraddak hoyagena banina pirisa wadi..mal walata wada gal pellana aya ne inne..salenna epa......baiscope eka thamange family eka vidiyata hithana rasika pirisa wenuwen digu gamanak ymu...jaya wewa...
dtk
ela ela bro gigatama karagena yamu ....
කෞශල්‍ය දුෂ්‍යාන්
250ට උණුසුම් සුභ පැතුම් අයියේ.එනකං බලං හිටියෙ. සදා ජය.ඉක්මනට 300ත් ගහමු එහෙනං.
gihan perera
උණුසුම් සුභ පැතූමි සහෝ 250ට...තව අළුත් උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

sub එකට ස්තූතියි.තවත් කරගෙන යන්න ඔබට සුභ පතනවා.