මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය පහළොස්වන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 5.6 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, සුරාජ් රහස් පරීක්ෂකවරයෙකි. ඔහු නීති විරෝධී රත්තරන් ව්‍යාපාරයක් කරන මැර කල්ලියක් ගැන තොරතුරු සොයා පැමිණෙයි. එහිදී මෙම…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය පහළොස්වන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 5.6 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ,

සුරාජ් රහස් පරීක්ෂකවරයෙකි. ඔහු නීති විරෝධී රත්තරන් ව්‍යාපාරයක් කරන මැර කල්ලියක් ගැන තොරතුරු සොයා පැමිණෙයි. එහිදී මෙම මැර කල්ලියේ සාමාජිකාවක් වන හෙලන්ව හඳුනා ගනියි. ඇය, ඔහුට පෙම් කරයි. එහෙත් ඔහුට අවශ්‍ය වන්නේ ඇගෙන් තොරතුරු ලබා ගැනීම පමණකි. මෙම කල්ලියේ නායිකාව වන්නේ ඉන්ද්‍රානි නමැත්තියයි. නමුත් ඇයව රහසිගතව පාලනය කරන්නේ නීතිඥ ප්‍රාන් නැමැත්තා විසින්ය. නමුත් සුරාජ් මෙය නොදනී. මෙහිදී සුරාජ්ට තම පාසල් පෙම්වතිය වූ පූනම් නම් සුන්දර තරුණිය හමුවේ. ඔවුන් අතර නැවත පෙම් සම්බන්ධතාවය ඇතිවේ. පූනම්ගේ කුඩම්මා, එනම් පියාගේ දෙවන විවාහයේ බිරිඳ වූයේ මැර කල්ලි නායිකා ඉන්ද්‍රානි නමැත්තියයි. මේ අතර ඇය සහ නීතිඥ ප්‍රාන් එක්වී පූනම්ගේ පියා මරා දමයි. පසුව සුරාජ් විසින් නීති විරෝධී රත්තරන් ව්‍යාපාරය ගැන සෙවීමට ඉන්ද්‍රානි නමැත්තිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින විට ඇය හමුවට නීතිඥයෙකු ලෙස පැමිණෙන ප්‍රාන් තම නියපොත්තේ සඟවාගෙන රැගෙන එන විෂ කුඩු ස්වල්පයක් ඇගේ ශරීරයට ඇතුළු කරයි. එයින් සුළු වෙලාවකට පසුව ඇය මියයයි. මෙම මරණයේ වගකීම ඇගෙන් ප්‍රශ්න කරමින් සිටි සුරාජ් වෙතට පැවරේ. එතැන් සිට ගැටළු රාශියක් පැන නඟී. මේ නිසා අවසානයේ කුමක් සිදු වේවිද? බිස්වාජිත්, ප්‍රාන් ක්‍රිෂන් සහ නදීරා ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් භාරතයේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයකි.

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්,ගෝල්මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවානා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා, ශාග්‍රිඩ්, ජාන්වාර්, අන්ජානා, සට්ටේ පී සට්ටා, රාම් අවුර්ශ්‍යාම්, චුප්කේ චුප්කේ, ශිකාර්, චල්ටිකා නාම් ගඩ්ඩි, වක්ත්, නීල් කමාල්, චෝට්ටිසි මුලාකාත්, චෞඩ්වින් කා චාන්ද්, දීදාර්, අභිනෙට්ට්‍රී, බහාර්, දිල් දෙකෙ දේකෝ, අනුපමා, ගුංග්හාට්, අයේ දින් බහාර් කේ, බාබුල්, අනර්කාලී, ටරානා, ඩාග්, ලව් මැරේජ්, ගුම්නාම්, බීස් සාල් බාඩ්, කාලා බසාර්, මේන් චුප් රාහුන්ගී, ද තරඩ් මෑන්, ඒක් හයි රාස්ටා, අමර් දීප්, දිල් තෙර දිවානා, ආයා සාවන් ජූම් කේ, ඩබල් ඉන්ඩේමිනිටි, ප්යාර් දිල් ලයා හූන්, පාතාර් කී සනම්, සද්නා, ජබ් ප්යාර් කිසිසේ හෝතා හේ, මෙරේ හම් දම් මෙරේ දොස්ත්, ලව් ඉන් සිම්ලා, අනෝකි ආදා, සම් ලයික් ඉට් හොට්, පටිටා.” ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

Kahin Din Kahin Raat (HD) Hindi Full Movie – Biswajeet – Sapana – 60’s Hit Movie-With Eng Subtitles යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු දොළහයි, තත්පර පහළොවක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසිකරණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම 1950 සිට 1975 දක්වා වසරවල බොහෝ ඒවාද මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ලබා දී ඇති උපසිරසිය Youtube පිටපත සඳහා අදාළ වේ

අප විසින් ලබාදෙන උපසිරැසි වෙනත් වෙබ් අඩවි සහ ෆේස්බුක් ගෘප් මගින් අනවසරයෙන් ලබාගනිමින්, ඔවුන් විසින් නිර්මාණය කල ලෙසින් ඔවුන්ගේ නම් යොදා පළකිරීම හේතුවෙන් අප විසින් ලබාදී ඇති මෙම උපසිරැසිය IDX ආකාරයෙන් පමණක් උපසිරැසි ලබාදී ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු. ඒ හේතුවෙන් ඔබට යම් අපහසුතාවයක් ඇතිවේ නම්, ඒ පිලිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු!

629 downloadsDownload Kahin-Din-Kahin-Raat-1968.zip4.8 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

629 downloadsDownload Subtitles4.8 MB

8 comments

  1. Anonymous

    Old is gold, Thanks!

  2. indika 75

    thanks..

  3. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි දයාකීර්ති සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    1. Lasantharathnasirirox

      ඇත්තෙන්ම මේ පැරණි චිත්‍රපටවල ඇති සුන්දරත්වය අද නිර්මාණය වන අලුත් චිත්‍රපටයකින් ලබාගන්න බෑ..ඒක එක්තරා විදිහක අමුතුම රසයක්.ඒ නිසයි මාත් මේම පැරණි චිත්‍රපට නරඹන්නෙ.ඇත්තටම විතානගේ සහෝදරයා උපසිරැසි යෙදූ එකසිය දහසයෙන් සියයකට වඩා මම නඅරඹලා තියනවා.ඇත්තටම විතානගේ සහෝ ඒ ඔබනිසා..පරණයි කියල අතහරින්නෙ නැතුව ඒවාගෙ වටිනාකම දැනගෙන ඒවා තවත් අයට ,අපට තිලිණකරන ඔබට සදා ජය ලැබෙන්න ඕන..බුදුසරණයි සහෝ..!!

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  6. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.