[box]ඔන්න යාළුවනේ මම මගේ තුන්වෙනි උපසිරසි ගැන්වීමත් අවසන් කළා. පළවෙනි චිත්‍රපටි දෙක වගේම මේකත් ජනප්‍රිය කොරියානු චිත්‍රපටයක්. මේකේ ජනප්‍රිය වීම කොතරම්ද කියනවානම් චිත්‍රපටය තිරගතවීම ආරම්භ කල මුල් සති අන්තෙම ටිකට්පත් 712,840 ක අලවියක් වාර්තා කළා. ඒ විතරක් නෙවෙයි සති 5ක් තිස්සේ එක දිගටම බොක්ස් ඔෆීස් (…
ඔන්න යාළුවනේ මම මගේ තුන්වෙනි උපසිරසි ගැන්වීමත් අවසන් කළා. පළවෙනි චිත්‍රපටි දෙක වගේම මේකත් ජනප්‍රිය කොරියානු චිත්‍රපටයක්. මේකේ ජනප්‍රිය වීම කොතරම්ද කියනවානම් චිත්‍රපටය තිරගතවීම ආරම්භ කල මුල් සති අන්තෙම ටිකට්පත් 712,840 ක අලවියක් වාර්තා කළා. ඒ විතරක් නෙවෙයි සති 5ක් තිස්සේ එක දිගටම බොක්ස් ඔෆීස් (Box office) සටහනේ මුල් තැන ගන්නත් හැකිවුනා. චිත්‍රපටය 2010 දී තිරගත වීම අවසන් කරනවිට ටිකට්පත් 6,228,300 ක් අලවි වී තිබුනා. මේ චිත්‍රපටය IMDb අගය 7.8 ක් ලෙස ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගෙන තියෙනවා. Ajeossi (아 저씨) තමයි මේකේ කොරියානු තේමාව. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Jeong-Beom Lee කියන කොරියානු අධ්‍යක්ෂකවරයයි. විවිධ සම්මාන උළෙලවල් වලදී හොඳම නළුවා ඇතුළු සම්මාන රාශියකටද මේ චිත්‍රපටය පාත්‍ර වී තියෙනවා.
උකස් බඩු කඩයක් දමාගෙන රහස් ජීවිතයක් ගතකරන හිටපු විශේෂ බලකා නියෝජිතයෙක් වන චා ටේ-සික් (CHA Tae-shik) ගේ පිටස්තර සමාජයත් එක්ක තියෙන එකම සම්බන්ධය වෙන්නේ සෝ-මි (So-Mi) කියන පුංචි ගැහැණු ළමයෙක්. ඇය ඔහුගේ අසල්වාසී දැරියක්. ඇගේ මව හ්යු-ජොන්ග් (Hyo-jeong) වැඩකරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් සමඟ. හ්යු-ජොන්ග් දිනක් මත්ද්‍රවය තොගයක් හොරෙන් ගේනවා තමන්ගේ ප්‍රධානීයාටවත් නොදන්වා. ඉතින් ජාවාරම්කාරයෝ ඇයගේ මේ හොරකම දැනගෙන ඇවිත් ඇයවත් ඇගේ දියණියව සෝ-මි වත් පැහැරගෙන යනවා. ජාවාරම් කල්ලිය චා ටේ-සික්ට පොරොන්දු වෙනවා ඔවුන් වෙනුවෙන් එක ගනුදෙනුවක් කලොත් ඒ දෙන්නා නිදහස් කරන බවට. නමුත් එය ජාවාරම්කාරයින් ඔවුන්ගේ ප්‍රධානියෙක්ව නැති කිරීමට කළ කුමන්ත්‍රණයක් බව පසුව ඔහුට දැනගන්න ලැබෙනවා. ඔහුට දුන් වාහනයේ පසුපස තිබිල හ්යු-ජොන්ග් ගේ සියළු අවයව ඉවත්කළ මළ සිරුර ඔහුට හමුවෙනවා. එයින් ඔහුට තේරුම් යනවා සෝ-මි ගේ ජීවිතයත් අනතුරේ බව. ඉතින් ඔහු තමන්ගේ ජීවිතය පරදුවට තියලා තමන්ගේ එකම හිතවතිය වන සෝ-මි ව බේරගන්න වෙහෙසනවා. සෝ-මි ගේ මවව මැරුවේ චා ටේ-සික් කියලා සැක කරන රහස් පොලිසිය ඔහුව හඹායනවා. රහස් පොලිසියෙනුත්, ජාවාරම් කාරයින්ගේනුත් ගැලවී චා ටේ-සික් ට සෝ-මි ව බේරගන්න හැකිවේවිද? මේ අතර සෝ-මි ගේ ඉරණම කුමක් වේවිද?
අවවාදයයි!
සංවේදී දර්ශන ඇතුලත් බැවින් එවන් දර්ශන නැරැඹීමට නොහැකි කුඩා දරුවන් හෝ හදවත් රෝගීන් හෝ යම් අයෙක් වේ නම් මෙම චිත්‍රපටයේ එන එවන් දර්ශන නැරඹීමෙන් වලකින්න….
Due to copyright issues, we do not provide any torrent links.
2,181 downloadsDownload The.Man_.From_.Nowhere.2010.zip167 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/දිනුක-මධුශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුක මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනුක මධුශාන්
Subtitles
62 comments
lk
ccnp
Thanks
elakiri
එළකිරි මචං මේක නම් සුපිරි ෆිල්ම් එකක්
chami
jaya wewa!thnxxxxxxxxxx
ositha
thnx
lasanatha!!!!!!
maxxa maxxxaaa machan
mihin ලංකා
නියමයි තවත් කොරියන් ෆිල්ම්ස් සබ් දෙන්න.ජය
tharanga
මේක මම ඉස්සරම ආපු කාලේ බැලුවා.,පට්ටම ෆිල්ම් එකක්, සබ් එක්ක ආයේ බලනවා, තව සබ් දෙන්න ලැබේවා! ජය වේවා !!!!!!!
එරංග
එලස් බාමි ජය
quik
thanks
wow
wow...maru :D
ganidu
තෑන්ක්ස් වේවා!
hh
elakiri kolloo thawtah subs denna,, jaya
thusitha
thQ so much bro
zumo man
elazzzzz thnxzzzzzz
was
පට්ට සහෝ තවත් ලස්සන කොරියන් ෆිල්ම්ස් ගෙන්න ලැබේවා! ඔයා කොරියන් ෆිල්ම්ස් විතරනේ දෙන්නේ හේවා හින්දි විතරක් දෙනවා වගේ. මැක්සා :)
Dilan-
supiri :D
naleen
thawath koriya awa denna machan
ishara
maxxa wadak all the best
kalinga
නියම කතාවක් වගේ බලන්නම්. තුති
chethiya
නියමයි යාළුවා ස්තුතියි ඔබට මේ බදු නිර්මාණ අපවෙත ගෙන එනවාට
uda
අනිවා සහෝ, ලිපිය දැක්කම මොකද්ද දන්නවද මතක් වුණේ? The Safe (2012) චිත්‍රපටිය! සෑහෙන දුරට සමානකම් තියෙනවා වගේ නේද? කොහොමත් ඒකත් කොරියන් එකක කොපියක් වගේ තමා මට මතක! ඉතිං සමානකම් නොතිබෙන්ඩ බෑනේ එතකොට!
'අනිවා බලනවා සහෝ!' කියලා කියන්ඩ ඕනෙකම තිබුණත් මේ යන යෑමට බලන්ඩ හිතන්ඩ වෙන්නෙත් ලබන අවුරුද්ද දිහාවට තමා. ඒක නිසා අමතක වේද දන්නෙත් නෑ :( කමක් නෑ බැලිය යුතු ගොඩට එක්කරගන්නම්කෝ. අඩු කොපියක් ලැබීමේ වාසිය නොසලකා හරින්ඩත් බෑනේ :D
නියමයි කොල්ලා. තව ඕනෙ... දෙනවනේ..? ජය!
සමීර කරුණාරත්න
දිනුක මචෝ උඹ නම් කොරියන් කිං කෙනෙක් වෙන්න වගේ යන්නෙ... ඔහොම දිගටම කරගෙන යමු කොරියාවෙන එන්න ඉස්සරවෙලා උඹට කියල උපසිරැස අරගෙන යන කලක් ඒවි... බොහොම් ස්තුතියි සහෝ තුන්වෙනි උපසිරැසට... :D
කැලුම් ගුණසේකර
ස්තුතියි දිනුක සහෝ.
Maduranfa
Thanx a lot....bro.....
mudiya / මුදියා
අපේ දිනූක සහෝ ආයෙත් ඇවිල්ල තියෙන්නෙ සුපිරිම කොරියන් එකකින්.නියමයි මචං.ජයවේවා.බොහෝ................................ම ස්තූතියි...!
jack
නියමයි මචන් මේ වගේ ඒවා තව දෙන්න ජය වේවා
pradeep nilanga
thanxxxx
දිනුක මධුශාන්
බොහොම ස්තුතියි හැමෝටම,මේ විදිහට comment දානකොට තව තව සබ් දෙන්න හිතෙනවා;)... අනිවා දිගටම සබ් දෙන්නම්.. ජය.
“චූටී මල්ලි”
එල එල මචන් දිගටම කොරියන් එව්වටම දෙන්න
මේ සබට තෑන්ක්ස් හොදේdanushka
niyama film ekak macho....thanks...
Gayan
Dan meke baluwe, aththatama hodama movie akak. hamoma balanna.
thank u ............
me
Thanks
SHENAL
THANKS DUNUKA
ශාන් විමුක්ති [වීමා]
පහරක්නෙ මචං ලොවෙත් නෑ ;)
නලියා
ස්තුතියි දිනුක සහෝ..
ජය වේවා
dulo
Maxxxa filam ekak macho, kiyala wedak ne. me wage film thamai machanla api balanna one.thanks meka sub karatai select karatai..jaya wewa
sura
thaks machan
dev
ela ela patta katawak wage bohoma stuti saho...
dimuthu තරංග ඉලුක්කුඹුර
නියමයි නියමයි සහෝ,ඉක්මනින්ම තව එකක් අරන් එන්න ලැබේවා,ජයවේවා.
lakmal
balamuko balama :)
රාම් රාජ්
ස්තූතියි.
රොයිලි
බොහොම ස්තූතියි දිනුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Uraj Deemantha
හෆ්ෆා භය හිතෙන කතාවක් වගේ......
දිදුල Kd සිල්වා
කොරියන් ඒව කොහොමත් මැක්සා... ;) ජය වේවා෴
sameera
හොදයි යාලුවා ජය වේවා
Lahiru
සුපිරි ක්‍රියාදාම කතාවක්...පට්ට පට පට තමය්..මේකේ සිංහල වචන වගයකුත් අහනවනේ..ලංකාවේ හාදයෙක් වගේ..
දිනුක මධුශාන්
බොහොම ස්තුතියි හැමෝගෙම අදහස් වලට.. මගේ හතරවෙනි උපසිරසි සටහනත් ළඟදීම දෙන්නම්, ජයවේවා!
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍namika
නියම බයිස්කෝප් එකක් යාලුවේ..
ජයම වේවා!
Advertisement
PATTAMA FILM AKAK WAGEY