Watch Trailer

Maanagaram (2017) Sinhala Subtitles | මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි [සිංහල උපසිරැසි සමඟ]

IMDB මීටරේ 8.2 ක අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නෙ 2017 මාර්තු මාසෙ. ටිකක් විතර පරණ නිසා සමහරවිට ඔයාල බලලත් ඇති. මේ චිත්‍රපටය Lokesh Kanagaraj අධ්‍යක්ෂකවරයාගේ දෙවෙනි එක, තිර රචනයත් එයාම තමයි කරල තියෙන්නේ. ඉන්දියානු රු. මිලියන 50ක බරපැනක් දරල තමයි මේ චිත්‍රපටිය නිෂ්පාදනය ක…

IMDB මීටරේ 8.2 ක අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නෙ 2017 මාර්තු මාසෙ. ටිකක් විතර පරණ නිසා සමහරවිට ඔයාල බලලත් ඇති. මේ චිත්‍රපටය Lokesh Kanagaraj අධ්‍යක්ෂකවරයාගේ දෙවෙනි එක, තිර රචනයත් එයාම තමයි කරල තියෙන්නේ. ඉන්දියානු රු. මිලියන 50ක බරපැනක් දරල තමයි මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරල තියෙන්නෙ. සංගීත අධ්‍යක්ෂණය Javed Riaz ගෙන් Lokesh Kanagaraj ගෙ පලවෙනි ෆිල්ම් එකෙත් (Aviyal – මේක අධ්‍යක්ෂකවරු 6 දෙනෙක් එකතු වෙලා කරපු එකක්) සංගීත අධ්‍යක්ෂණය මෙයා තමයි කරල තියෙන්නේ. රංගනයෙන් දායක වෙන්නේ Sri, Sundeep Kishan, Regina Cassandra යන අය, හැබැයි ෆිල්ම් එකේ කොහෙවත් මෙයාලගෙ නමක්නං කියවෙන්නෙ නෑ. නම් නොකියා කතාව කියන්න පොඩ්ඩක් අමාරු නිසා ඇත්ත නම් දාලා කතාව ටිකක් කියන්නං.

තිරුච්චි සිට චෙන්නායි දක්වා රැකියාවක් සොයා පැමිණෙන උපාධිධාරී තරුණයෙක් (Sri), චෙන්නායි නගරයේ රස්තියාදු ගසමින් සිටින තවත් දඩබ්බර තරුණයෙක් (Sundeep Kishan), එහිම පුද්ගලික සමාගමක මානව සම්පත් කළමණාකාරිනියක් ලෙස සේවය කරන සුන්දර තරුණියක් (Regina Cassandra), රියදුරු රැකියාවක් සොයාගෙන චෙන්නායි පැමිණෙන මැදි වියේ පුද්ගලයෙක්, ගමනාගමන සේවයක් පවත්වාගෙන යන මැරයෙක් (P.K.P), මේ තමයි කතාවෙ ප්‍රධාන වශයෙන් ඉන්න කට්ටිය.

ෆිල්ම් එකේ තියෙන්නේ දවස් 2ක් තුළ එකිනෙකට කිසිදු සම්බන්ධයක් නැතිව සිද්ධවෙන සිද්ධීන් සමූහයක් අවසානයේ එක තැනකින් අවසන් වෙන කතාවක්. තිරුච්චි ඉදල රස්සාවක් හොයාගෙන එන තරුණයට චෙන්නායි වල පුද්ගලික සමාගමක රස්සාවක් හම්බෙනවා, රස්සාවට බදවගන්නෙ කලින් කියපු HR මැනේජර් (Regina). හැබැයි එදාම රෑම මැරයො ටිකක් එයාට ගහල එයාගෙ අධ්‍යාපන සහතික ටික තියෙන බෑග් එක අරන් යනවා..ඒකට හේතුව වෙන්නේ නම් හැබැයි Sundeep. සහතික ටික පහුවදා ඔෆිස් එකට බාරදෙන්න තියෙන නිසා Sri ට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේ අතරෙදි Sundeep දාගන්න අවුලක් නිසා එයාට නගරය අතෑරල යන්න වෙන තත්වයකුත් ඇති වෙනවා. වැරදීමකින් මැරයො ටිකක් P.K.P ගෙ දරුවවත් පැහැරගන්නවා. රියදුරු රස්සාවක් හොයාගෙන එන කෙනාට පදවන්න ලැබෙන්නෙත් P.K.P ට අයත් වාහනයක්..දරුවව පැහැරගන්න හින්ද මේ හැමෝටම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඔන්න ඔය විදිහට තමයි කට්ටිය මේ කතාවට ප්‍රවේශ වෙන්නේ….ඔය අතරෙ තවත් ලස්සන සිදුවිම් කීපයක් වෙනවා. මිට වැඩියනං කියන්න තේරෙන්නෙත් නෑ. ඒ නිසා මේ හැමෝම අවසානෙදි එක තැනකට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල ඔයාල ෆිල්ම් එකෙන්ම බලාගන්න.

ඇත්තටම මේ චිත්‍රපටියට උපසිරැසිය කරන්න කියල සිසිල සහෝ දැනට සතියකට විතර උඩදි තමයි මට භාරදුන්නෙ, සබ් එකේ ලයින් දෙදාස් ගාණක් තියෙන හින්ද වැඩේට ටිකක් කල් ගියා. අනික මේ දවස්වල කාලගුණෙත් ටිකක් අවුල්නෙ. ඒකට පොඩ්ඩක් සමාවෙන්න ඕන…සිංදුත් 5ක් විතර තියෙනවා ඒකටත් සබ් දැම්ම, ඒවනං හැබැයි අවුල් ඇති….කමක් නෑනේ, එහෙනං ලස්සන කතාවක් ඔයාලම අරන් බලන්න. ජයවේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.

[

8,378 downloadsDownload Maanagaram-2017.zip74 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/ධනුෂ්ක-ආරියරත්න-e1525685776490.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,378 downloadsDownload Subtitles74 KB

34 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Dilruk lahiru

    Sub ekt thanx mcn digatama sub denna

    Budu saranai

  3. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..! බුදුසරණයි..!

  4. manoj1989

    මේකේ සබ් එක ගැලපෙන්නේ නෑ බං. අපරාදේ....

  5. Gathsara Umesh

    Bhooooom sthuuthoyi ayyee

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. snak

    thaks saho patta wadak

  8. malith

    Ela ela

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. Bandara 1976

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  11. tharaka701

    sub eka hariyata set wenne na eka hadaganne kohomada?

    1. Bandara 1976

      KMP player eken film balanawanam key board eke { button eka obala sub hada ganna.

  12. Harshanajayaratha

    Sub එක ගැලපෙන්නේ නැහැ

    1. Bandara 1976

      KMP player eken film balanawanam key board eke { button eka obala sub hada ganna.

  13. Asanka Premasiri

    thank you .....

  14. ranga11112

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  15. Rajith Fernando

    Machan meke sub eka gelapena copy 1ka mokakda..mokada tv 1ke balanna hadaganna hariyatama gelapena 1k one ban..pls..

  16. madushangamage

    thankes bro

  17. professorGreen

    Thanks for the sub bro.. movie link eka denna puluwannam thawath watinawa gatta ussahaya. plz. thanks again

  18. N_R

    Thanks.

  19. professorGreen

    Sub walata sahena sthuthiy. aeth wadak nae mata balanna copy ekak hoyua ganna bane

  20. Sameera_ishan

    Pakka (2018)[720p HD AVC ...මේ ෆිල්ම් එකටත් sub එකක් දෙන්නකෝ..

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  23. saduhiru1

    සිංහල උපසිරැසියට ස්තූතියි

  24. Pradeep Ekanayaka

    Film ekanam baluwa et sub eka galapenne na ban

  25. tharidu sagara

    උපසිරැසියට බොහොම ස්තූතියි… ජය වේවා

  26. Lalani Maduwanthi

    Thank you dhanushka malli,,,god bless you

  27. Roshannalaka

    ado bn ubl oy sub ekta galapena torrent file ekth dapanko magula

  28. sasala

    thanks

  29. Dinindu

    Sub Ekata Thanks Brother

  30. nishannw

    Thanx bro

  31. avishka360

    Thanks

  32. isharajayakody

    Thanks bro sub ekata..ela

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.